Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යපෘතිය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යමින් තිබේ – ජයදේව උයන්ගොඩ

by

ජායාරෑපය: 2017 ජූනි මාසයෙහි සම අයිතිය ව්‍යාපාරයේ කොලඹ පැවැති විරෝධතාවයක් මැඬළීමට පොලීසිය යෙදවූ අයුරු. (මුහුණු පොතෙනි)

ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියට ඉංග්‍රිසි බසින් ලිපියක් ලියන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ප්‍රතිසංස්කරනවාදී සාමය ගොඩ නැගීමේ ව්‍යාපෘතිය ආණ්ඩුවෙන් ලිස්සායමින් ඇති බවට අනතුරු අඟවයි.

ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය, සාමය ගොඩ නැගීම සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ යහපාලන ආණ්ඩුවේ තෙවැදෑරුම් අරමුණූ වු බව පෙන්වා දෙන උයන්ගොඩ කියන්නේ මේ කිසිවක් දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති මූලිකත්ව ලැයිස්තුවේ ඇති බව පෙනෙන්ට නැති බවයි.

‘‘තෙවැනි නිගමනය නම් ශ්‍රී ලංකාව තවත් වතාවක් ප්‍රතිසංස්කරණ මොහොතක් අතහැරී යන්නට ඉඩ දී ඇති බවයි. ඛේදජනක ලෙස එය ආපසු ලබා ගැනීමට තවත් වටයක පරාජයන්, පසුබැසීම් සහ අරගලයන් අවශ්‍යවීමට ඉඩ තිබේ.”

ඔහු මෙසේ ද කියයි: (මෙය නිල  හෝ සම්පූර්ණ ලිපියෙහි පරිවර්ථනයක් නොවන බව සළකන්න. මෙහි උත්සාහ කැරෙන්නේ එම ලිපියෙහි අදහස සිංහල බසින් දැක්වීමට බව සළකන්න.)

‘‘ ඇත්ත වශයෙන්ම නම් ආණ්ඩුවට කුමන හෝ මූලිකත්වයක් තිබේදැයි නොපෙනේ. හැම දෙසින්ම පෙනෙන්නෙට තිබෙන්නේ එන්න එන්නම තියණූ වන ආණ්ඩුකරණ අර්බූදයකට සිරිසේන – විකුමසිංහ ආණ්ඩුව හසුව ඇති බවයි. කවර හෝ ආණ්ඩුකරණයක් ඇත්ද යන්නම ප්‍රශ්ණයකි. මෙම ආණ්ඩුකරණ අර්බූදයට ආණ්ඩුව ද්විත්ව ප්‍රතිචාරයක් තෝරා ගනිමින් සිටින බව පෙනේ: එනම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආණ්ඩුකරණයක් සහ බහුතරවාදී වාර්ගික ජනප්‍රියවාදයකි. ඉන් අදහස් වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරන න්‍යාය පත්‍රය අත්හැර දැමීමයි.

රිජීමය වෙනස් කිරීම උදෙසා 2014 වර්ශයෙහි, ප්‍රජාතන්ත්‍රවාදී සහ සාම ප්‍රජාවන් විසින්, දක්ශිනාංශික ලිබරල් විපක්ෂය (එනම් එජාපය) සහ වාම ලිබරල් සිවිල් සමාජ ව්‍යාපාරයන් අතර සහයෝගිතාවය මගින් අත්‍යවශ්‍ය දේශපාලන වැඩ සටහනක් ඉදිරියට ගෙන ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇතැයි යන  අපේක්ෂාවෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. නව සාම ප්‍රතිපත්ති රාමුවක් මගින් වාර්ගික සුළුතරයන්ට යුක්තිය උදාකරදීමද එම දැක්මට ඇතුළත් විය.

රිජීමය වෙනස් විය. එනමුත් ප්‍රතිසංස්කරන වැඩ සටහන සහ සාම ව්‍යාපෘතිය දේශපාලන හිරවීමක් කරා ඇදී යාමට පටන් ගත්තේය. වර්ථමානයෙහි එම හිරවීමෙන් එලියට ඒමේ සැළකියයුතු ළකුණූ කිසිවක් දක්නට නැත. එමෙන්ම මෙම හිරවීම මඟහැරිය හැක්කේ කෙසේදැයි සම්බන්ධයෙන් දේශපාලන සහ ප්‍රතිපත්ති යන තලයන් දෙකෙහිම දිගට කෙරෙන යන මහජන සාකච්ජාවක් ද නැත.

නිල මට්ටම්හිදී  එවැනි හිරවීමක් ඇතැයි පිළිගැනීමට ඇති අකමැත්ත නිසාම මෙම ගැටළුව ආමන්ත්‍රණය කැරෙන්නේ නැත. මෙමගින් සමස්ත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයම විනාශ මුඛයට යා හැකිය.

මේ අතර සන්ක්‍රාන්ති යුක්තිය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැනි සාමය ගොඩ නැගීමේ න්‍යාය පත්‍රයෙහි වැදගත් කොටස් ඉටු කිරීමෙහිලා ආණ්ඩුවේ දේශපාලන හැකියාව, එහි ධූර කාලයේ දෙවැනි භාගය තුළ වැඩි දියුණූ වීමට ඉඩක් නැත.

දේශපාලන සුළං වේගයෙන් හමන මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ සිය ධූර කාලයෙහි මුල් භාගය තුළ ඉටු කිරීමට ආණ්ඩුවක් අසමත්වන දේ ඇතුළත් වනු ඇත්තේ එහි ඊළඟ මැතිවරණ ප්‍රකාශණයේ පමණක් බව සරළ දේශපාලන තර්කයකි.

ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අතරමැද ඇණහිට තිබේ. එය ඉදිරියට තල්ලු කිරීමට එයට හැකියාවක් ඇති බවක් ද නොපෙනේ. ඉටු නොකළ පරිවර්ථීය පොරෙන්දු සහිත දුර්වල හෝ අඩපණ වූ ප්‍රජාතන්ත්‍රවාදී රිජීමයක් ස්වයං විනාශය, අඥාදායකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන සාමයක්  ඇතිකර ගැනීමේ අවදානමට මුහුණ දෙයි.

අද ශ්‍රී ලංකාවේ පවත්නා වැනි, ජන්දදායකයා හමුවෙහි ඇති තෝරා ගැනීම් සීමිත වූ සහ ක්ෂිතිජයෙහි නිර්මානශීලී විකල්පයන් දක්නට නැති සන්දර්භයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී නොවන විවිධ දේශපාලනයන් දේශපාලන වෙළද පොළෙහි දැනටමත් ආක්ර්ශණිය බවට පත්ව තිබේ.

මේ විශ්ලේෂනය අනුසාරයෙන් ප්‍රධාන නිගමන තුනකට එළඹිය හැකිය.

ශ්‍රී ලංකාවෙන් ප්‍රතිසංස්කරණවාදී සාමය ගොඩ නැගීමේ මොහොත නැතිවී යමින් තිබේ. වර්ථමානයෙහි ශ්‍රී ලංකාව සකස් කරමින් සිටින බව පෙනෙන්නේ ප්‍රතාසංස්කරණවාදී නොවන, කඩින් කඩ කැරෙන,  සාමය ගොඩ නැගීමේ අවම වැඩ සටහනකි.

දෙවැනි නිගමනය නම් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන සාම චක්‍රයකට සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමකට ඇද වැටීමේ අනතුරට මුහුණ පා සිටින බවයි.

තෙවැනි නිගමනය නම් ශ්‍රී ලංකාව තවත් වතාවක් ප්‍රතිසංස්කරණ මොහොතක් අතහැරී යන්නට ඉඩ දී ඇති බවයි. ඛේදජනක ලෙස එය ආපසු ලබා ගැනීමට තවත් වටයක පරාජයන්, පසුබැසීම් සහ අරගලයන් අවශ්‍යවීමට ඉඩ තිබේ.

  (c) SLB

 

Back to Top