Sri Lanka Brief
නිර්මාණපුවත්ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (4)

ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ (4)

by

ඇලෙක්ස් ටීසොන් Alex Tizon  විසිනි. පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය.

(නව යොවුන් වියේ සිට මහළු විය තෙක්ම ගෘහස්ත මෙහෙකාර සේවය පිනිස වහලියක් සේ තබා ගන්නා ලද පිලිපින ජාතික ස්ත්‍රියක සහ ඇගේ ජිවිතය පිළිබද මෙම සත්‍ය රචනාවෙහි කතෘ ඇමෙරිකානු – පිලිපීන ජාතික ඇලෙක්ස් ටීසොන් ය‍.  පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍ය වේදියකු වූ ඔහු Big Little Man: In Search of My Asian Self හි කර්තෘ ද වූ ඔහු 2017 මාර්තුවෙහිදී මිය ගියේය. මෙම දීර්ඝ ලිපිය මුල් වරට පළ වූයේ The Atlantic සඟරාවේ 2017 පූනි කලාපයේ ය. එය පළවීමටපෙර එම මාර්තු මාසයේ දී ඇලෙක්ස් ටයිසන් මිය ගියේ ය.)

ඇයට ඇමෙරිකාවෙහි දන්නා කියන කිසිවකු නොසිටි අතර යෑම් ඊම් සඳහා ක්‍රමයක් ද නොවී ය‍. දුරකථන ඇයට ප්‍රහෙලිකිවක් බඳු විය. යාන්ත්‍රික දේ එනම් මුදල් අයකැමි යන්ත්‍ර, මුදල් දා දේවල්ලබා ගත හැකි යන්ත්‍ර, යතුරු පුවරුවක් සහිත ඕනෑම දෙයක් විසින් ඇය වියවුලට පත් කළේ ය. ඉක්මනට කතා කාරන මිනිසුන් හමූයේ ඇය ගොළු විය. එමෙන්ම ඇයගේ කැඩුණු ඉංග්‍රිසි පෙරළා ඒ තත්වය අනුන්ට ඇති කළේ ය. ඇයට හමුවීමේ වෙලාවන් කතා කර ගැනීමට, ගමනක් සංවිදානය කර ගැනීමට, පොරමයක් පිරවීමට හෝ කැමක්  ඇණවුම් කිරිමට අන අයකුගේ උදව් නැතිව නොහැකි විය‍.

මගේ බැංකු ගිනුමෙන් මම ලෝලාට මුදල් ගත හැකි කාඩ් එකක් ලබා දුන්නෙමි. ඇය එක් වරක් පමණක් මුදල් ලබා ගැනීමට සමත් විය‍. දෙවැනි අවස්ථාවෙහිදී ඇය බියට පත් විය. අනතුරුව කිසිදාක ඇය එම කාඩ්පතින් මැදල් ගැනීමට උත්සාහ කළේ නැත.එය මගෙන් ඇයට ලද ත්‍යාගයක් ලෙස සළකා ඇය එය ඇය ළග තබා ගත්තේ ය.

ඇයට වාහන පැදවීමට උගැන්වීමට ද මම උත්සාහ කළෙමිි. අතින් සංඥා කරමින් ඇය එය ප්‍රතික්ෂේප කළා ය. නමුත් ඇය උස්සාගෙන ගොස් ඇය කාරයේ රියදුරු අසුණේ තැබුවෙමි. අප දෙදනාම මහ හඩින් සිනහ ගියේ ය. මම විනාඩි 20ක් තරම් වාහනය පාලනය කරගන්නා අන්දමත් ගියර් දමන අන්දමත් පැහැදිළි කළෙමි. ඇයගේ ඇස් මිත්‍යාමය දැක්මක සිට බියජනක දැක්මක් කරා මාරු වුනාය. මා කාරය පණ ගන්වා යතුරු පුවරුව දල්වන විට ඇය කාරයෙන් පලා ගොස් නිවෙස තුලට දිව ගියේ ය. මට වචනයක්වත් කීමට වෙලාවක් තිබුණේ නැත.මම තවත් අවස්ථා ගණනාවකදීම ඒ උත්සාහය දැරුවෙමි.

වාහන පැදවිම විසින් ඇයගේ ජිවිතය වෙනස් කරනු ඇතැයි මම සිතුවෙමි. ඇයට එවිට කැමැති තැනක යා හැක. එමෙන්ම මව සමඟ ජීවත්වීම බැරිම තැනට පත්වුවහොත් ඇයට ආපසු නොඑන්නම එලවාගෙන යා හැකි ය.

මං තීරු හතර දෙකක් බවට පත් වුයේ පදික මංතීරු බොරළු වලට මාරු වෙමිනි. ත්‍රි රෝද රථ රියදුරන් කාර් මැදින් ඇදී ගියේ උණබම්බු තොග පිටින් ඇදගෙන යන මීහරක්ද අතරිනි්‍ ඩූඩ්ස් වේගය බාල කළේම නැත. පලාතේ මාවත් නීතිය වුනේ යන්න බැරිනම් හිටින්න යන්නයි.

මම සිතියමක් ගෙන මයොන්තොක් ගමට යන පාර සෙවූයෙමි. එ අපේ ගමනනාන්තය යි. වාහනයේ ජනෙල් පියන මැදින් ඈත කුඩාවට පෙනෙන මිනිස්සු නැවුණු ඇණ මෙන් ඉණටියෙන් නැවී පෙනුණි. ජනයා වී වසර දහස් ගණනාවක් කළාක් මෙන්ම අස්වනු නෙළමින් සිටියෝ ය. අප ළගා වෙමින් සිටියෙමු.

මම ලාභ ප්ලාස්ටික් පෙට්ටියට තට්ටු කළෙමි. පොසිලේන් හෝ රොස් දැවයෙන් තැනූ සැබෑ අළු බඳුනක් මිලදී නොගැනීම ගැන මට කණගාටුවක් ඇති විය.  ලෝලාගේ කට්ටිය මොනවා සිතනු ඇත්ද‍? ඉතිරිව ඇත්තේ කිහිප දෙනෙක් පමණි. මෙම පෙදෙසෙහි ජීවත් වන්නේ ඇයගේ සහෝදර සහෝදරියන්ගෙන් එක් අයතු පමණි. ග්‍රෙගොරියා නම් ඇයට වසය 98ක් වූ අතර ඇයගේ මතකය දුරුවල වෙමින් යන්නේ යැයි මට දැන ගන්නට ලැබී තිබුණි. ලෝලාගේ නම ඇසුණු සෑම විටම ඇය හඬා වැටෙන බවත්  එනමුත් වහාම ඒ ඇයිදැයි අමතක වන බවත් ඇගේ ඥාතීහු මට කියා තිබුණි.

වම් පස: ලෝලා සහ කතෘ 2008දී. දකුණූ පස:කතෘ ලෝලාගේ සහෝදරිය වන ග්‍රෙගෝරියා සමග.

මම ලෝලාගේ එක් ලේලියක සමඟ සබඳතා පවත්වා ගත්තෙමි. ඇය එදා දවස සැළසම් කර තිබුණි. මා පැමිණි විට එතරම් ප්‍රසිද්ධියක් නැති අනුස්මරණයක් සහ යාඥා මෙහෙයකි. ඉන අනතුරැව අැයගේ අලු බදුන මයොන්තොක් සදාකාලික ස්වර්ගයේ උයන මත හෙළීම ය. මේ වන විට ලෝලා මිය ගොස් පස වසරක් ඉක්ම ගොස් තිබුණි. එනමුත් මා එතෙකුදුත් අවසාන සමුදීම කර තිබුණේ නැත. එය සිවන්නට කියමි බව මම දැන සිටියෙමි. දවස පුරාම මා සිිටියේ මහත් වේදනාවක් අත්විඳිමින් එය පිටාර ගැලීම නතර කිර ගැනීමට තැත් දරමිනි. ඩූඩ්සි ඉදිරිපිට හඩ වැටීමට මා අකැමැති වූ නිසා ය. මගේ වේදානාව මගේ පවුල ලෝලාට සැළකූ අන්දම නිසා ඇතිව තිබූ ලැජ්ජාව ද මයොන්තොක් හි ඇයගේ ඥතීන් මට කෙසේ සළකනු ඇත්දැයි තිබූ අවිනිශ්චිත බවදඅභිබවා ගියේ ය. ඇය නැතිව යාමේ මහත් බර මට දැනුණෞ හරියට ඇය මිය ගියේ පෙරදා මෙන් ය.

ඩූඩ්ස් රොමුලෝ අධිවේගි මාර්ගයේ වයඹ දෙසට හැරුණි. අනතුරව කැමිලින්ග් හි දි වමට තියුණූ වංගුවක් ගත්තේ ය. මගේ මව ද ලුතිනන ටොම් ද පැමිණියේ කැමිලින්ග් නගරයෙනි. මං තීරු දෙක එකක් බවට පත් වී බොරලු මැටි පාරක් බවට පත් විය. පාර ඇදුණේ කැමිලින්ග් ගග දිගට ය. එක් පසෙක උණබට ගෙවෙල් පොකුරු ය. ඉදිරියට හරිතවන් කදු වරයයි. මේ වනාහීී නිවෙසට පිහිටි පෙදෙසය.

අම්මාගේ අවසන් කෘත්‍යයෙහිදී මම කතාවක් කළෙමි. මා කීවේ ඇත්ත පමණි. ඇය නිර්භය සහ ජීවගුණයෙන් පිරිපුන් වූවාය.    ඇය  සතුටින්සිටින විට දිලිසුනාය. ඇයඇයගේ දරුවන්ට මහත් ආදරයක් දැක්වූවාය. සළාම්හිදීත් ඔරෙගන් හිදීත් ඇය අපට සැබෑ නිවෙසක් ලබා දුන්නාය. 80 ගණන් සහ 90 ගණන් පුරා ඹරගන් අපේ ස්ථිර වාසස්ථානය බවට පත්විය. එයට පෙර පෙර අපට නිත්‍ය වාසස්ථානයක් නොතිබුණි. ඒ නිසාද ඇයට නැවත වතාවක් ස්තුති කළ හැකිව තිබුණේ යැයි මා පැතුවෙමි. අප සැවෙම ඇයට ආදරය කළෙමු.

මම ලෝලා ගැන කිසිවක් නොකීමි. හරියට  මගේ මව සමඟ මා ගත කළ ඇයගේ අවසන් වසර කිහිපයන්හි ලෝලා මගේ සිතෙන් දැනුවත්වම ඉවත් කර තිබූ පරිදිය. මගේ මවට ආදරය කිරීම පිනිස එවැනි ශල්‍යකර්මයක් අවශ්‍ය විය. වෙසෙසින්ම ඇයගේ සෞඛ්‍ය පිරිහෙන්නට පටන් ගත් 90 ගණන්හි සිට මට ඕනැ වූ පරිදි මවක සහ පුතකු ලෙස සිටීමට හැකි වූයේ එමගින් පමණි.  දියවැඩියාව. පියවුරු පිළිකාව.  රැධිරයෙහි සහ ඇට මිදුළුවල වේගෙයෙන් වැඩෙන පිළිකාවක් වූ ලියුකේමියාව.ජව සම්පන්න බවක සිට එක් රුයකින් ඇය වැහැරී ගියා වැනි විය.

ලොකු ආරවුලින් පසු නිවෙසට යෑම සහමුලින්ම වාගේ නවතා දැමූ මා වසය 23 දී සියැටැල්හි පදිංචියට ගියෙමි. මා යළි ඇය දකින්නට ගිය විට වෙනසක් ඇතිව තිබෙනු දුටුවෙමි. අම්මා තවම අම්මාම වූ නමුත් ඇයගේ අනුකම්පා විරහිත බව නැතිව ගොස් තිබුණි. ඇය ලෝලාට අපූරු දත් කූට්ටමක් ගෙන දී තිබුණි. එමෙන්ම ඇයට ඇයගේ ම කාමරයක්ද විය. මා සහ මගේ සහෝදර සහෝදරියන් ලෝලාගේ ටීඑන්ටී තත්වය වෙනස් කරන්නට මුලපිරූ විට ඇය සහයෝගය දුන්නා ය. රොනල්ඩ් රීගන්ගේ 1996 තීරණාත්මක ආගමන පනත මිලියන ගණනාවක් වූ නිත්‍යානූකූල තත්වය නැති සක්‍රමණිකයන්ට සමාව ලබා දුන්නේ ය. එය දිගු ක්‍රියාදාමයක් විය. කෙසේ වෙතත් 1998 දී, එනම් අම්මාට ලියුකේමියාව ඇති බව දැන ගෙන මාස නවයකට පසු, ලෝලාට පුරවැසිභාවය ලැබුණි. අම්මා තව අව්රුදක් ජීවත් විය.

එම කාලයේදී ඉවාන් සහ ඇය ලින්ක්ලොන් නගරය කරා සංචාරයේ ගියෝ ය. සමහර අවස්ථාවල දී ඔව්හු ලෝලා ද කැටිව ගියහ. ලෝලා මුහුදට ආදරය කළේ ය. ඒ මුහුදට අනෙක් පැත්තේ වූයේ ඇය ආපසු යාමට අපේක්ෂා කළ දූපත් සඹුහය යි.

අම්මා ඇය අසළ දැවැටී සැහැල්ලුවෙන් සිටින විට තරම් ලෝලා සතුටු වූ අවස්ථාවක් නොතිබුණි. වෙරළෙහි ගතකළ සවස්වරුවක දී හෝ අතීත දවස් සිහිගන්වමින් මුලුතැන්ගෙයි කෙටි වේලාවක් ගත කරත් දී හෝ ලෝලා වසර ගණනාවක් පෙළෙන කටුක වේදනාව අමතක කළ සෙයක් පෙනෙන්ට තිබුණි.

පූජකවරයා ඇයට සමාව ලැබා ගත යුතු කුමක් හෝ ඇති දැ යි අම්මාගෙන් අසුවේය. ඇය ලෝලා සොයා ගෙන ඇයගේ අත සිය හිස මත තැබුවාය. ඇය වෙන වචනයකුදු කීවේ නැත.

මට ඒ තරම් ලෙහෙසියෙන් අමතක කළ නොහැක. නමුත් මම වෙනත් කෝණයකින් අම්මා දකින්නට පටන් ගත්තෙමි. මිය යාමට පෙර ඇය මට, ට්‍රන්ක පෙට්ටි දෙකක් පුරා තිබූ ඇයගේ දිනපොත් බාර දුන්නා ය. නිදා සිටි ඇයට අඩි කිහිපයක් නුදුරින් සිට ඒ දිනපොත් සිසාරා බලන මට වසර ගණනාවක් පුරා මා දකින්නට ප්‍රතික්ෂේප කළ ඇයගේ ජීවිතයේ වෙනත් පැතිකඩක් දක්නට ලැබුණි. ඇය වෛද්‍ය විද්‍යාලයට ගොස් තිබුණේ බොහෝ කාන්තාවන් එහි නොගිය කලක ය. ඇමෙරිකාවට පැමිණි ඇය ස්ත්‍රියක සහ සංක්‍රමණික වෛද්‍යවරියක ලෙස ගරුත්වය දිනා ගැනීමට සටන් කර තිබුණි. ඇය දශක දෙකක් සලෙම්හි ෆෙයා විව් පුහුණු මධ්‍යස්ථානයෙහි සේවය කර තිබුණි. එය අබාධිත බව උග්‍ර පුද්ගලයින් සඳහා වූ ආයතනයක් විය අරුමය වුයේ එහිදී ඇය ඇයගේ වෘත්තීයමය  ජීවිතය  පහළ මට්ටමකට දමා තිබීම යි.  ඔව්හු ඇයට ආදරය කළහ. ගැහැණු වෘත්තීය සගයින් ඇයගේ සමීප මිතුරියන් බවට පත් විය. ඔව්හු එක්ව බොළඳ දේ ද කළහ. ඉල කැඩෙන තුරු සිනහ සෙමින්, පාවහන් මිලදී ගැනීම්, එකිනෙකාගේ නිවෙස්හි ඇදුම් විලාසිතා සාද, පුරුෂ ලිංගය වැනි සබන් සහ අඩ නිරුවත් පිරිමින්ගේ දින දර්ශන වැනි විහිළු තෑගි හුවමාරු කර ගත්හ. ඔවුන්ගේ සාද ජායාරූප බලන මට පවුලෙන් සහ ලෝලාගෙන් බැහැර අනන්‍යතාවයක් අම්මාට තිබූ බව මතකයට නැංවිණි. සත්තකින් ම.

අම්මා ඇයගේ සෑම දරුවකු ගැන  ම දීර්ඝ විස්තර ද යම් යම් දවස්වල ඇයට අප ගැන සිතුණු සැටිත්  ලියූවා ය. සාඩම්බරයෙන්. ආදරයෙන්. නැත්නම් කේන්තියෙන්. එමෙන්ම ඇය ඇයගේ පුරුෂයින් ගැන, ඇයගේ කතාවෙහි එන සංකීර්ණ චරිත ලෙස ඔවුන් ග්‍රහණය කර ගැනීමට වෙර දරමින්, වෙළුම් ගණන් ලියූවා ය.  ලෝලා ගැන අතරින්පතර පමණය. ඇය ගැන සඳහන් කරන ලද්දේ නම් ඒ අන් අයකුගේ කතාවක චරිතයක් ලෙස පමණි. ‘ ලෝලා මගේ ආදර ඇලෙක්ස්ව අද අලුත් පාසළට එක් කරගෙන ගියා. ඔහු ඉක්මණින් ම අලුත් යාලුවන් ඇතිකර ගනීවි යැයි මං බලාපෙරොත්තු වෙනවා. එතකොට ආපහු මාරුවෙලා ආපු එක ගැන ඔහු එතරම් දුක්වෙන එකක් නැහැ….’ මා ගැන තවත් පිටු දෙකක පමණ ලියා තිබුණත් ලෝලා ගැන සඳහනක් නොතිබුණි.

අම්මා මිය යාමට දිනකට පෙර  කතෝලික පුජකයකු අවසන් ආගමික වතාවත් කරනු පිනිස නිවසට පැමිණියේය.  ලෝලා උරා බොන බටයක් දැමූ කොප්පයක් ඇතැතිව අම්මාගේ ඇඳ අසළට වී සිටියේ එය අම්මාගේ මුවට ලං කිරීමට සුදානමිනි. ඇය අම්මා කෙරෙහි විශේෂ අවධානයක් ද අතිවිශේෂ කරුණාවක්ද වර්ධනය කරගෙන සිටියා ය. අම්මාගේ දුබල බව ප්‍රයෝජනයට ගෙන ඇයගෙන් පළිගැනීමට ඇයට අවස්ථාව තිබුණි. නමුත් ඇය කළේ ඊට ප්‍රතිවිරුද්ධය යි.

ලෝලා මා සමඟ ජීවත්වීමට එන විට ඇයට වයස 75ක් විය. විවාහ වූ මට දියණියන් දෙනෛකු සිටියේ ය. අපි තුරුලතාදියෙන් පිරි පරිසරයක සුවපහසු නිවෙසක ජීවත්වීමු. දෙවන මහලයේ සිට අපට Puget Sound දැකිය හැකි විය. ලෝලාට නිදන කාමරයක් දුන් අප ඇයට කැමති දෙයක් කරන්නට අවසර දුන්නෙමු. නිදන්නට. ටෙලි නාටක බලන්නට. දවස පුරාම කිසිවක් නොකරන්නට වුවුත්. ඇයගේ ජීවිතයේ ප්‍රථම වතාවට ඇයට සැහැල්ලුවෙන් නිදහස්ව ඉන්නට ලැබුණි. එය ඒ තරම්ම සරළ දෙයක් නොවන බව මා දැන සිටිය යුතුව තිබුණි.

මට තරමකට තරහ ගැස්ස  වූ ලෝලා කළ දෙවල් දැන් අමතක වී ගොස් ය‍.

හෙම්බිරිස්සාවක් නොහැදෙනු පිනිස සෑම විටම ස්වේටරයක් පළදින සේ ඇය සෑඹ විටම කියන්නට පුරුදුව සිටියා ය. ( මට ඒ වන විට වසය 40කි) මගේ පියා සහ ඉවාන් ගැන ඇය ඇය නිතර දෙවේලේ නොක්කාඩු කීවා ය. මගේ පියා කම්මැළියෙකි. ඉවාන් කූඩැල්ලේකි. ඇය කියවන විට නොසළකා හැරීමට මම උගත්තෙමි. ඉවසිය නොහැකිම දේ වූයේ ඇයගේ උන්මාදයක් වැනි  සැකසුරුවම්කම යි. ඇය කිසිම දෙයක් විසි කළේ නැත. අප කිසිවකු ප්‍රරයෝජනායට ගත හැකි කිසිවක් විසි කර නැති බව සහතික කර ගැනීමට ඇය කුණූ අවුස්සා බැලුවා ය. ඇය කඩදාසි අත පිස්න සෝදා ඒවා දියවි යන තුරුම යළි යළි පාවිච්චි කළා ය. මුළුතැන්ගෙය හිස් බඩු මළු, යෝගට් බදුන්  සහ අච්චාරු බෝතල් වලින් පිරි ගිය අතර නිවසේ සමහර කොටස් කුණූ – ඒවා හැදින්වීමට වෙන වචනයක් නැත- වලින් පිරුණූ ගබඩාකාමර බවට පත්විය.

අප හැම දොරින් එලියට දිව වන අතරවාරයේ කෙසෙල් ගෙඩියක් හෝ ග්‍රෙනොලා බාර් එකක් හැර කිසිවක් නොකැවද ඇය උදෑසන කෑම පිළියෙළ කළා ය. ඇය අපේ ඇඳන් පිලිවෙළ කොට අපේ ඇදුම් මැද්දා ය. ඇය නිවෙස පිරිසදු කළා ය. මුලදී මම කරුණාවෙන් ඇයට මෙසේ කීමි. ‘ ලෝලා ඔබ මෙය කරන්න අවශ්‍ය නැහැ’ ‘ ලෝලා අපම මේ වැඩ කරගන්නම්’ ‘ලෝලා ඔවා ගැණූ ළමයි කර ගනීවි’ . ඇය හරි හරි යැයිි කියා දිගටම ඒ දේ කරගෙන ගියා ය.

ඇය මුළුතැන්ගෙයට වී හිටගෙන කැම කන විට හෝ මා ඇතුළුවන විට ගැස්සී බිම ඇමැදීමට පපටන් ගැනීම ද මට ඉවසුම් දුන්නේ නැත.  මාස ගණනවකට පසු දිනක් මම ඇයට  අසා සිටින කියා වඩා කරවූවෙමි.

‘ මං තාත්තා නොවෙයි. ඔබ මෙහි වහලියක් ද නොවෙයි.’ මම කිවෙමි. අනතුරුව ඇය වහලියක සේ කරගෙන යන දිග ලැස්තුවක් කිවෙමි. ඇය තිගැස්මට පත්ව සිටින බව මට තේරුම් යත්ම දිග හුස්මක් ගෙන මම මා දෙස   පරීක්ෂාකාරිව බලා සිටි ඇගේ මුහුණ මගේ දෙඅතට ගත්තෙමි. මම ඇගේ නළල සිිම්බෙමි. ‘ දැන් මේක ඔබේ ගෙදර’ මම කීමී. ‘ඔබ මෙහි ඉන්නේ අපට සේවය කරන්න නොවෙයි. ඔබට විවේකයෙක් ඉන්න පුලුවන්. හරිද?’

පළමු කොටස

දෙවන කොටස

තෙවන ‌ ‌කොටස

Back to Top