Thursday, January 21, 2021

රජයේ වෛද්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්න- මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)

ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීය දායකත්වය සැපයීමත් වාර්තා වන කරුණු අනුව ඔහු එවැනි මැදිහත්වීමක් කර ඇත්තේ වෘත්තිය සමිතිය නියෝජනය කරමින් වීමත් ඊට හේතු හැටියට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය යොමු කළ එම ලිපියේ සඳහන් වේ.

මෙම තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරන එහි සාමාජිකයන් ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරිවලට අනුයුක්තව සේවය කරන්නේ නම් එය දැඩිව සලකා බැලිය යුතු කරුණක් යැයි ද එම නිරීක්ෂණ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතාගේ අස්සනින් යැවූ එම ලිපියේ සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා තම දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරියෙක්ය යන්න පසෙකලා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සක්‍රීයව සහභාගී වෙමින් සිටින බව දන්වමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය 25 වැනිදා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබුණි.

බිඟුන් මේනක ගමගේ/ ලංකාදීප

ඡායාරූපය සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි.

Archive

Latest news

රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...

එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...

ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...

Related news