Sunday, November 29, 2020

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ කුමක්ද? – සුනිල් ජයසේකර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලයට අදාළ නිශ්චිත කාලවකවානුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා තිබේ. එය සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත හිමිකර දී ඇති විශේෂ බලතල යටතේ ය. එය මේ රටේ ඇතැම් පුද්ගලයන් අතර වැරදි අදහසක් ඇතිකර ගැනීමට හේතුවක් වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර එම වැරදි අවබෝධය නිසා පදනමක් නැති උපකල්පන, අදහස් හා විචාරයන් නොයෙක් නොයෙක් ආකාරයට සමාජගත වෙමින් තිබෙන ආකාරයක් දැකගත හැකිය.

”ඒ අනුව ඉතා මැනවින් තේරුම්ගතයුතු කාරණයක් වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට අදාළ කාලසීමාව වසර 06 ක් වන බවයි. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එකී කාල සීමාව වසර 05 ක් ලෙස දක්වා තිබේ.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව කිසියම් ආර්ථ නිරූපණයක් ලබාගැනීම සඳහා රටේ ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් මතුවන අවස්ථාවක දී ඒ පිළිබඳව විමසමින් අදාළ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇත්තේ 2015 ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් බලයට පත්වූ තමන්ගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ කවදාද යන්නය.

ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් එසේ විමසා සිටීම සඳහා හේතුවන පසුබිමක් රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ හා සාමාන්‍ය ජන සමාජය තුළ මෙන්ම විශේෂයෙන්ම නීති ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී තිබේ. එනම් ඉතා පැහැදිළි ලෙසම ඊට අදාළ මත දෙකක් සමාජය තුළ සංවාදයට ලක්වෙමින් තිබීමය. එවැනි මත දෙකක් සමාජගත වීම කෙරෙහි ද ඒ පිළිබඳව සමාජයේ නොයෙකුත් ක්ෂේත්‍රයන් තුළ විවිධ අර්ථ නිරූපනයන් සිදුකරමින් පැවතීම ද ජනාධිපතිවරයාගේ එකී විමසීමට ආසන්නතම හේතුවක් වූවාට සැකයක් නැත. එයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුර කාලයට අදාළව අන්තර්ගත කාලවකවානුව හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී ඊට අදාළව ඇතුළත් කර ඇති කාලවකවානුව මෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති අර්ථ නිරූපණය ද මෙවැනි විමසා බැලීමක් සඳහා පැහැදිළි හේතු සාධක සපයා තිබේ.

ඒ අනුව ඉතා මැනවින් තේරුම්ගතයුතු කාරණයක් වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට අදාළ කාලසීමාව වසර 06 ක් වන බවයි. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එකී කාල සීමාව වසර 05 ක් ලෙස දක්වා තිබේ.

මේ තත්වය තුළ බැලූ බැල්මටම ප්‍රශ්නයක් මතුවිය නොහැකිය. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට ඇතුළත් කර තිබූ ඇතැම් විධිවිධාන වලට අනුව ප්‍රශ්නයක් ඇති බව රටට පෙන්වා දී ඇත්තේ අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්මය. එනම් ජනතා පරමාධිපත්‍යයට හානියක් වන කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කරන්නට නම් ඒ සඳහා ජනමත විචාරණයක් මගින් අනුමැතිය ලබාගත යුතුව ඇති බව පෙන්වා දීමය. ඒ බව නැවත වරක් පෙන්වා දී ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති අර්ථ නිරූපණයේදී ය. ඒ නිසාම 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිධුරයේ ඇතැම් රෙගුලාසි සංශෝධනය කරගැනීමට නොහැකි වූ බව ඉතා පැහැදිළි සත්‍යයකි.

ඒ අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ආරක්ෂාව ද ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනාධිපතිවරයෙකු විසින් ක්‍රියාත්මක කළයුතු බව ඉතා පැහැදිළිවම සඳහන් කර තිබේ. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන රටේ ජනාධිපතිවරයාගේ ධූර කාලය ද ඒ හා සුවිශේෂි වශයෙන් බැදී පවතී. අනෙක් අතට වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ නොඑසේනම් මහජන පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම සඳහා මහජනතාව විසින් වරම් දෙන්නේ 2015 ජනවාරි මස 08 වන දින සිටය. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නේ 2015 අප්‍රේල් මාසයේදී ය. ඒ අනුව විධායක ජනාධිපතිවරයාට අයත් ධූර කාලය තීරණය කිරීමේදී අතීතයට බලපාන ආකාරයට එය සිදුකළ හැකි ද යන්න නිතැතින්ම පැන නැගෙන ප්‍රශ්නයක් වී තිබේ.

මෙවන් පසුබිමක් තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් බවට පත්කර තිබීම වලංගු වන්නේ අනාගතයේ බලයට පත්වන ධූර කාලයන්ට අදාළව බව එක් පිරිසක් තර්ක කරන විට තවත් පිරිසක් තර්ක කරන්නේ එය වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලයට ද අදාළ වන බව කියමිනි. මෙය සාමාන්‍ය සිවිල් සමාජය තුළ ඇති විවාදයක් ම නොවේ. මෙම විවාදය නීති ක්ෂේත්‍රය තුළ ද ඒ ආකාරයෙන්ම දක්නට තිබේ. එය හොඳින් පැහැදිළි වන්නේ ජනාධිපතිවරයාගේ විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකළ විමර්ෂනයේදී මේ රටේ නාමධාරී නීතිඥයින් ද ඇතුළු ජනාධිපති නීතිඥවරු දෙපිල බෙදී කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිදුකරන ලද විවාදය ගැන සලකා බැලීමේදීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ විමසීම එනම් රටේ නීතියට අනුව අදාළ උභතෝකෝටිකය විසදා ගැනීමට කටයුතු කිරීම ඉතාමත්ම නිවැරදි පියවරකි. විශේෂයෙන්ම ධූර කාලයට අදාළව සිදුකළ යුතුව ඇති ඉදිරි සැලසුම් කළමනාකරණය කරගැනීම පිළිබඳව සැලකීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම විමසීම ඉතා වැදගත් කොට සැලකිය හැකිය.

Archive

Latest news

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට...

ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය

ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයේ...

ගෝටාගේ ගජයකු වන දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂමට පත්කිරීම රාජ්‍ය සේවයටම අතුල් පහරකි – ලාල් කාන්ත

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි...

ශානි අබේසේකර ගල්ලෑල්ලට යැවීම පුද්මයක්; වහාම ජිවිතාරක්ෂක පියවර ගන්න – මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර කොමසාරිස්ට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වවරයා වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවෙගම " මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී...

Related news