Sri Lanka Brief
UN-Sri Lankaපුවත්එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

by

ජායාරෑපය: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය වූ මොනිකා පින්ටෝ සිය සංචාරයෙන් පසු කොළඹදී ජනමාධ්‍ය අමතයි.

ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන:

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය විසින් ඇය ලංකාවට පැමිණි දූත ගමනින් පසු සකස්කොට නිකුත් කොට ඇති නිලවාර්තාව.

මහලේකම් කාර්යාලයේ සටහන.

2016 අප්‍රේල් 29 සිට මැයි 7 වෙනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ කළ දූත ගමනේදී සකස් කරනු ලැබූ විනිසුරුවරුන් හා නීතිඥයන්ගේ ස්වාධීන බව පිළිබඳව විශේෂ වාර්තාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීම මහලේකම් කාර්යාලයට ගෞරවයකි. මෙම වාර්තාව වධහිංසා සහ අනෙකුත් ක්‍රෑර, අමානුෂික, පහත් සැලකීම් හා දඬුවම් සමඟ සම්බන්ධව සම්පාදනය කරන ලදී.

තම විනිසුරන්, නීතිඥයන් හා නීති නිලධාරීන්ගේ ස්වාධීන බව හා සම්බන්ධ මානව හිමිකම් ගැට`ඵ පිලිබඳව විමර්ශනයේ දී වඩාත් විෂය මූලික නිරීක්ෂණයක් කිරීමට රජය දැක්වූ සහයෝගය මෙම විශේෂ සම්බන්ධිකාරකවරිය අගය කරයි.

විශේෂ සම්බන්ධිකාරකවරියගේ නිරීක්ෂණයන් හා නිර්දේශයන් ඇතුලත් මෙම වාර්තාව ඇය විසින් සම්පාදිත වධහිංසා හා අනෙකුත් ක්‍රෑර, අමානුෂික හා පහත් සැලකීම් හා දඬුවම් පිළිබඳ වාර්තාවට සමගාමීව අධ්‍යයනය කළ යුතුය. :්රැ්‍යඍක්‍රැ34රැ54රැ්ාාග2* 4

ශ්‍රී ලංකාව වෙත කළ දූත ගමනේදී විශේෂ වාර්තාකාරිය විසින් සම්පාදිත නීතිඥවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ ස්වාධීන බව පිළිබඳ වාර්තාව. (A/HRC/34/54/add.2)

අන්තර්ගතය.

හැඳින්වීම

I. මෑත කාලීන දේශපාලන සන්දර්භය
II. අධිකරණ පද්ධතිය
III.  ව්‍යවස්ථාමය විධි විධාන

 A.නෛතික රාමුව
B. අධිකරණ ක්‍රමය
C. ස්වාධීන, කාර්යක්ෂම හා අපක්ෂපාතී අධිකරණ ක්‍රමයකට ඇති අභියෝග.

IV. මානව හිමිකම් ගිවිසුම ක්‍රියාත්මකකිරීම.

A.අධිකරණ පද්ධතියේ ස්වාධීන බව ශක්තිමත් කිරීම.
B. අධිකරණ පද්ධතියේ වගකීම.
C. නීතිපති දෙපාර්තමේන්තුව, පරීක්ෂණ හා නඩු පැවරීම.
D.සමාජයීය විවිධත්වය විදහාදක්වනඅධිකරණ පද්ධතියක්.
E. නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය.
F.සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතිය, අධිකරණ පද්ධතියේ පමාවන් හා

G.නීති ක්‍රියාත්මක කිරීම
H.නීතිමය ප්‍රවේශය, වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව
I. සංක්‍රාන්තික නීතිය.
J. ව්‍යවස්ථා සංශෝධනය

 නිගමන / නිර්දේශ 5

I. හැඳින්වීම

1. රජයේ ආරාධනය ලැබවිනිසුරුවරුන්ගේ හා නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකාරිය වූ මොනිකා පින්ටෝ 2016 අප්‍රේල් 29 සිට මැයි 07 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණාය. ඒ විනිසුරුවරුන්ගේ, නීතිඥයන්ගේ හා නීති නිලධාරීන්ගේ ස්වාධීනත්වය මෙන්ම නීතිය නිසිලෙස මෙහෙයවීම කෙරෙහි එල්ලවන අභියෝග පිළිබඳව තක්සේරු කිරීම සඳහාය. මෙම දූත මෙහෙවර වධහිංසා හා අනෙකුත් ක්‍රෑර, අමානුෂික හා පහත් සැලකීම් හෝ දඬුවම් පිළිබඳ විශේෂ වාර්තාකරු ෂෝන් ඊ. මෙන්ඩිස් හා ඒකාබද්ධව සිදු කෙරිණ. :්රැ්‍යඍක්‍රැ34රැ 54රැ්ාාග2 බලන්න.*

2. කොළඹ සංචාරය කිරීමට අමතරව මෙම වාර්තාකරු වරිය අනුරාධපුරය, යාපනය හා මහනුවර නගරවලද සංචාරයේ යෙදුණාය. ඇය විදේශ කටයුතු ඇමති, නීති කටයුතු ඇමති, බන්ධනාගාර හා පුනරුත්තාපන කටයුතු පිළිබඳ ඇමති, නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු ඇමති මෙන්ම මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් ආණ්ඩුකාරවරුද, නීති සේවා කොමිසමේ නියෝජිතවරුද, මානව හිමිකම් කොමිසමේ නියෝජිතවරුද, නීති ආධාර කොමිසමේ නියෝජිතවරුද, ජාතික පොලිස් කොමිසමේ මෙන්ම විනිසුරුවරුන්ගේ ආයතනයේ නියෝජිතවරුන් ද හමුවූවාය. ඇය අගවිනිසුරුවරයා හා සෑම ස්ථරයකම විනිසුරන් සමඟ රැස්වීම් පැවැත්වූ අතර නීතිපති හා රාජ්‍ය උපදේශකවරු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ මණ්ඩලයේ නියෝජිතවරු, නීතිඥවරු, විද්වතුන්, සාමාන්‍ය සමාජයේ පුද්ගලයන් හා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟද සාකච්ඡා පැවැත්වූවාය.

3. ශ්‍රී ලාංකික රජය විසින් කළ ආරාධනාවට හා දූත මෙහෙවරේදී රැස්වීම් හා සම්මුඛ සාකච්ඡා සංවිධානය කරමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් මෙම විශේෂ වාර්තාකාරවරිය විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයාට තම ස්තුතිය නැවත වරක් පිරිනමයි. එසේම ඇය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වාර්තාකරු , මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයටද මෙම සංචාරය වඩාත් ඵලදායී වූවක් කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් ස්තුතිය පුදකරයි. තවද තම අත්දැකීම් හා මතවාදයන් ඇය සමඟ බෙදාගත් සියලු දෙනා හට ද තම කෘතඥතාවය පළ කරයි.

II. මෑත කාලීන දේශපාලන සන්දර්භය 6

4. 2015 ජනවාරි හා අගෝස්තු මස පැවැති ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය හරහා රටේ දේශපාලන පසුබිමෙහි වෙනසක් ඇති කළ අතර, ප්‍රජාතාන්ත්‍රික අවකාශය තුළ විවෘත බවක් ඇති කළේය. මෙම විවෘත භාවය ජාත්‍යන්තර ප්‍රජාව ඇතු`ඵ බොහෝ පාර්ශවයන් විසින් පිළිගනු ලැබිණි. නව රජය දින 100 ක ව්‍යවස්ථා සංශෝධන වැඩ පිළිවෙළක් හඳුන්වා දුන් අතර, එයට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රියාපටිපාටීන් හා සම්බන්ධ වෙමින් විවිධ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ක්‍රියාකිරීමට ද නව පියවර අනුගමනය කළේය. 2015 අප්‍රේල් මස 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමත් සමඟ විධායක බලතලවල අඩුකිරීමක් සිදුවූ අතර ඉහත වැඩ පිළිවෙළ ද සංක්‍රාන්තික අවධියකට එළඹිණ.

5. 19 වෙනි සංශෝධනයෙන් ගෙන ආ එක් ප්‍රගතිශීලි වෙනස්කමක් වූයේ ව්‍යවස්ථාදායක සභාව නැවත පිහිටුවීමයි.1 බොහෝ ස්වාධීන කොමිසම්වලට පත්කිරීම සඳහා සාමාජිකයන්ව ජනාධිපතිවරයා වෙත නිර්දේශ කරනු ලබන්නේ මෙම ව්‍යවස්ථාදායක සභාව විසිනි. එම ස්වාධීන කොමිසම්වලට මානව හිමිකම් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම හා ජාතික පොලිස් කොමිසම අයත් වේ. තවද අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්, අභියාචනාධිකරණ සභාපති හා අනෙකුත් විනිසුරන්, නීති සේවා කොමිසමේ සාමාජිකයන්, නීතිපති හා පොලිස් අධිකාරි තනතුර ආදී රජයේ ඉහළතනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදීජනාධිපතිවරයාගේ පත් කිරීම් අනුමතකරනුයේ ද මෙම විධායක සභාව මගිනි.2

6. 2015 ඔක්තෝබර් මාසයේදී 30රැ1 විසර්ජන කෙටුම්පත සම්මත කරමින් රජය මානව හිමිකම් කවුන්සිලය හා එක්ව කටයුතු කිරීමට එකඟ වූයේය. මෙහිදී කවුන්සිලය අනෙකුත් දේ අතර රජයට මානව හිමිකම් කඩවීමේ හා ජාත්‍යන්තර මානුෂීය නීති කඩකිරීමේ චෝදනා පිළිබඳ විමර්ශනයට විශේෂ නීති ක්‍රමවේදයක් සකස් කරන මෙන් යෝජනා කළේය. මෙහිදී විශ්වසනීය වූ අධිකරණ ක්‍රමවේදයක් තුළ ස්වාධීන අධිකරණ හා නඩු පැවරීමේ ආයතනයක් ස්ථාපනය කරමින් අපක්ෂපාතී හා බුද්ධිමත් පුද්ගලයන්ව එම කටයුතු මෙහෙයවීමට යොදවන මෙන්ද යෝජනා කරන 7 ලදී. මෙයට අදාළව, ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාමාර්ගයකට සම්බන්ධවීමේ වැදගත්කම, පොදු රාජ්‍ය මණ්ඩලීය හා අනෙකුත් විදේශ විනිසුරන්ගේ දායකත්වය මෙන්ම විත්තියේ නීතිඥවරුන්, බලයලත් පැමිණිලි පාර්ශවයන් හා විමර්ශකයන් ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳව ද කවුන්සිලය තහවුරු කළේය.

7. 2016 මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම ඇරඹුවේය. මෙහිදී මෙහෙයුම් කමිටුවක් හා අධිකරණ කටයුතු පිළිබඳ උපකමිටුවක්ද ඇතු`ඵ උපකමිටු 6 ක් පිහිටවූ අතර, අධිකරණ කටයුතු පිළිබඳ උප කමිටුව එහි වාර්තාව 2016 නොවැම්බර් 19 වෙනි දින මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළේය. මෙම වාර්තාවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනතාවය, අධිකරණ ව්‍යුහය, අධිකරණ බල ප්‍රදේශ, අධිකරණ පසු විමසීම්වල නියමයන් හා ව්‍යවස්ථාදායක අධිකරණයක් පිහිටුවීම හා එහි බලතල හඳුන්වාදීම ආදී කරුණු කෙරෙහි අවධානය යොමුකර තිබිණ.3 8

 III.අධිකරණ පද්ධතිය

A.ව්‍යස්ථාමය විධි විධාන

8. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 දී ජාතික රාජ්‍ය මණ්ත්‍රණ සභාව මඟින් අනුමත කරන ලද්දක් වන අතර මේ වනවිට එය සංශෝධනයන් 19 කට යටත්ව ඇත. එහි ප්‍රස්ථාවනාවෙහි අධිකරණයේ ස්වාධීන බව පිළිබඳව තහවුරු කෙරුණ ද ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ නීතිය මඟින් බල පැවැත්වෙන ස්වාධීන අධිකරණ පද්ධතියක වැදගත්කම හා බලය පිළිබඳව පැහැදිලි ප්‍රතිපත්තිමය සඳහනක් නොමැත.

9. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ,අධිකරණය, නම් වූ ඞඪ වන පරිච්ඡේදය තුළ අනෙකුත් දේ අතර, දළ අධිකරණ ව්‍යුහය, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම, පාලනය, ඉවත් කිරීම හා එම විනිසුරන්ගේ වේතන, විශ්‍රාම ගැන්වීම හා විශ්‍රාම වැටුප පිළිබඳව සඳහන් වේ. එමෙන්ම මහාධිකරණ විනිසුරන් පත්කිරීමේ ක්‍රියාපටිපාටිය, පාලනය හා ඉවත්කිරීම පිළිබඳවද එහි ඇතුලත් වේ. ,උපරිමාධිකරණ, නම් වූ XVI වන පරිච්ඡේදයේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ අදාළ සංයුතිය, බල ප්‍රදේශ හා බලතල පිළිබඳව සඳහන්ව ඇත.

10.  XV (අ) පරිච්ඡේ්දය මඟින් අධිකරණ සේවා කොමිසම ස්ථාපනය කෙරෙන අතර එමඟින් උපරිමාධිකරණ හා මහාධිකරණය හැර අනෙකුත් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම,ස්ථාන මාරු, විනය, නෙරපා හැරීම් ආදිය පිළිබද වගකීම දරයි. එසේම මහාධිකරණ විනිසුරන්ගේ ස්ථාන මාරු, බඳවා ගැනීම හා පුහුණු පිළිබඳ පටිපාටීන් සකස් කිරීම, මහාධිකරණ විනිසුරන් පුහුණු කිරීම, අධිකරණ නිලධාරීන් බඳවා ගැනීම, උසස් කිරීම හා ස්ථාන මාරු හා ඕනෑම අධිකරණ පද්ධතියක් විමර්ශනය කිරීමේ බලය ලබා දීම ආදී කාර්යයන්ද එයට අයත් වේ.මෙම කොමිසම අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරයේ ඡේ්‍යෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් 9 සමන්විතය. මේසියළු දෙනා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවන් වේ.

11. XV (අ) පරිච්ඡේදයමගින් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපනය කෙරේ. එයට අගමැතිවරයා, පාර්ලිමේන්තු කථානායකවරයා, විරුද්ධ පක්ෂ නායකයා, ජනපති විසින් පත් කරන ලද එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අගමැති හා විරුද්ධ පක්ෂ නායක නිර්දේශය සහිතව ජනපති විසින් පත් කළ තවත් පුද්ගලයන් පස් දෙනෙකු ඇතුළත් වේ. මෙම පුද්ගලයන් පස් දෙනා අනිවාර්්‍යයෙන් පාර්ලිමේන්තුවේ සාමාජිකයන් විය යුතු අතර විරුද්ධ පක්ෂයට හෝ අගමැතිගේ පක්ෂයට අයත් නොවන පාර්ලිමේන්තුවේ බහුතර මනාපය මත පත් කළ තවත් සාමාජිකයෙකු ද මෙයට ඇතුළත් වේ. ඒ අනුව මුළු සාමාජිකයන් ගණන 10 කි. ව්‍යවස්ථාදායක සභාව අනෙකුත් කොමිසම්වල සාමාජිකයින් පත් කිරීමට නිර්දේශය ජනපතිට ඉදිරිපත් කරන අතර අධිකරණ පද්ධතියේ ඉහළ නිලධාරීන් පත් කිරීමටද නිර්දේශ ඉදිරිපත් කරයි. ( ඉහත 5 ඡේදය බලන්න)

12. මුලික අයිතිවාසිකම්” නමි වු III වන පරිච්ඡේදයෙන් නීතිය ඉදිරියේ සම ආරක්ෂාවක් ලැබීම හා නීතිය සමාන ආකාරයෙන් ආරක්ෂා කිරීම ඇතුළු සිවිල් හා දේශපාලනික අයිතීන් සමුහයක් තහවුරු කෙරේ. (12 වගන්තිය) එමෙන්ම අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් රඳවාගැනීම හා දඩුවම්වලින් වැළැකීමටද අතීතයට බලපාන ලෙස නීති හා දඩුවම් පැනවීම ද තහනම් කෙරිණි. (13 වගන්තිය)17 සහ 126 වන වගන්ති හරහා ව්‍යවස්ථාව මඟින් තහවුරු කෙරුණු කිසියම් මුලික අයිතිවාසියකමක් උල්ලංඝනය වීමකදී ශ්‍රේෂ්ඨාධිකරණය හරහා එයට පරිපාලනමය හෝ විධායක පිළියමක් යෙදීමේ අවස්ථාව සලස්වා ඇතග

 B. නෛතික රාමුව

13. 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබු දා සිට එහි නීති පද්ධතිය රෝමානු ලන්දේසි නීතිය හා බි්‍රතාන්‍ය නීතිය මෙන්ම ර්‍ණපෞද්ගලික නීතින්” (මුස්ලිම්, කන්ද උඩරට හා 10 තේසවලාමෙයි ) වලින් සමන්විත සංකීර්ණ ව්‍යුහයක් බවට පරිණාමය වී ඇත. (HRIKORE / LKA 2008 74 2008 74 ඡේදය බලන්න)

14. බිම් මට්ටටේ අධිකරණ පද්ධතිය පහත දැක්වෙන ප්‍රධාන අංග මඟින් පාලනය වේ. ඒ අදාළ ව්‍යවස්ථාමය පාලනයන්ට අමතරවයථ
(අ) අධිකරණ සංවිධාන පනත (1978 අංක 2 දරණ), එය ඉතා මෑතකදී අධිකරණ සංවිධාන (සංශෝධන) පනත (2010 අංක 10 දරණ) පනත මඟින් සංශෝධන කෙරිණත
(ආ) පළාත් මහාධිකරණ ( විශේෂ පාලන ප්‍රදේශ) පනත (1990 අංක 19 දරණ), මෙය මෑතකදී පළාත් මහාධිකරණ ( විශේෂ පාලන ප්‍රදේශ) (සංශෝධන) පනත (2006 අංක 54 දරණ) මඟින් සංශෝධනය කෙරිණත
(ඇ) පළාත් මහාධිකරණ (විශේෂ පාලන ප්‍රදේශ) පනත (1996 අංක 10 දරණ) හා
(ඈ) රජයේ හා අධිකරණ නිලධාරීන්ගේ (විශ්‍රාම ගැන්වීමේ) ආඥා පනත.
මෙම නෛතික රාමුව තවදුරටත් දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ විධිවිධාන පනත හා සිවිල් විධි විධාන පනත මඟින් පැහැදිලි කෙරේ.

15. ජාත්‍යන්තර මට්ටමේ දී ශ්‍රී ලංකාව බොහෝ අන්තර්ජාතික මානව හිමිකම් ගිවිසුම්වල පාර්ශවකරුවෙකි. එයට අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය සහ එහි ප්‍රථම විකල්ප කෙටුම්පත, වධ හිංසා හා අනෙකුත් ක්‍රෑර, අමානුෂීය හා පහත් සැලකීම් හෝ දඩුවම් පිළිබද ප්‍රඥප්තිය, කාන්තාවන්ට එරෙහි සෑම ආකාරයකම හිංසාවන් වැළැක්වීමේ ප්‍රඥප්තිය, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හා අතුරුදහන් වුවන් සුරැකීමේ ප්‍රඥප්තිය අයත් වේ. 11

C. අධිකරණ ක්‍රමය

16. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 105 (1) දරණ වගන්තියෙන් අධිකරණ ක්‍රමය හඳුන්වාදෙන අතර අධිකරණ සංවිධාන පනතෙහි 3 කොටසින් එය තවදුරටත් විග්‍රහ කෙරේ.

I. උපරිමාධිකරණ

ශ්‍රේෂ්ඨාධිකරණය

17. ශ්‍රේෂ්ඨාධිකරණය රටෙි ඉහළම අධිකරණය වන අතර අභියාචන ඉදිරිපත් කළ හැකි අවසන් අධිකරණයයි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ස්තාපනය කර නියාමනය කෙරෙන්නකි.4 මෙම අධිකරණය ව්‍යවස්ථාමය ගැටළු නිරාකරණයේදී, මුලික අයිතිවාසිකම් නඩු, මැතිවරණ පෙත්සම් හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම් පිළිබඳව විභාග කරයි. එසේම එය සතුව උපදේශක අධිකරණ බලතලද වේ. අගවිනිසුරු හා ඔහු හෝ ඇය විසින් පත් කරන ලද ඕනෑම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් තිදෙනෙකුට අධිකරණයේ ක්‍රියාපටිපාටිය හා භාවිතය පිළිබඳ නීති සමිපාදනයට බලය ඇත. මෙයට බඳවා ගැනීම්, නෙරපා හැරීම් හා නීතිපතිවරුන් පහ කිරීම් මෙන්ම එම නීතිපතිවරුන්ගේ ආචාරධර්ම නියාමනය අයත් වෙි.
18. ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරු හා 6-10 අතර තවත් විනිසුරන් පිරිසකගෙන් සමන්විත වේ. මේ සියලු දෙනා හට පුර්ව නිශ්චිත විශ්‍රාම දිනයක් දක්වා සේවය කළ හැකි අතර මොවුන් පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසිනි. එසේම මොවුන් එම තනතුරුවලින් පහ කළ හැක්කේ අපචර්යාව හෝ අයෝග්‍යතාවය යන හේතු පදනම් කොටගෙන පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයාටය. 12

අභියාචනාධිකරණය.

19. අභියාචනාධිකරණය ද ස්ථාපනය කොට නියාමනය කෙරෙනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි.5 අනෙකුත් දේ අතර මෙම අධිකරණය මහාධිකරණය, මුලිකාධිකරණ, විනිශ්චය සභා හෝ ආයතනවල නඩු තීන්දු සඳහා අභියාචනා විභාග කිරීමේ කටයුතු සිදු කරයි. එහි බලතලවලට හෙබයාස් කොපුස් පිළිබද රිට් ආඥා නිකුත් කිරීම සහ ඕනෑම අධිකරණ වාර්තාවක් ඉල්ලීමක් කළවිට විමර්ශනය කිරීම ද අයත් වේ.

20. මෙම අධිකරණය අධිකරණ සභාපති හා 6-11 දක්වා තවත් විනිසුරු පිරිසකගෙන් සමන්විත වේ. මෙම විනිසුරුවරුන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය පරිදි ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර පුර්ව නිශ්චිත විශ්‍රාම වයස දක්වා සේවය කරති. මොවුන්ද තනතුරෙන් පහ කළ හැක්කේ අපචර්යාව හෝ අයෝග්‍යතාව පදනම් කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝශාභියෝගයකින් පසු ජනාධිපතිවරයාටය.

II. මුලික අධිකරණ

මහාධිකරණය

21. ශ්‍රී ලංකාවේ මහාධිකරණ ස්තාපනය කොට නියාමනය කරනු ලබන්නේ අධිකරණ සංවිධාන පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි.6 මහාධිකරණය 10 කට නොඅඩු හා 75 කට නොවැඩිවිනිසුරුවන් පිරිසකගෙන් සමන්විත වේ. මෙම විනිසුරන් පත් කෙරෙනුයේ නීතිපතිගේ උපදේශකත්වය මත අධිකරණ සේවා කොමිසමේ නිර්දේශයෙන් ජනාධිපති විසිනි. අධිකරණ සේවා කොමිසමෙහි නිර්දේශ මත ජනාධිපතිවරයා තනතුරෙන් පහ නොකළේ නම් ඔවුනට නිශ්චිත විශ්‍රාම ගැන්වීමේ 13 වයස දක්වා මොවුන්ට සේවය කල හැකිය. මහාධිකරණය සතු සිවිල් හා අපරාධ නඩු මෙන්ම අභියාචනා විභාග කිරීමේ බලතල ඇත.

22. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඡ වගන්තිය රටේ සෑම පළාතකම පළාත් මහාධිකරණ පිහිටුවීමට පහසුකමි සපයයි. මේ සෑම අධිකරණයකටම අවශ්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහාධිකරණයෙන් පත් කිරීම සිදුකරනුයේ අගවිනිසුරුවරයා විසිනි. අගවිනිසුරුවරයාට එම විනිසුරන්ගේ ස්ථාන මාරු ද සිදුකළ හැකිය. අනෙකුත් දේ අතර පළාත් මහාධිකරණවලට අපරාධ නඩු විභාගය, අභියාචනා හා ප්‍රතිශෝධන නඩු විභාගය, මහේස්ත්‍රාත් අධිකරණ හෝ ප්‍රාථමික අධිකරණ මගින් දෙන ලද නඩු තීන්දු නැවත සලකා බැලීම, පළාතේ දිස්ත්‍රික් උසාවිය මගින් දෙන ලද නියෝග හා තීන්දු විභාගය මෙන්ම හෙබයාස් කොපුස් නිකුත් කිරීමටද බලය ඇත.

23. කොළඹ වාණිජ මහාධිකරණය පිහිටවනු ලැබුයේ පළාත් මහාධිකරණ පනත (1996 අංක 10 දරණ) යටතේය. ඒ වාණිජ ගනුදෙනු හා සම්බන්ධ සිවිල් ක්‍රියාකාරකම්විභාගයට, ආයතනික නීති පිළිබඳවිභාගය, බුද්ධිමය දේපළ අවභාවිතය, නෞකා බලස්ථාන ගැටළු ආදිය විභාගය සදහාය. 2016 ජනවාරි මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොරොත්තු ලේඛනයේ පවතින සියළු නඩු විභාග කඩිනම් කිරීම සදහා කොළඹ විශේෂ මහාධිකරණයක් පිහිටවනු ලැබීය. මෙම පනත යටතේ ගෙන එන නඩු විභාගය සදහා තවත් විශේෂ මහාධිකරණයක් අනුරාධපුරයේද පිහිටවනු ලැබිණ.

දිස්ත්‍රික් අධිකරණ

24. දිස්ත්‍රික් අධිකරණ යනු ආදායම්,දේපළ වෛවාහික, අරමුදල්, බුන්වත් බව, අන්තිම කැමතිපත්‍ර ආදි සියලු සිවිල් කටයුතු පිළිබඳව විිශේෂයෙන් වෙනත් අධිකරණයකට බලය පවරා නොමැති අවස්ථාවකදී විභාග කෙරෙන මුලික අධිකරණයයි. මෙම අධිකරණ සෑම අධිකරණ දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති අතර අධිකරණ සංවිධාන 14

පනත මගින් නියාමනය වේ. දිස්ත්‍රික් අධිකරණ විනිසුරන් පත් කෙරෙනුයේ අධිකරණ සේවා කොමිසම මගින් වන අතර ඔවුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය තීරණය කෙරෙනුයේ රාජ්‍ය හා අධිකරණ නිලධාරි (විශ්‍රාම) ආඥා පනත මගිනි.

ප්‍රාථමික අධිකරණ

25. සෑම අධිකරණ කොට්ඨාශයක් සඳහාම අධිකරණ සංවිදාන පනත මගින් ප්‍රාථමික අධිකරණ පිහිටුවා ඇත.අධිකරණ අමාත්‍යවරයා නියම කරන ලද මුදල නොඉක්මවන ණය, අලාභ ආදිය හා සම්බන්ධ සිවිල් නඩු විභාග කිරීම සඳහා වු මුලික අධිකරණ බලතල හිමි වනුයේ මෙම අධිකරණයටයි. මෙහි විනිසුරන් පත් කිරීම අධිකරණ සේවා කොමිසම මගින් සිදුකරන අතර විශ්‍රාම ගැන්වීම තීරණය කෙරෙනුයේ රාජ්‍ය හා අධිකරණ නිලධාරී (විශ්‍රාම) ආඥා පනත මගිනි. මෙම අධිකරණ ක්‍රියාත්මක තත්වයේ පවතින්නේ ද යන්න විශේෂ සම්බන්ධීකාරවරියට අපැහැදිලිය.

මහේස්ත්‍රාත් අධිකරණ

26. අධිකරණ සංවිධාන පනත මගින් සෑම අධිකරණ කොට්ඨාශයක් සදහාම මහේස්ත්‍රාත් අධිකරණ පිහිටුවීම සිදු කරයි. දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ විධිවිධාන පනත යටතේ එන ඔිනෑම අපරාධ චෝදනාවක් විභාග කිරීමෙි මුලික බලතල මහේස්ත්‍රාත් අධිකරණය සතු වේ. එමෙන්ම එම අධිකරණවල බලතල හා රාජකාරි පිළිබඳවිස්තර කෙරෙනුයේද ඉහත පනත් දෙක හරහා ය. මහේසත්‍රාත්වරුන් පත් කෙරෙනුයේ අධිකරණ සේවා කොමිසම මගිනි. ඔවුන් විශ්‍රාම ගැන්වීම තීරණය කෙරෙනුයේ රාජ්‍ය හා අධිකරණ නිලධාරී (විශ්‍රාම) ආඥා පනත මගිනි. 15

අනෙකුත් අධිකරණ හා විනිශ්චය සභා

27. කෘෂි කාර්මික විනිශ්චය සභාව, කම්කරු උසාවිය ආදී බොහෝ පාලන විනිශ්චය සභා පවතින අතර ඒවා හරහා නීති ප්‍රකාරව අර්ධ නීතිමය කටයුතු සිදුකරනු ලැබේ.

IV. ස්වාධීන, කාර්යක්ෂම හා අපක්ෂපාතී අධිකරණ ක්‍රමයකට ඇති අභියෝග

 A. මානව හිමිකම් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම.

28. ශ්‍රී ලංකාවේ බොහෝ අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තීන්වල පාර්ශවකරුවෙකු වන අතර පෞද්ගලිකව පැමිණිලි භාර ගැනීමට තරම් එම අයාතන සමත් බවට පිළිගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ප්‍රඥප්තීන් හා ඒවායෙහි නීති ව්‍යවහාරයන් දේශීය අධිකරණ පද්ධතියට අනුගත කරගන්නා තුරු එම ව්‍යවහාරයන් දේශීය අධිකරණ තුළ භාවිත කළ නොහැකිය. මෙය ඉතා විශාල ගැටලුකාරී තත්වයක් ඇති කර තිබේ. එයට හේතුව බෙහෝ ප්‍රඥප්තීන්වල ඇතුළත් වන කරුණු මේ වන තෙක් ව්‍යවස්ථාපිත කොට හෝ නීතිගත කොට නොතිබීමය.

29. මෙම අන්තික නෛතික ද්වෛතවාදව ස්ථිරසාර වුවක් නොවේ. එයට හේතුව මේ ප්‍රඥප්තියක පාර්ශවකරුවෙකුහට එහි අඩංගු කරුණු සපුරාලීමෙන් වැලකීම හෝ මගහැරීම සදහා දේශීය නීිති ව්‍යවහාරයන් නිදහසට කරුණක් කර ගත නොහැකි හෙයිනි. යම් අවස්ථාවක රජය මානව හිමිකම් ප්‍රඥප්තියක පාර්ශවකරුවෙකුවීද එහි අඩංගු කොන්දේසිවලට ශ්‍රී ලංකාව යටත්වනු ඇති බව ශ්‍රී ලාංකිකයන්ගේ සාධාරණ අපේක්ෂාවයි. මෙම ප්‍රඥප්තීන් මගින් ආරක්ෂා කෙරෙන අයිතීන් හා වරප්‍රසාදයන් පොදු ජනතාවට භුක්ති විදීමට අවස්ථාව සැලසීම සෑම පාලනාධිකාරයකම වගකීමයි. අවශ්‍ය විටෙක අධිකරණයන් හරහා ඒවා බලාත්මක කිරීමටත්, යම් ගැටලුවකදී වහාම නෛතික ක්‍රියා මාර්ග ගැනීමටත් ඔවුහු බැදී සිටිති. 16

30. මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව විසින් ස්වධීනව එකඟවී ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් දේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බව විශේෂ සම්බන්ධීකාරවරිය තරයේ අවධාරණය කරයි”

B. අධිකරණ පද්ධතියේ ස්වාධීන බව ශක්තිමත් කිරීම

31. බලය බෙදාහැරීම හා අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලි විධිවිධානයන් දක්වා නොමැත. මෙහිදී අධිකරණ පද්ධතියට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීති හා මානව හිමිකම් සුරැකීම පිළිබඳව මෙන්ම ස්ථාවර හා අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට දැඩි වගකීමක් ඇත.

32. අධිකරණ පද්ධතියේ යෝග්‍යතාව, අපක්ෂපාතීත්වය හා ස්වාධීන බව පිළිබඳව සාධාරණ සැකයක් විශේෂ වාර්තාකරු ගේ සංචාරය අතරතුර ඇය වෙත ඉදිරිපත් කෙරිණ. ඇතැම් කාල වකවානු තුළ තම තීන්දු අත්හිටුවීමට හෝ ඒවාට බලපෑම් කිරීමට බොහෝ විනිසුරුවරුන්ට පීඩනයක් එල්ල කෙරුණේ ඉහළ බලාධිකාරයන් විසිනි. උදාහරණයක් ලෙස එවකට අගවිනිසුරුවරියක වු ශිරානි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගයට පෙර හෝ ඒ අතරතුර විනිසුරන් හා නීතිඥයන්ට එරෙහි පහරදීම් උත්සන්න වු අතර ඇතැම් විට ප්‍රචණ්ඩකාරී විය. එම පීඩාකාරී තත්වය නව රජය යටතේ සැලකිය යුතු අන්දමින් තුරන්ව ගොස් ඇති අතර මෑත කාලීනව කිසිදු ඍජු පහරදීමක් කළ බවට විශේෂ වාර්තාකරු ට වාර්තා නොවීය.
33. විශ්‍රාම ගැනීමෙන් පසු බොහෝ විනිසුරුවරුන්ට රාජ්‍ය හෝ දේශපාලනික තනතුරු පිරිනැමෙන බවට වාර්තා විය. මෙම ක්‍රියාව හේතුවෙන් එවන් තනතුරු අපේක්ෂා කරන විනිසුරන්ගේ අපක්ෂපාතීත්වය හා ස්වාධීනත්වය පිළිබඳව සැක මතු කරන අතර විවිධ මත ගැටුම් ද ඇති කළ හැකිය. 17

34. ඇතැම් සංවර්ධනාත්මක ප්‍රතිසංස්කරණයන් අතරතුර වුවද, යුද්ධය හා එහි පසු කාලීන බලපෑම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ අධිකරණ පද්ධතියේ ස්වාධීන බව ක්‍රමයෙන් හීන ව ගොස් ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මෙම සංචාරය තුළ නිරීක්ෂණය කළ කරුණක් වුයේ 2015 නව රජයක් පිහිටුවීමත් සමඟ ඇතැම්විනිසුරුවරුන් තම ස්වාධීනත්වය තහවුරු කරගනිමින් සිටින බවයි. මෙයට හේතුවක් විය හැක්කේ තම අධිකාරිය පිළිබඳව විනිසුරන්ට වඩා සුරක්ෂිත බවක් දැනීම හා අනවශ්‍ය පීඩාවකදී අවශ්‍ය ආරක්ෂාව ලැබේ යැයි ඔවුන්තුළ ඇති විශ්වාසය විය හැකිය. කෙසේ වෙතත් අධිකරණ පද්ධතිය හා නෛතික ස්වාධිනත්වයට අවශ්‍ය ව්‍යුහයමය සුරක්ෂිතතාවය පිළිබඳව තවමත් බොහෝ ගැටලු පවතී.
තෝරා ගැනීම් හා බඳවා ගැනීම්

35. විශේෂ වාර්තාකරු වරියගේ සංචාරය අතරතුරදී බොහෝ පිරිස් විනිසුරුවරුන් තෝරාගැනීම හා බඳවා ගැනීම් පිළිබඳව සැක සංකා පළ කළහ. විශේෂයෙන් එම ක්‍රමවේදයන්හි විනිවිදභාවය හා එහිදී ජනපතිවරයා සතු භූමිකාව මෙම සැකයන්ට හේතු විය. එයට හේතුව එමඟින් දේශපාලනික මෙහෙයවීම් හා ඇඟිලි ගැස’ම් සිදුවිය හැකි බැවිිනි. මෙහිදී වාර්තාකරු වරිය පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ වගකීම වනුයේ ජනාධිපතිවරයාගේ බලපෑම අවම කිරීම වුවද එම සභාවට අයත් සාමාජිකයන් බහුතරයක් ද දේශපාලකයන් වන බවයි.

36. උපරිමාධිකරණ විනිසුරන් තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියේදී අපේක්ෂකයන්ගේ ශක්‍යතාවය මැන බලන ආකාරය හා ඒ සදහා යොදා ගන්නා නිර්ණායක මොනවාද යන්න අපැහැදිලිය. විශේෂයෙන් තනතුර සඳහා අපේක්ෂකයන් නිර්දේශ කිරීම හෝ තෝරාගත් අපේක්ෂකයන් අනුමත කිරීම හෝ සිදුකිරීමේදී විවිධ තනතුරුවලට අදාල වන නිශ්චිත ක්‍රියාපටිපාටිය ව්‍යවස්ථාදායක සභාව විසින් මේවන තෙක් ලේඛනගත කර නොතිබීම ඉතාමත් ගැටළු සහගතය.

37. බිම් මට්ටමෙි අධිකරණවල විනිසුරන් පත්කිරීමේ නියමයන් පිළිබඳව අධිකරණ සේවා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. එම නියමයන්ට අනුව, එම අධිකරණ 18 පද්ධතියට ඇතුලු වීම සඳහා අපේක්ෂකයන් යටත් පිරිසෙන් වසර තුනක්වත් නීතිඥවරුන් ලෙස ක්‍රියාකාරීව සිටිය යුතුය. එයට අමතරව ඔවුහු ලිඛිත පරීක්ෂණයකින් හා සමිමුඛ පරීක්ෂණයකින් ද සමත් විය යුතුය. තනතුරට පත් වු කල ඔවුහු විනිසුරුවරුන්ගේ ආයතනයේ අනිවාර්ය පුහුණුව ලැබිය යුතුය.විශේෂ වාර්තාකරු වරියට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළි වු පරිදි පසුගිය කාලය තුළ මෙම ක්‍රියා පටිපාටියෙන් බාහිරව විනිසුරන් පත් කිරීම සිදුකර තිබුණ.

38. විනිවිදභාවය, නෛතික භාවය වර්ධනය කරමින් දේශපාලනික මෙහෙයවීම් හා අත්තනෝමතික ක්‍රියාවලින් වැළකී ඉහළ ශක්‍යතාවයකින් යුතු අධිකරණ පද්ධතියක් ගොඩනැගීමටනම්, අනිවාර්යයෙන්ම නිවැරදි හා බරපතල බඳවාගැනීමෙි පටිපාටියක් තිබිය යුතුය. ඒ හරහා මහජනතාව තුළ අධිකරණ පද්ධතියේ අපක්ෂපාතීත්වය හා ස්වාධීන බව පිළිබඳව විශ්වාසනීයත්වය තහවුරු කළ යුතුය.

39. ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත අධිකරණ සේවා කොමිසම සතු ඉතා විශාල බලයක් හා වගකීම් සමුහයක් පවතී. එහි ස්වාධීනත්වය තාක්ෂණික ශක්‍යතාවය හා නෛතිකභාවය තහවුරු කිරීම සඳහා අනෙකුත් අධීකරණවල විනිසුරන්, විද්වතුන් හා විශේෂඥයින් අන්තර්ගත කළ හැකි පරිදි එහි වපසරිය පුළුල් විය යුතුය. ඒ සඳහා විශ්‍රාමික විනිසුරුවරුන් නීතිඥවරුන් හා උගතුන් සම්බන්ධකර ගත හැකිය.
උසස් වීම්

40. මුලික අධිකරණවල විනිසුරන්ගේ කාර්යසාධනය ඇගයීමට නිසි ක්‍රමවේදයක් නොමැති අතර උසස් වීම් සඳහා සහාය වන ආකාරයේ කිසිදු නිර්ණායකයක්ද නොමැත. මෙමඟින් අධිකරණ සේවා කොමිසමට අනවශ්‍ය බලයක් ලැබෙන අතර ඒ මඟින් අත්තනෝමතික තීරණ ගැනීමේ ප්‍රවනතාවයක් ඇති වේ. එවන් තත්වයක් තුළවිනිසුරුවරුන්ගේ රාජකාරියට හා අවසාන වශයෙන් ඔවුන්ගේ ස්වාධීනත්වයට මේ හරහා අනවශ්‍ය අයහපත් බලපෑම් ඇති විය හැකිය.

ස්ථාන මාරු 19

41. සංචාරය අතරතුර ඉදිරිපත් කෙරුණු තොරතුරු අනුව මුලික අධිකරණවල විනිසුරු වරු සැම සිව් වසරකටම වරක් හෝ ඇතැම්විට ඊට පෙර පවා වෙනත් අධිකරණ බල ප්‍රදේශයකට ස්ථානමාරු ලැබිය යුතුය. එසේ යම්වසර ගණනකින් පසු වෙනත් බල ප්‍රදේශයකට මාරු කිරීමෙන් යම් තරමකට අධිකරණයේ ස්වාධීනත්වය රැකුනද මෙම ක්‍රමය ඇතැම්විට පෞද්ගලික පළිගැනීම් සඳහා ද යොදා ගත හැකිය- යොදා ගෙන තිබේ. මේ පිළිබඳව අදාල නිර්ණායකයන් අධිකරණ සේවා කොමිසම විසින් ප්‍රසිද්ධ කිරීම හරහා මෙහි විනිවිද භාවය වර්ධනය කළ හැකිය.

42. නඩු විභාග කිරීමේ දී හා කලට වෙිලාවට නඩු තීන්දු ලබා ගැනීමේ දීද මෙම ස්ථාන මාරු අයහපත් බලපෑම් ඇති කළ හැකිය. විශේෂ වාර්තාකරු වරියගේ අදහස අනුව එවන් බලපෑම් සීමා කිරීමට හෝ වහාම පියවර ගත යුතුය. පරිපාලන විධිවිධාන පරයා යුක්තිය පසිදලීමට මුල් තැන ලැබිය යුතුය. තවදුරටත් ගත් කළවිනිසුරු වරුන්ගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු පැන නැගීම අවම කර ගැනීම සඳහා මෙවන් ස්ථාන මාරු වලදී එම පවුල් සාමාජිකයන්ටද තව නව ප්‍රදේශයකට සංක්‍රමණය වීමෙි පහසුකම් සැලසිය යුතුය.
සේවා තත්වය

43. විනිසුරුවරුන්ගේ වේතනයන් පහළ මට්්ටමක පවතින බැවින් බොහෝ සුදුසුකම්ලත් පුද්ගලයන් ඒ පිළිබඳව උනන්දු නොවෙති. එපමණක් නොව ඛිම් මට්ටමේ අධිකරණ නිලධාරීන්ගේ වැටුප් ක්‍රමය අනෙකුත් රාජ්‍ය නිලධාරීන් හා සමාන වේ.විනිසුරුවරුන් හට තම සේවාවට සරිලන පරිදි ගෞරවාන්විතව ජීවත් වීම සඳහා දීමනා ලබා දීම අත්‍යාව්‍යශය.විනිසුරුවරුන්ගේ වැටුප් ද ඔවුන්ගේ තනතුරෙහි ස්වභාවය අනුව තීරණය කළ යුතු අතර අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ක්‍රමයන් හා සමාන නොවිය යුතුය.

44. විනිසුරුවරුන්ට වඩාත් ප්‍රසන්න වාතාවරණයක් යටතේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබා දිය යුතුය.විශේෂයෙන් කාර්යාල හා පුස්තකාල පහසුකම් ආදී 20ප්‍රමාණවත් සම්පත් ලැබිය යුතුය. මෙම තත්ත්වය පිළිබඳව විනිසුරුවරුන් බොහෝ දෙනෙකු විශේෂයෙන් අදහස් දක්වා සිටියහ.

පුහුණුවීම්

45. විනිසුරුවරුන්ගේ ආයතනය මුලික අධිකරණවල විනිසුරන් පුහුණු කිරිමේ ප්‍රමුඛත්වය හොබවන අතර ඔවුන්ට සේවා කාලය අතරතුර පුහුණුවීමේ අවස්ථා ඇති කරන වැඩසටහන්ද මෙහෙයවයි. මෙයට වීඩියෝපට හරහා පුහුණුව ලබා දීමද ඇතුලත්ය. ඇතැම්විනිසුරුවරුනට වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුවීම් සඳහා විදේශ ගත වීමටද අවකාශ ලැබේ. එම අවස්ථාවන් විෂය මුලික නිර්ණායකයන් අනුව විදිමත්ව ආධුනික විනිසුරුවරුනට පවා හිමිවිය යුතුය. එවැනි පුහුණු සැසි සඳහා සාමාජිකයන් තෝරා ගැනීමේදී ස්ථාවර හා විනිවිදභාවයකින් යුතු තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය.

46. විනිසුරුවරුන්ගේ ආයතනය වඩාත් නව වැඩසටහන් හඳුන්වා දිය යුතු අතර, එයට අන්තර්ජාතික මානව හිමිකම් නීති, කාන්තා අයිතිවාසිකම් හා ලිංගිකත්වය මත වෙනස්වන දෘෂඨිකෝණ, අන්තර්ජාතික, මානුෂීය නීතිය, අන්තර්ජාතික අපරාධ නීතිය, මතු වී එන නීති ගැටලු, නව තාක්ෂණික සංවර්ධනයන් හා සංකීර්ණ අධිකරණ වෛද්‍ය සාක්ෂි විශ්ලේෂණය කිරීමේ නව තාක්ෂණික ක්‍රමවේදයන් ආදිය ඇතුළත් විය යුතුය. ආයතනයට වඩාත් පුළුල් හා සංවර්ධිත පුස්තකාල පහසුකම් හා අනෙකුත් පහසුකම් ලබා ගත හැකි පරිදි ප්‍රතිපාදන ලබා දිය යුතුය. ආයතනයේ පාලනාධිකාරයට විශ්‍රාමික විනිසුරුවන්, විද්වතුන් හා ශ්‍රී ලංකා නීතිඥ මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් සැදි මණ්ඩලයක් මඟින් උපදේශකත්වය ලබා දිය යුතුය.

C. අධිකරණ පද්ධතියේ වගකීම 21

47. අධිකරණ පද්ධතියේ වගකීම අධිකරණ පද්ධතිය ස්වාධීනත්වය හා අතිනත ගත්තකි. මෙම සාධක දෙකම ප්‍රජාතන්ත්‍රවාදී සාමාජයක දී අත්‍යාවශ්‍ය කරුණු ය. මෙම පද්ධතිය සාධාරණ හා ස්ථාවරව පවත්වා ගැනීමටනම්, විනිසුරුවරුන්ට ඔවුන්ගේ කාර්යභාරයට අදාල වරප්‍රසාද භුක්ති විඳීමට අවස්ථාව ලබා දෙන අතරම ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ වගකීමේ ක්‍රමවේදයක් ද තිබිය යුතුය.

48. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දෝෂාභියෝගයකින් පසුව උපරිමාධිකරණ විනිසුරන්ව ජනාධිපතිවරයාට තනතුරෙන් පහ කල හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිරික්සා ඇති මෙම ක්‍රමවේදය සාමාන්‍ය නීතියට යටත් නොවන අතර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයක් හරහා ක්‍රියාත්මක කල යුතුය. මෙම දොෂාභියෝග ක්‍රියාපටිපාටිය දැඩි සේ දේශපාලනීකරණය වී ඇති අතර, කිසිඳු විනිවිදභාවයකින් තොරය. ක්‍රමවේදයන්ගේ අපැහැදිලිතාවය හා සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරීම හරහා මෙහි නෛතිකභාවය තවදුරටත් හීන වේ. මෙම දේශපාලනීකරණය පිළිබඳ උදාහරණයක් ලෙස 2013 අගවිනිසුරුවරියගේ දෝශාභියෝගය දැක්විය හැකිය.8විශේෂ සම්බන්ධිකාරකවරිය දක්වන පරිදි 2015 නව රජය පත්වීමත් සමඟ විධායක බලතල මඟින් එම අගවිනිසුරුවරිය තනතුරෙන් ඉවත් කොට ඇත. මෙම තත්ත්වය අධිකරණ පද්ධතිය කෙරෙහි විධායක බලය යෙදවීමෙි භයානක තත්ත්වයක් මතු කරයි.

49. මුලික අධිකරණ විනිසුරුවරුන් සඳහා විනය ක්‍රියා මාර්ග ගැනීමේ අයිතිය අධිකරණ සේවා කොමිසම සතු වේ.මහාධිකරණ විනිසුරුවරුන් පිළිබඳව කටයුතු කිරීමේ දී කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරයි. මෙම ක්‍රමවේදය අත්තනෝමතික විනය ක්‍රියා මාර්ග ගැනීමට එරෙහිව ප්‍රමාණවත් සහතිකයක් නොදෙයි. ඇතැම් කාල වකවානුවල දී මෙම ක්‍රමය රජයට සහාය නොදෙන විනිසුරුවරුන්ගෙන් පිළිගැනීමට හා ඔවුන් පීඩාවට පත් කිරීමට පවා යොදා ගත් බවට වාර්තා වේ. 22

50. නිශ්චිත නියාමන ක්‍රමවේදයක් නොමැති වීම ද, ගැටළුසහගත ය. විනය ක්‍රියා මාර්ග ගත හැකි විනය කඩ කිරීම් පිළිබඳ විස්තරාත්මක මාර්ගෝපදේශ විනිසුරුවරුනට ලබා දිය යුතුය. විනිසුරුවරුන්ගේ වැඩ තහනම් කිරීම හෝ සේවයෙන් පහ කිරීම සිදුකල යුත්තේ අයෝග්‍යතාවය හෝ විනය කඩ කිරීම්වලදී පමණි. එවන් නියාමන ක්‍රමවේදයක් තිබීම මඟින් විනය ක්‍රියා මාර්ග විධිමත් වීම පමණක් නොව විනිසුරුවරුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය වීම ද සිදුවේ.

51. සෑම විනය ක්‍රියා මාර්ගයක්ම මුලික මානව අයිතිවාසිකම් ප්‍රතිපත්තිවලට ගරු කල යුතු අතර, එයට විධිමත් පරීක්ෂණ ක්‍රමවේදයක් හා තීන්දුවකට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව අයත් වේ. එමෙන්ම එම ක්‍රියා මාර්ග පාර්ලිමේන්තුවේ අනුමත ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කළ යුතුය. එහිදි ස්වාධීන හා අපක්ෂපාතී පුද්ගලයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් පිහිටු විය යුතු අතර, අදාල අවකල් ක්‍රියාවන් හා එයට අදාල ප්‍රතිවිපාක එකිනෙක ගැළපිය යුතුය, ප්‍රමාණවත් විය යුතුය.ෘ නීතිපති දෙපාර්තමේන්තුව, පරීක්‍ෂණ හා නඩු පැවරීම

D. නීීතිපති දෙපාර්ථමේන්තුව, පරීක්ෂන සහ නඩු පැවැරීම

52. නීතිපතිවරයා රජයේ ප්‍රධාන නීති උපදේශක ලෙස මෙන්ම ප්‍රධාන රජයේ පැමිණිලි මෙහෙයවන්නා ලෙස ද, කටයුතු කරයි. ඔහු හෝ ඇයව පත් කෙරනුයේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය පරිදි ජනාධිපති විසිනි.9තවමත් ව්‍යවස්ථාදායක සභාව මේ පත් කිරීමේ ක්‍රමවේදය, ඇගයීම් නිර්ණායක, තෝරා ගැනීම හා පත් කිරීම් පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැති බැවින් මෙම ක්‍රියාපටිපාටිය විනවිදභාවයෙන් තොර ය. රාජ්‍ය නීති උපදේශකයා පත්කිරීම්, උසස් කිරිම් හා ස්ථාන මාරු කිරිමේ වගකීම ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමටය. මෙම කොමිසම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් ජනපතිවරයා විසින් පත්කරනු ලැබු සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත වේ. මෙහි අපේක්ෂයන් නීතිඥවරුන් වියයුතු අතර, සම්මුඛ පරීක්ෂණ මණ්ඩල දෙකක් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතුය. 23

53. නීතිපති දෙපාර්තමේන්තුවට විමර්ශන සිදුකිරීමේ බලය නොමැත. සියළු අපරාධ විමර්ශන කටයුතු සිදුකෙරෙනුයේ පොලිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් අපරාධකරුවන් සමිබන්ධ නඩු පැවරිය හැකි පාර්ශවයන් අතිනි. අනතුරුව මෙම පාර්ශවයන් තම විමර්ශනවල තත්ත්වය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතුය. මහාධිකරණයේ විභාග කෙරෙන අපරාධ පිළිබඳ නඩු පැවරීම සිදුකෙරෙනුයේ රජයේ නීතිඥවරුන් අතිනි.මහාධිකරණයේ ක්‍රියාපටිපාටීන් නියාමනය කෙරෙනුයේ නීතිපති දෙපාර්තමේන්තුව මඟිනි.

54. නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසියේ කටයුතු පිළිබඳ ගැටළු බොහොමයක් විශේෂ වාර්තාකරු වරියගේ අවධානයට යොමු කෙරිණ. මෙම විමර්ශනවල ගුණාත්මක තත්ත්වයේ අඩුපාඩු, නොසැලකිල්ල හා පමාවීම් ආදිය ඉතා ගැටළුකාරී වන අතර, එමඟින් එම ක්‍රියා මාර්ග හා ප්‍රතිපත්තීන් දැඩි සේ උල්ලංඝනයවීමට හේතු වේ. පොලිස් නිළධාරීන්ව මෙම සියුම් රාජකාරි සඳහා නිසි ලෙස පුහුණු කොට නොමැති අතර, බොහෝ දෙනා හට මුලික තාක්‍ෂණික දැනුම පවා නොමැත. බහුතරයක් විමර්ශන තවමත් රුඳී පවතින්නේ පාපොච්චාරණ මත වන අතර, මෙයින් ඇතැම් පාපෝච්චාරණ වධහිංසා හරහා ලබා ගන්නා ඒවා වෙයි.

55. ගැටළුසහගත නොවන හා දේශපාලනික නොවන සිද්ධීන්හි දී පවා විමර්ශන සාධක ලැබුණු පසු අධිචෝදනා ගොනු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට බොහෝ විට වසර ගණනාවක් ගත වේ. උදාහරණයක් ලෙස ළමා අපචාර සිද්ධියක දී දෙපාර්තමේන්තුවට චෝදනා ගොනු කිරීමට වසර 07 ක් ගතවිය. මෙවැනි ප්‍රමාදවීම් නිසා වින්දිතයාට මෙන්ම චුදිතයාට ද දිගු කාලීන අයහපත් ප්‍රථිපලවලට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන්ම චුදිතයා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටීනම්, එය පිළිගත නොහැකි තත්ත්වයකි.

56. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව ඇතැම් සිද්ධීන්, විශේෂයෙන් ආරක්‍ෂක හමුදා, විශේෂයෙන් හමුදා සාමාජිකයන් සම්බන්ධ නොඑසේනම්, දැඩි මානව හිමිකම් 24 කඩවීම් හෝ දුෂණ වංචා සම්බන්ධ සිද්ධීන් විමර්ශනය ප්‍රමාද වෙන අතර, ඇතැම්විට විමර්ශන කෙසේවත් සිදුනොකෙරේ. මෙවන් සංවේදී සිද්ධීන්හිදි නීතිපති දෙපාර්තමේන්තුව “වඩා අලස” වුවක් ලෙස විස්තර කෙරේ. එපමණක් නොව ඇතැම් සිද්ධීන්හිදී, විශේෂයෙන් කාන්තාවන් හෝ ළමුන් දුෂණය හා ලිංගික බලහත්කාරකම් ආදි අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණ දුන් අවස්ථාවල දී රජයේ නීතිඥවරු විශ්වාස කල නොහැකි තරම් වු අසංවේදි බවක් රළු බවක් පෙන්වති. ඔවුන් හට නිසි පුහුණුවක් ලබා දීම අත්‍යාවශ්‍ය වන අතර, එයට මානව හිමිකම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇතුළත් විය යුතුය. එසේම රජයේ නීතිඥවරුනට නිශ්චිත නියාමන ක්‍රමවේදයක් ද, නොමැත. ඔවුන් ද නීතිඥවරුන් බැඳී ඇති ආචාර ධර්ම පද්ධතියෙන්ම බැඳි සිටිති.

57. සෑම ප්‍රාදේශීය මහාධිකරණයකම එක් රජයේ නීතිඥවරයෙකු සේවය කරයි. එහෙත් සෑම ක්‍රියාපටිපාටියක්ම කේනද්‍රගතවන්නේ කොළඹ නීතිපති දෙපාර්තමේන්තුව වටාය. එයට චෝදනා ඉදිරිපත් කරයි ද, නොකරයි ද, යන සැකයට බඳුන් වු සිද්ධීන් ද ඇතුළත් වේ. මෙම කටයුතු විමධ්‍යගත කිරීමට මේවන විට උත්සහ ගන්නා අතර, එයට සෑම නඩු පැවරීමක දීම කොළඹින් උපදෙස් නොගෙන ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කිරීමට අවශ්‍ය නව ප්‍රාදේශීය අධීක්‍ෂණ ක්‍රමවේදයක් පිහිටුවීම ද, අයත් වේ. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමෙින්තුවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ප්‍රමාණයෙන් ඉතා අඩු වන අතර, ඔවුහු එකතු වී ඇති නඩු සඳහා චෝදනා ගොනු කිරම් ආදී කටයුතු සිදුකරති.

58. නීතිපති දෙපාර්තමේන්තුව රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියා කරයි. එය කෙසේවත් රජය ආරක්‍ෂා කිරීමට සමාන නොවේ. කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුව ජනතා වෙනුවෙන් නොව රජය හා එහි උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බවට මතයක් පවතී. මෙම තත්ත්වය පැමිණිලි පාර්ශවයේ ස්වාධීනත්වය හා විශ්වසනීයත්වය හීන කරයි.

E. සමාජයීය විවිධත්වය විදහා දක්වන අධිකරණ පද්ධතියක් 25

59. ශ්‍රී ලංකාවේ බහුතරයක් සිංහල ජනතාව වන අතර, සැළකිය යුතු දෙමළ හා මුස්ලිම් සුළු ජාතික ජනතාවක් සිටිති. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බහුතරය වන්නේ දෙමළ ජනතාවය. සිංහල හා දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂාවන් වෙි. එහෙත් මෙම ජන විවිධත්වය අධිකරණ පද්ධතිය තුළ දක්නට නොලැබේ. අධිකරණ පද්ධතියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිස් සේවයේ නියුතු බහුතර පිරිසක් සිංහල ජාතිකයෝය. දිවයින පුරා බොහෝ ස්ථානවල මෙම ආධිපත්‍යය 100% ක් වෙි.

60. මෙම පසුබිම තුළ භාෂා ප්‍රශ්නය ගොඩනැගෙන්නේ දෙමළ භාෂාව කථා කල හැකි විනිසුරන්, රජයේ නීතිඥයන් හා පොලිස් නිළධාරීන් සිටිනුයේ ඉතා සුළු පිරිසක් වීම හේතුවෙනි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවා බහුතර අධිකරණ ක්‍රියාදාමයන් ප්‍රමාණයක් සිදුකෙරෙන්නේ සිංහල භාෂාවෙනි. අධිකරණ අර්ථකථනයන් ඇතැම්විට තිබුණ ද, ඒවායේ ගුණාත්මක තත්ත්වය පහත් බව දැනගන්නට ඇත. මෙයට සමාන බරපතල තත්ත්වයක් උදාවන්නේ පොලිස් නිළධාරීන් හට දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල පවා දෙමළ බසින් පැමිණිලි ලිවීමට, සාක්‍ෂි රැස්කිරීමට හා ප්‍රශ්න කිරීම් සිදුකිරීමට ඇති නොහැකියාවයි. එබැවින් ඉතා දුර්වල සිංහල පිටපත් කිරිම් හෝ පරිවර්තනය කිරීම මෙහිදි සිදුවේ.ඇතැම් අවස්ථාවල භාෂා පරිවර්තනය හා අර්ථකථන පහසුකම නොමැති බැවින් දෙමළ බසින් සිදුකෙරෙන ප්‍රකාශයන් වාර්තා කිරීම පැහැර හැරීම ද සිදුවේ. මෙම තත්වය තුළ වාර්තාවල නිරවද්‍ය බව, ගුණාත්මක බව හා විශේෂයෙන්ම විමර්ශනවල නෛතික බව පිළිබඳව ගැටළු පැන නැඟේ. භාෂා පරිවර්තන හා අර්ථකථන පහසුකම නොමැති වීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී චුදිතයට තම අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් නොලැබේ. ඇතැම් සිදධීන්වලදී දෙමළ බසට පරිවර්තනය කිරිමෙන් තොරව සිංහල බසින් පමණක් නඩු තීන්දු ලබා දෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නීතිඥයන්ට හා ඔවුන්ගේ සේවාදායකයින්ට තීන්දුව පිළිබඳ අවබෝධයක් නොලැබේ. මෙම භාෂා ගැටළු හරහා යුක්තිය පසිඳලීම මෙන්ම සාධාරණ නඩු විභාගයකදීද ඒ පිළිබද ක්‍රියාවලියදීද බරපතල බලපෑමක් දෙමළ ජනතාවට එල්ලවන අතර එය විසඳීීමට වහාම පියවර ගත යුතුය. 26

61. නීති වෘත්තියේ ඇති කාන්තා නියෝජනයද වර්ධනය විය යුතුය- රටෙි විනිසුරන්ගෙන් 1/3 ක පමණ ප්‍රමාණයක් කාන්තාවන් වුවද ධූරාවලියේ ඉහළට යන විට එම ප්‍රතිශතය ක්‍රමයන් අඩු වේ-

62. ශ්‍රී ලංකා බහුවිධ සමාජයකි- එහි අධිකරණ පද්ධතිය එම සමාජයේ සෑම අංශයක්ම නියෝජනය කරමින් ගොඩ නැගිය යුතු අතර එවිට ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සාධාරණ හා නෛතික බවින් යුත් අධිකරණයක් ලැබෙනු ඇත- මේ හරහා අධිකරණයේ කටයුතු වල වඩාත් අපක්ෂපාතී හා සමබර තත්වයක් ගොඩනැගෙන අතර ඇතැම් කරුණු සාධාරණව සලකා බැලීමට විනිසුරුවරුන්ට ඇති නොහැකියාව ඉන් ඉවත් වනු ඇත-

F. නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය

63. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ සංවිධාන පනතට අනුව නීතිඥවරුන් බදවා ගැනීම, පාලන, විනය, සේවයෙන් පහ කිරීම පිළිබදව නීති සම්පාදනය කෙරෙනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගිනි-10 කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ අධිකරණ සංවිධාන පනත තුළ හෝ නීතිඥයන්ගේ සංවිධානත්වය පිළිබදව සදහන් නොවේ- එපමණක් නොව විනය ක්‍රියා මාර්ග ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙනු ලබන අනෙකුත් තීන්දුවලට අධි චෝදනා ඉදිරිපත් කිරීමට හෝ අදාල පිළියම් යෙදීමට හෝ හැකියාවක් ද නොමැත- ව්‍යවස්ථාපිත නොවන ආයතනයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමද අත්‍යවශ්‍ය සාධකයක් නොවෙි-

64.ඇතැම් කාලවකවානු වලදී නීතිඥ සංගමය දේශපාලන හේතු මත බෙදීම් වලට ලක්ව ඇත- මෙම සංගමය දේශපාලනීකරණය වීම දැඩි අවධානය යොමු විය යුතු කරුණක- මෙවන් සංගමයක මුලික අරමුණ වන්නේ නීති වෘත්තියේ ස්වාධීනත්ව හා අවංක බව සුරැකීම හා වර්ධනය කිරීම මෙන්ම නීතිඥයින්ගේ වෘත්තීය අභිලාශයන් සුරක්ෂිත කිරීමය- 27

65. 2015දී නව රජය පත් වීමත් සමඟ නීතිඥවරුන්ගේ සුරක්ෂීතතාව පිළිබඳ හැඟීම හා සේවය කිරීමේ වාතාවරණය සැලකිය යුතු අන්දමින් සංවර්ධනය වී ඇත- ඉන් පෙර අවස්ථා වලදී එල්- ටී-ටී- ඊ- සංවිධාන සාමාජිකයින් හෝ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබද චුදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් දේශදේ‍රා්හීන් ලෙස හංවඩු ගැසු අතර ඔවුන්ට ජීවිත තර්ජන එල්ල විය- නීතිඥවරුන්ගේ ආරක්ෂාවට එරෙහි සෑම තර්ජනයක්ම වහා විමර්ශනය කොට පිළියම් යෙදිය යුතුය- වාර්තා වන අන්දමට පොලිසියේ ර්‍ණ අපරාධ විමර්ශන අංශය ” එවන් සංවේදී නඩු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පිළිබඳ ලිපිගොනු පවා පවත්වාගෙන ගොස් ඇත- එවන් චෝදනා පිළිබඳව නිසි විමර්ශන සිදුකොට සුදුසු පියවර ගනිමින් නීතිඥයින්ගේ ආරක්ෂාව හා ස්වාධීන බව අනාගතයේදී සුරක්ෂිත කරන මෙන් විශේෂ සම්බනධීකාරකවරිය අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී-

G. සාධාරණ නඩු විභාගයක් සදහා අයිතිය, අධිකරණ පද්ධතියේ පමාවන් හා නීති ක්‍රියාත්මක කිරීම

66. තම සංචාරය තුළ වාර්තා වු ආරක්ෂක නීති විසින් අයිතීන් අවහිර කිරිමේ සිට අධිකරණමය පමාවීම දක්වා වු නිසි අධිකරණ ක්‍රියාවලියකට හා සාධාරණ නඩු විභාගයකට බලපාන නොයෙකුත් ගැටළු පිළිබඳව විශේෂ වාර්තාකරු වරිය තම සැලකිල්ල යොමු කරයි-

නීතිඥවරයෙකු වෙත ප්‍රවේශ වීමේ හැකියාව

67. සාධාරණ නඩු විභාගයක් තබා ගැනීමේ අයිතිය හා අනෙකුත් අයිතීන් ඉටු කර ගැනීමේ මුලිකම සාධකය වනුයේ නීතිඥවරයෙකු ලබා ගැනීමට ඇති නිසි හැකියාවයි. ඒ හරහා අත්තනෝමතික සිර ගතවීම් හා රඳවා ගැනම්, නිදහස නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කිරීම, වදහිංසා හා අනෙකුත් කෲර, අමානුෂීය පහත් සැලකීම් හෝ දඩුවම්වලට එරෙහිව පුද්ගලයාගේ සුරක්ෂිතභාවය සලසයි. 28

68. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එසේ ගැනීමෙන් පැය 24 ක් තුළ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමෙන් පසුව චුදිතයෙකුට නීතිඥයෙකගේ සේවය ලබා ගැනීමේ හැකියාව පවත’. 2012 දී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මුලික අයිතිවාසිකම් කඩ කිරීමකට එරෙහිව නඩු තීන්දුවක් ලබා දීමෙන් පසු පොලිස්පති වරයා පොලිස් ආඥා පනතට අනුව මෙසේ නියෝග කළේය. එනම් නීතිඥවරයෙකුට තම සේවාදායකයා පොලිස් ස්ථානය තුළදී හමු වී සේවය සැලසිය හැකි අතර පොලිස් නිලධාරීන් එයට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.112016අගෝස්තු මාසයේ දී අපරාධ විධිවිධාන පනත සංශෝධන කෙටුම්පතක් ඉදිරිපත් විය. මේ සංශෝධනය හරහා අත්අඩංගුවට ගත් පුද්ගලයාට නීතිඥ සේවය ලබා ගත හැක්කේ ඔහු හෝඇය පොලිසිය වෙත තම ප්‍රථම කටඋත්තරය ලබා දී එය වාර්තා කිරීමෙන් පසුව පමණක් බවට නීතිගත කිරීම අරමුණ කෙරිණ. වාසනාවකට නීතිඥ සංගමයේ, මානව හිමිකම් කොමිසමේ හා සිවිල් සමාජයේ පැමිණිලි හේතුවෙන් මෙම සංශෝධනය ඉවත් කර ගැනිණ. එමඟින් සාධාරණ නඩු විභාගයකට ඇති මුලික අයිතිය දරුණු ලෙස කඩ වීමට තිබු අවස්ථාවක් වලක්වා ගැනිණ.

69. එපමණක් නොව නීතීඥයන් වාර්තා කරන පරිදි පොලිස් ස්ථාන හා රඳවා ගැනීමේ මධ්‍යස්ථානවල සිටින සේවාදායකයින් හමුවීමේ කිසිදු ගැටළුවක් පැන නොනැගුණද කොළඹ ත්‍රස්තවාදී විමර්ශන අංශය හා බූස්ස ආදී රැදවුම් මධ්‍යස්ථාන වල ත්‍රස්තවාදී ක්‍රියාවලට චෝදනා ලැබ රඳවාගෙන සිටින්නන් හමුවීමේදී දීර්ඝකාලයක් ගත වන අවසර ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. එවැනි අවහිරතාවන් පිළිගත නොහැකිය. සැකකරුවන් හා රැදවියන්ට ඔවුන් රඳවා සිටින ස්ථානය හෝ ලබා ඇති චෝදනා නොසලකමින් අවහිරයකින් තොරව නිරන්තරයෙන් නීතිඥ සේවය ලැබීමේ අයිතිය ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 29

70.. විශේෂ වාර්තාකරු වරිය හා වද හිංසා හා අනෙකුත් කෲර අමානුෂීය හා පහත් සැලකීම් හෝ දඩුවම් පිළිබඳ වාර්තාකරු ගේ සංචාරයන් අතරතුර බලධාරීන්ට කළ ඉල්ලීම්වලින් පසුව ද මෙම වාර්තාව සකස් කරන මොහොත වන තෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට නොමැත. මෙම පනත 1979 දී බලගැන්වු අතර හිංසාකාරී රඳවා ගැනීම් හා වදහිංසාවලට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ඒ හරහා දැඩි සීමාවන් පනවයි. ඒ තුළින් පුද්ගලයාට සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමේ මුලික අයිතිවාසිකම අහිමි කරයි.මුලික අයිතිවාසිකම් කඩ කරන අන්දමේ ප්‍රමාණික ව්‍යුහයක් දිගටම ක්‍රියාත්මක වීම සාධාරණීකරණය කළ නොහැක.

71. මෙම පනතට ආදේශකයක් ලෙස නීති සම්පාදනයක් සිදුවේ නම්විශේෂ වාර්තාකරු වරියට එහි අවශ්‍යතාවයක් නොපෙනේ. එය අන්තර්ජාතික මානව හිමිකම් නීතිය හා තත්වයන් මත පදනම්විය යුතු අතර එමඟින් වදහිංසා, සාධාරණ නඩු විභාග, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීම්වලට එරෙහි ආරක්ෂක පියවර අනුගමනය කරමින් සකස් විය යුතුය.12

අධිකරණමය ප්‍රමාද වීම්

72. අදහාගත නොහැකි තරම් අධිකරණමය ප්‍රමාද වීම් පිළිබඳව බොහෝ අවස්ථාවලදී විශේෂ වාර්තාකරු වරිය වෙත වාර්තා විය. දේශපාලනික නොවන අපරාධ නඩු පවා වසර 10 ක් 15 ක් තරම් දිගු කාලයක් පුරාවට විභාග කෙරෙන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස වසර 15 කට පසුව නඩු තීන්දුව ලබා දුන් ස්ත්‍රී දුෂණ නඩුවක් පිළිබඳව නීතිඥවරයෙකු සඳහන් කළේය. වසර 30 කට අධික කාලයක් තිස්සේ විභාග කෙරෙන සිවිල් නඩු විභාග ගැන පවා දැන ගන්නට ඇත. දික්කසාද නඩු විසඳීමට වසර 8ක් හෝ ඊට වැඩි කාලයක් ගතවේ. මෙවැනි ප්‍රමාද වීම් තුළින් යුක්තිය පිළිබඳවිශ්වාසය කඩ වීම, වින්දිතයන්ගේ ජිවිතවලට අයහපත් බලපෑම් ඇතිවීම හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නිදහසක් නොලැබීම වැනි අයහපත් බලපෑම් ඇතිවේ.
30
73. විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් පවානඩු විභාග කිරීම කල් දැමෙන අතර එහිදී විනිසුරුවන්ගෙන් සිදුවන අතපසුවීම්වලට ඔවුහු වගනොකියති. එසේම දිවයින පුරා ඇති නඩු ප්‍රමාණයවිසඳීමට තරම් ප්‍රමාණවත් විනිසුරුවරුන් ප්‍රමාණයක් සේවයේ නොමැති බවද පෙනේ.13 මෙම ප්‍රමාදවීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවද විශාල ලෙස වගකිව යුතුය.

74. මෙවැනි බරපතල තත්වයක් වළක්වා ගත හැක්කේ විශේෂයෙන් විනිසුරුවරුන්, නීතිඥයන් හා නීතිපති දෙපාර්තමේන්තු සේවකයින් ආදී සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සකස් කොට ක්‍රියාත්මක කෙරෙන විධිමත් ක්‍රියාපටිපාටියක් හරහා පමණි. පැරණි නඩු විභාග ඉක්මන් කිරීම සඳහා අවශ්‍ය නව චක්‍රලේඛ අධිකරණ සේවා කොමිසම මඟින් 2016 නොවැම්බර් 01 දින සිට බලගැන්වෙන පරිදි නිකුත් කළ බව වාර්තා වේ- එවන් තත්වයක් තුළ නීතිඥ සංගමය මඟින් කොමිසම වෙත 2016 ඔක්තෝම්බර් 24 දින ලිපියකින් අදාළ චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රායෝගික මට්ටමේ ගැටළු පිළිබඳව විශේෂ වාර්තාකරු වරිය අවධානය යොමු කරයි.14

75. පවුල් උසාවි ස්ථාපනය කිරීම හරහා දිස්ත්‍රික් උසාවිවල වැඩ ප්‍රමාණය අඩු කළ හැකිය. සමාදානය වීම ඉහළ නැංවීමෙන් ද ඇතැම් වර්ගයේ නඩුවලදී එය අනිවාර්ය කිරීමෙන්ද අධිකරණය වෙත එන නඩු ප්‍රමාණය අඩු කර ගත හැකිය. මෙහිදී සමාදානවීම් හි ගුණාත්මක තත්වය ඉහළ නැංවීම සඳහා විශේෂයෙන් නෛතික පුහුණුව, අවංකභාවය පිළිබඳව මණ්ඩල සාමාජිකයන්ව දැනුවත් කළ යුතුය.

වරද පිළිගැනීම 31

76. විශේෂ වාර්තාකරු වරියට වාර්තා වු පරිදි බොහෝ විනිසුරුවරු චුදිතයන්ව වරද පිළිගැනීමට යොමු කරති. වරද පිළිගැනීම හරහා ලැබෙන දඩුවම අඩු කරගත හැකි බවට ඔවුහු චුදිතයන්ට ඒත්තු ගන්වති. එහෙත් සෑම විටම එය එසේ සිදු නොවේ- ඔවුහු රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින කාලයට වඩා දඩුවම්විඳින කාලය කෙටි නොවේ. චුදිතයන් එසේ වරද පිළිගත් කළවිනිසුරුවන්ට නඩු විභාගය ඉක්මන්කොට තමා යටතේ විසඳු නඩු ප්‍රමාණය ඉහළ නංවා ගත හැකිය. මෙසේ යුක්තිය නොසලකා හරිමින් සිදු කෙරෙන ක්‍රියාව පිළිබදව විශේෂ වාර්තාකරු වරිය තම වික්ෂිප්ත බව පළ කරයි.

නඩු තීන්දු දීමේදී අපක්ෂපාතීත්වය

77. නඩු තීන්දු ලබාදීමේ නිශ්චිත උපදෙස් මාලා නොමැති වීම පිළිබඳව වාර්තාකරු වරියට වාර්තා ලැබීණ. සාක්ෂී ඉදිරිපත් කෙරෙන කාල සීමාව තුළ බලපැවැත්වෙන නීතිමය මත පදනම්ව සාක්ෂි සලකා බලා තීන්දුව ගැනීමට විනිසුරුවරුන්ට සිදුවේ.

ප්‍රචාරණය

78.අදාළ වෙබ් අඩවිවල තම නඩු තීන්දු ප්‍රකාශයට පත් කරන්නේ උපරිමාධිකරණ පමණි. සෑම අධිකරණ තීන්දුවක්ම ප්‍රකාශයට පත් කිරීම අනිවාර්යය වන අතර එය ස්වයංක්‍රීයව සිදුවිය යුතුය. ඒ හරහා අධිකරණ පද්ධතියේ විශ්වසනීයත්වය පිළිබඳව මහජන ප්‍රසාදය ඉහළ නැංවේ.

අධිකරණයට අපහාස කිරීම 32

79. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හඳුන්වාදුන් අධිකරණයට අපහාස කිරීම යන කරුණ පසුගිය කාලය තුළ බොහෝ අවස්ථාවලදී එහි අරමුණු සැපිරීමට නොව සබ්මාසඒ ්එඑැර් ච්රඑැරෑ සඳහා ආරූඪ කෙරෙන තත්වයක් තිබී ඇත. මෙම කරුණෙහි මුලික අභිමතාර්ථය වනුයේ අධිකරණයේ හා විනිසුරුවරුන්ගේ බලාධිකාරය හා ගෞරවය සුරක්ෂිත කිරීම හා අධිකරණ ව්‍යුහය පිළිබඳ මහජන විශ්වාසය අඩු නොවී පවත්වාගෙන යාමයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ අධිකරණයට අපහාස කිරීම යන්න සීමා සහිතව යොදාගත යුතු අතර කෙසේවත් නීතිමය ඒකකයන් වෙත නීත්‍යානුකූල විවේචනයන් ඉදිරිපත් කිරීමේ උපකරණයක් ලෙස භාවිත නොවිය යුතුය.

H. නීතිමය ප්‍රවේශය, වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව

80. නීතිය සදහා වු අයිතිය මුලික මානව අයිතිවාසිකමක් මෙන්ම අනෙකුත් අයිතීන් හදුනාගෙන ස්ථාපිත කිරීමකි. තිරසාර සංවර්ධන ඉලක්ක 16 තුළ යුක්තිය සදහා අයිතිය තහවුරු කිරීම පැහැදිලිව දක්වා ඇත. එය සපුරා ගැනීම වර්තමානයේ අධිකරණ වෙත ලගාවීීමේදී විිනිසුරුවරුන්ගේ ප්‍රමාණය, අධිකරණ ප්‍රමාදයන්, භාෂා ගැටළු ආදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන බාධාවන් තුරන් කිරීමට වහා විධිමත් පියවර ගත යුතුය.

නීති ආධාර කොමිසම

81. ශ්‍රී ලංකාව වැනි පොදු විිත්තිවාචක සේවා නොමැති රටක නීති ආධාර කොමිසම යනු සියළුදෙනාහට යුක්තිය ඉටු කිරීමට විශාල මෙහෙවරක් කරන ව්‍යුවහයකි. කොමිසම 1978 දී පිහිටවු නීති නිලධාරීන් 400 ක ගෙන් පමණ සමන්විිත රජයේ ආයතනයකි. මෙම ආයතනයෙහි අරමුණ වන්නේ මුල්‍ය ශක්තියක් නොමැති මහජනයාට සිවිල් හා අපරාධ නඩු කටයුතු වලදී අවශ්‍ය සහාය දීමයි.15 දිවයින පුරා විසිරුණු නීති ආධාර මධ්‍යස්ථාන 76ක් පවතී. මෙම කොමිසම මැදිහත් වන බොහෝ නඩු දික්කසාද හා කම්කරු ගැටළු සම්බන්ධ ඒවාය. මානව හිමිකම් 33 කඩවීම පිළිබඳ ගැටළුවලදී සහාය වන විශේෂ ඒකකයන්ද මෙහි ඇත. එමෙන්ම මෙම කොමිසම හරහා මුලික අයිතිවාසිකම් පිළිබද මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන්ද මෙහෙයවනු ලබයි.

මුලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය

82. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපිත මුලික අයිතිවාසිකම් ඕනෑම විධායක හෝ පරිපාලන ඒකකයන් මඟින් කඩ වු අවස්ථාවකදී ඒවාට පිළියම් කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළ හැකිය.16 එසේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති නම් අධිකරණට එයට සරිලන වන්දියක් නියම කිරීම හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම කළ හැකිය. එහෙත් එම තීන්දු සදහා අභියාචනා ඉදිරිපත් කළ නොහැකිය. මෙය මුලික අයිතිවාසිකම් කඩවීමකදී පැමිණිලි ඉදිරිපත් කිරීමට වැදගත් ක්‍රමවේදයක් වුවද බොහෝ විට වඩාත් අනතුරට භාජනය විය හැකි පිරිස් වෙත ලඟා නොවන ක්‍රමයකි. බොහෝ පුද්ගලයන්ට කොළඹට පැමිණ එහි නීතිඥයෙකුගේ සේවය ලබා ගෙන පැමිණිල්ල ඉදිරිපත් කිරීමට තරම් වත්කමක් නොමැත. අනෙක් පිරිස් එසේ කළහොත් තමා වෙත අයහපත් බලපෑම් ඇතිවේ යැයි බිය වෙති. මෙහිදී භාෂා ගැටළුවද පැන නඟින අතර, ඉක්මවාලිය නොහැකි මාසයක් කාලයක් තුළ පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුය යන නිර්ණායකයද ගැටළුකාරී වුවකි. ඇතැම් පොලිස් නිලධාරීහු අගතියට පත් පුද්ගලයන්ට හෝ පවුල් වලට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට මුදල් ගෙවු අවස්ථාද ඇත. එපමණක් නොව, අගවිනිසුරුට අනුව පැමිණිලි 3000 කට අධික ප්‍රමාණයක් විමසා බැලීමටද ගොඩගැසී තිබේ.

මානව හිමිකම් කොමිසම

83. වර්ෂ 2015 දී මානව හිමිකම් කොමිසම සදහා තව ඉහළ සුදුසුකම් සහිත දක්ෂ කොමසාරිස්වරුන් පත් කරනු ලැබිණ. කොමිසමට මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි භාරගෙන ඒ පිළිබඳ විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කළ හැකිය. මහජන විශ්වාසය නිසා මෙය තවදුරටත් ශක්තිමත් කළයුතු යාන්ත්‍රණයක් වුවද, 34 කොමිසමට හැක්කේ අධිකරණ කටයුතු වලට අතිරේක ආයතනයක් ලෙස ක්‍රියාකිරීමට මිස අධිකරණයට ආදේශකයක් වීමට නොවේ.

වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව

84. සාමන්‍යයෙන් අධිකරණ ක්‍රියාපටිපාටිය, විශේෂයෙන් අපරාධ නඩු ක්‍රියාපටිපාටිය තුළ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට නිසි ආරක්ෂාව සැපයීමට විදිමත් ක්‍රමවේදයක් නොතිබීම රටේ පවතින බරපතල ගැටළුවක් බව බොහෝ කාලයකට පෙර හඳුනාගෙන ඇති අතර වඩා ඉහළ ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පියවර ගෙන ඇත.

85. 2015 මාර්තු 07 දින පාර්ලිමේන්තුව අපරාධ වින්දිතයන් හා සාකෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබද පනත ( 2015 අංක 4 දරණ ) සම්මත කළේය. එය නව රජය විසින් දෙන ලද මැතිවරණ පොරොන්දුවකි. 2007 දී සකස් කරන ලද කෙටුම්පත පදනම් කර ගත් මෙම පනත බොහෝ විවේචනවලට බඳුන් විය. විශේෂයෙන් එහි නියාමන ව්‍යුහයේ ස්වාධීන බව පිළිබඳව සැක පළකර තිබේ. බොහෝ මානව හිමිකම් කැඩීම්, වදහිංසා හා අඩන්තේට්ටම් සම්බන්ධ නඩු වලට ආරක්ෂක හමුදා වගකිව යුතු බවට හඳුුනාගෙන තිබියදීත් මෙම නියාමන ව්‍යුහය පොලිස් ධූරාවලිය තුළම ස්ථාපනය කිරීම එයට හේතුවයි. (ක්‍්ඔරැක්‍රැඛණ්රැඣරැ5ල 17 පරිච්ඡේදය බලන්න) මෙම පනත නැවත සලකා බැලීමට වන රජයේ වගකීම 17 තවමත් සපුරා නොමැති අතර ආරම්භයේදීම තිරණය කළ ආකාරයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අංශය පිහිටුවා ඇත.

86. බොහෝ සිදුවීම් වලදී වින්දිතයා තමන්ට අඩන්තෙට්ටම් සිදු කළ තැනැත්තාට ආසන්නයෙන් ජීවත් වන අතර ඒ හේතුවෙන් පහසුවෙන් අනතුරට පත් විය හැකි තත්වයක බියකින් යුතුව පසුවෙයි. ඇතැම් ප්‍රදේශයවල, විශේෂයෙන් රටේ උතුරු ප්‍රදේශයෙන් යුධ හමුදාව විසින් පුද්ගල ජන ජීවිතය පාලනය කරනු ලබයි. යමෙකු අධිකරණය වෙත හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොළඹට පැමිණියහොත් ඒ පිළිබද හමුදාවට තොරතුරු ලැබේ. එබැවින් තවමත් පුද්ගලයන් තුළ බියමුසු හැඟීමක් දැකිය හැකිය. ආරක්ෂක හමුදා සාමාජිකයන් 35 විසින් සිදු කළ අපරාධ, වදහිංසා හා මානව හිමිකම් කඩකිරීම් වලදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩසටහන ඉතා තීරණාත්මක තැනක් ගනී. එමෙන්ම අතුරුදහන් වුවන්ගේ කාර්යාලය වැනි දැනට පිහිටුවා ඇති සංක්‍රාන්තික නීති යාන්ත්‍රණ හෝ ඉදිරියේදී පිහිටුවීමට නියමිත සත්‍යය සෙවීමේ යාන්ත්‍රණය හා විශේෂ උසාවි සදහා ද මෙය තීරණාත්මක සාධකයක් වේ.

නිබඳ ආරක්ෂාව

87. මානව හිමිකම් කඩකරන්නන්, ජාත්‍යන්තර අපරාධ හා මානුෂීය නීති කඩ කරන්නට විරුද්ධව ශ්‍රීි ලංකාව ක්‍රියා නොකිරීම පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ වාර්තා වී ඇත. එපමණක් නොව ගැටුම් පැවති කාලය තුළ ආරක්ෂක හමුදා හා පොලීසිය විසින් සිදු කරනු ලැබු ඕනෑම වදහිංසාවකදී ඔවුනට නිරන්තර ආරක්ෂාව ලැබිණ. එම ක්‍රියා වලට දුර්විපාක නොලැබීම කෙතරම් සාමන්‍ය තත්වයක් බවට පත්වී ඇති ද යත් එය සමාජය තුළ සාමාන්‍යකරණය වී ඇති අතර අධිකරණ පිළිබඳ මහජන විශ්වාසනීයත්වය බිඳී යෑමට හේතුවී තිබේ. රජය වෙනස් වීමත් සමඟ මේ පිළිබඳ සංවර්ධනාත්මක පියවර ගෙන තිබෙන බව පෙනී යන්නේ සංචාරය කළ කාලයේ මේ හා සමාන නඩු 05 ක් විභාග වෙමින් තිබුණු බැවිණි. (ඒ සෑම නඩුවකම සැකරුවන් වුයේ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ය) යාපනයේ මහාධිකරණයේ විභාග වු එවන් ප්‍රසිද්ධ නඩුවකදී යුධ හමුදා නිලධාරියෙකු ස්ත්‍රී දුෂණයට වරදකරු වී වසර 25 කට බන්ධනාගාරගත කෙරිණ. එම නඩුව තවමත් සුවිශේෂි වුවත් වුවද එමගින් යුක්තිය හා නීතිය පිළිබදව අපේක්ෂා ඉහළ නංවයි.

I. සංක්‍රාන්තික නීතිය

88ග වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සංවේදී සිදුවීම්, පසුගිය කෲරකම් හා උගත් පාඩම් පිළිබඳ ක්‍රියා කිරීමට විවිධ හදිසි කොමිසම් පත් කොට තිබේ. කෙසේ වෙතත් මෙම කොමිසම් මගින් අපේක්ෂිත ප්‍රථිඵල නොවු අතර එම වාර්තා ප්‍රසිද්ධියට පත් කළේද ඉතා කලාතුරකිනි. එපමණක් නොව එම කොමිසම් පැවතීම මගින් පමණක්, වඩාත් යෝග්‍ය හා ස්වාධීන ආයතන ස්ථාපිත වීමට බොහෝ බාධාවන් ඇතිව තිබේ. 36

89. අතීතයේ සිදු වු දේවල් වඩාත් විධිමත්ව විසඳීම සදහා සංක්‍රාන්තික නීති යාන්ත්‍රණ පිහිටුවීමේ භාරදූර කාර්යය සිදු කරන බලාධිකාරයට ප්‍රශංසා කළ යුතුය.

90. රටක සෑම ප්‍රජාවකටම තිරසාර ආනගතයක් ගොඩනැඟීම සදහා සංක්‍රාන්තික නීති යාන්ත්‍රණයන් ඉතා වැදගත් වේ. එමෙන්ම නැවතත් එවන් අයිතීන් කඩ කිරීම වැළැක්වීමටද මෙය වැදගත් වේ. සංක්‍රාන්තික අධිකරණ ක්‍රමවේදයෙහි නෛතික අංග ස්වාධීන, අපක්ෂපාතී, විශ්වාසනීය හා කාර්යක්ෂම විය යුතුය. විශේෂ වාර්තාකරු වරියගේ සංචාරය අතරතුර බොහෝ පුද්ගලයන්ගේ මනසේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසනීයත්වය හීනවී ඇති බව ද, සංවේදී නොව සිදුවීම්හීදී පවා යුක්තිය නොලැබෙන බවද නිරීක්ෂණය විය. අන්තර්ජාතික මානව හිමිකම් නීති, ජාත්‍යන්තර මානුෂීය නීති මෙන්ම අන්තර්ජාතික අපරාධ නීති උල්ලංඝනය කිරීම් වලට අදාල නඩුවලදී පොලීසියේ, රජයේ නීතිඥයන්ගේ හා විනිසුරුවරුන්ගේ ශක්‍යතාවය තවදුරටත් ගොඩනැඟිය යුතුය.

91. සංක්‍රාන්තික අධිකරණ ක්‍රියාපටිපාටි කෙරෙහි එකිනෙකට සමගාමී අවධානයක් දැක්විය යුතුය. විශේෂ අධිකරණ ක්‍රමවේදය මෙන්ම රටේ ර්‍ණ සාමාන්‍ය ” අධිකරණ ක්‍රමවේදයෙහි ස්වාධීනබව ශක්තිමත් කිරීම කෙරෙහි එකිනෙකට සමගාමීව අවධානය දැක්විය යුතුය. අධිකරණ බලාධිකාරය ප්‍රතිසංවිධානය කිරීම හරහා එහි ස්වාධීනතාවයට අදාළ අන්තර්ජාතික මානයන් හා තත්වයන් ඇති කිරීමටත්, වර්තමාන හෝ අනාගත විනිසුරුවරුන්ගේ ගූණාත්මක තත්වය ඉහළ නැංවීමටත් හැකියාව ලැබෙනු ඇත. ඒ හරහා සියළුදෙනාහට සාධාරණ අධිකරණ සේවාවක් සැපයිය හැකි අතර අතීතයේදී ඇති වු අත්තනෝමතික ක්‍රියා නැවත ඇති නොවනු ඇත.

92. කෙසේ වෙතත් නීති සම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවයන් නොමැති බවට මතවාදයක් ඇත. අධිකරණ ක්‍රියා මාර්ගවල යහපාලනය පිළිබඳව බොහෝ සිවිල් සංවිධාන හා අනෙකුත් පිරිස් තම සැකය පළ කරති. උදාහරණයක් ලෙස 1916 අගෝස්තුවේදී පාර්ලිමේන්තුව මඟින් අතුරුදහන් වුවන් සෙවීමේ කාර්යාලය 37 ස්වාධීන කළද, සය මසකට පසුවද එය නිල වශයෙන් ගැසට් පත්‍රයක පළ කර නොමැත. පෙර පිළිගත් නීති සම්පාදනවලට සංශෝධන ගෙන ඒම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවට ආරංචිි මාර්ග ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිඳුු තොරතුරක් මෙතෙක් ප්‍රසිද්ධියට පත් ව නොමැත. අවිධිමත් ක්‍රමවේදයන්ට අනුව නීති සම්පාදනය කිරීම මඟින් කටකතා හා සැකසංකා මතුවනු ඇති බවට හා ඒවා ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංවිධානයකට අහිතකර බලපෑ හැකි බවට විශේෂ වාර්තාකරු වරිය සැක පළ කරයි.

J. ව්‍යවස්ථා සංශෝධන

93.රාජ්‍ය මන්ත්‍රණ සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. ඒ හරහා අධිකරණ ප්‍රතිපත්තිවල ස්වාධීනබව අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම කෙරෙහි බලපාන ව්‍යවස්ථාමය තත්වයන් පිළිබඳව ඇගයේ. ඒ අනුව අධිකරණ පද්ධතිය සමස්ථයක් ලෙස ස්වාධීන, අපක්ෂපාතී ව්‍යුහයක් බවට පත් කිරීමට පියවර ගැනේ. මෙහිදී විශේෂයෙන් දැක්විය යුත්තේ සංක්‍රාන්තික අධිකරණ ක්‍රමවේද හා ව්‍යවස්ථාමය ප්‍රතිසංවිධාන හරහා නැවතත් ඉදිරියේදී අත්තනෝමතික ක්‍රියා හා මානව හිමිකම් කඩවීම් ඇති වීම වැළැක්වෙනු ඇති බවයි.

94.විශේෂ කටයුතු පිළිබඳ විමර්ශනය සදහා පාර්ලිමේන්තුව මඟින් පත් කළ උපකමිටු 06 තම වාර්තා 2016 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළහ. සමස්ථයක් ලෙස අධිකරණ කටයුතු පිළිබඳ උපකමිටු වාර්තාවේ නිර්දේශ කර ඇති සංශෝධන ඉතා ප්‍රගතිශීලීය, ධනාත්මකය පැහැදිලිවම වර්තමානයේ ව්‍යස්ථාමය කටයුතු විපරම් කිරීමට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ බලතල ප්‍රමාණවත් නොවන බැවින් ඒ සදහා ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිටවිය යුතු බවට වු යෝජනාව පිළිබඳව විශේෂ වාර්තාකරු වරිය තම ප්‍රසාදය පළ කරයි. එම සන්දරභය තුළ ඵලදායී වු පෞද්ගලික මට්ටමෙන් කෙරෙන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් හඳුුන්වාදෙන ලෙස ඇය රජයට ආරාධනා කරයි. ඉදිරිය සලකා බලන විට පවතින ගැටළු වල සංකීර්ණත්වය ගැඹුරින් අවබෝධ කර 38 ගනිමින් උපකමිටු වාර්තාව පිළිබඳ විස්තරාත්මක හා විධිමත් ඇඟයීමක් කළ යුතු බව විශේෂ වාර්තාකරු වරිය තරයේ ප්‍රකාශ කරයි. එම වාර්තාව සකස් කරන අවස්ථාව වන විට මෙම ක්‍රියාවලියේ මීලඟ පියවර මොනවාද යන්න පැහැදිලි නොවීය. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට නීත්‍යානුකූලබවක් එක් කිරීමට නම් මෙහි ඉදිරිපියවර මොනවාද යන්න පිළිබද මහජනයා දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. අධිකරණ පද්ධතියේ ප්‍රතිසංවිධානයට අදාලව රටේ නීති ප්‍රජාව මඟින් පුළුල් උපදේශකත්වයක් ලබා ගත යුතු අතර එම ප්‍රජාවට ස්වාධීන අදහස් පළ කිරීමට අවස්ථාව ලැබිය යුතුය.

V. නියාමන

95. ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට පැමිණ සිටී. 2009 දී යුධ ගැටුම් අවසන් වුවද වසර 25 කට අධික කාලයක් තිස්සේ පැවති යුධ රාජ්‍යක ව්‍යුහයන් තවමත් රට තුළ පවතී. ශ්‍රි ලාංකීක සමාජ පසුතලය දැඩි හානියකට පත්ව ඇති අතර නීති ක්ෂේත්‍රයට තවමත් එයට ඇති වු හානි වලට පිළියම් යෙදීමට සිදු ව ඇත.

96. සාමාන්‍යයෙන් අධිකරණ පද්ධතියේ පරිපාලනය වඩාත් විනිවිදබවකින් යුතු, විමධ්‍යගත හා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. අධිකරණ පද්ධතියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ හා පොලිස් සේවයේ ස්වාධීන බව තත්වය හා විශ්වාසනීයත්වය වර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකාව ඒ පිළිබඳව දැඩි අන්තරීක්ෂණයක් සිදු කළ යුතුය. එසේම ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් පිළිබඳව නීති නිලධාරීන් විශේෂයෙන්ම අධිකරණ පද්ධතිය තුළ සංවේදනාත්මක හා ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුය. නීතිකටයුතු පිළිබඳ පරිපාලනයේ ස්වාධීනබව, අපක්ෂපාතීත්වය හා ශක්‍යතාවයන් වර්ධනය කිරීමේදී ගතයුතු පියවර පිළිබඳ මෙම වාර්තාවේ ඇතුළත් වේ. එමෙන්ම ඒ පිළිබඳව උපදේශකත්වය ලබා ගැනීම සදහා අන්තර්ජාතික හා කලාපීය මූලාශ්‍රයක් ලෙස 2003 දී නිකුත් කළ රජයක ප්‍රධාන ශාඛා ත්‍රිත්වය අතර සම්බන්ධතාවය හා වගකීම පිළිබඳ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තිමාලාව අධ්‍යයනය කළ හැකිය. 39

97.පසුගිය වසර 02 ක තුළ ඇති වු ප්‍රජාතාන්ත්‍රීය සංවර්ධනයන් පිළිබඳව ප්‍රසාදය පළ කළ යුතුය. කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණ පිළිබඳව, විශේෂයෙන් අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව තවත් බොහෝ දේ කිරිමට ඉතිරිව ඇති බව හා කළයුතු බව පිළිගත යුතුය. අර්ථානවිත හා සහභාගීත්ව සංක්‍රාන්තික අධිකරණ යාන්ත්‍රණයක් ඇති කිරීම සදහා තව බොහෝ පියවර ගත යුතුව ඇත. නීතිමය පාලනයක් සහිත ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යක් ලෙස ස්ථාවර වීමට ප්‍රථම තවත් බොහෝ ප්‍රත්‍යක්ෂ ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතුය. වඩාත් විධිමත් හා සංවෘත ව්‍යුවහක් තුළ මෙම ධනාත්මක වෙනස්කම් කඩිනම් කළ යුතුය. නොඑසේනම් එවන් ප්‍රතිසංස්කරණයක මූලික අපේකෂාවන් ගිලිහී යා හැකිය.

98. තම අයිතීන් බලගන්වා සුරක්ෂිත කරනු ඇතැයි විශ්වාස කර රඳා පැවතිය හැකි යැයි සමාජයේ විශ්වසනීයත්වය දිනා ගත් අධිකරණ පද්ධතියක් ගොඩ නැඟීමට කාලයක් ගතවනු ඇත. ඒ සදහා නිර්භීත පියවර ගත යුතුය. අත්තනෝමතික අතීතයක නටඹුන් වළලා දැමීමට රටේ පාලනාධිකාරිය කටයුතු කරන බව හා පාලනාධිකාරියේ කැපවීම පිළිබඳව මහජන විශ්වාසය ගොඩනැඟිය යුතුය. එමෙන්ම එවන් අත්තනෝමතික තත්වයන් ඇති කිරීමට ඉවහල් වු සමාජ හා නීතිමය ව්‍යුහවයන් බිඳ දැමීමට රජය කටයුතු කළ යුතුය. හුදු යුක්තිය පසිඳලීම පමණක් නොව එසේ යුක්තිය පසිඳලන බවට තහවුරු කිරීමත් වැදගත් බව අමතක නොකළ යුතුය.

VI.  නිර්දේශ

99. පහත දැක්වෙන නිර්දේශයන් වදහිංසා හා අනෙකුත් කෲර, අමානුෂීය හෝ පහත් සැලකීම් හෝ දඩුවම් පිළිබඳ විශේෂ වාර්තාකරු වාර්තාවේ (්රැ්‍යඍක්‍රැ34රැ54රැ්ාාග2) නිර්දේශයන්ට සමගාමීව අධ්‍යයනය කළ යුතුය.

100. ශ්‍රී ලංකාව එකඟ වී දැනට ක්‍රියාත්මකව පවතින සියළුම මානව හිමිකම් පනත්වල එන අයිතීන් සුරැකීම සදහා වහා පියවර ගත යුතුය. එමෙන්ම රජය විසින් අත්සන් කර එකඟ ව ඇති එක්සත් ජාතීන්ගේ බලාධිකාරයට යටත් සියළුම ප්‍රඥප්තීන්හි එන තීරණ ක්‍රියාවට නැංවීමද පාලනාධිකාරීන්ගේ වගකීමක් වේ. 40

101. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තියට සමගාමීව රටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය හරහා පුද්ගලයන්ගේ සිවිල්, සංස්කෘතික, ආර්ථික , දේශපාලනික හා සමාජ මානව අයිතීන් සුරැකේද යන්න නැවතත් විමර්ශනය කළ යුතුය.

102. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිවම බලය බෙදාහැරීමේ ප්‍රතිපත්ති, අධිකරණ පද්ධතියේ ස්වාධීනබව පිළිබඳ වගකියන ක්‍රියා මාර්ග ආදිය පිළිබඳව අර්ථ ගැන්විය යුතුය.

103. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය විද්වතුන්, නීතිඥ මණ්ඩල සාමාජිකයින් හා සිවිල් සමාජයේ සෑම අංශයක්ම නියෝජනය කරන ක්‍රියාකාරී දේශපාලනඥයන්ගෙන් සමන්විත විය යුතු අතර ඔවුන් පත් කිරීමේ ක්‍රමවේදය දේශපාලනීකරණය නොවු විධිමත් එකක් විය යුතුය.

104. ව්‍යවස්ථාදායක සභාව එහි ක්‍රියාපටිපාටීන්, යම් තනතුරකට පුද්ගලයන් තෝරා ගැනීමේදී භාවිතා කරන නිර්ණායක ආදිය ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර එම නිර්ණායක විධිමත්ව හා ස්ථාවරව පවත්වාගෙන යා යුතුය.

105.උපරිමාධිකරණ හා අනෙකුත් මුලික අධිකරණ වලට විනිසුරුවරුන් පත් කිරීමේදී තාක්ෂණික සුදුසුකම් ඇතුළු සියළු සුදුසුකම් පරික්ෂා කෙරෙන ක්‍රියාපටිපාටියක් භාවිත කළ යුතු අතර එය වඩාත් විනිවිදභාවයකින් යුතු විය යුතුය. මෙහිදී විධිමත් ඇගයීම් ක්‍රමයක් ස්ථාපනය කර එය ප්‍රකාශයට පත් කළ යුතුය.

106ග අධිකරණ සේවා කොමිසමේ සංයුතිය පුළුල් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු විය යුතුය. විශේෂයෙන් එහිදී අනෙකුත් අධිකරණ විනිසුරුවරු, විශ්‍රාමික විනිසුරුවරු ආදී විශේෂඥයන්, නීතීඥයන් හා විිද්වත් සාමාජිකයන් පිළිබඳව සැලකිය යුතුය. 41

107. උසස්වීම් පිළිබඳ තීරණ ගැනීමෙිදී විශේෂයෙන් ජයග්‍රහණ, අවංකබව, අත්දැකීම්, ඡ්‍යෙෂ්ඨත්වය ආදී විෂය මුලික සාධක මත පදනම් වු විනිවිදභාවයක් සහිත සාධාරණ ඇගයීම් ක්‍රමවේදයක් භාවිත විය යුතුය.

108. මුලික අධිකරණවල විනිසුරුවරුන්ගේ ස්ථානමාරු පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. විශේෂයෙන් නියමිත කාලය තුළ නඩු තීන්දු ලබා දීම කෙරෙහි මෙම ස්ථානමාරු අයහපත් ලෙස බලපාන ආකාරය මෙහිදී සැලකිය යුතුය. එම ස්ථානමාරු පිළිබඳව වාස්තවික උපමානයන් ගොඩනැඟිය යුතු අතර ඒවා ප්‍රකාශයට පත් කළ යුතුය. එම උපමානයන් සැලකීමේදී විනිසුරුවරුන්ගේ විශේෂ ශක්‍යතාවන් පිළිබඳව සැලකිය යුතුය.

109. විිනිසුරුවරුන්හට ඔවුන් සතු වගකීම් වලට අනුරූපවන ආකාරයේ වේතනයන් ගෙවිිය යුතුය. එමෙන්ම ඔවුන්ගේ තනතුරෙහි ස්වභාවය හා අභිමානය පිළිබඳවද සැලකිය යුතුය. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ක්‍රමයට විනිසුරුවරුන්ගේ වැටුප සමාන නොවිය යුතුය.

110. විවිධ අධිකරණ වල පවතින භෞතික සම්පත් වල විෂමතාවන් පිළිබඳව කඩිනම් පිළියම් යෙදීම සදහා විශේෂ පියවර ගත යුතුය. උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි අධිකරණවලට මෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

අපචර්යාව යන කාරණයට අඩංගු වන්නේ කුමන කරුණුද යන්න එයට අදාළ නීති පද්ධතිය තුළ පැහැදිලිව දැක්විය යුතු අතර ඒවා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන මුලික ප්‍රතිපත්ති හා බැංගලෝර් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රතිපත්ති මත පදනම් විය යුතුය. මෙහි අවසන් තීරණය ස්වාධීන හා අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් හෝ අභියාචන මණ්ඩලයක් අත රැඳිය යුතුය. එම තීරණ සිදු වීමට අදාළ අපචර්යාව පදනම් කරගත යුතුය. එබැවින් මෙම මණ්ඩලයන් සදහා සාමාජිකයන් තෝරාගැනිමෙන් වැළකීමට 42 විශ්‍රාම ගන්නා විනිසුරුවරුන් ස්වයංක්‍රීයවම මෙම විනිශ්චය හෝ අභියාචන මණ්ඩල වල සේවයේ යෙදිය යුතු බව තීරණය කළ යුතුය.

111. සෑම දෝෂාභියෝග ක්‍රියාවලියක්ම පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ නීතියක් අනුව ක්‍රියාත්මක විය යුතු අතර එසේ තනතුරෙන් පහ කිරීමට අදාළ වන චෝදනාවන් හා ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය එකිනෙක සමපාත විය යුතුය.

112. සෑම විනය ක්‍රියාමාර්ගයක්ම විධිමත් ක්‍රියාපටිපාටියට අනුව ගනු ලබන අවසන් තීරණයේ ස්වාධීනභාවය රැකෙන පරිදි මෙහෙයවිය යුතුය. අපචර්යාවන් ඇති විය හැකි හේතු සාධක හා එයට අනුරූප සම්බාධක සමානුපාතික හා ප්‍රමාණවත් විය යුතු අතර එය ක්‍රියාත්මක කිරීමේ විධිමත් ක්‍රමවේදය නීතිමය වශයෙන් ස්ථාපනය කළ යුතුය. ස්වාධීන හා අපක්ෂපාතී විනය මණ්ඩලයක් ඇති කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

113. අධිකරණ පද්ධතියේ උපදේශකත්වය ඇතිව බංගලෝර් අධිකරණ කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති මාලාව වැනි අන්තර්ජාතික ප්‍රමිතීන් භාවිත කරමින් විනිසුරුවරුන් සදහා චර්යාධර්ම සංග්‍රහයක් ගොඩනැඟිය යුතුය. මෙය සකස් කිරීම විශ්‍රාමික විනිසුරන්, නිීතීඥයන් හා විශේෂඥයන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයකට පැවරිය යුතුය.

114. නීතිපති තනතුරෙහි ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීම උදෙසා එම තනතුරට පුද්ගලයන් පත් කිරීමේ ක්‍රමවේදය විනිවිදභාවයකින් යුතුව විෂය මුලික තෝරා ගැනීමේ නිර්ණායක පද්ධතියක් ලෙස නීතිගත කළ යුතුය.

115. රජයේ නීතිඥවරුන් පත්කිරීමේ ක්‍රමවේදය නැවත සලකා බලා එහි විනිවිදභාවය ඉහළ නැංවෙන සේ වඩාත් විෂය මුලික ඇගයීම් නිර්ණායක පද්ධතියක් ලෙස ගොඩනැඟිය යුතුය.

116. විමර්ශනවල නෛතිකභාවය කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලියක් හරහා නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුය. 43

117.නීතිපතිවරයා වින්දිතයන් සම්බන්ධයෙන් මූලපත්‍රයන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් කඩනොවන ආකාරයෙන් අපරාධ විිමර්ශනය කරන ආකාරය හා නඩු පැවරීම පිළිබඳ පැහැදිලි උපදෙස් මාලාවක් නිකුත් කළ යුතුය. ඵලදායි ලෙස අන්තර්ජාතික මානව හිමිකම් කඩවීමේ, අන්තර්ජාතික මානුෂීය නීති කඩවීමේ හා එහි අපරාධකරුවන්ට නඩු පැවරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳ නිශ්චිත උපදෙස් ගොඩනැඟිය යුතුය.

118. මහාධිකරණයේ විභාග කෙරෙන අපරාධ නඩු වලට අදාළ විමර්ශන මෙහෙයවීම නීතිපති දෙපාර්තමේන්තුව මඟින් කළ යුතුය.

119. පොලිස් නිලධාරීන් හා රජයේ නීතිඥයන් යන දෙපාර්ශවයටම තම රාජකාරී ඉටු කිරීම සහා ප්‍රමාණවත් පුහුණුවක් ලබා දිය යුතුය. මෙම පුහුණුවට මානව හිමිකම් පිළිබඳව තම කාර්යයන්හිදී ලිංගිකත්වය පදනම් කරගත් සාධක අනුකලනය කරගැනීම පිළිබඳව මෙන්ම තාක්ෂණික කරුණු පිළිබදව ද කොටස් ඇතුළත් විය යුතුය.

120. වහාම රජයේ නීතිඥවරු සදහා පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ භූමිකාවට අදාළ උපදෙස් මාලාව ආදී අන්තර්ජාතික මට්ටමේ නිශ්චිත චර්යාමාලාවක් සම්පාදනය කළ යුතුය.

121. අපරාධ පිළිබඳ විමර්ශනයන් හා අපරාධකරුවන්ට විරුද්ධව නඩු පැවරීම්වලදී සිදුවන ප්‍රමාදවීම් වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතුය.

122. නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම් විමධ්‍යගත කිරීමට උත්සහ දැරිය යුතු වන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ නඩුවලට අදාළ සියළු පාර්ශවයන්ගෙන් උපදෙස් ගත යුතුය.

123. මත ගැටුම් අවම කරමින් තනතුරෙහි ස්වාධීනත්වය ඉහළ නැංවීම සදහා නීතිපති තනතුරෙහි වගකීම් හා බලතල පිළිබඳව නැවත සලකා බැලීමක් කළ යුතුය. 44

124. රාජ්‍ය නිලධාරීන්ට එරෙහි නඩු පැවරීම් සදහා විශේෂ ස්වාධීන කාර්යාලයක් ස්ථාපනය කළ යුතුය.

125. සමාජයේ විවිධ අංශවල පුද්ගලයින්ට අධිකරණ ව්‍යුහයේ කොටස්කරුවන් වීමට හා ඒ වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබා දිය යුතුය. එසේ ලබා දීමේදී බඳවාගැනීම් සලකා බැලීම, තෝරා ගැනීම් හා පත් කිරීමේ ක්‍රමවේදය , ඇගයීම් නිර්ණායක සැකසීම ආදියට මොවුන් සම්බන්ධ කර ගත යුතුය. විශේෂයෙන් මේ පුද්ගලයන්ගේ භාෂා හැකියාවන් පිළිබඳව සැලකිය යුතු අතර දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශ වල තනතුරු සදහා පත් කිරීමේදී මේ පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ හරහා අධිකරණ ක්‍රමවේදය වෙත ප්‍රවේශ වීමේදී සුළු ජාතීන් මුහුණ දෙන ගැටළු හඳුුනාගෙන එම ගැටළු මඟහරවා ගැනීමට උපක්‍රමයන් සකස් කළ යුතුය. එමෙන්ම එම සුළු ජාතීන්හට ද්වීතික හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම සදහා ප්‍රමාණවත් අවස්ථා ලබා දිය යුතුය.

126. සෑම අධිකරණ ක්‍රියා මාර්ගයකදීම හා සෑම අධිකරණයකම සුදුසුකම්ලත් ඉහළ ගුණාත්මක තත්වයෙන් යුතු භාෂා පරිවර්ථන හා අර්ථකථන සේවාවන් පිහිටුවිය යුතුය. පොලිස් සේවය සදහාද මෙම පහසුකම් ලබාගැනීමේ අවස්ථාව උදාවිය යුතුය.

127ග සෑම නීති වෘත්තියකම කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා ශ්‍රී ලංකාව සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය. ඒ හරහා අධිකරණ ව්‍යුහයේ සෑම මට්ටමකදීම කාන්තාවන්හට සම නියෝජන අවස්ථාවන් ඇති කළ යුතුය.

128. නීතිඥයින්ගේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ප්‍රවර්ධනයේදී මෙන්ම ආරක්ෂා කිරීමේදීද, නීතිය සුරක්ෂිත කිරීමේදීද, නීතිඥයන්හට අති සුවිශේෂී වගකීම පිළිබදව නීති සම්පාදනය කළ යුතුය.

129. නීතිඥවරු පත් කිරීම, බඳවාගැනීම හා විනය පිළිබද ක්‍රියාමාර්ගයන් නීතිඥ සංගමයේ නියෝජිතවරු හා නීතිඥවරුන්ගේ උපදේශකත්වය මත සිදු කළ යුතුය. මේ හරහා නීති කටයුතුවල යෙදීමේ අවසරය ලබා ගැනීම හා විනය ක්‍රියා 45 මාර්ග ස්ථාපනය කොට පවත්වා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. සෑම තීරණයක්ම ස්වාධීන උසාවියක් මඟින් ගත යුතුය. නීතිඥ වෘත්තියෙන් පහ කිරීම ඇතුළු සියළු විනය ක්‍රියාමාර්ග නිසි ක්‍රමවේදයකට අනුකූලව සාධාරණ ලෙස සිදු කළ යුතු අතර ඒ පිළිබඳ පසුවිපරම් කිරීමේ අයිතියද ඇති කළ යුතුය.

130. නීතිඥවරුන්ගේ රාජකාරියට කෙරෙන අනිසි බාධාවන් හා නීතිඥවරුන්ට කෙරෙන තර්ජන පිළිබඳව නිසි විමර්ශන සිදුකොට අදාළ දඩුවම් පැමිණවිය යුතුය. බලාධිකාරය විසින් නීතිඥවරු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය.

131. අධිකරණ පද්ධතිය තුළ සේවයේ නියුතු සියළු දෙනා ප්‍රමාණවත් අධ්‍යාපනයක් හා පුහුණුවක් ලද්දන් විය යුතුය. මානව හිමිකම් පිළිබඳ අධ්‍යාපන හා පුහුණුව අනිවාර්්‍ය කළ යුතුය. එසේම වැඩිදුර අධ්‍යාපනය හා වෘත්තියේ නියැලෙමින් පුහුණුව ලැබීමට අවස්ථාව සැලසිය යුතුය.

132. නීති විෂයමාලා තුළ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය ලිංගිකත්වය පදනම් කරගත් හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංකල්ප අන්තර්ජාතික මානුෂීය නීතිය හා අන්තර්ජාතික අපරාධ නීතිය පිළිබද අනිවාර්ය පාඨමාලා ඇතුලත් විය යුතුය.

133. සෑම සිරකරුවෙකුටම හා රැඳවියෙකුටම තමන් අත්අඩංගුවට ගත් මොහොතේ සිට ඔහු හෝ ඇය කැමති නීතිඥවරයෙකුගේ සේවය ලබාගත හැකි පරිදි නීති සංශෝධනය විය යුතුය. එසේම යම් හෙයකින් එම පුද්ගලයාට නීතිඥ සේවය ලබා ගැනීමේ හැකියාවක් නොමැති නම් ඔහුට හෝ ඇයට එම සේවය ලබා ගත හැකි මාර්ග හා අයිතිය පිළිබඳව වහා දැනුවත් කළ යුතුය. අත්අඩංගුවට ගත් මොහොතේ සිට නීතිඥ සේවය ලැබීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තහවුරු කළ යුතුය.

134. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහාම අවලංගු කළ යුතුය. එයට ආදේශක ලෙස ගෙන එන නීති එසේ අවශ්‍ය වේ නම් අනිවාර්යයෙන් අන්තර්ජාතික මානව හිමිකම් නීතියට අනුකූල විය යුතුය.  46

135. පරිපාලනය විසින් විනිශ්චය සභාවල කල්පසු වු වැඩ තොඟය පිළිබඳව විමර්ශනය කරමින් එසේ පමා වීමට හේතු අධ්‍යයනය කළ යුතුය. අනතුරුව අධිකරණයේ අරමුණු කඩ නොවන පරිදි එම අධිකරණ වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි පියවර ගත යුතුය. මෙසේ ගන්නා සෑම පියවරකදීම එයට අදාළ සියළු පාර්ශවයන්ගෙන් විශේෂයෙන්ම විනිසුරුවරුන් නීතිඥයන් හා රජයේ නීතිඥයන්ගෙන් උපදේශකත්වය ලබා ගත යුතුය.

136. වරද පිළිගැනීම පිළිබඳ කාර්යය පැහැදිලිව නීතිගත කළ යුතුය. චුදිතයන්හට කිසිඳු අවස්ථාවක වරද පිළිගන්නා මෙන් බලපෑම් නොකළ යුතු අතර ඔවුන්ට අවබෝධ කර ගත හැකි භාෂාවකින් එසේ කළහොත් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව චුදිතයන්ට පැහැදිලි කළ යුතුය.

137. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ පැහැදිලි හා නිශ්චිත වපසරියක් නීතිගත කළ යුතුය. එහිදී ර්‍ණඅධිකරණයට අපහාස කිරීම” යටතට ගැනෙන චර්යාවන් හා එවන් අවස්ථාවකදී ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව පැහැදිලිව දැක්විය යුතුය.

138. ශ්‍රේෂ්ඨාධිකරණ රටේ උතුරු නැගෙනහිර ඇතුළු අනෙකුත් ප්‍රදේශ වලද ක්‍රියාත්මක විය යුතුය. ඒ හරහා අගනුවරින් බැහැර පුද්ගලයින් මුහුණ දෙන සුවිශේෂී අවස්ථා පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කළ යුතු අතර මහජනයාටද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දිය යුතුය. එමඟින් අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසනීයත්වය ගොඩනැඟිය යුතුය.

139. දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ළමුන් දුෂණයන්ට ලක් වු අපරාධකරුවන් වැනි වඩාත් අනතුරට භාජනය විය හැකි පුද්ගලයන්හට නීතිමය පිහිට පැතීමේ හා පැමිණිලි ගොණු කිරීමේ නිසි අවස්ථා ලබා දීමට පරිපාලන අධිකාරිය විශේෂ පියවර ගත යුතුය. එම අවස්ථාවන්හට නීතිමය පිහිට පැතීමේ අවසරයද ඇතුළත් විය යුතුය.  47

14. නීති ආධාර කොමිසමේ කාර්යභාරය පිළිබඳව නිසි ඇගයීමක් කළ යුතු අතර එයට සහයෝගය ලබා දිය යුතුය. ඒ සදහා අතිරේක සම්පත් දායකත්වය ලබා දිය යුතුය.

141ග මහාධිකරණවලට මුලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට අවසර ලබා දිය යුතුය. එසේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි කාල සීමාව දීර්ඝ කළ යුතු අතර අභියාචනා ක්‍රමවේදයක් සැකසිය යුතුය.

142. මානව හිමිකම් කොමිසමට ඉහළ සහයෝගයක් ලැබිය යුතු අතර එහි ක්‍රියාකාරකම් පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමට අවශ්‍ය අතිරේක මානව හා මුල්‍ය සම්පත් ලබා දිය යුතුය. එයට අමතරව එහි සේවක මණ්ඩලයට ප්‍රමාණවත් පුහුණුවක් ලබාදීමට හා එහි ක්‍රියාපටිපාටිය තවදුරටත් විධිමත් කිරීමට කටයුතු කළ යුතුය.

143. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ යාන්ත්‍රණය නැවත විමර්ශනය කොට එමඟින් සැබෑ ආරක්ෂාවක් ලැබෙන පරිදි එහි ස්වාධීනත්වය ගොඩනැඟිය යුතුය.

144. වරදට දඩුවම් නොලැබීමට එරෙහිව වහාම විධිමත් පියවර ගත යුතුය. එම පියවර සංක්‍රාන්තික අධිකරණ සන්දර්භයට සීමා නොවී සමස්ථ අධිකරණ පද්ධතියටම අනුගත කළ යුතුය.

145. පරිපාලන අධිකාරියට අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සලයේ 30/1 දරණ තීරණ හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කළ විමර්ශනයේ අන්තර්ජාතික මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කළ වාර්තාවේ තීරණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන් වරදට දඩුවම් නොලැබීම හා ජාත්‍යන්තර අපරාධ අධිිකරණයේ රෝම නීතිය වලංගු කිරීම පිළිබඳව මෙහිදී කටයුතු කළ යුතුය.  48

146. විවිධ සංක්‍රාන්තික අධිකරණ ක්‍රමවේදයන්හි කොටසක් ලෙස ඇති කළ විශේෂ අධිකරණ යාන්ත්‍රණයන්හි ස්වාධීනබව අපක්ෂපාතීත්වය ශක්‍යතාව විශ්වාසනීයත්වය මෙන්ම එහි විමර්ශන හා නඩු පැවරීම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කළ යුතුය.

147. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතුය. එහිදී සෑම පියවරකදීම අදාළ සියළු පාර්ශවයන් ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු අතර ඒ පිළිබඳව මහජනයා දැනුවත් කළ යුතුය.

( සිංහල ප්‍රකාශනය ආසියානු මානව හමිකම් කොමිසම මගිනි . සිංහල පරිවර්තනය ඕෂදී නයනථාරා ගුණසේකර )

මූලාශ්‍ර සඳහා පීඩීඑෆ් ගොනුව බලන්න: AHRC-STM-067-2017-01

Back to Top