Sri Lanka Brief
පුවත්මැතිවරණ නිරීක්ෂන වාර්තාබලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමකි – සාලිය පීරිස්, සභාපති, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

බලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමකි – සාලිය පීරිස්, සභාපති, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

by

ජායාරූපය:  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල‌ෙයේ තාවකාලික අනුුුුුුුස්මරණ තාප්පය © Sunanda Deshapriyaල 2019.

27 වන දින අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය සමරනු ලබන්ගන් ශ්‍රී ලංකාගේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කර වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන සංවිධාන විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දස දහස් සංඛ්‍යාත පුරවැසියන් සිහිගැන්වීමට සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ධෛර්ය සම්පන්න උත්සාහය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 9OMP) විසින් අගය කොට දක්වයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ 2018 වර්ෂයේ අගෝස්තු මස අතුරු වාර්තාව මගින් අද දිනය ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ නිල ජාතික දිනය වශයෙන් නිර්දේශ කරන ලදී. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විශ්වාස කරන්නේ සෙසු රාජ්‍ය ආයතන ඇතුළුව, වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අපේ රටේ අතුරුදහන්වීම්වල ස්වභාවය හා ප්‍රමාණය පිළිබඳ දුර්මත සහ අතුරුදහන් වීම් ප්‍රතික්ෂේප කිරීමේ නැඹුරුතාවය පරාජය කිරීමට මෙම දිනය සැමරීම වැදගත් බවයි.

පසුගිය දශක හතර තුළ අතුරුදහන් වූ තම ආදරනීයයන් සම්බන්ධයෙන් රජයෙන් පිළිතුරු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අගය කොට සලකයි. පවුලේ සාමාජිකයින්ගේ උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් නෛතිකව පිළිගැනීම හරහා පෙර තිබූ දඬුවම් නොලබා සිටීමේ හැකියාවන් නිශේධනය වූ බව පිළිඹිබු කෙරේ. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ ඉරණම කුමක්ද වීද යන්න සොයා ගැනීම සඳහා වූ මූලික බලයක් සහිත, ප්‍රථම සහ ස්ථිර ස්වාධීන රාජ්‍ය ආයතනය වන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ද ඔවුන් දැරූ ප්‍රයත්නයන් සෘජුවම හේතු වී තිබේ. අතුරුදහන් වූ ප්‍රදේශය හෝ කාල සීමාව හෝ වින්දිතයාගේ ජනවාර්ගිකත්වය හෝ ආගම නොසලකා ශ්‍රී ලංකාවේ සිදු වූ සියලු අතුරුදහන් වීම් විමර්ශනය කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට බලය පවතීග අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම, නැවත එවැන්නක් සිදු නොවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හඳුනා ගැනීම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කාර්යභාරයට ඇතුලත් වේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාර්ථකත්වය වැදගත් වන්නේ අතුරුදහන් වූ තැනැත්තන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ ඔවුන් පිළිබඳ කටයුතු කරන අයට පමණක් නොව, සියලුම ශ්‍රී ලාංකිකයන්ට ය. අපේ රටේ නීතියේ ආධිපත්‍යයට සහ පුරවැසියන් වශයෙන් අපගේ සහයෝගීතාවය පිළිබිඹු කෙරෙන හොඳම සාක්ෂිය අයුක්තියට ලක්වූවන් වෙත අප කෙතරම් දුරට යුක්තිය ඉටු කරනවා ද යන්නයි.
පසුගිය වසර එකහමාර තුළ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එහි බලය ක්‍රියාත්මක කිරීමේදී, විශේෂයෙන් කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ දී සහ කාර්යාල පිහිටුවීමේ දී, පරීක්ෂණ ඉදිරියට ගෙන යාමේදී සහ පවුලේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මැදිහත් වීමේදී ඉහළ ප්‍රගතියක් ලබා ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එතරම් ප්‍රගතියක් ලබා ඇත්තේ ප්‍රධාන රාජ්‍ය ක්‍රියාකාරීන්ගේ සහයෝගයක් නොමැති, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වල අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමට අඛණ්ඩව දරන උත්සාහයන් තිබෙන අභියෝගාත්මක පරිසරයකය.

කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ කාර්යාල පිහිටුවීම

2018 පෙබරවාරි මාසයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ආරම්භ කරන විට එයට කිසිදු කාර්ය මණ්ඩලයක් හෝ භෞතික යටිතල පහසුකම් නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට සහ එහි කාර්යාල පිහිටුවීමට සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් යෙදවීමට අවශ්‍ය විය. දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 දෙසැම්බර් මාසයේදී ස්ථිර සේවකයින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගෙන 2019 අප්‍රේල් මාසයේදී බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කාර්ය මණ්ඩල තනතුරු ගණනාවක් සඳහා අයදුම්පත් 16,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර, ලැබී ඇති සියලුම අයදුම්පත් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමේ පළමු මට්ටම වන වින්දිත සහ පවුල් සහායක නිලධාරීන් බඳවා ගෙන පුහුණු කර ඇත. මීට අමතරව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සිය කාර්ය මණ්ඩලයට අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල් සමඟ සමීපව ක්‍රියා යුතු ආකාරය පිළිබඳව පුහුණුව ලබා දී තිබීමෙන් එම පවුල්වලට තවදුරටත් කරදර හෝ කම්පන ඇතිවීම වළක්වාලන්නට හැකි වේ.

සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බලකායෙහි අවසාන වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි අතුරුදහන් වීම් හේතුවෙන් සෘජුවම බලපෑමට ලක්වූ ප්‍රදේශවල ප්‍රාදේශීය හා උප කලාපීය කාර්යාල ස්ථාපිත කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය තීරණය කළේය. පසුගිය වසර පුරාවට කොළඹ සිය ප්‍රධාන කාර්යාලය පිහිටුවීමට අමතරව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මාතර, මන්නාරම සහ යාපනයේ ප්‍රාදේශීය කාර්යාල තුනක් විවෘත කළේය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2019 අවසානයට පෙර මඩකලපුවේ ද ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රාදේශීය කාර්යාල හරහා පැමිණිලි භාර ගැනීම, පරිපාලනමය ගැටළු පිළිබඳව දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීම සහ එක් එක් සිද්ධීන් පිළිබඳ විමර්ශන පැවැත්වීම ආදිය සිදුකරමින් පවුල් සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම සිදු කිරීමට අපේක්ෂිතයි.

රජයේ අනුමත වැටුප් පරිමාණයෙන් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් කාර්ය මණ්ඩලය බඳවාගැනීමේදී, බොහෝ විට විමර්ශන කිරීම් වලට අදාල විශේෂ කුසලතා ඇති අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට මහත් අභියෝගයන්ට මුහුණ දීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට සිදු විය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මූලික කාර්යභාරය ඵලදායී ලෙස ඉටු කිරීමට හැකියාව ඇති පළපුරුදු, දක්ෂ පුද්ගලයින් බඳවා ගැනීම සඳහා අදාළ බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටියි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය රජයේ විවිධ ක්‍රියා පටිපාටි, රීති හා රෙගුලාසි මගින් සීමා වී ඇති අතර එමගින් එහි පලදායී ක්‍රියාකාරිත්වය අඩාලවී ඇත.

අතුරුදහන්වවූවන් පිළිබඳ අන්තර් ජාතික දිනය, ‌කොලඹ 2019  © Sunanda Deshapriya



විමර්ශන

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මූලික කාර්යභාරයට අනුකූලව අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීමට සහ ඔවුන් අතුරුදහන් වීමට හේතු පැහැදිලි කිරීමට අදාල තොරතුරු ඊට ලැබී ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, සැලකිය යුතු ලෙස ලේඛනගත කර ඇති සහ මහජන වැදගත්කමක් ඇති සිදුවීම් සම්බන්ධයෙන් අතුරුදහන් වීම් පිළිබඳ රටාවන් සහ සන්දර්භයන් විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. වින්දිතයින්, පවුලේ සාමාජිකයන්යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන්ගෙන් තොරතුරු ලැබී ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මූලික පරීක්ෂණ පවත්වා ඇසින් දුටු සාක්ෂිකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති අතර විමර්ශන කටයුතු වලට අවශ්‍ය වැඩිදුර තොරතුරු වෙනත් රාජ්‍ය බලධාරීන්ගෙන් විමසීමට ක්‍රියා කර ඇත.

තවද, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ජාතික හා ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් තාක්ෂණික විශේෂඥ දැනුම හා පුහුණුව ලබා ගනිමින් විමර්ශනය සඳහා අවශ්‍ය සැලසුම්, ක්‍රියා පටිපාටි සහ සම්පත්, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන් සිටින ස්ථාන හඳුනා ගැනීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයන් සහ කැධෑම්, ගොඩ ගැනීම් සහ මිනිස් අවශේෂ හඳුනා ගැනීමේදී අධිකරණ විද්‍යාව භාවිතය පිළිබඳව ආයතනික දැනුම වර්ධනය කිරීමට කටයුතු කර ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එහි විමර්ශන බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති රීති සකස් කිරීම ද ආරම්භ කළේය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් රැඳවුම් ස්ථාන සෙවීම පිළිබඳ මාර්ගෝපදේශයක් ගැසට් කර තිබේ.

මිනීවලවල් හෑරීම සහ/හෝ මෘත දේහ ගොඩ ගැනීම් නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමේ අධිකාරී බලයට අනුකූලව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මන්නාරම නගරයේ සතොස ගොඩනැගිල්ලේ මන්නාරම සමූහ මිනීවළ පිළිබඳ නඩුවේ (නඩු අංක B/232/2018) නිරීක්ෂකයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කළේය. 2019 ජනවාරි 16 වන දින වන විට විමර්ශන කණ්ඩායම දින 130 ක් තුළ සිරුරු 300 ක අස්ථි කොටස් කැධෑම් කර තිබේ. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය කැධෑම් සඳහා මූල්‍ය ආධාර ලබා දුන් අතර, ගරු මන්නාරම මහේස්ත්‍රාත්වරයා වෙත විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය සුරක්ෂිත කිරීම සඳහා සුදුසු පියවර අනුගමනය කිරීම සඳහාත්, කැණීම් හරහා සොයාගත් අස්ථි හා දත් සාම්පල වල භාරකාර දාමය ආරක්ෂා කිරීම සඳහාත් මාර්ගෝපදේශයන් සැපයීය. පවුල්වල නියෝජිතයින් ද සමඟ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි නගරයේ රසායනාගාරයක් වන බීටා ඇනලිටික්ස් වෙත රේඩියෝ කාබන් දින පරීක්‍ෂාව සඳහා අස්ථි හා දත් සාම්පල හයක් තෝරාගෙන භාරදිනි.

2019 පෙබරවාරි මස ලද රේඩියෝ කාබන් දින පරීක්‍ෂාවේ ප්‍රතිඵල මඟින් ඒවා ක්‍රි.. 1404 සිට 1642 දක්වා වූ ඓතිහාසික යුගයකට අයත් බව හෙළි විය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මහේස්ත්‍රාත්වරයා වෙත නිර්දේශ ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ, රේඩියෝ කාබන් දින පරීක්‍ෂාවේ ප්‍රතිඵලය සලකා බැලිය යුත්තේ අනාවරණය කරගෙන ඇති අනෙකුත් සියලුම තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බවත් විමර්ශනයේ ඉදිරි කටයුතු තීරණය කළ යුත්තේ සවිස්තර වාර්තාව සලකා බැලීමෙන් පසුව බවත් ය.

2019 මාර්තු 22 වන දින විමර්ශන කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුව සම්පූර්ණ විමර්ශන කණ්ඩායම විසින් සවිස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කරන තෙක් අපේක්ෂිත කැනීම් නවතාලීම සඳහා වූ තාවකාලික නියෝගය දීර්ඝ කරන ලදී.

අතුරුදහන්වූවන් පිළිබඳ අන්තර් ජාතික දිනය, ‌කොළඹ© Sunanda Deshapriyaල 2019



අතුරු සහන

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2018 අගෝස්තු මාසයේ අතුරු වාර්තාව මඟින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර, ණය සහන, නිවාස, අධ්‍යාපන ආධාර, වෘත්තීය පුහුණුව, ජීවනෝපාය සංවර්ධනය සහ රැකියා ලබා දීම සඳහා අතුරු නිර්දේශ ලබා දී ඇත. එම නිර්දේශ ඉදිරිපත් කිරීමේදී, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වන්දි ගෙවීම් සහ සහන අතර වෙනස පෙන්වාදුන් අතර සහන ලබා ගැනීම යනු, යුක්තිය පියවීමක් හෝ අයිතිවාසිකම් අත්හැරීමක් ලෙස සැලකිය නොහැකි බව අවධාරණය කරයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් කරන ලද නිර්දේශ දෙකකට ප්‍රතිචාර වශයෙන් 2019 මාර්තු මාසයේ දී ක්‍රියාන්විතයේ නිරතව සිටියදී අතුරුදහන් වූ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ පවුල්වලට ආධාර කිරීම සඳහා දක්නට නොමැති බවට වූ සහතික (CoA) ලබාගෙන ඇති පවුල්වලට, 2019 අයවැයෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට රජය යෝජනා කළේය. හානි පූරණය සඳහා වන කාර්යාලය විසින් අවසන් වන්දි ගෙවීම් නිර්දේශ කරනු ලබන තෙක්, දක්නට නොමැති බවට වූ සහතිකයක් ලබාගෙන ඇති අතුරුදහන් වූ සියලු දෙනාගේ පවුල්වලට ආධාර කිරීම සඳහා රජය විසින් මසකට රුපියල් 6,000 ක් ප්‍රදානය කිරීමට නියමිතය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මෙම යෝජනා පිළිගනිතත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ පාර්ශවයෙන් ප්‍රමාදයන් සිදුවී ඇති බව සටහන් කරයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, එසේ කිරීමෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්, දෙමව්පියන්ගෙන් එක් අයෙකු පමණක් ජීවත්ව සිටින පවුල්, දරුවන් සිටින පවුල්, වැඩිහිටියන් හෝ ආබාධ සහිත පුද්ගලයින් සහ ලිංගික හිංසනයන්ට ගොදුරු වූවන් ඇතුළු වඩාත් අවදානමට ලක්විය හැකි පවුල් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්, දක්නට නොමැති බවට වූ සහතික ලබා නොගත් අය ද ඇතුළත් කරමින් විෂය පථය තවදුරටත් පුළුල් කරගත යුතු වේ.

දක්නට නොමැති බවට වූ සහතික

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල් සඳහා අතුරු වාර්තා නිකුත් කිරීමට බලය ලැබී ඇති අතර, ඉන් ඔවුන් වෙත රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයෙන් දක්නට නොමැති බවට වූ සහතික ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත.

දක්නට නොමැති බවට වූ සහතිකයක් යනු අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ තත්ත්වය සනාථ කෙරෙන නෛතික ලේඛනයක් වන අතර අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වලට මරණ සහතිකයක් නොමැති විට පරිපාලන හා මූල්‍ය සේවා සහ වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට ඉන් අවස්ථාව සැලසේ. 2016 අංක 16 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත යටතේ විශේෂ ක්‍රියා පටිපාටි නියම කර ඇති නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය සමඟ සම්බන්ධ වී ඇත. එමඟින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ ඥාතින් සම්බන්ධයෙන් මීට පෙර මරණ සහතික ලබාගෙන ඇති පවුල්වලට උපකාර කිරීම සඳහා, ඔවුන්ට මරණ සහතිකය අවලංගු කිරීම සහ ඒ වෙනුවට දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීම සඳහා අදාළ උපකාරක ලියකියවිලි සමඟ අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබේ.

තවද, දක්නට නොමැති බවට වූ සහතිකවල වලංගුභාවය සහ අරමුණ පිළිබඳව පැහැදිලි බවක් නොමැතිකම හේතුවෙන් එම පවුල් මුහුණ දුන් අභියෝගවලට ප්‍රතිචාර වශයෙන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකාවේ ස්ථාපිත සියලුම විදේශ තානාපති කාර්යාල හා මහ බැංකුවේ අධිපති වෙත දැනුවත් කිරීම් සිදු කර ඇත.

අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ ලේඛනය

රජයේ දෙපාර්තමේන්තු, පරීක්ෂණ කොමිෂන් සභා සහ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සතු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දත්ත එක්රැස් කොට, සියලුම දත්ත කේන්ද්‍රගත කිරීම සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට හැකියාව ඇත. පරීක්ෂණ කොමිෂන් සභා වල වාර්තා ජනාධිපති නිල මුද්‍රාව යටතේ වසර තිහක කාලයක් සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේ තැන්පත් කර ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන් සම්බන්ධ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා වෙත ප්‍රවේශ වීම සහ ඩිජිටල්කරණය කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට ද එළඹ තිබේ. එවැනි වාර්තා කේන්ද්‍රගත කිරීම මගින් පරීක්ෂණ කොමිෂන් සභා වල අතීත ප්‍රයත්නයන් ශක්තිමත් වන අතර අතීත යාන්ත්‍රණයන් සඳහා ලබා දී ඇති තොරතුරු වාර්තා කිරීම සඳහා පවුල් මත පැටවෙන බර අවම කරනු ඇත.

නෛතික හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් මරණ පරීක්ෂණ පිළිබඳ කෙටුම්පත් නීතිය, සමූහ මිනීවලවල් විමර්ශනය කිරීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි, ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සහ 2019 හදිසි රෙගුලාසි වලට අදාළ ප්‍රධාන නීති ප්‍රතිසංස්කරණ නිර්දේශයන් සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් සිදු කරන ලදී.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් නැවත සිදු නොවීමට පසුබිම සැකසීම, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ විධිවිධානයන් පුළුල් නීතිමය රාමුව මගින් පැහැදිලිව පිළිගැනීම සහතික කිරීම සඳහා මෙම මැදිහත්වීම් සිදු කරන ලදී.

සන්නිවේදන වැඩසටහන් මාලාව

දකුණේ පැවති කැරළි කොලාහාලල උතුරේ සහ නැගෙනහිර යුද්ධය සහ දේශපාලන නොසන්සුන්තා කාලපරිච්ඡේද ඇතුළු දශක හතරකට අධික කාලයක් තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සිහිපත් කරයි. රට තුළ අතුරුදහන් වීම් එතරම් ප්‍රමාණයක් සිදුව තිබෙන අතර ජාත්‍යන්තරයේ වාර්තා වී ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වල ඉහළම අනුපාතයකට ශ්‍රී ලංකාව හිමිකම් කියයි. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වල විනාශකාරී ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකට ම බලපා තිබේ. එහෙත්, සමාජයේ ඇතැම් කොටස් සහ ප්‍රධාන පාර්ශවකරුවන් මෙම කරුණු දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති. අතුරුදහන් වූවන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පැහැදිලි යුතුකමක් ඇති අතර, 2019 දී එය “වේදනාව අතුරුදහන් නොවේ.

ඔවුන් උදෙසා සත්‍යය සෙවීමේ වගකීම අපි ඉටු කරමු.” යන මැයෙන් අතුරුදහන් වීම් සිදුවී ඇති විවිධ සන්දර්භයන් පිළිබඳව දැනුවත් කිරීම, පවුල් කෙරෙහි ඒවායේ බලපෑම සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සන්නිවේදන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.

යුක්තිය සඳහා වන නිර්දේශ

බලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමක් බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මතයයි. යුක්තිය යනු අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වල මූලික ඉල්ලීමක් බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිගෙන ඇති අතර, පුළුල් ලෙස තව තවත් අතුරුදහන් වීම් සිදුවීම වැළැක්වීම සහ එසේ කරන්නන්ට දඬුවම් නොලැබෙන බවට පවතින තත්ත්වය නිමා කිරීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම අත්‍යවශ්‍ය බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අදහසයිග හානිපූර්ණය සඳහා වන කාර්යාලය පිහිටුවීම අගයන නමුත්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සඳහා සාධාරණය ඉටු කිරීම සඳහා විශේෂිත අධිකරණ යාන්ත්‍රණයක් නොමැතිකම මඟින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වල විශ්වාසය අඩපණ වී ඇති බව දක්නට ලැබේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 අගෝස්තු මාසයේදී යුක්තිය සහතික කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරන ලදී. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනතට , අපරාධයේ අඛණ්ඩ ස්වභාවය හඳුනා ගැනීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ අපරාධය සිදු කර ඇති වැරදිකරුවන් සියල්ලන්ම හසුකර ගැනීම සඳහා නීතිය සංශෝධනය කිරීම ඇතුළුව, සංශෝධන ගණනාවක් නිර්දේශ කර ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය තවදුරටත් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත නිර්දේශ කර ඇත්තේ බලහත්කාරයෙන් අතුරුදහන් කර වූවන් පිළිබඳ විමර්ශනය හා නඩු පැවරීම කඩිනම් කොට ඊට ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා, ගරු නීතිපතිතුමා සහ පොලිස්පතිවරයා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමඟ කටයුතු කර ඇති අතර, ආරක්ෂක ලේකම්,ශ්‍රී ලංකා යුධ හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ හමුදාපතිවරුන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමඟ කටයුතු කර ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එවැනි උත්සාහයන් අගයන අතරම, එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමඟ වඩාත් ශක්තිමත් සහයෝගීතාවයන් ගොඩනගා ගන්නා ලෙස ඇරයුම් කරයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිරීක්ෂණය කර ඇති ආකාරයට ලබා ඇති ප්‍රගතිය ප්‍රමාණවත් නොමැති බවත්, විශේෂයෙන් පැහැරගැනීම් සම්බන්ධ ඉහළ පෙළේ නඩු ගණනාවක විමර්ශනවල ද සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව අධිකරණය ඉදිරියේ පවතින බවත් අවධාරණය කරයි.

සැක සහිත හෝ චූදිත නිලධාරීන් උසස් කිරීම සහ මාරු කිරීම

පැහැරගැනීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සම්බන්ධ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් හෝ චූදිතයන් ලෙස නම් කර ඇති ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් සහ පොලීස් නිලධාරීන් එවැනි නඩු වල අවසාන තීරණය ලැබෙන තෙක් සේවයෙන් අත්හිටුවා තබන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශ කර තිබේ. විශේෂයෙන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සැකකටයුතු නිලධාරීන් වෙත ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හෝ රාජ්‍ය සේවයේ වෙනත් කිසිදු කාර්යාලයක් වෙත මාරු කිරීමක්, උසස් කිරීමක් හෝ ස්ථාන මාරුවක් ලබා නොදෙන බවට රාජ්‍ය ක්‍රියාකාරීන් සහතික විය යුතු බවටයි.

යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ප්‍රතිචාර දක්වා ඇති අතර, prima facie නඩුවක් පවතින නිලධාරීන්ට ගෙවීම අත්හිටුවීමට හෝ අධිචෝදනා පත්‍රයක් ලබා දී ඇති නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට අදාළ නීතිමය රාමුව යටතේ විධිවිධාන පවතියි. එවැනි චූදිත නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) වගන්තිය යටතේ වරදකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී යැයි සැලකේ නම්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පුරවැසියන් වරදකරුවන් බව ඔප්පු වන තුරු නිර්දෝෂී යැයි උපකල්පනය කළ යුතු බවයි. බරපතල අපරාධ සම්බන්ධයෙන් චූදිත හෝ සැක සහිත පුද්ගලයින්ට මහජන විශ්වාසය මත පදනම් වූ තනතුරු දැරීමට හෝ අධිකාරී තනතුරුවලට පත් කිරීමට ඉඩ නොතැබෙන අයුරින් මෙය අර්ථකථනය කිරීම වැදගත් බව කාර්යාලයේ මතයයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක වන ක්‍රියා පටිපාටියට අනුකූලව බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සාමාන්‍ය රාජ්‍ය සේවකයින් වැඩ තහනම් කර ඔවුන් චෝදනා වලින් නිදහස් වන තුරු රාජකාරී වලින් ඉවත් කිරීමට රජය කටයුතු කරන බවයි.

හබයාස් කෝපුස් ආඥාවන්හි නීතිපතිගේ කාර්යභාරය

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට තවදුරටත් පැහැදිලිව ඇත්තේ හබයාස් කෝපුස් ආඥාවන් හි දී නීතිපති දෙපාර්තමේන්තුවට නඩු පවරන්නා ලෙසත්, නීතිමය කටයුතු වලදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහාත් කටයුතු කිරීමට සිදුවීමෙන් බැඳියා ගැටුමකට මුහුණ දෙන්නට සිදුවන බවයි. එහෙයින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශ කර ඇත්තේ හබයාස් කෝපුස් ආඥාවන්හි දී නීතිපති දෙපාර්තමේන්තුව වැරදිකරුවන් යැයි කියනු ලබන පුද්ගලයන්ගේ අවශ්‍යතා නියෝජනය වෙනුවට ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැකෙන අයුරින් කටයුතු කළ යුතු බවයි.

සිවිල් හා සාපරාධී ක්‍රියාවන්හි දී රජයේ නිලධාරීන් ආරක්ෂා කිරීමට නීතිපතිවරයාට බලය ඇතත්, එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ද නීතිපතිවරයාට බලය ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අවබෝධ කොට ඇත. තවද, රජයේ නිලධාරියෙකු සාපරාධී ක්‍රියාවක් කර ඇති අවස්ථාවල දී, එවැනි නඩුවල කටයුතු කිරීමට නීතිපතිවරයාගේ සහභාගීත්වය අවශ්‍ය වේ. නමුත් අතීතයේ දී, විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් අයැදුම් කර ඇති අවස්ථා වලදී, නීතිපති විසින් වධහිංසා පැමිණවීම් වලට චෝදනා ලැබූ රජයේ සේවකයින් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. මෙම තත්ත්වය යටතේ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

පවුල් සහ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නන්ට තර්ජනය කිරීම සහ බිය ගැන්වීම

ආරක්ෂක ලේකම් විසින් ලබා දුන් සහයෝගය සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් කරන ලද යුක්තිය සම්බන්ධ සියලු නිර්දේශයන්ට අනුකූල වන ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සහ පොලීසියට ආරක්ෂක ලේකම්වරයා විසින් ලබා දුන් උපදෙස් අගය කරයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවර ගන්නා ලෙසත්, ඔවුන් වෙත හිරිහැර කිරීමෙන් හෝ පළිගැනීම් වලට සමාන විය හැකි ක්‍රියාවන්ට සහභාගී වීමෙන් වළකින ලෙසත් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ඔවුන්ගේ නිලධාරීන්ට නිකුත් කර ඇති උපදෙස් අගය කරයි.

ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ලබා දී ඇති සහයෝගය අගයන නමුත්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වලට සහ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නන්ට එරෙහිව ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් සිදුකරන ලදැයි කියනු ලබන බිය ගැන්වීම් සහ සෝදිසි කිරීම් පිළිබඳ වාර්තා අඛණ්ඩව ලැබෙමින් පවතින බව දැඩි කනස්සල්ලෙන් යුතුව සඳහන් කරයි. විශේෂයෙන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට උසාවියේ නඩුවල පාර්ශවකරුවන්ව සිටින නීති නියෝජිතයින්, යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නන් සහ පවුලේ සාමාජිකයින් වෙත පහර දීම් සිදුවන බවට පැමිණිලි ලැබී තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විශේෂිත අවස්ථාවන්ට මැදිහත් වී අදාළ පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ විමර්ශනවල ප්‍රගතිය සහ නීතිමය කටයුතු සහතික කිරීම පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.

අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල්වල අපේක්ෂාවන්ට හා බලාපොරොත්තු වලට අනුව ප්‍රගතිය මැනිය යුතු බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අදහස් කරන අතර, ඉන් ඇතැමෙක් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සිටින ස්ථානය සහ ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳ පිළිතුරු ලැබෙන තෙක් දශක තුනකට වැඩි කාලයක් බලා සිට ඇත. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ තැනැත්තන්ගේ පවුල් අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට එරෙහිව විරෝධතා දක්වන අය ද සිටිති. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මෙම පවුල් වලට විරෝධතා දැක්වීමට ඇති අයිතියට ගරු කරන අතර තවදුරටත් ඔවුන් හා සිටිමින් සේවා සපයනු ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන පවුල් මෙන්ම ඊට එරෙහිව, ඒ වෙත විරෝධය දක්වන පවුල් ද තම අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවූ ඥාතීන්ගේ ඉරණම දැන ගැනීම වෙනුවෙන් තර්ජනයන් හා බිය ගැන්වීම්, බහුවිධ රාජ්‍ය ආයතනවල ප්‍රතිචාර නොමැතිකම වැනි අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද, තම සෙවීමේ කටයුතු ධෛර්ය සම්පන්නව කරගෙන ගොස් ඇති බව පිළිගනී. අප ඉදිරියේ ඇති දිර්ඝ සහ සංකීර්ණ මාවත ඔස්සේ ගමන් කර, රටේ පුරවැසියන් ලෙස සත්‍යය දැන ගැනීමට සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන් වෙනුවෙන් යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් බලාත්මක කිරීමට මම, සහ මගේ සෙසු කොමසාරිස්වරුන් කැපවී කටයුතු කරන බව නැවත අවධාරණය කරමි.

 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
සභාපති
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය
2019 ඔක්තෝබර් 27 අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය වෙනුවෙන් නිකුත් කරන ලදී.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

Back to Top