Thursday, January 21, 2021

කසළ ඉවත්කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් කැරේ; විරුද්ධවීම දඩුවම් ලැබෙන වරදක්

ජායාරූපය: කසල බැහැර කිරීමට විරුද්ධ දේශපාලන උද්ඝෝෂණ රට වෙලාගෙන තිබේ.

සියලුම පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති සිරිසේන විසින් නියෝග කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අද (2017-04-20) මධ්‍යම රාත‍්‍රි 12.00 සිට බලාත්මක වන අතර ඊට අදාළ නිවේදනය පහත පරිදි වේ.

මහජන ආරක්ෂක පනතේ 17 වන වගන්තිය ප‍්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව, ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් කි‍්‍රයාත්මක කරන හා පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප‍්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය, නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය හා ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන කි‍්‍රයාමාර්ග මෙම නියෝගයට අදාළ වේ.

එමෙන්ම මේවා අත්‍යාවශ්‍ය සේවා බවට එමගින් නියම කර ඇත.

එමගින් පහත සඳහන් කි‍්‍රයාමාර්ග ආවරණය වේ.

01- යම් කිසිවෙකු පුද්ගලයෙකුට හෝ දේපළවලට වාචිකව හෝ ලිඛිතව හිංසනයක් සිදු කිරීමෙන් එනම් තර්ජනය කිරීම, බලහත්කාරයෙන් හෝ කුමන අන්දමකින් හෝ අපහාසයකින් හෝ අන් ක‍්‍රමයකින් එම කාර්යයන්හි යෙදීම වැළැක්වීම, බාධා කිරීම, ප‍්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදකි. එමෙන්ම මෙවැනි කි‍්‍රයාවන් සඳකහා බලපෑම, ජනතාව ප‍්‍රකෝප කිරීම අන් අන්දමකින් පෙළඹවීම මගින් එවැනි සේවා පවත්වාගෙන යාමට යමෙකුට බාධා කිරීම රැකියාවෙන් ඉවත්වන ලෙස බලපෑම් කිරීම නීති විරෝධි වේ. තවද මෙවැනි කාර්යයන් සඳහා රැකියා අවස්ථාවන් සැපයීම හෝ රැකියාවන් භාර ගැනීම වැළැක්වීම ද එසේම වරදකි.

මෙකී කි‍්‍රයාවන් සඳහා කිසිවෙකු ශාරිරිකව හෝ වාචිකව හෝ ලිඛිතව හෝ බලපෑම් කිරීම, දඬුවම් ලැබිය හැකි වරදක් වේ.

02- මෙම පනතේ විධිවිධාන අනුව උක්ත කි‍්‍රයාවන් කළ හෝ කරන හෝ කළේ යැයි සැක කිරීමට සාධාරණ හේතු ඇති විට ඕනෑම පොලිස් නිළධාරියෙකුට වරෙන්තු රහිතව, ඕනෑම අවස්ථාවක එවැන්නෙකු අත්අඩංගුවට ගත හැකිය.

03- මෙවැනි වරදකට හසුවූ කෙනෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරිපිට නඩු විනිශ්චයකින් පසුව බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කළ හැකි වේ.

Archive

Latest news

රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...

එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...

ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...

Related news