Sunday, January 17, 2021

පිදුරංගල ඡායාරූප: පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ළමයින් රිමාන්ඩ් කරන කොන්ත්‍රාත්කරුවෙක් වෙලා

සමාජ ජාලාවල හුවමාරුවන පිදුරංගල අඩ නිරුවත් ඡායාරූප පොටෝ ෂෝප් කරලා.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් පැමිණිල්ල දාලා, චෝදනා ඉදිරිපත් කරලා, එයාම අධිකරණයට වාර්තා දෙන්නේ නැතිව, ළමයින් රිමාන්ඩ් කරන කොන්ත්‍රාත්කරුවෙක් වෙලා.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ගේ උපදෙස් පරිදි, ඔහුගේ කලාප බාර නිලධාරියා සිදුකළ පැමිණිල්ලට, සීගිරිය පොලීසිය පුරා විද්‍යා පනත යටතේ අධිකරණයට ‘බී වාර්තා‘ ගොනු කලාම, ඒ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේම වාර්තාව නැතිව ළමුන්ට ඇප ලබාගත නොහැකි වූ අරුම පුදුම නඩුවක් බවට ‘පිදුරංගල අඩ නිරුවත් ඡායාරූප නඩුව‘ පත්වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

පිදුරංගල සිද්ධීයේ දී සමාජ  ජාලා මගින් ප්‍ර‍චාරය වී ඇති සහ ජාතික ජනමාධ්‍ය මගින් ප්‍ර‍චාරය වී ඇති සියළුම ඡායාරූප පොටෝ ෂොප් මගින් සංස්කරණය කරනු ලැබූ ඡායාරූප යි.  චෝදනා එල්ල වී ඇති ළමයින් විසින් තමාගේ ම ෆෙස් බුක් පිටුවේ පළ කළ ඡායාරූපය, වෙනත් ස්ථාන දෙකක දී ලබාගත් ඡායාරූප දෙකක් එක් කර සකස් කර ගත්තක්. අනෙක් ඡායාරූපය කොස්ලන්ද දියළුම දී ලබාගත් ඡායාරූපයක්.  එකිනෙකට වෙනස් ඡායාරූප වැරදි අර්ථ කථන සහිතව සමාජ ජාලා මගින් පළ කර තරුණ ළමුන් පිරිසක් නිරපරාදේ ඔවුන් විසින් සිදු නොකළ වරදකට හසු කොට තිබෙනවා.

පුරා විද්‍යා පනත තියෙන්නේ පුරා විද්‍යා ස්ථාන රකින්න මිසක් ‘ඡායාරූප පළ කිරීම වලක්වන්නට නොවෙයි.  මේක හරි භයානක ඇප ලබාදිය නොහැකි පනතක්.  ඒ බව දැන දැනම මේ සිසුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙපිට ඇප ලබාගත නොහැකි කරුණු ඉදිරිපත් කිරීමක් අධිකරණයට සිදු කරනවා.

මේ නඩුව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උවමනාවට, ඔහුගේ ගෝලයෙක් පැමිණිලිකරලා, පොලීසිය අධිකරණයට කරුණු කියලා, ඒ අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන්ම වාර්තාවක් ඉල්ලලා, ඒ වාර්තාව ඒ අධ්‍යක්ෂ ජෙනරාල්ම අධිකරණයට දෙන්නේ නැතිව, ළමයි හිරේ දාපු සිද්ධියක්.  මීට වැඩිය හොදයි, සංස්කෘතික හමුදාවක් හදලා, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඒකේ හමුදාපති කරලා, එයාට පැමිණීලිදාලා, එයාම වාර්තා හදලා, එයාම නඩු දාලා, එයාටම දඩුවම් දෙන්න පුළුවන් නීතියක් හැදුවානම්.  පුරා විද්‍යා අඛ්‍යක්ෂ ජෙනරාල්ට  පිස්තෝලයකුත් එයාටම දුන්නා නම්, වටු කුරුල්ලන්ට වෙඩි තියනවා වගේ, එයාට හිතෙන හිතෙන මිනිස්සුන්ට ‘උපරිම දඩුවම, දැඩිම දඩුවම දෙන්නත් පුළුවන්.    

අද ලංකාව සංස්කෘතිය කාන්තාරයක් වෙලා.  පොටෝ ෂොප් පින්තූරයකට පුරා විද්‍යා පනත මගින් නඩු දාන මුලධර්මවාදී රටක් වෙලා.  වෙවැනි සංස්කෘතික ව්‍යවසනයක් හිට්ලර්, ස්ටාලිං, චීන සංස්කෘතික විප්ලවය සමයේ දී වත් සිදු වෙලා තියෙනවාදැයි සැකයි, යැයි ද, කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

සමාජ ජාලාවල පළ වූ බව දැක්වෙන ඡායාරූප 3 න් 2 ක්ම සිද්ධියට අදාළ නෑ.  ප්‍ර‍ශ්නගත ප්‍ර‍සිද්ධියට පත් කළ තෙවැනි ඡායාරූපය පිළිබද දත්ත අප ලබාගත්තා. ඒ අනුව, මෙම ඡායාරූප සංස්කරණය කළ දෑ බව පැහැදිලියි. 

‘‘වෛහාරික දත්ත අනුව 622 කි.බ. ක් වන  IMG_2058 සමාංකික, මුල් ඡායාරූපය හා IMG_ xxxx  ඡායාරූප යොදා ගනිමින් මෙම නිර්මාණය කර ඇති මෙම ඡායාරූපයේ ප්‍ර‍මාණය 2.15 මෙගා බයිට් වේ.   Adobe Photoshop Lightroom – Devlop මෘදුකාංගය ඒ සදහා යොදා ගෙන ඇත. ඇපල් අයි ෆොන් 5සී වර්ගයේ ජංගම දුරකතනයකින් මෙම ඡායාරූපය පොටෝ ෂොප් කිරීම සදහා අවශ පදනම් ඡායාරූපය ලබා ගෙන ඇත්තේ 2018.09.23  14.54.26 ට ය.  Brightness Value 9.77155   යටතේ මෙම ඡායාරූපය ලබාගෙන ඇත.   තවද, CRS, Photoshop DC, XMPMM, AUX, XMP දත්ත අනුව මෙම ඡායාරූපය ප්‍ර‍තිනිර්මාණයක් බව තහවුරු කර ගත හැකිය. 

දේශපාලනඥයින්ට රටේ ප්‍ර‍ශ්න අමතක කරන්න කාලයෙන් කාලයට උණු කැවුම් වගේ සිරස්තල මවනවා.  පිදුරංගල සිද්ධියත් එවැන්නක්. දැන් මේ සතියට රිය අනතුරක් සිදු වූ වෛද්‍යවරියගේ ‘යට ඇදුම් – ජංගි ප්‍ර‍ශ්නයක්‘ මතු කරලා දෙනවා.  සමාජ ජාලා සහ විටෙක ජාතික මධ්‍ය පවා මේ කුණු පස්සේ දුවනවා. එයින් සිදුවන්නේ මේ රටේ සැබෑ ප්‍ර‍ශ්න අමතක කිරීමක්. 

දේශපාලනඥයින්ගේ ලණු කාලා හිරේ විලංගුවේ වැටුණු අනුර සේනානායක, ලලිත් ජයසිංහ, නියෝමාල් රංගජීව, වගේ පොලිස් නිලධාරීන් බේරාගන්නට පස්සේ දේශපාලනඥයෝ ආවේ නෑ. අදටත් දේශපාලනඥයින් පස්සේ යන පොලිස් නිලධාරීන් ඒ බව අමතක නොකළ යුතුයි.  අද පොලිස් කොමිසම, කියන දේ පොලිස්පති අහන්නේ නෑ.  ඒක පාලනය කරන්න ව්‍යවස්ථා සභාවටත් බැරි වෙලා තියෙනවා.  අපරාධකරුවන්ට රැකවරණය දෙන පොලීසිය, අහිංසක ළමයින් අපරාධකරුවන් බවට පත් කරනවා යැයි ද පැවසීය.

දේශපාලනඥයින් දුන්න උපදෙස් අනුව නීති විරෝධී වැඩ කරලා  අමාරුවේ වැටෙනකොට  ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට, වෛද්‍ය නිහාල් ජයතිලක වගේ දක්ෂ රාජ්‍ය නිලධාරීන් බේරාගන්නත් දේශපාලනඥයින් ආවේ නැති බව මෙවැනි කැකිල්ලේ තීන්දු ගන්න පුරා විද්‍යා බලධාරීන්, රාජ්‍ය නිලධාරීන් අවබෝධ කොට ගත යුතු යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

පිදුරංගල ළමුන්ට අවවාද කර, ඔවුන් වරදක් සිදු කර ඇතිනම් ඔවුන්ගේ වරදේ ප්‍ර‍මාණයට දඩුවම් ලබා දිය යුතුයි. අද පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උමාඔය  වැරදි පරිසර වාර්තාව සකස් කරන්නට දායකවුනා, එයින් දෝව ඓතිහාසික හිටිවන බුදු පිළිමයට පවා භෞතික හානි සිදුවුණා.  පන්සල්, පල්ලි කඩාගෙන වැටුණා. පුපුරලා ඉරි ගියා.  මේවා ගැන පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරුවානම් මේ නිලධාරීන්ට කල්ප ගානකට බන්ධනාගාරගත වන්නට සිදුවෙනවා යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය.

පිදුරංගල පුරා විද්‍යා සම්පත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පැවරීම සදහා දැන් වසර 10 කට වැඩි කලක් ඉල්ලීම් සිදු කර තිබෙනවා.  නමුත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අඩුම ගානේ මුරකරුවෙකු හෝ නොමැතිව මෙම ස්ථානය විනාශ වෙන්නට ඉඩ දී බලාගෙන ඉන්නවා.  මෙතැනට එන සංචාරකයින්ගෙන් මුදල් අය කරන්නේ වෙනත් පිරිසක්.  ඒවාට විගණන වාර්තා නෑ. ගිණුම් නෑ. පුරා විද්‍යාව ලාබෙට විකුණාගෙන කන නිධානයක් වෙලා තියෙන රටක, බොරු චෝදනා මත අහිංසක ළමුන් තිදෙනෙකු සිර දඩුවම් විදිනවා.     

කීර්ති තෙන්නකොන්/විධායක අධ්‍යක්ෂ කැෆේ සංවිධානය

Archive

Latest news

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...

“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු...

ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ජායාරූපය: ප්‍රහාරයෙන් පසු ගිනිගෙන දැවෙන ඩේවිඩ් කෝරෙෂ් ඇදහිළි මධ්‍යස්ථානය. මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී...

වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!

බ්‍රිතානයට විදේශිකයින්ට ඇතුලු විය හැකි සියළුම දොරටු ලබන 18වන සඳුදා සිට වසා දැමීමට එරට රජය  15වන සිකුරාදා තීරණය කළේය. අත්‍යවශය කරුණක් නිසා හෝ රටටට...

Related news

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...

“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සාමාජික රටවල් 47 ක වෙත ලිපියක් යවමින් මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් යුද සමයේ සිදු...

ඩේවිඩ් කෝරෙෂ් , ගැරී නොස්නර් සහ ඛේදවාචකයකින් අවසන් වූ වේකෝ වැටලීම (Waco Siege) – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ජායාරූපය: ප්‍රහාරයෙන් පසු ගිනිගෙන දැවෙන ඩේවිඩ් කෝරෙෂ් ඇදහිළි මධ්‍යස්ථානය. මීට දින කීපයකට පෙර මම හිටපු එෆ්. බී. අයි (Federal Bureau of Investigation) නිලධාරියෙකු වූ ගැරී...

වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!

බ්‍රිතානයට විදේශිකයින්ට ඇතුලු විය හැකි සියළුම දොරටු ලබන 18වන සඳුදා සිට වසා දැමීමට එරට රජය  15වන සිකුරාදා තීරණය කළේය. අත්‍යවශය කරුණක් නිසා හෝ රටටට...