Sri Lanka Brief
පුවත්විවරණඋතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට දැක්වූ ප්‍රතිවිරෝධය ස්ථානගතවූ  තැන

උතුරු අධ්‍යාපන ඇමැති ජාතික කොඩියට දැක්වූ ප්‍රතිවිරෝධය ස්ථානගතවූ  තැන

by

ජායාරූපය: ජාතික කොඩිය ©s.deshapriya.

ධනුෂ්ක සිල්වා විසිනි.

ජාතික කොඩිය භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපති බලය යන රාජ්‍ය යේ අංග හතරේ සංකේතාත්මක නිරූපනයකි. එම රාජ්‍යට තදානුබද්ධ සංස්කෘතිකඓතිහාසික ගතිකයන්, ජනතා විශ්වාස හා ආගමික ඇදහීම් අඩුවැඩි වශයෙන් සංකේතාත්මකව නියෝජනය කිරීමට එම රටවල ජාතික ධජයන් විසින් අවකාශයක් ලබා දෙයි. ඉංදීය ජාතික කොඩියේ වර්ණ පෙළගැස්ම හා අශෝක චක්‍රය එරට ජන සංයුතික ඓතිහාසික සාධක මත පදනම්ව තිබේ. ඇමරිකා එ.ජ ධජයේ ඇති තරු පනහ ප්‍රාන්ත පන්හේ එක්සත්කම නියෝජනය කිරීමකි. පකිස්තානු කොඩියට අඩ සඳක් හා තරු ලකුණක් යොදා ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රිය ආගමික විශ්වාසයන් නිරූපනය කිරීමටය. මේ අනුව පොදුවේ ගත්විට ජාතික කොඩිය රටේ ජනතාවගේ ජනගත අභිලාෂ ලුහුඩින් නියෝජනය කරන එසේත් නැතිනම් රටකට යෙදිය හැකි, රටක් හදුනාගත හැකි සළකුණකි.

වර්තමානය වනවිට ජාතිකකොඩිය යනු ව්‍යවස්ථාගත කරුණක් නිසා එය රටේ මූලික නීතිය සමඟ මිතුරු වේ. ලෝකයේ බොහෝ ව්‍යවස්ථා ජාතික කොඩියේ ප්‍රමාණය, නියමිත  වර්ණ යෝජනය හා ප්‍රදර්ශණය කළ යුතු ආකාරය පවා  ව්‍යවස්ථා කර තිබේ. මෙරට ව්‍යවස්ථාවටද මෙම කරුණු අන්තර්ගත අතර ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කිරීමට පාලිමේන්තුවේ 2/3 බහුතර බලයත් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය වේ. මින් පෙනෙන්නේ රටේ මූලික නීතිය තුළ පවා ජාතික ධජයක් අත්කරගෙන ඇති අති ප්‍රබල ස්ථානයයි. ඒ අනුව කෙනෙක් රටක ජාතික ධජයට විරුද්ධවීම යනු එක් අතකින් (නීතිමය අර්ථයෙන්) රටේ මූලික නීතියට උඩින් සිටීමයි. අනෙක් අතින් (සදාචාරාත්මක අර්ථයෙන්)රටේ ජනතාවට පමණක් නොව ඔවුන් පොදුවේ පිළිගන්නා  විශ්වාසයන්ටද විරුද්ධ වීමකි.

ඇමරිකන් ජාතික කොඩිය ඇතැම් උද්ඝෝෂණ අවස්ථාවලදී විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ ගිණි තැබුවත් එය නීතිය ඉදිරියේ වරදක් නොවේ. මන්ද එහි අනාගමික ස්වරූපය හා කිසිදු ආගමික හෝ සංස්කාතික කරුණක් එමගි න් නියෝජනය නොකරන නිසයි. එහෙත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා ලංකාව වැනි රටවල එවැනි ප්‍රතිවිරෝධයකට අවස්ථාවක් නැත්තේ එම කොඩි සියල්ලෙන්ම ‍‍ ඓහිතිහාසික ජන සංයුතික හා සංස්කෘතික කරුණු ප්‍රමාණාත්මක වශයෙන් නිරූපනය කර ඇති නිසයි. අපට උතුරු පළාත් අධ්‍යපාන ඇමතිවරයා ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමේ සිදුවීම සමීකරණය කිරීමට සිදුවන්නේ මෙම පදනම මතයි. එනම් ඔහුගේ ප%ති විරෝධය (නීතිමය අර්ථයකින් කින්) හුදු ජාතික ධජයට දැක්වූ  ප්‍රතිවිරෝධයක් තරමට සිල්ලර නොවන අතර එම ප්‍රතිවිරෝධය වූ කලී ජාතික කොඩියෙන් පිළිගන්නා පොදු සංස්කෘතික, ජන  සංයුතික,   ඓතිහාසික ධාරණා සියල්ලටද පොදුවේ විරෝධී වීමකි.

විරෝධය රැෂනාලය

සිංහ කොඩිය මෙරට ජාතික කොඩිය වූ තැන පටන් එහි ස්වභාවය, ලකුණු, හැඩතල හා අර්ථ නිරූපන ගැන වාද විවාද ඇතිවිණි. මුලදී වඩාත් සංස්කෘතිකමය හා සාහිත්‍යමය ස්වභාවයක් ගත් මෙමෙ දෘෂ්ටිමය පරස්පරතා මේ වනවිට වාර්ගිකමය හා දේශපාලනික මුහුණුවරක් ගෙන තිබේ. උතුරු අධ්‍යාපන ඇමතිවරයා මුදාහැරියේද අඩු වශයෙන් වාර්ගික මුහුණුවරක් ගත් වැඩි වශයෙන් දේශපාලනික වටිනාකමක් ඇති  විරෝධයකි. විශේෂයෙන්ම මෙරට දමිළ හා මුස්ලිම් ජනතාව  නියෝජනය කරන ජාතික කොඩියේ තැඹිලි හා කොළ පැහැ තීරුවල ප්‍රමාණය මහජාතිය තුළ තමන් හුදෙකලා සුළුතරය ලෙස නිරූපනය කිරීමක් බවත් සිංහයා සමඟ ඉදිරියට එන සිංහල ජාති ය පිළිබද විස්මිත මහා අඛ්‍යානයත් බෝපත් සතර බැදෙන බෞද්ධාගම පිළිබද  ඓතිහාසික කරුණත් ‘සිංහල බෞද්ධ හෙජමොනිය’ සමස්තය නිරූපනය කළ යුතු ජාතික කොඩියෙන් නිරූපනයට උත්සහදැරීමක් බව දමිළ බුද්ධිමය කොටස් මෙන්ම දේශපඥයන්ගේ විවේඡන අතර ප්‍රධාන විය. විශේෂයෙන්ම ජාතික කොඩිය කිසිදු ජනවර්ගයකටට විශේෂ නොවිය යුතුය යන ප්‍රතිමතය දරන සිංහල බුද්ධිමය කොටස් ද දේශපාලඥයන්ද සිවිල් සමාජය ද මදක් වෙනස් හේතූන් මත දරන්නේ ඉහත මතයමය.

ආණ්ඩුකම ව්‍යවස්ථා  ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ (2016) 3 වන පරිච්ඡේදයේ මෙසේ සදහන් වේ.

ජාතික ධජය සම්බන්ධ්යෙන් මහජනයා පළ කළ අදහස වූයේ සියළුම වාර්ගික කණ්ඩායම් වල සමානත්මතාවය හා ඔවුන් අතර සාමය හා සමාදානය අවධාරණය කරමින් රටේ වාර්ගික සමගිය හා බහුවිධ ලක්ෂණ ජාතික ධජයෙන් සංකේතාත්මකව පිළිබිඹු විය යුතු බවයි.

ජාතික කොඩියේ ස්වරූපය කෙසේවිය යුතුද? යන කාරණයේදී දමිළ නියෝජිතයන් බහුතරය (සිංහල නියෝජිතයන්ද සිටී) නිර්දේශ කරන්නේ ජනවර්ග පිළිබද සදහනකින් තොරොව ශ්‍රී ලාකික සාමූහික ජීවිතය නියෝජනය වන අනාගමික රාජයකට සුදුසු නව ජාතික කොඩියක් නිර්මාණය කිරීමටයි.මින් පැහැදිළි වන්නේ දැනට පවතින ජාතික ධජය තුළින් සමාජයේ බහුවිධ ලක්ෂණ සමතුලිතව නියෝජනය නොවන බවටත් වා¾ගික සමගියට සහය දීමේදී මන්දගාමී වී ඇති බවට මතයක් (වාර්තාවට අනුව) සිංහල හා දමිළ ජන   සමාජයේ එක සමාන ලෙස පවතින බවයි.

විග්නේෂ්වරන් එදිරිව උතුරු අධ්‍යාපන ඇමති; විරෝධයේ ස්වරූප දෙකක්

මීට දශක කිහිපයකට පෙර දමිළ දේශපාලන විරුවෙකු වූ තිලීපන් පැවසුවේ අපිට සිංහල මනුස්සයා එක්ක ප්‍රශ්ණයක් නෑ ප්‍රශ්ණය  තිබෙන්නේ සිංහල දේශපාලකයා එක්කයි කියාය. ඒ මන්ද තිස් අවුරුදු යුද්ධයකින් පසුව උතුරු නැගනහිර  ප්‍රදේශ අද වැටී තිබෙන තත්වයට එකල සිංහල දේශපාලඥයන් ගත් ඉතා අදූරදර්ශී තීරණ සෘජුව බලපෑම් කර ඇති නිසයි. අදටත් දමිළ දේශපාලකයන් උත්සහ දරමින් සිටින්නේ තමන්ට හිමි අයිතිවාසිකම් (ඉඩම් හිමිකම්, පොලිස් බලතල, ස්වයං තීරණ ගැනීම හා අතුරුදහන් වීම් වලට පිළිතුරු වැනි.) සිංහල දේශපාලන අධිකාරියෙන් දිනාගැනීමටය. එම වෑයම අදටත් සිහිනයක් නිසා තිලීපන් දැරූ අදහසට අතිශයින් සමාන අදහසක් ආර්.සම්බන්ධනුත් විග්නේෂ්වරනුත් උතුරු අධ්‍යාපන ඇමතිත් එක ලෙසම දරනවා නිසැකය. අනෙක් අතින් ජතික කොඩිය, රටේ මූලික නීතියේ සුවිශේෂී වගන්ති හා අංගවිකල පළාත් සභා ක්‍රමය වැනි අංග තමන් දෙවෙනි තැනට ඇදදමන ලද බවට වන සංඥාවන් ලෙස ඔවුන් හදුනාගන්නවා විය හැකිය. අධයාපන ඇමතිවරයා විරෝධීවන්නේ මේ සියල්ලටම විය හැකියි. එහෙත් ඔහුටත් නොදැනෙනෙ ලෙස එම විරෝධය ඉලක්කගතවන්නේ මූලික නීතිය දෙසටය. ජාතික කොඩියෙන් නිරූපිත ජනතාවගේ විශ්වාස, අභිලාෂ පද්ධතිය දෙසටය, සරලවම කිවහොත් පොදු මහජනතාවටය. එම නිසාය ඔහු සාමන්‍ය නීතිය ඉදිරියේ සිටගත් වැරදිකරුවකු වන්නේ.

මෙම සිදුවීම  සම්බන්ධව උතුරු මහ ඇමති සී. වී විග්නේෂ්වරන් දැක්වූ තාර්කික, මධ්‍යස්ථ මෙන්ම සාධාරණ අදහසක්  මෙහිදී දැක්වීම වටී.

“1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යෙන් නිදහස දීනාගන්න සමත් වුනත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තවමත් නිසියාකාරව තහවුරු වෙලා නෑ. 1950 න් පසු කිසිඳු නිදහස් දින සැමරුමකට මම පෞද්ගලිකව සහභාගී නොවන්නේ මේ නිසා. නමුත් ජාතික කොඩියට විරුද්ධ වීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. මන්ද ඉන් නිරූපනය කරන්නේ රටේ ජනතාව. රටේ ජනතාවට විරුද්ධ වීමට කිසිවෙකුට බැහැ”

මෙම අදහස උතුරු අධපන අමාතවරයා දැක්වූ විරෝධයට වඩා තාර්කික මෙන්ම ඉදිරිගාමී ද වන්නේ ය.

විරෝධයේ අයිතිය

කෙනෙක් දරන දේශපාලන මතවාද අනුව රටේ මූලික නීතියට පවා එදිරිවාදී වූ දේශාපාලපන ඉතිහාසයක් ලංකාවට තිබේ. එය එක් අතකින් ඒ ඒ පුද්ගලයාට හිමිවන අයිතියකි. එහෙත් එම අයිතිය පොදු ජනමතය, පොදුජන විශ්වාස පද්ධතිය හා රටේ පිළිගත් නීති ධර්ම අතික්‍රමණය නොකළ යුතුය. ඉහත විග්නේෂ්වරන්ගේ විරෝධයත් උතුරු  අධ්‍යාපන ඇමතිගේ විරෝධයටත් හේතුභූත වූ කරුණු බොහෝසෙයින් එක හා සමාන වුවද විග්නේෂ්වරන්ගේ විරෝධය වඩා තාර්කික වන්නේද අධ්‍යාපන ඇමතිවරයාගේ විරෝධය වඩාත් අතාර්කික වන්නේද ජාතික කොඩියට විරුද්ධ වීම ජනතාවගේ නිධන්ගත විශ්වාස පද්ධතියකට, පිළිගත් සංස්කතික දෘෂ්ටිවාද හා රටේ නීතියට විරුද්ධ වීම වැනි තැනක ස්ථානගත වන නිසාය.

Back to Top