Sri Lanka Brief
පුවත්විවරණජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක

by

අන්ත­ර්ජා­තික සංව­ර්ධ­නය පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන මහා­චාර්ය එස්. ඩබ්ලිව්. ආර්. ද ඒ. සම­ර­සිංහ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වර­ණ­යන් පිළි­බඳ සියුම් දේශ­පා­ලන විග්‍ර­හ­යක යෙදෙ­මින් සම්පා­ද­නය කරන ලද ලිපි­යක් ඇසු­රෙනි.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වන එක්සත් ජාතික පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගෝඨා­භය රාජ­පක්ෂ යන දෙදෙ­නාගේ ජාතික මට්ටමේ අර­මුණු සහ අව­ශ්‍ය­තා­වල ලොකු වෙන­සක් නැත. ඒ දෙදෙ­නාම ජාතික සම­ඟිය, ආර­ක්ෂාව, පර­මා­ධි­ප­ත්‍යය, ආර්ථික සමෘ­ද්ධිය සහ සමාජ සමා­නා­ත්ම­තාව ගැන කතා කරති. මේ කාරණා කිසි­වකු විසින් වත් අභි­යෝ­ග­යට ලක් නොක­රන ඒවා වන අතර, කලක පටන් දේශ­පා­ලන වේදි­කා­වල කිය­වෙන සාම්ප්‍ර­දා­යික දේවල්ය.

එහෙත් මේ දෙදෙ­නාම වෙනස් ආකා­ර­යෙන් දකින ප්‍රධාන කාර­ණා­වක් ඇත. ගෝඨා­භය සහ ඔහුගේ ආධා­ර­ක­රුවෝ ‘ශක්ති­මත් ආණ්ඩු­වක’ අව­ශ්‍ය­තාව මතු කරති. එහෙත් ඒ ‘ශක්ති­මත්’ යන්නේ අර්ථය කුම­ක්දැයි ඔවුහු පැහැ­දි­ලිව නිර්ව­ච­නය නොක­රති. කෙසේ වෙතත් 2006 සිට 2014 දක්වා පැවැති රාජ­පක්ෂ පාලන සම­යේදී නීතියේ ආධි­ප­ත්‍යය ගැන සැල­කි­ල්ලක් තැබුවේ නැත; නිසි පරිදි දඬු­වම් දීම් සිදු කළේද නැත. විරුද්ධ මත­ධා­රීන්ට එරෙ­හිව සුදු වෑන් භාවිතා කළ ඒ යුගයේ ‘ශක්ති­මත්’ යන්නට නිර­පේක්ෂ තේරු­මක් තිබුණේ නැත. ප්‍රජා­ත­න්ත්‍ර­වාදි නිද­හස ආර්ථික සාර්ථ­ක­ත්ව­යට හිලවු කිරී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ කට­යුතු කරන බවක් පෙනේ. රටක ආර්ථික ප්‍රති­පත්ති ඉදි­රි­යට ගෙන එමින් වර්ධ­නය අත්පත් කර­ගැ­නී­මට මේ හිලවු කිරීම කෙරෙහි රජයේ ප්‍රබල දාය­ක­ත්වය හිමි විය යුතු බව චීනය සහ දකුණු කොරි­යාව වැනි ඇතැම් ගිනි­කො­න­දිග ආසි­යානු සහ පෙර­දිග ආසි­යානු රට­වල විශ්වා­ස­යක් පව­තියි.

ජනතාවට ඕනෑ නිදහසක් නැති ‘ශක්ති­මත් ආණ්ඩුවක්ද?  නිදහසක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද?

යහ­පා­ල­නයේ මොන අඩු-පාඩු තිබු­ණත් පසු­ගිය කාලයේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදි අයි­ති­වා­සි­කම් ආරක්ෂා විය. තොර­තුරු දැන­ගැ­නීමේ පනත ඉදි­රි­යට ගෙන ඒම මඟින් භාෂ­ණයේ නිද­හස සහ නිද­හස් අයි­ති­වා­සි­කම් තව­දු­ර­ටත් සුර­ක්ෂිත කිරීම ඊට නිද­සු­නකි. මේ බව සජිත් ප්‍රේම­දාස සහ එක්සත් ජාතික පෙර­මුණේ ආධා­ර­ක­රු­වන් පෙන්වා දෙන කරු­ණකි. මේ නිද­හස නිසාම ඇතැම් විට ආර්ථි­කයේ කාර්ය­ක්ෂ­ම­තා­වට පැන­නැ‍ඟෙන බාධාද නැත්තේ නොවේ. උදා­හ­ර­ණ­යක් ලෙස: වෘත්තීය සමි­ති­ව­ලට ඉහළ වැටුප් ඉල්ලා වැඩ­ව­ර්ජන පැවැ­ත්වී­මට නිද­හස ලැබෙන අතර, එය ආර්ථි­ක­යට බාධා ඇති කරන බව අමු­තු­වෙන් කිව යුතු නැත.

ඉදිරි දශක කිහි­පයේ රටට අවශ්‍ය කරන්නේ වඩාත් නිද­හස අග­යන පාල­න­යක්ද, නැති­නම් නිද­හස සීමා කරන පාල­න­යක්ද යන්න නොවැ­ම්බ­රයේ පැවැ­ත්වෙන මැති­ව­ර­ණ­යේදී තෝරා­ගැ­නී­මට ඡන්ද­දා­ය­ක­යාට අව­ස්ථාව හිමි වේ. මේ සම්බ­න්ධ­යෙන් පුළුල් සංවා­ද­යක් ඇති විය යුතුය.

විශ්වීය වූ ඡන්ද බලය යටතේ පාල­ක­යන් තේරීම සඳහා ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ආකා­ර­යට කලින් කලට නිද­හස් සහ සාධා­රණ මැති­ව­රණ පැවැ­ත්වීම අත්‍ය­වශ්‍ය කාර­ණ­යකි. එහෙත් එය පම­ණක් මෙයට ප්‍රමා­ණ­වත් නැත. එනම් නීතියේ ආධි­ප­ත්‍යය, භාෂ­ණයේ නිද­හස සුරැ­කීම වැනි සපු­රා­ලිය තවත් අව­ශ්‍යතා ගණ­නා­වක් තිබේ. අර්ථ­වත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පාල­න­යක් උදෙසා මේවා වැද­ගත්ය. 1931 සිට ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදි රාමුව තුළ විවිධ අඩු-පාඩු තිබිණි. ඒ තුළ සැල­කිය යුතු අඩු­පාඩු රැසක් දිග­ටම පැව­තිණි. ගෙවුණු අවු­රුදු 88ක ඉති­හා­සයේ අපට මහ­මැ­ති­ව­රණ 17ක් තිබිණි. එයින් 10කදීම බලයේ සිටි පාර්ශ්වය මැති­ව­ර­ණ­යෙන් පරා­ජය විය. 1948න් පසු පැවැති පාලන යුග­ව­ලදී බලයේ සිටින පාර්ශ්ව සාමාන්‍ය වශ­යෙන් බලයේ සිටියේ වසර 5ත්-10ත් අතර කාල­සී­මා­වක් පමණි.

1978දී අප රටේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය ස්ථාපිත කෙරිණි. එදා සිට 2015 දක්වා කාලය ඇතු­ළත අපට ජනා­ධි­ප­ති­ව­රණ හත­කට මුහුණ දීමට සිදු විය. දෙවැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ඔහුගේ ප්‍රථම ධුර­කා­ලය අව­සන් කිරී­ම­ටද පෙරම ඝාත­න­යට ලක් වූ අතර, 1995දී ඔහු නියෝ­ජ­නය කළ, එතෙක් වසර 17ක් පුරා බලයේ සිටි පක්ෂයේ අපේ­ක්ෂ­කයා පරා­ජ­යට පත් විය. 2015දී, අනූ­පහේ බල­යට පත් පාර්ශ්වය නියෝ­ජ­නය කර­මින් එව­කට බලයේ සිටි ජනා­ධි­ප­ති­ව­රයා පරා­ජ­යට පත් වූ අතර, ඒ වන විට ඔවුන් වසර 20ක් ජනා­ධි­පති ධුරය හොබවා තිබිණි.

ශ්‍රී ලංකාවේ මැති­ව­රණ

ශ්‍රී ලංකාවේ මැති­ව­රණ අස­ම්පූ­ර්ණ­තා­ව­ලින් යුක්ත වේ. මැති­ව­ර­ණ­ව­ලට එකතු වන අර­මු­දල් ගැන විනි­වි­ද­භා­ව­යක් ඇත්තේ නැත. රැස් වූ මුදල් ගැන කිසි­ව­කුත් වග­වී­මක් දක්ව­න්නේද නැත.

ශ්‍රී ලංකාවේ ඡන්ද විම­සීම් කිසිදු දිනක සිය­යට සිය­යක් පිරි­සුදු වූයේ නැත. සැබැ­වින්ම ලෝක­යේම වුව මැති­ව­ර­ණ­ව­ලදී මේ පාරි­ශු­ද්ධ­භා­වය සිය­යට සිය­යක් දැකිය නොහැ­කිය. කෙසේ වෙතත් 2005 නොවැ­ම්බර් ජනා­ධි­ප­ති­ව­ර­ණය හැර අනෙක් ඒවා ජන­තා­වගේ සැබෑ අද­හස පිළි­ඹිබු කර ඇත. එල්ටී­ටී­ඊය එව­කට තම පාල­නය යටතේ පැවති යාප­නය සහ වන්නි ප්‍රදේ­ශ­වල ඡන්ද වර්ජ­න­යක් සිදු කළ අතර, එහි වාසිය ලැබුවේ මහින්ද රාජ­පක්ෂ බව පැහැ­දි­ලිය. යාප­නයේ ලක්ෂ 7ක් වූ ලියා­ප­දිංචි ඡන්ද­ව­ලින් වැටුණේ 1.1%ක් තරම් සුළු ප්‍රමා­ණ­යක් වන අතර, වන්නියේ ලියා­ප­දිංචි ඡන්ද ලක්ෂ 2.5න් වැටුණේ 34%ක් පමණි. සංඛ්‍යා දත්ත විශ්ලේ­ෂ­ණය කරන විට ඡන්ද වර්ජ­නය නොති­බුණා නම් රනිල් වික්‍ර­ම­සිං­හට ඒ ඡන්ද­ව­ලින් 80%ක් හිමි වන බවත්, එසේ වූයේ නම් ඔහු වැඩි ඡන්ද 40,000ත්-50,000ත් අතර සංඛ්‍යා­ව­කින් ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ගන්නා බවත් පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­කයෝ බලය අයුතු ලෙස භාවිත කිරී­මට කොත­රම් ප්‍රසිද්ධ වුවත් ඡන්ද­යෙන් තමන් පරා­ජ­යට පත් වූ විට බලය අත්හැර ඉවත්ව යෑමට කට­යුතු කිරීම දක්නට ලැබෙන පොදු තත්ත්ව­යකි. 1994 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී රනිල් වික්‍ර­ම­සිං­හ­ටත්, 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­ප­ක්ෂ­ටත් මෙය සත්‍ය­යක් විය. එසේම දේශ­පා­ල­න­ඥ­යන්ට මහ­ජන මතය සමඟ සෙල්ලම් කිරී­මට සිතු­ණත් මේ රටේ සන්නද්ධ හමුදා ඒ සඳහා අව­ස්ථාව උදා කර දෙන්නේ නැත. එය වෙනස් වූයේ 1962දී සිදු වූ හමුදා කුම­න්ත්‍ර­ණ­යේදී පමණි. කොටින්ම කිය­තොත් ශ්‍රී ලංකාවේ පව­තින්නේ ගැඹු­රට කාවැ­දුණු ප්‍රජා­ත­න්ත්‍ර­වාදි සංස්කෘ­ති­යකි.

දේශ­පා­ලන සංස්කෘ­තියේ වටි­නා­කම

පසු­ගිය වසර කිහි­පයේ සිට ඇතැම් අය දේශ­පා­ලන සංස්කෘ­තියේ වැද­ග­ත්කම සහ වටි­නා­කම ගැන ප්‍රශ්න කිරී­මට පටන් ගෙන ඇත. මෙහිදී ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අවුල් සහ­ග­තය, අවි­ධි­මත්ය, එයින් අස්ථා­වර දේශ­පා­ලන පරි­ස­ර­යක් ඇති වේ, ආර්ථික වර්ධ­න­යට එය අහි­ත­ක­රය, යහ­පත් ශ්‍රී ලංකා­වක් ඇති කිරී­මට ශක්ති­මත් ආණ්ඩු­වක් තිබීම වැද­ගත්ය, මේ දේශ­පා­ලන පද්ධ­තිය අවුල් සහ­ග­ත­යැයි කියන අය අර්ධ වශ­යෙන් සත්‍ය­යක් පව­සති. අමෙ­රි­කාව, එංග­ල­න්තය වැනි ඉතා දියුණු බට­හිර ප්‍රජා­ත­න්ත්‍ර­වාදි රට­වල් සම්බ­න්ධ­යෙන් අද වන විට මෙය සත්‍ය­යක් වී තිබේ. ශක්ති­මත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ආණ්ඩු­වක් බිහි කර­ගත හැකි නම් එය රට­කට ඉතා හිත­කර තත්ත්ව­යකි. එහෙත් ශක්ති­මත් ආණ්ඩු­වක් යන්න ඇතැම් අය නිර්ව­ච­නය කොට ක්‍රියා­ත්මක කර­න්නට යන්නේ ප්‍රජා­තන්ත්‍ර විරෝධි අත්ත­නෝ­ම­තික පාල­න­යක් ගෙන යෑමෙනි. එය අපේ රටේද රාජ­පක්ෂ යුග­යේදී සිදු විය. මේ අත්ත­නෝ­ම­තික පාලන සහ තීරණ නිසා රටේ සම්පත් රැසක් විනාශ වූ අව­ස්ථාද එකල පැව­තිණි. වඩාත් බල­තල සහිත ආණ්ඩු­වක් වන විට වැඩි අධි­කා­රි­යක් සහිත ආණ්ඩු­වක ස්වරූ­පය ගනියි. මෙය ශ්‍රී ලංකා­වට පම­ණක් සීමා වන්නක් නොවේ. මිනි­සුන් පව­තින ක්‍රම­යට ඇති කැමැත්ත හීන වෙමින් යන බව යුරෝ­පයේ, ආසි­යාවේ සහ උතුරු සහ දකුණු අමෙ­රි­කාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­තින රට­වල විශාල නියැ­දි­යක් ගෙන සිදු කළ සමී­ක්ෂ­ණ­ය­කින් අනා­ව­ර­ණය වී ඇති කරු­ණකි.

ඉන්දි­යාව බහු­වා­ර්ගික ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් පව­තින රටක් වශ­යෙන් දීර්ඝ කාල­යක් නමක් දිනා­ගෙන සිටි­යේය. දැන් එරට වර්ග­වාදි බල­වේග වෙත නැඹු­රු­වක් ඇති වෙමින් පව­තින බවට බියක් පැතිර යයි. තුර්කිය සහ හංගේ­රි­යාව මෑත­කදී ගෙන ආ ව්‍යවස්ථා සංශෝ­ධන මඟින් එක් පුද්ග­ල­ය­කුගේ හෝ එක් පක්ෂ­යක පාල­න­යක් ගොඩ­න­ඟා­ගෙන ඇති රට­වල්ය. පිලි­පී­නයේ ජනා­ධි­ප­ති­ව­රයා නීති­යට බාහිර ඝාතන සිදු කිරීම සඳහා ප්‍රසි­ද්ධි­යේම කට­යුතු කරන අයෙකි.

ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය

දශක තුනක් තිස්සේ පැවති සිවිල් යුද්ධය හේතු­වෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය බර­ප­තළ පීඩ­න­ය­කට හසුව තිබිණි. එහෙත් එය විනාශ වී ගියේ නැත. යුද්ධය පැව­ති­යදී වුවද ශ්‍රී ලංකාවේ සාමා­න්‍ය­යෙන් සාධා­රණ සහ නිද­හස් මැති­ව­රණ පැවැ­ත්විණි.

දෙව­නුව සුළු­ත­රයේ ප්‍රශ්න විස­ඳී­මට දේශ­පා­ලන විස­ඳු­මක් දීම කෙරෙහි ප්‍රජා­ත­න්ත්‍ර­වාදි ක්‍රමය ඇතු­ළත උත්සා­හ­යන් දැරිණි. උදා­හ­ර­ණ­යක් වශ­යෙන්: සිංහල පම­ණක් යන භාෂා ප්‍රති­ප­ත්තිය අධ්‍යා­පන සහ පරි­පා­ලන කට­යු­තු­ව­ලට බහු-භාෂා ප්‍රති­ප­ත්තිය හඳුන්වා දීමෙන් සම­නය කෙරිණි. 1981දී දිස්ත්‍රික් සංව­ර්ධන සභා ඇති කිරී­මත්, 1988දී ඒ වෙනු­වට පළාත් සභා ඇති කිරී­මත් බලය බෙදීමේ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව සිදු කළ වැද­ගත් ක්‍රියා­මාර්ග වේ.

තෙව­නුව ශ්‍රී ලංකාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එරෙ­හිව බලය ඩැහැ­ගැ­නීමේ කුම­න්ත්‍රණ දෙකක් සිදු විය. එකක් 1962දී සිදු වූ හමුදා කුම­න්ත්‍ර­ණ­යයි. අනෙක 2018දී සිදු වූ ව්‍යවස්ථා කුම­න්ත්‍ර­ණ­යයි. මේ කුම­න්ත්‍රණ ද්විත්ව­යම පරා­ජය විය.

ආර්ථික වර්ධ­නය

ගෙවුණු දශක කිහි­ප­යක කාලය ඇතු­ළත මේ රටේ කිසිම ආර්ථික හෝ සමාජ සංව­ර්ධ­න­යක් හෝ සිදු වී නැතැයි, ශ්‍රී ලංකාවේ ප්‍රචා­රණ ව්‍යාපා­රයේ නිරත ඇතැම් දේශ­පා­ල­ක­යන් කියන දේට ඇහු­ම්කන් දෙන විදේ­ශි­ක­ය­කුට හැඟී-යන්නට පිළි­වන. එහෙත් එය සත්‍ය­යක් නොවේ. 1948 සිට 2018 දක්වා කාලය ඇතු­ළත ශ්‍රී ලංකාවේ ඍණ ආර්ථික වෘද්ධි ශීඝ්‍ර­තා­වක් ඇති වූයේ එක් අවු­රු­ද්ද­කදී -එනම්: 2001දී- පමණි. කෘෂි­කා­ර්මික සහ මූලික කෘෂි නිෂ්පා­දන අප­න­යන මත රැඳෙන දුප්පත් රටක් වශ­යෙන් එය එත­රම් නරක වාර්තා­වක් නොවේ. 1950දී ඩොලර් 118ක් වූ ඒක­පු­ද්ගල ආදා­යම 2018දී තිස් ගුණ­ය­කින් පමණ වර්ධ­නය වී, ඩොලර් 4,000ක් දක්වා ඉහළ ගියේය.

සමාජ සංව­ර්ධ­නය

ගෙවුණු දශක සතක කාලය ඇතු­ළත ප්‍රධාන සමාජ දර්ශක සියල්ල පාහේ වර්ධ­නය විය. 1948දී ළදරු මරණ අනු­පා­තය 1000කට 92ක්ව පැවති අතර, 2015දී එය 8.5ක් දක්වා අඩු වී ඇත. උප­තේදී ආයු අපේ­ක්ෂාව 1952දී අවු­රුදු 56.6ක් වූ අතර 2017දී එය අවු­රුදු 75.5ක් දක්වා ඉහළ ගියේය. වැඩි­හිටි සාක්ෂ­රතා අනු­පා­තය 1946 දී 62.9%ක් වූ අතර, 2017 91.7%ක් දක්වා වර්ධ­නය විය. මේ සමාජ දර්ශක ඉතා යහ­පත්ය.

ඒවා අපට වඩා ආර්ථික වෘද්ධි­යක් අත්පත් කර­ගත් ඇතැම් රට­ව­ලට සාපෙ­ක්ෂව ඉහ­ළය. මේ සමාජ ශුභ­සා­ධ­නය අතින් ඉහළ යෑමට අදාළ ප්‍රති­පත්ති ප්‍රති­සං­ස්ක­රණ සිදු කෙරු­ණද ආර්ථික වශ­යෙන් අපට වෘද්ධි­යක් අත් කර­ගැ­නී­මට ප්‍රමා­ණ­වත් ප්‍රති­සං­ස්ක­රණ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක වූයේ නැත. මේ යහ­පත් දර්ශක පෙන්නුම් කිරී­මට ශ්‍රී ලංකා­වට හැකි වූයේ නිද­හස් අධ්‍යා­ප­නය සහ සෞඛ්‍ය සේ‍වය වැනි සුබ­සා­ධන වැඩ­ස­ට­හ­න්වල සිට සහල් සලා­කයේ පටන් ඉන් පසු හඳුන්වා දුන් ජන­ස­විය සහ සමෘ­ද්ධිය වැනි යම් මට්ට­ම­කින් සම්පත් බෙදී යෑමට සැලැස්වූ වැඩ­ස­ට­හන් නිසාය.

මෙවැනි බොහෝ සමාජ ශුභ­සා­ධන වැඩ­ස­ට­හන් සාර්ථක වී සමාජ සංව­ර්ධ­න­යක් ඇති වීමට ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පාලන ක්‍රමය හේතු වී තිබෙන බව ඇතැම් විද්වත්හු විශ්වාස කරති. මේ ක්‍රමය තුළ මහ­ජ­න­තා­වගේ කැමැත්ත -එනම්: ඡන්දය- දිනා­ගැ­නී­මට කැමැති පාල­කයෝ ජන­තා­වට ප්‍රයෝ­ජ­න­වත් යමක් කිරී­මට නිතර කල්පනා කළ යුතුය.

පිළි­යම්

ශ්‍රී ලංකාව දැනට පව­තින තත්ත්ව­යට වඩා ඉදි­රි­යේදී හොඳින් ක්‍රියා කළ යුතු බව සත්‍ය­යකි. විශේ­ෂ­යෙන්ම ආර්ථි­ක­යේදී එය අනි­වා­ර්යය. වඩාත් විශ්ව­ස­නීය කළ­ම­නා­ක­ර­ණ­යක් මඟින් සහ දූෂ­ණ­ව­ලින් අවම කර­ගැ­නී­මෙන් අපේ සමා­ජීය වෘද්ධිය සාක්ෂාත් කර­ගත හැකි වන අතර, පරි­ස­රය රැක­ගැ­නී­ම­ටද හැකි වේ.

එවිට පොදු දේපළ වඩාත් කාර්ය­ක්ෂම ආකා­ර­යට පරි­හ­ර­ණය කිරීම සිදු වන බැවින් එය ආර්ථික වර්ධ­න­ය­ටද හේතු වේ. එවිට පොදු මුදල් වඩාත් ඵල­දායි ආකා­ර­යට අධ්‍යා­ප­න­යට සහ භෞතික යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­න­යට – විශේ­ෂ­යෙන් රටේ අඩු­වෙන් සංව­ර්ධ­නය වී ඇති ප්‍රදේ­ශ­ව­ලට – යෙද­විය හැකිය. බදු අය­කි­රීම් වඩාත් සාධා­රණ බවට පත් කළ හැකිය. උදා­හ­ර­ණ­යක් වශ­යෙන්: 2018 වසරේ ආණ්ඩුවේ සමස්ත බදු අනු­පා­තය රටේ දළ ජාතික නිෂ්පා­ද­න­යෙන් 11.9%ක් වූ අතර, එය ලෝකයේ අඩුම බදු මට්ට­මක් වේ. ආදා­යම් බදු ගෙවීම් පැහැර-හැරීම් අප රටේ ඉහ­ළය. එය සමස්ත බදු ආදා­ය­මෙන් පහෙන් එක­කට සීමා විය.

මහ­ජ­න­තා­වගේ තේරීම

මේ කාරණා සාර්ථක කර­ගැ­නී­මට තමන්ට අවශ්‍ය වන්නේ අත්ත­නෝ­ම­තික ප්‍රව­ණ­තා­වක් ඇති ඊනියා ‘ශක්ති­මත් ආණ්ඩු­වක්’ ද, නැති නම් අඩු-පාඩු සහි­තව වුවද ප්‍රජා­ත­න්ත­වාදි අයි­තිය ලැබෙන ආණ්ඩු­වක් ද යන්න ජන­තාව විසින් තෝරා­ගත යුතුව ඇත.

සේයාරුව – රුවන් ද සිල්වා/ පරි­ව­ර්ත­නය – බුද්ධි කරු­ණා­රත්නSilumina

Back to Top