Sri Lanka Brief
පුවත්විවරණඅතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හෙළා දකින කාන්තා ක්‍රියාකාරී ජාලය, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සත්‍යය සහ යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හෙළා දකින කාන්තා ක්‍රියාකාරී ජාලය, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සත්‍යය සහ යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

by

ඡායාරූපය: ගෝඨභය – හනා සිංගර් හමුව.

පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපදයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියට පවසා ඇත්තේ යුද්ධයෙන් අතුරුදහන් වූවන් “සැබවින්ම මියගොස් ඇති” බවත් රජය විසින් මරණ සහතික නිකුත් කරන බවත් ය. මරණ සහතික නිසි විමර්ශනයකින් පසුව සිදුවන බව ජනාධිපතිවරයා ඉන් පසු පැහැදිලි කර ඇතත්, ඔහුගේ ප්‍රකාශය අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ඉදිරිපිට දී , මාසික වීදි උද්ඝෝෂණයන් මගින් සහ අපේ උසාවිවල විභාග වෙමින් පවතින නඩු වල දී යනාදී වශයෙන් වසර ගණනාවක් තිස්සේ පිළිතුරු ඉල්ලා සිටින අතුරුදහන්වූවන්ගේ මව්වරුන්, භාර්යාවන්, සහෝදරියන් සහ දියණියන්ට කරන ලද නිග්‍රහයකි.

ඔහුගේ අදහස් දැක්වීම වරද පිළිගැනීමක් විය හැකිබව ජනාධිපතිතුමා තේරුම් ගත්තා විය හැකිය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 2016 දී එවැනිම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අතුරුදහන් වූවන් ඇත්ත වශයෙන්ම මියගොස් ඇති බවයි. කාන්තා ක්‍රියාකාරී ජාලය එදා එම ප්‍රකාශය ද අද මෙන්ම හෙළා දුටුවේ ය. එහෙත් වික්‍රමසිංහ මහතා යුද්ධයේ අවසාන භාගයේදී හෝ ඉන් පසු වසරවල බලයේ සිටියේ නැත. එවකට ආරක්ෂක ලේකම් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය යි. 2009 මැයි 18 වන දින දහස් ගණනක් ජනයා ෆ්‍රැන්සිස් ජෝශප් පියතුමා සමඟ දැන් හමුදාපති වන ශවේන්ද්‍ර සිල්වාගේ 58 වන සේනාංකයට බාර විය. තම ආදරණීයයන් යටත් වී, යළි කිසි දිනෙක නොඑන ගමනකට, බස් රථවලට ගොඩවන විට පවුල් බලා සිටියහ. අතුරුදහන් වූවන් මියගොස් ඇත්නම්, ඔවුන් මිය ගියේ කෙසේද? නැතහොත් ඔවුන් ඝාතනය කළේවරකු විසින් ද? ඔවුන් ඝාතනය කරනු ලැබුවේ කවදා, කොහි දී, කුමණ හේතුවක් නිසා, වර ලෙසකින් ද ? ඔවුන්ගේ දේහයන් කොහි ද? යනාදී ප්‍රශ්ණ සම්බන්ධයෙන් කොපමණ කාලයක් සත්‍යය නිහඩ කර තිබේ දැයි බලන්න.

බාලේන්ද්‍රන් ජෙයකුමාරි සහ ඇයගේ දියණිය උද්ඝෝෂනයකට සහභාගි වූ අවස්ථාවක්.

එක් සිද්ධියක් පමණක් ගනිමු. පුනරුත්ථාපනය සඳහා ඔහුගේ මව වූ ජයකුමාරි බලේන්ද්‍රන් විසින් යුද හමුදාවට භාර දීමෙන් පසු රජයේ එල්එල්ආර්සී ප්‍රකාශනයක පින්තූරය දක්නට ලැබෙන තරුණ බලේන්ද්‍රන් මහින්දන් කුමක් සිදු වුයේ ? ඔහුත් මිය ගොස් ? ඔහුගේ මව 2014 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරකට වැඩි කාලයක් සිරගත කරන ලද අතර තවමත් ඇයට විරුද්ධ නඩු විභාග වෙමින් තිබේ. මේ සියලු පීඩා වලට හේතුව වූයේ ඇය ප්‍රතික්ෂේප කළ නොහැකි ඡායාරූප සාක්ෂි අතැතිව යුක්තිය ඉල්ලා සිටින උද්ඝෝෂනයන්හි ඉදිරි පෙළේ සිටි බැවිනි. පුනරුත්ථාපනය සඳහා ඇය ස්වේච්ඡාවෙන් භාර දුන් දරුවාට සිදුවූයේ කුමක් දැ යි නොදැන ඇය මරණ සහතිකයක් සහ වන්දි මුදලක් භාර ගත යුතු යැයි රජය දැන් අපේක්ෂා කරනවා ද?

අතුරුදහන් වූවන්ගෙන් වැඩි දෙනෙක් එල්ටීටීඊය විසින් පැහැරගෙන ගොස් හෝ බලහත්කාරයෙන් බලහත්කාරයෙන් බඳවා ගත් බව ජනාධිපතිවරයා පවස යි. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසු අතුරුදහන් වූවන් ගැන කියන්නේ කුමක් ද? ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රස්තවාදීන් පරාජය කළ බව ප්‍රකාශ කිරීමෙන් පසුව පවා මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සුදු වෑන් රථවලින් රැගෙන යනු ලැබීය. ඔවුන් දැන් කොහිද? බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ තම පවුලේ සාමාජිකයන් විසින් බාර කළ සහ නැවත කිසි දිනෙක අහන්නටවත් නොලැබුණු අය ගැන කියන්නේ කුමක් ද?

සිදුවූයේ කුමක්ද සහ වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ විස්තර නොමැතිව, සිය ජිවිත ඉදිරියට ගෙන යන සේ පවුල්වලින් ඉල්ලා සිටිය නොහැකිය. මෙම කරුණ පෙන්නුම් කරන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් මානුෂීයව කටයුතු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව මුල්බැසගත් නොදැනුවත්කම. නැත්නම් කුරිරු නොසළකා හැරීමකි. මරණ සහතික සහ වන්දි මගින් ඔවුන්ගේ ඉල්ලීම් නිහ කිරීමට රජය ගන්නා උත්සාහයන්ට මෙම පවුල් දිගු කලක් තිස්සේ විරුද්ධකම් පා ඇත. ඔවුන්ගේ විරුද්ධකම්පැම් සහ ඉදිරිපත් කරන ලද කරුණු OMP පනතෙහි එන (2016 අංක 14 දරණ පනත, 13 වන වගන්තිය) ‘නොපැමිණීමේ සහතික’ ක්‍රියාපටිපාටිය නිර්මාණය කිරීමට උපකාරී විය. අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වීදි අල්ලා ගමිනින් උද්‍යෝගිමත් පෙන්වා දෙන්නේ, සත්‍යය යනු ආදරණීයයන් ජීවතුන් අතර සිටීද යන්න තීරණය කිරීම පමණක් නොව, සිදුවූ දෙය පිළිබඳ සම්පූර්ණ විෂය පථය සොයා දැන ගැනීම අවශ්‍ය බවයි. කිරීමයි. සම්පූර්ණ පින්තූරයක් ඉස්මතු වන තුරු, හිත එකඟකරවා ගෙන සැනසීම ළගාකර ගැනීමත් සාමය සොයා ගැනීමටත් මෙම පවුල් අරගල කරනවා ඇත.

මෙම පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් වනු ඇත. 30/1 ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන කතා කිරීමට රජයට සිදුවනු ඇත. පසුගිය සතියේ අපේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය එම රැස්වීම ඉලක්ක කර ඇති බවක් පෙනේ. මීට පෙර දුන් පොරොන්දු ඉල්ලා අස්කර ගැනීමේ පළමු පියවර මෙය විය හැක.

ඇත්ත වශයෙන්ම, අපි දැනටමත් භූමියේ වෙනස්කම් දැක ඇත්තෙමු. ඉහළ පෙළේ මානව හිමිකම් කෙළෙසිම් ගැන පරීක්ෂන බාරව සිටි නිලධාරීන් බිය ගැන්වීම සහ පහත දැමීම, OMP සහ උසාවි හමුවෙහි, අතුරුදහන්වීම් ප්‍රශණ කරන වින්දිතයින් හිරිහැරයට ලක්කිරීම සහ සමහර නීතිවේදීන් තම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව ගැන බියට පත්ව සිටීම යනාදී වශයෙනි.

අතුරුදහන් වූවන් බොහෝ විට මියගොස් ඇති බවට යෝජනා කිරීම මගින්, ජනාධිපතිවරයා OMP හි වැදගත් කාර්යයභාරය යටින් බිද දමයි. මරණ සහතික ලබා දෙනු ඇත්තේ විමර්ශන වලට පසුවය යනුවෙන් ඔහු කර ඇති පැහැදිලි කිරීම නොතකා මෙය සත්‍යයකි එම පැහැදිලි කිරීම මඟින් කියැවෙන්නේ විමර්ශන හුදු බාහිරලංකාරයන් පමණක් බවයි. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ල රහිත විමර්ශන ඉතිහාසය විසින් සත්‍යය සොයන අයට සැනසීමක් ගෙන එන්නේ නැත.

සිය ඉහළ පෙළේ නිලධාරියෙකුට, රාජ්‍ය නායකයෙකු විසින් කළ ප්‍රකාශයකින් පසුව එක්සත් ජාතීන්ගේ නිහතාවය ගැඹුරින් කණස්සල්ලක් ඇති කරයි. 2016 දී නිකුත් කළ වාර්තාවක, බලහත්කාරයෙන් හා ස්වේච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ප්‍රකාශ කළේ, “අතුරුදහන් වූ සහ අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා පුළුල්, විනිවිද පෙනෙන හා ලදායී යාන්ත්‍රණයක් නොමැතිකම” අතුරුදහන් වූවන්ගේ පවුල් “විශාල මානසික පීඩාවක් අත්විඳීමට” හේතු වී ඇති බව යි. ( (A/HRC/33/51/Add.2, 19.) 2019 දී නිකුත් කළ පසු විපරම් වාර්තාවක ක්‍රියාකාරී කණ්ඩායම සඳහන් කළේ අතුරුදහන් වූවන්ගේ පවුල් වලට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා “සිවිල් යුද්ධය අවසන් වී වසර දහයක් ගතවී ඇතත් තව බොහෝ දුර යා යුතුව ඇති” බව යි. . (A / HRC / 42/40 / Add.1, ¶19.) මෙම නිගමනයන්ට අනුකූලව, බලහත්කාරයෙන් අතුරුදහන් කළ වින්දිතයින්ට සත්‍යය සහ යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ මතය විය යුතු ය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පෙන්වන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොරොන්දු වලක්වාලීමේ ඔහුගේ අභිප්‍රාය යි. මෙම සංවට ප්‍රතිවිරුද්ධව, එක්සත් ජාතීන් ප්‍රකාශ කළ යුත්තේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව වෙත දෙන ලද පොරොන්දු එතරම් පහසුවෙන් පසෙකට තල්ලු කළ නොහැකි බව ය.

බලහත්කාරයෙන් අතුරුදහන් වීමෙන් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව විසින් දැන් අනුමත කර ශ්‍රී ලංකාවෙහි නීතිය ඒ සඳහා බලසතු කර තිබේ. “බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ තත්වයන් පිළිබද ඇත්ත තත්වය සහ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් විසින් සිදු කරනු ලබන විමර්ශනයේ ප්‍රගතිය සහ ප්‍රතිපලය සහ අතුරුදහන් වූ තැනැත්තාගේ ඉරණම දැන ගැනීමට වින්දිතයකුටම සෑම වින්දියකුගේ සෑම ඥාතියෙකුටම අයිතිය ති බව දැන් මෙම රටේ නීතිය ප්‍රකාශ කරයි. ( ”(2018 අංක 5 දරණ පනත, තත්. 14 (1).)

පූර්ණ සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් සිදු කිරීම මගින් ශ්‍රී ලංකා රජය මෙම අයිතියට ගරු නොකරන්නේ නම්, යුක්තිය ලබා ගැනීමට ඔවුන්ට ඇති එකම ිකල්ප ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව හරහා යැයි වින්දිතයින් විශ්වාස කරනු ඇත.

( කාන්තා ක්‍රියාකාරී ජාලය යනු උතුරු හා නැගෙනහිර වැඩ කරන කාන්තා කණ්ඩායම් නවයක එකතුවකි.)

2020 ජනවාරි 26

ඉංග්‍රිසි බසින් කරන ලද ප්‍රකාශයක සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීප් වෙතිනි)

Back to Top