Sri Lanka Brief
පුවත් විශේෂාංගසුද්දාට කැමරන් අපේ ගොම-රන් – සුනිල් ජයසේකර

සුද්දාට කැමරන් අපේ ගොම-රන් – සුනිල් ජයසේකර

by

( ඬේවිඩි කැමරන් සිය පවුල සමඟ සිය අගමැති නිවසින් ඉවත්ව යෑම)

මහා බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍ය ඬේවිඩි කැමරන් මහතා තම පහළොස් වසරක දේශපාලන ජීවිතයට සමු දෙමින් පසුගියදා සිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයෙන් ද ඉල්ලා අස් විය. ඒ පසුගිය සඳුදාය. එය මහා බි‍්‍රතාන්‍යයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම ප‍්‍රමුඛ අවධානයක් දිනාගත් පුවතක් විය.

පසුගිය ශත වර්ෂ තුන තුළදී එනම් ගෙවී ගිය අවුරුදු 300 ක කාලසීමාවේදී බි‍්‍රතාන්‍යයේ බලයට පත් ළාබාලතම අග‍්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ ඬේවිඩි කැමරන් මහතාය. ඒ අනුව ඔහු දේශපාලනයෙන් ඉවත්වීම හා ඔහුගේ වයස අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව ඉතා පැහැදිළිය. එමෙන්ම දෙවන වරට ද අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වූ ඬේවිඩි කැමරන්ට එම වරය ලැබුනේ පාර්ලිමේන්තුවේ ආසන හයසිය හැටකින් ආසන තුන්සිය තිහක් ලැබී තිබීම නිසාය. ඒ අනුව සැලකීමේදී ඔහුට පාර්ලිමේන්තුව තුළ හෝ බි‍්‍රතාන්‍ය ජන සමාජය ද තුළද දේශපාලනික වශයෙන් අභියෝගයක් තිබී නැත. ඬේවිඩි කැමරන් මහතා 2015 වසරේදී ලබාගත් ජයග‍්‍රහණයෙන් 2020 දක්වාම අග‍්‍රාමාත්‍ය තනතුරෙහි රැුදී සිටීමට හැකියාව තිබුණි. එහෙත් ඔහු ඉදිරියේ හදිසියේම කඩා වැටුණේ දේශපාලන සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයකි.

ඒ පසුගිය ජූනි මාසයේ දී බි‍්‍රතාන්‍යයේ පැවැත්වුණු ජනමත විචාරණයේදී බි‍්‍රතාන්‍ය ජනතාව පළ කළ ආකල්පයයි. එය කැමරන්ගේ ආණ්ඩුවට අදාළ සෘජු දේශපාලන කාරණයක් නොවුවද එහිදී බි‍්‍රතාන්‍යයේ බහුතර ජනතාව ඡන්දය පාවිච්චි කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය කැමරන්ගේ ඉල්ලීමට ඇහුම්කන් නොදෙමිනි. ඒ යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්විය යුතුයි යන අදහස තහවුරු කරමිනි.එහි ප‍්‍රතිඵලය වූයේ ඬේවිඩි කැමරන් වහාම අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමයි. ඉන් අනතුරුව කොන්සවේටිව් පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීය. එහෙත් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම 2020 දක්වාම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස ගත කිරීමට බාධාවක් ද නොවීය. එහෙත් ඬේවිඩි කැමරන් මහතා පසුගිය ස`දුදා තීරණය කළේ ජනතාවගේ වරමින් තමන් වෙත හිමිව තිබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයෙන් ද ඉල්ලා අස්වීමටය. එම සියලූ තීරණයන් ඬේවිඩි කැමරන් මහතාගේ පෞද්ගලික සදාචාරයෙහි වටිනාකම් මෙන්ම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ද වටිනාකම් පිළිඹිඹු කිරීමකි. ශිෂ්ටසම්පන්න දේශපාලනයේ මූලික හරයන් හා සාරධර්ම පිළිබඳව මෑත කාලීනව ප‍්‍රදර්ශනය කළ ලෝක මට්ටමේ උදාහරණයකි.

බි‍්‍රතාන්‍යයේ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ පූර්වාදර්ශය රටක් ලෙස අප අගය කරන්නේ ද, නැද්ද යන්න සලකා බැලිය යුත්තේ ඒ පිළිබඳ සිදු කරන විචාරයන්ගෙන් හෝ අගය කිරීම්වලින් නොවේ. ශී‍්‍ර ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ එවන් අතීත පූර්වාදර්ශ සහ එවන් පිළිවෙතක පිහිටා කටයුතු කරන දේශපාලනඥයන් කොපමණ සංඛ්‍යාවක් අප විසින් පත් කරගෙන තිබේද යන්න සළකා බැලීම තුළය. එහිදී මෑත කාලීන වශයෙන් අපගේ අවධානයට ලක්විය යුතු එක් වැදගත් සංසිද්ධියක් මේ රටේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු විසින් හෙළිදරව් කර තිබේ. ඒ මා දුටු ජනවාරි 8 නම් කෘතිය තුළිනි.

දින කිහිපයකට පෙර එළිදැක්වුන මා දුටු ජනවාරී 8 කෘතියේ කතුවරයා පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක මහතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් ඇදවැටීමට තුඩු දුන් සාධක ගණනාවක් පිළිබ`දව මෙන්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ රටේ රාජ්‍ය නායකත්වයට ඔසවා තබන ලද කි‍්‍රයාවලියෙහි මෙතෙක් කිසිවෙකු විසින් හෙළිදරව් නොකරන ලද කරුණු කාරණා ගණනාවක්ම එම කෘතියෙහි අන්තර්ගත වී තිබේ. එහෙත් අද පසුබිමට අදාළව අප සැලකිල්ලට ගනු ලබන්නේ ඒ අතරින් එකම එක කරුණක් පමණකි.
එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි 08 වන දින ලද පැහැදිළි පරාජයෙන් පසුව ඔහුට හිමි නිසි ගෞරවය ලබා දීම සඳහා ඔහුගේ ප‍්‍රතිවාදියා මෙන්ම ජයග‍්‍රාහකයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන ඇති අගය කළ යුතු උත්සාහයකි. එම උත්සාහය මගින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙර දරා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෞරවාන්විත පැවැත්මක් තහවුරු කරලීමටය. එය 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අදාළව ජනාධිපතිවරයා සතු බලය උපයෝගි කර ගනිමින් සිදු කරන ප‍්‍රදානයක් ලෙසය. ඒ සමගම පාර්ලිමේන්තුවට ගෙන එන විශේෂ යෝජනාවක් මගින් මහින්ද රාජපක්ෂ මහතාට එම සුවිශේෂී තත්ත්වය ප‍්‍රදානය කිරීමටද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තුළ අපේක්ෂාවක් තිබී ඇත. මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනා කර ඇති එම ගෞරවාන්විත ප‍්‍රදානය සඳහා පූර්වාදර්ශ ලෙස සලකා බලා ඇත්තේ චීනය, මැලේසියාව, සිංගප්පූරුව සහ දකුණු අපි‍්‍රකාව යන රටවල අතීත අත්දැකීම්ය.

මලිත් ජයතිලක මහතා සිය කෘතිය තුළින් හෙළි කර ඇති ආකාරයට ආරම්භයේදී මෙම යෝජනාව පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ද සිය අනුකූලත්වය පළ කර තිබේ. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ සමීපතමයන් ලෙස සැලකෙන ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ප‍්‍රමුඛ පවුලේ අනෙකුත් සාමාජිකයින්ගේ ද අනුකූලත්වය ඒ සඳහා පළ වී තිබී ඇත. එපමණක් ද නොව මෙම කරුණට අදාළව මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා ද අවස්ථා කිහිපයකදීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡාවන් ද පවත්වා තිබේ. එය සමාජයේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි.

එහෙත් අවසානයේ පැහැදිළි නැති හේතුවක් නිසා එම උත්සාහයන් අසාර්ථක වී තිබේ. එහි ප‍්‍රතිඵලය වූයේ දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපති ධූරය දරන ලද මහින්ද රාජපක්ෂ මහතා ජනතාව විසින් රාජ්‍ය නායකත්වයට ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුවද නැවත පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දේශපාලනයට අවතීර්ණ වීමය. එය එසේ සිදුවන්නේ ඬේවිඩි කැමරන් වැනි චරිත තමන්ට හිමිව තිබූ රටේ නායකත්ව ද අවසානයේ පාර්ලිමේන්තු තනතුර ද සිය කැමැත්තෙන්ම අතහැර යන පසුබිමකය.

කාලය තරමක් ඉක්ම ගිය හැකි වුවද මේ ගැනද අවධානය යොමු කළ යුතුය. එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් වෙත ලැබීමට නියමිතව තිබූ ගෞරවාන්විත තත්ත්වය භාර ගැනීමට ඔහු තුළ මුලින් පැවති කැමැත්ත අතහැර දැමීමට හේතුව කුමක් විය හැකිද යන්න ය. එහෙත් ඒ පිළිබ`ද ඉගියක් ද මලිත් ජයතිලක මහතාගේ කෘතිය තුළින්ම ලබාගත හැකිය. එනම් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කර ඇති ගෞරවාන්විත තනතුරට අනුව හිටපු ජනාධිපතිවරයා ලෙස ඔහුගේ පැවැත්ම ගෞරවය හා අනෙකුත් සියලූම වරප‍්‍රසාදයන් ද නොඅඩුව හිමිවෙනවාට අමතරව රාජ්‍ය නායකත්ව ධූරාවලියේ ඉහළම ස්ථානගත කිරීමක් ද හිමිවෙතත් එතුමාට හැර ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයින්ට අදාළව ඒ වන විටත් ඉදිරිපත් වී තිබූ විවිධ චෝදනාවන්ට එමගින් කිසිදු රැකවරණයක් නොලැබෙන බව ජනාධිපතිවරයා කර ඇති අවධාරණයයි.

මෙම කරුණු සමාජය තුළ නැවත නැවතත් සාකච්ඡුාවට ලක්විය යුතුය. මන්ද යත් රටක රාජ්‍ය නායකයෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පැවැත්ම හා කි‍්‍රයාකාරිත්වය ඔහුගේ විශ‍්‍රාම යාමෙන් පසුව ද රටට මෙන්ම සමාජයට ද දැවැන්ත බලපෑමක් ඇති කළ හැකි හෙයිනි. විශේෂයෙන්ම මා දුටු ජනවාරි 8 කෘතියෙන් ඉඟි කර ඇති ආකාරයට හිටපු ජනාධිපතිවරයා ඔහු වෙත ලබාදීමට නියමිතව තිබූ ගෞරවාන්විත තත්ත්වය බැහැර කරමින් සිල්ලර දේශපාලනයට මේ වන විට පිවිස ඇත්තේ ඔහුගේ පවුලේ අයට එරෙහිව මතුවන චෝදනාවන්ගෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා බලපෑමක් සිදු කිරීමේ අපේක්ෂාවෙන්නම් එය ඛේදවාචකයක් වන නිසාය. මන්ද ඬේවිඞ් කැමරන් ගත් කි‍්‍රයාමාර්ගයන් ඔහු ඉවත්වීමෙන් පසුවද බි‍්‍රතාන්‍ය සමාජයට බලපෑමක් සිදු කරනවාක් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ වර්තමාන හා අනාගතය කි‍්‍රයාකාරිත්වයන් රටක් ලෙස ශී‍්‍ර ලංකාවට හොදට හෝ නරකට බලපෑමක් කළ හැකි නිසාය.
සුනිල් ජයසේකර

Back to Top