Sri Lanka Brief
පුවත්විවරණ71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට ‌‌පෙර සමාව ගන්න

71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට ‌‌පෙර සමාව ගන්න

by

ඡායාරූපය: 1988 – 89 අවධියේ ජවිපෙ සන්නද්ධ ‌පෙරමුණ වූ ‌දේශප්‍රේමී ව්‍යාපාරය ප්‍රචාරවක සටන් පාටයක්: ‌ජේ.ආර්.මරමු!

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරණුයේ විසි වසරකට පසුව වීම විශේෂයකි. 2018 අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස ගාලු මුවදොර පිටියේදී පැවති රැළියේදී ප්‍රකාශයට පත් කරන ලදී. ජවිපෙ හැමදාම කරපු විදියට ජනාධිපතිවරණයකදී කාට හරි හේතතු නොවී මෙවර ජනාධිපති අපේක්ෂකයකු යොමු කිරීම කාටත් පුදුමයට කරුණක් විය.

පසුගිය සමයේ ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස නලින්ද ජයතිස්ස, නාමල් කරුණාරත්න මෙන්ම ගාමිණි විජේසිංහ ඉදිරිපත් වන බවට ද අදහස් පළවුණත් අන්තිමට අපේක්ෂක ලෙස ඉදිරිපත් කළේ අනුර කුමාර දිසානායකයි.

ජනතා විමුක්ති පෙරමුණ අවසාන වතාවට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූයේ 1999 දීය. එහිදී ජවිපෙ ලද ඡන්ද ප්‍රමාණය 344,179කි. එවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නන්දන ගුණතිලක මේ වන විට එජාප පානදුර සංවිධායක ය. ඒ සඳහා තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක එහි 3 වෙනි ස්ථානයට පත්විය. ඉන් අනතුරුව 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේ එවක අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්නේ ඔහු සමග ගිවිසුමකට එළඹෙමින්ය. ඉන් අනතුරව 2010 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එවක විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහාය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ ය.

2015 ජනාධිපතිවරණයේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් නොකළේ විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට එහි වාසිය හිමි කර දෙමින්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයට තීරණාත්මක සාධකයක් වූ ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව ගෙන ගිය “දූෂණ විරෝධී” ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනුණි.

අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා වශයෙන් පත්වූයේ 2014 පෙබරවාරි 2වැනිදා ය. එයට පෙර ආරම්භයේ සිට ඒ දක්වා ජවිපෙ නායකයින් වූයේ රෝහණ විජේවීර, සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න සහ සෝමවංශ අමරසිංහය. සෝමවංශ අමරසිංහ, ජවිපෙ සාමාජිකත්වයෙන් ඉවත්වූ පසු බරපතල චෝදනා ජවිපෙට එල්ල කළේ ය. එමෙන්ම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ද ජවිපෙට රුපියල් ලක්ෂ 25ක් දුන්බව වරෙක කියා සිටියේ ය.

මෙවන් වාතාවරණයක් යටතේ අපට දක්නට ලැබුණේ ඔවුන් තම අනනයතාව ගොඩනගා ගැනීම උදෙසා පක්ෂයක් වශයෙන් යමක් නොකළ සෙයකි. එමන්ම රට වෙනුවෙන් ඔවුන් වෙතින් යමක් කිරීමට උත්සාහ ගැනීම උදෙසා ඔවුන් අවුරුදු 20කට වැඩි කාලයක් බලා සිට ඇත.

“71 වසරක් ගමන් කරන ලද මේ විනාශකාරී ආර්ථික මාවත, රටකට ආර්ථික තලයේ වියහැකි සියළු විනාසයන් අත්පත් කර හමාරයි. තීරණාත්මක ලෙස මේ ආර්ථික ගමන් මඟින් අප වෙනස් විය යුතුව තිබෙනවා.” – අනුර කුමාර දිසානායක-

ඔහු ජනාධිපති  අපේක්ෂක  ලෙස  ප්‍රකාශ  කළ  මොහොතේ කළ  කතාවේ  අනුර  කුමාර මෙසේ ප්‍රකාශ  කරන්නේ අවුරුදු  71ක් වූ මෑත කාලීන ඉතිහාසයේ සිදු වූ කිසිවකට ඔවුන් වගකිවිය යුතු නැති ලෙසයි. අවුරුදු 71ක කාලය තුළ යම් ආර්ථික කඩා  වැටීම්  වූවා නම් ඒ සියල්ලට සෘජුව හා වක්‍රව ජවිපෙ සම්මාදම් වී ඇති අතර එය අදට ද මෙරට ආර්ථික ප්‍රවාහයේ පවතින දුර්වල කම් වලට බලපා ඇත. 30 වසරක යුද්ධයට අමතරව මෙරට 71-72 සහ 87-89 ජවිපෙ කැරළි මෙරට ආර්ථිකයට මෙන්ම ජන ජීවිත උඩු යටිකුරු කරවන්නට සමත් විය. එබැවින් ජවිපෙ අපේක්ෂක ලෙස ඔහුට 71තුළ මේ රට ආර්ථිකමය වශයෙන් අසමත් වීම විවේචනය කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතිද යන්න ගැටළු සහගතය.

ජවිපෙ ප්‍රථම කැරැල්ලෙන් 5,000කට  අසන්න ප්‍රමාණයක් ද, ජවිපෙ දෙවන කැරැල්ල තුළ එකල ඝාතනයට ලක්‌වූ හෝ අතුරුදන්වූ පිරිස 41,813 කි. නිල නොවන වාර්තා කියන්නේ දෙවැනි කැරැල්ලේ මියගිය සංඛ්‍යාව 60,000ක්‌ පමණ වන බව ය. මෙවන් වාතාවරණයක් තුළ අවුරුදු 71ක ආර්ථිකය විවේචනය කරමින් නව ආර්ථික පොරොන්දු ජනතාව මත මැවීමට මත්තෙන් ජවිපෙ නායකත්වය රට භීෂණය තුළ ගිල්වීම, ජන ජීවිත, තරුණ පරපුර සහ රටේ ආර්ථිකයට ඇති කල අහිත කර බලපෑම් වෙනුවෙන් ජනතාව ඉදිරියේ සමාව ගත යුතුව ඇත.

නිර්නාමික විසිනි.

 

 

 

Back to Top