Sri Lanka Brief
නිර්මාණපුවත්ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (අවසන් කොටස)

ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (අවසන් කොටස)

by

ඇලෙක්ස් ටීසොන් Alex Tizon  විසිනි. පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය.

(නව යොවුන් වියේ සිට මහළු විය තෙක්ම ගෘහස්ත මෙහෙකාර සේවය පිනිස වහලියක් සේ තබා ගන්නා ලද පිලිපින ජාතික ස්ත්‍රියක සහ ඇගේ ජිවිතය පිළිබද මෙම සත්‍ය රචනාවෙහි කතෘ ඇමෙරිකානු – පිලිපීන ජාතික ඇලෙක්ස් ටීසොන් ය‍.  පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍ය වේදියකු වූ ඔහු Big Little Man: In Search of My Asian Self හි කර්තෘ ද වූ ඔහු 2017 මාර්තුවෙහිදී මිය ගියේය. මෙම දීර්ඝ ලිපිය මුල් වරට පළ වූයේ The Atlantic සඟරාවේ 2017 පූනි කලාපයේ ය. එය පළවීමටපෙර එම මාර්තු මාසයේ දී ඇලෙක්ස් ටයිසන් මිය ගියේ ය.)

‘හරි’ යැයි කි ඇය යළි පිරිසිදු කරන්නට පටන් ගත්තා ය.

එදිනෙදා වෙන කරන්නට දෙයක් ඇය දැන සිටියේ නැත. මා මගේම අවවාදය පිළිගෙන නිස්කලංකව සිටිය යුතු බව මම තේරුම් ගත්තෙමි. ඇය රෑ කෑම පිළියෙළ කරන්නට කැමැති නම් ඊට ඉඩදෙමි. ඇයට ස්තුති කර මම  වලං පිගන් සෝදමි. ඇයට ඇයම වීමට ඉඩ දෙන්නැයි යන්න මට නිරන්තරයෙන්ම මතක් කර ගැනීමට සිදු විය.

එක් රැයක මා ගෙදර එන විට ඇය සෝපාවෙහි වාඩි වී වචන ප්‍රහෙලිකාවක් සම්පූර්ණ කරමින් සිටියේ ය. රෑපවාහිනිය දමා ගෙන ඇය සිය දෙපා සොපාව මතට ගෙන තිබුණි. ඇය ළගින් තේ කොප්පයක් ද තිබුණි. ඇය මා දෙස බැලුවා ය. අපූරුවට සවිව තිබූ සුදුපාට කෘතීම දත් කූට්ටම පෙන්වා ලැජ්ජාවෙන් මෙන් සිහහ සුනා ය. අනතුරැව ආපසු ප්‍රෙහෙළිකාවට ම ගියා ය. ප්‍රගතියක්. මම සිතා ගත්තෙමි.

නිවෙස පිටු පස ගෙවත්තක් බවට පත් කළ ඇය ටියුලිප් සහ විවිධ ඕකීඩ් වර්ග එහි වවා සවස්වරු පුරා ඒවාට සාත්තු කළා ය. ඇය අසල්වාසය වටා ඇවිදින්නට ගියා ය. වසය 80 දී ඇයගේ ප්‍රමේහ නරක අතට පත් වුයෙන් හැරමිටියක් සහායයෙන් ඇවිද්දා ය. මුළුතැන්ගෙයි දෛනික උන්නියකගේ සිට තමාගේ අභ්‍යන්තරය කියා සිටින විට පමණක් කැම හදන ශිල්පිනියක බවට පරිවර්ථනය වූවා ය. ඇය අනර්ඝ කෑම පිළියෙල කළ අතර අප ඒවා ගිල දමන විට මුව පුරා සිහන සුනා ය.

ලෝලාගේ නිදින කාමරය පසුුකර යන මා ඇය පිලිපීන ජනගී කැසටයකට සවන් දෙනු මා බොහෝ විට අසා තිබුණි. එකම පටිය නැවත නැවත. ඇය ඇයගේ සියළුම මුදල් රටෙහි සිටි ඥතීන්ට යවන බව මම දැන සිටියෙමි. මගේ බිරිඳ සතිපතා ඇයට ඩොලර් 200 බැගින් දෙමින් සිටියා ය. එක් හවසක ඇය පසුපස ආලින්දයට වී කවරකු හෝ විසින් එවන ලද ඇයගේ ගමේ ජායාරූපයක් දෙස නෙත් අයා සිටිනු මම දුටුවෙමි.

‘ලෝලා ඔබට ගෙදර යන්න ඕනෙද?’

ඇය ජායාරූපය අනෙක් පස හරවා එහි ලියා තිබූ වැකිය හරහා ඇයගේ ඇඟිළි ගෙනිච්චා ය.  යළි එය හරවාගෙන එහි සෑම දෙයක්ම බලන්නට වූවා ය.

‘ ඔව් ‘ ඇය කීවා ය.

ඇයගේ 83වන උපන්දිනය පසුවූ වහාම වාගේ මම ඇයට ගෙදර යෑමට ගුවන් ටිකට්පතකට ගෙවීමි. ඇයට යළි පැමිනීමට අවශ්‍ය නම් මසකට පසු ඇයව කැඳවාගෙන ඒමට මා යෑමට නියමිත විය. සංචාරයේ වචනයෙන් නොකී අරමුණ වූයේ ඒසා වසර ගණනාවක් ඇය යෑමට කැමැත්තෙන් සිටි ස්ථානය තවමත් ඇයට ගෙදර මෙන් හැගෙනු ඇත්දැ යි බලා ගැනීමට ය.

ඇය ඇයගේ ම පිළිතුර සොයා ගත්තා ය.

‘ කිසිම දෙයක් එදා විදිහට නැහැ.’ අප මයොන්ටොක් වට රවුමක් ඇවිද යමින් සිටිය දී ඇය කීවා ය. පරණ ගොවිපල නැතිව ගොසිනි. ඇයගේ මාපියන් සහ සහෝදර සහෝදරියන් බොහොමයක්ද නික්ම ගොසිනි. ගගගගගගගගගග ආපහු හැම දෙයක් ම දැකපු එක අපූරුයි. නමුත් හැම දෙයක්ම වෙනස් වෙලා. සිය ජීවිතයේ අවසන් අව්රුදු මෙහි ගත කිරීමට ඇයට කැමැත්තක් තිබුණි. නමුත් ඇය ඊට තවමත් සූදානම්ව සිටියේ නැත.

‘ ඔබ ඔබේ ගෙවත්තට ආපසු යන්න ලැහැස්ති යි’ මම කීමි.

‘ ඔව්, ගෙදර යමු’.

ඡායාරූපය: වම්පස: ඇයගේ 83වන උපන්දිනයට පස ලෝලා දිගු කලකට පිලිපීනයට ගියා ය. දකුණු පස: වසර 65කට පසු ලෝලා ඇයගේ සොයුරිය වූ ජුලියානා හා එක්විය.

 

අප ළමා කාලයෙහි මට සහ මගේ සහෝදර සහෝදරියනට කැපවී සිටි අයුරින්ම ලෝලා මගේ දියණියන්ටද කැපව සිටියේ ය. පාසළින් පසු ඔවුන්ගේ කතාවලට සවන් දෙන ඇය අනතුරුව ඔවුනට කෑම සාදා දෙයි. මගේ බිරිඳ සහ විශේෂයෙන් ම මා මෙන් නොව ලෝලා පාසළේ සෑම උත්සවයක් ම සහ රඟ දැක්වීමක් ම රස වින්දා ය. ඇයට එවා ඇතිවුනේ ම නැත. ඉදිරියෙන්ම වාඩි වන ඇය වැඩසටහන් පත්‍රිකා මතක වස්තු වශයෙන් තබා ගත්තේය.

ලෝලා සතුටු කරවීම ඉතා පහසු විය. අප පවුලේ නිවාඩු ගමන්වලට ඇය ද රැගෙන ගියෙමු. කන්ද පාමුල තිබූ ගොවියන්ගේ වෙළද පොළට යෑමට ඇය මහත් සතුටක් දැක්වූවා ය. අප ගම්මාන කරා සංචාරයන් හි ගිය කළ ඇය ඇස් ලොකු කරගත් දරුවකු බවට පත් විය. ‘අර සුකීනි දිහා බලන්න ‘ යැ යි ඇය කෑ මොරගායි. සෑම උදෑසනක ම ඇය කළ ප්‍රධන දෙය වූයේ සියලු ජනෙල් ආවරන  හැර දැමීම ය. ඒ හැම ජනේලයක්  ලගම නැවැතී ඇය පිටත බැලුවා ය.

ඇය ස්වෝත්සාහයෙන් කියැවීමට ඉගෙන ගත්තා ය. එය විශ්මයජනක විය. කාලය සමඟ ඇය හෝ අකුරු ශබ්ද නැගීමට ඉගෙන ගෙන තිබුණි. අකුරුවලින් වචන හැදීමේ ප්‍රෙහෙළිකා ඇය පිරවූවා ය. ඇයගේ කාමරයෙහි  වචන ප්‍රෙහෙළිකා පොත් තට්ටු ගැසී තිබුණි. ඒවයෙහි දහස් ගණන් වචන පැන්සල්වලින් රවුම් කර තිබුණි. තමන් ඉගෙනගත් වචන හදුණා ගැනීම පිනිස සෑම දිනක ම ප්‍රවෘත්තිවලට සවන්දුන්නා ය.  ඇය එම වචන පුවත්පත් හි කොටු කර තේරුම සොයා ගත්තා ය. අන්තිමේදී ඇය පුවත්පත මුුල සිට අගටම කියවන්නට වූවා ය. ඇය සරළ ගැහැණියකැයි කීමට මපියා පුරුදුව සිටියේ ය. වයස අව්රුදු අටෙහිදී කුඹුරු වැඩට නොගොස් ලිවීමටත් කියැවීමටත් ඉගෙන ගත්තේ නම් ඇය කවරකු බවට පත්වන්නට තිබුණේදැ යි මම විපිලිසර වූයෙමි

ඡායාරූපය: ලෝලා වසය 82 හිදී

ඇය අප නිවසේ ජීවත්වූ වසර 12 පුරාම මම, ඇයගේ ජීවිත කතාව ගොනු කරගනුවස් ඇයගෙන් ඇයගේ ජීවිතය පිළිබඳව විමසුවෙමි. මාගේ ඒ පුරුද්ද ලෝලාගේ කුතහලය දැනවීය. මගේ ප්‍රශ්නවලට ඇය මුලින්ම පිළිතුරු දුන්නේ ඇයි? කියා ය.  මට ඇයගේ ළමා කාලය ගැන දැන ගැනීමට අවශ්‍ය ඇයි? ඇය ලුතිනන් ටොම් හමුවූයේ කෙසේ ද?

ලෝලාගේ ප්‍රේම ජීවිතය දැන අසාගන්නට මම මගේ සොහායුරිය වූ ලින් යොදා ගැනීමට උත්සාහ ගතිමි. ඒ ලෝාලා ඇය සමඟ වඩා පහසුවෙන් කතාබහ කරනු ඇතැයි යන සිතුවිල්ලෙනි. ලින් හඬ නඟා සිනහසුනා ය. ඒ මා කරන්නේ මා කැමැති දේ පමණි යන්න කියන ඇයගේ ක්‍රමය විය. දිනක් ලෝලා සහ මා කඩයෙන් ගෙන ආ බඩු අස්පස් කරත්දී මම එකවරම ඇසුවෙමි: ‘ලෝලා ඔබ කවරදාක හරි පෙම් කරලා තියෙනව ද?’  සිනහසුනු ඇය  ඇය ආලයෙන් බැදෙන්නට සමීප වූ එකම අවස්ථාව ගැන කීවා ය. ඇයට වයස 15ක් වූ අවධියෙහි අසළ ගොවිපළක පෙද්රෝ නම් කඩවසම් තරුණයකු විය.  මාස ගණනාවක් ම දෙදෙනා එක පෙළට අස්වැන්න නෙළා ගැනීමේ නියුතු විය. එක් වරක් ඇයගේ දෑකැත්ත බිම වැටුණි. ඔහු එය අහුලා ඇය අතට දුන්නා ය. ‘මම ඔහුට කැමැත්තෙන් හිටියේ’ ලෝලා කීවා ය.

නිහඩතාවයකි.

‘ඊට පස්සේ’

‘ ඊට පස්සේ ඔහු වෙන කොහේහරි ගියා’

‘ඊට පස්සේ’

‘එච්චරයි’

‘ ලෝලා ඔබ කවදා හරි සෙක්ස් කරලා තියෙනව ද?’ මා අසනු මටම ඇසුනි.

‘නැහැ’ ඇය කීවා ය.

පුද්ගලික ප්‍රශ්ණ වලට පිළිතුරුදීමට ඇයට නුහුරු විය. ‘කතුලොන්ග් ලැන්ග් අකෝ’ යැයි ඇය කියයි. ඉන් කියැවෙන්නේ මා වැඩකාරියක් පමණයි කියා ය. බොහෝ විට ඇය දුන්නේ වචනයේ දෙකේ උත්තර ය. එමගින් සරළ කතාවක් වුව ප්‍රශ්ණ විස්සක ක්‍රීඩාවක් බවට පත්විය. සමහර විට ඒ සඳහා දින සහ සති ගණන් ගතවුණි.

මා තේරුම්ගත් කරුණු සමහරක් මෙසේ ය: ක්‍රෑර ලෙස සැළකීම සම්බන්ධයෙන් ඇය, මගේ මව සමඟ සිටියේ තරහිනි. එසේ වෙතත් ඇයට මව නැති සංකාවක් තිබුණි. ඇය පිරිමියකු සමඟ ජීවත්වීමට සිහින මැවූ කාලයක් තිබුණි. මා එය දුටුවේ ඇය රැයෙහි විශාල කොට්ටක් බදාගෙන නිදනු දැකීමෙනි. නමුත් ඇය ඇයගේ වයස්ගත කළ  මට කීවේ මගේ මවගේ පිරිමින් සමඟ නිවසෙහි ජීවත් වූ කාලයෙහි තනිකඩ ජීවිතය වරදක් නැතැයි ඇය සිතූ බව ය. එම පිරිමින් දෙදෙනා ගැන ඇයට කිසිම සංකාවක් තිබුණේ නැත. ඇය මයොන්ටොක්හි ම සිටියේ නම් ඇයගේ ජීවිතය වඩා යහපත් වන්නට තිබුණි. විවාහ වී ඇයගේ සහෝදර සහෝදරියන් මෙන්ම දරුමල්ලන් ලබන්නට තිබුණි. සමහර විට තත්වය වඩා නරක් වන්නටත් තිබුණි. ඇයගේ බාල සහෝදරියන් දෙදෙනා වූ ප්‍රැන්සිස්කා සහ සෙප්රීනා ලෙඩ වී මියගොස් තිබුණි. සහෝදරයකු වූ කැලැඩියෝ මරා දමන ලදී.  ‘ඕවා ගැන දැන් හිතලා ඇති පලේ මොකක් ද?’ කියා ඇය ඇසුවේ ය . ඇයගේ දැක්ම වූයේ බහලා නා යනු ය. එනම් එන විදිහට යනු ය.  අැය හමුවට පැමිණ තිබුණේ තවත් පවුලකි. එ පවුලෙහි දරුවන් අට දෙනෙකු වූහ. මගේ මව, ඇයගේ දරුවන් හතර දෙනා සහ මම සහ මගේ දරුවන් දෙදෙනාය. අප අට දෙනා විසින් ඇය ජීවිත්වීම වටිනා එකක් බවට පත් කළේයැයි ඇය කීවා ය.

ඇය හදිසියේ ම මිය යනු දැකීමට අප කිසිවකු සූදිනම්ව සිටියේ නැත.

දරුවකුට වඩා ලොකු නොවූ මේ දුඹුරු ගැහැණියට උඩින් ඇය දෙස බලා සිටි වෛද්‍යවරුන් ඇය ගෙවූ ජීවිතය ගැන හංකාවිසියක්වත් නොදන්නා බව සිතමින් මා ඔවුන් දෙස බලා සිටි බව මට මතක ය.

ඇයගේ හදවත් අමාරුව ඇතිවූයේ මුලුතැන්ගෙයි රාත්‍රී ආහාරය සකස්කරමින් සිටිය දී ය. මා  ඇයට යමක් ගෙනෙන්ට ගොස් සිටියෙමි.  මා පැමිණෙන විට ඇයගේ තත්වය උග්‍රවී තිබුණි. පැය කිහිපයකට පසු සිදුවන්නේ කුමක්දැ යි මා තේරුම් ගන්නටත් පෙරම ඇය නික්ම ගොස් තිබුණි. ඒ පස්වරු 10.56ටය.  ඇය මිය ගොස් තිබුණේ මගේ මව මිය ගිය නොවැම්බර් 07දිනක ම බව සෑම දරුවෙක් ම සහ මුණුපුරෙක්ම වටහා ගත් නමුත් එය කෙසේ තේරුම්ගන්න දැ යි දැන සිටියේ නැත.  ඒ මව මියගොස් වසර 12කට පසු ය.

ලෝලා වසර 86ක් ජීවත් විය. මට ඇය තවමත් මවා ගත් හැකිය.  අප බොහෝ දෙනෙකු දුවවන ආත්මාර්ථකාමී අරමුණු කිසිවක් ඇයට වූයේ නැත. ඇය වටා වූ අය වෙනුවෙන් සියල්ල අතහැරීමට ඇය තුළ වූ සූදානම විසින් ඇය අපගේ ආදරයද අත්‍යන්ත පක්ෂපාතීත්වය ද දිනා ගත්තේ ය. ඇය මගේ විස්තීර්ණ පවුලෙහි  පවිත්‍ර වරිතයක් බවට පත්ව තිබුණි.

සොල්දරයේ තිබූ ඇයගේ පෙට්ටි පරීක්ෂා කර බැලීමට මට මාස ගණනාවක් ගතවිය. 1970 ගණන් හි සඟරාවලින් කපා ඇය කියැවීමට ඉගෙනගත් දාක තේරුම්ගනු පිනිස ඇය කපා ගෙන තිබූ ආහාර වට්ටෝරු මට හමුවිය. අම්මාගේ ජායාරූප සහිත ඇල්බමයන්.  මා සහ මාගේ සහෝදර සහෝදරියන් පහළ පංතිවලදී ලද ත්‍යාග. ඉන් බෙහොමයක් අප විසින් විසිකරනු ලදුව ඇය විසින් ආරක්ෂා කර තිබුණි. මා කළකට පෙර ලියූ, කහ පැහැ ගැනුණු පුවත්පත්  ලිපි එක් පෙට්ටියක පතුලේ තිබූ හමු වූ දිනයෙහි මා විශ්මිත වූවෙමි.  මට ඒ ලිපි සහමුලින්ම අමතකව ගොස් තිබූණි. එකළ ඇය කියැවීමට නොදැන සිටි නමුත් ඒවා තබාගෙන තිබුණි.

ඡායාරූපය: ලෝලා කුඩා කළ විසූ නිවෙස තිබූ තැන

ඩුඩ්ගේ කැබ් රථය ගෙවල් පොකුරක් මැද වූ කුඩා ක්‍රොන්ක්‍රීට් නිවෙසක් ඉදිරියට පැමිණියේ ය. එම ගෙවල් බොහොමයක් තනා තිබුණේ උණබට සහ ලැලී පතුරු වලිනි. නිවෙස් පොකුර වටා අවසානයක් නැති කුඹුරු ද, හරිත වර්ණය ද විය මා කැබ් රථයෙන් බහින්නටත් පෙරම මිනිස්සු එය වට කරගන්නට වූහ.

ඩූඩ්ස් සිය ආසනය දිගු කර ගත්තේ කෙටි නින්දකට ය. මම මාගේ ටටෝ බැගය උරහිසෙහි ලා ගෙන හුස්මක් ඉහළට ඇද දොර හැරියෙමි.

මේ පාරෙන් යැ යි සුමුදු හඬක් කීය. කෙටි අඩි පාරකින් මා කොන්ක්‍රීට් නිවෙස වෙත කැඳවාගෙන යන ලදී. මා පසුපසින් විසි දෙනෙකු පමණ වැඩිමහල් සහ තරුණ පිරිසක් පැමිණියහ. බහුතරය වැඩි මහලු අය විය. අප සියලු දෙනා නිවෙස ඇතුළට ගිය පසු ඔවුහු, කාමරය මැද හිස් පුටුවක් මට තබා, බිත්ති දිගට තබා තිබූ ප්‍ුටු සහ බංකුවල වාඩි වූහ. මම මාගේ පිළිගැනීමට පැමිණෙන්නා අපේක්ෂාවෙන් සිටගෙන සිටියෙමි. එය කුඩා අඳුරු කාමරයක් විය. මිනිස්සු මා දෙස යමක් බලාපොරොත්තුවෙන් මෙන් බැලූහ.

‘ ලෝලා කොහි ද?” ඒ හඬ ආවේ වෙනත් කාමරයෙනි. ඊළඟ මොහෙතෙහි  ගෙදර ඇදුමින් ම සැරසි මැදි වයසේ ස්ත්‍රියක් සිනහවකින් මා පිළිගත්තා ය. ඒ එබීයා ය. ලෝලාගේ ලේලියයි. මේ ඇයගේ නිවස ය. ඇය මා ඉඹ යළි කීවා ය. ‘ ලෝලා කෝ “

ඡායාරූපය: මිහිදන් වූ තැන

මම ටොටේ මල්ල මගේ උරහිසින් පන්නා ඇයට බාර දුන්නෙමි. ඇය සිනහවෙමින් ම මගේ මුහුණ දෙස බලා මුදුව මල්ල අතට ගෙන ලී බංකුව අසඝට ගොස් වාඩි වූවා ය.  ඇය මල්ලට එබී මංජුසාව ගෙන එහි සෑම පැත්තක්ම බැලුවා ය. ‘ ලෝලා කෝ ඇය මුදුව කීවා ය. මේ පැතිවල ජනයා බොහෝ විට සිය ආදරණීයයන් අදාහනය කරන්නේ නැත. කුමක් බලාපොරෙත්තු විය හැකි දැ යි ඇය  දැන සිටියේ යැ යි මම නොසිතමි. ඇය මංජුසාව සිය උකුල මත තබා නැවී ඇයගේ හිස ඒ මත තැබුවා ය. ඇය සතුටින් සිනහසෙන්නේ යැ යි මා මුලින් සිතූ නමුත් ඇය හඬනා බව මට ක්ෂණයකින් වැටහිණ. ඇයගේ දෙඋර ගැස්සෙන්නට වී ඇය ලතොනි තියන්නට වූවා ය.  ඒ වනාහී ගැඹුරු වේදනාත්මක, සතකුගේ ලතෝනියක් වැන්න. වරක් මා ඒ හඩ ලෝලාගෙන් ද අසා තිබුණෙමි.

මෙහි කවරකු හෝ ලෝලා ගැන එතරම් තැකීමක් නොකරනු ඇතැයි යන සිතිවිල්ල නිසා මම ලෝලාගේ අළු බාර දීමට පැමිනීමට ඉක්මන් නොවීමි. මෙවැනි වේදනාවක් මා අපේක්ෂා කළේ නැත. මා එබීයා සැනසීමට පෙර මුළුතැන්ගෙයි සිට පැමිණී ස්ත්‍රියක් ඇගේ දෑතින් ම ඇය වැළඳ ගත්තා ය.  අනතුරුව ඇය ද ලතොනි තියන්නට වූවා ය. ඊළඟට මා දුටුවේ කාමරයම හඩින් පුපුරා යන හැටිය. වයසක මිනිස්සු, අන්ධ අයෙක් ද, දතක් හෝ නැති කිහප දෙනෙකු ම ද ඇතුළුව, කිසිදු පාලනයකින් තොරව හඬන්නට පටන් ගත්හ. අඩුම වශයෙන් විනාඩි 10ක් හැඬුම පැවතුණි.  මගේ මුහුණ හරහා කඳුළු ගලා අවේ මට නොදැනුවත්ව ම ය. ඉකු බිඳුම් නතර විය. යළි නිහඬතාවය ඇති විය.

ඔබීයා අවට ඉව කර කෑමට වේලාව යැ යි කීවා ය. සැවොම මුලුතැන්ගෙය කරා පේලි සැදුණි. ඉදිමුණූ දෑසින් නමුත් සැහැල්ලුවෙන් දොඩමළු වීමට සූදානම්ව ය. මම බංකුව උඩ තිබූ හිස් ටෙටේ මල්ල දෙස බැලුවෙමි. ඇය ඉපදුණූ මෙතැනට ම ලෝලා රැගෙන ඒම හරි දෙය බව මට වැටහී ගියේ ය.

අවසානයි.

පළමු කොටස

දෙවන කොටස

තෙවන ‌ ‌කොටස

සිවිවන ‌කොටස

 

Back to Top