Sri Lanka Brief
විවරණශ්‍රී ලංකාවෙහි ආගමික නිදහස කොයිබටද? – සමල් විමුක්ති හේමචන්ද්‍ර

ශ්‍රී ලංකාවෙහි ආගමික නිදහස කොයිබටද? – සමල් විමුක්ති හේමචන්ද්‍ර

by

(පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය 2015 ජනවාරියේදී සිදුවිය :breitbart.com)
ආගමික අන්තවාදයන්ගේ වර්ධනය වර්තමානයේ දක්නට ඇති ප‍්‍රධානතම ගෝලීය ප‍්‍රවණතාවයකි. ශ‍්‍රි ලංකාව ද මෙම ප‍්‍රවණතාවයේ ගොදුරක් බවට පත් ව ඇති රටවල් අතරින් ප‍්‍රධාන රටකි. ශ‍්‍රී ලංකාව තුළ මෙය උච්ච ලෙස ප‍්‍රකාශමාන වූයේ 2014 සිදු වු අලුත්ගම කෝලහාලය සම`ගිනි. එවකට පැවති මහින්ද රාජපක්ස රජයේ නිල/නොනිල අනුග‍්‍රහය යටතේ වර්ධනය වූ බොද්ධ අන්තවාදී කණ්ඩායම් සමාජ ජාල ඔස්සේ කරන ලද ප‍්‍රචාරයන් තුළින් මෙම කි‍්‍රයාව සාධාරණිකරණය කිරිමට උත්සහ දැරීම එකල ඉතා සුලබ සිදුවිමක් විය. මෙම ආගමික අන්තවාදයන්ගේ මතවාද  රාජපක්ස ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රය හා සමපාත වීම තුළ සිදු වූයේ ආගමික සුළුතරය දැඩි පීඩනයකට සහ හිංසනයකට ලක් වීමයි. මේ බව මනාව පැහැදිලිවන්නේ 2015 ජනාධිපතිවරණයේදි සුළු ආගමිකයින් බහුල ප‍්‍රදේශවලින් මහින්ද රාජපක්ස අන්ත පරාජයකට ලක් වීමය. එම මැතිවරණයේදි පොදු අපේක්ෂකයගේ අනපේක්ෂිත ජයග‍්‍රහණයට කේන්ද්‍රීය සාධකයන් ගෙන් එකක් වූයේ මෙම ආගමික සුළුතරයේ සහයයි. මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ 2015 අගෝසතු 17 දින එනම් ජනවාරි 8 ජයග‍්‍රහණය කළ මතවාද ඉදිරියට ගෙන යා හැකි ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි වු දින සිට 2016 අගෝස්තු 17 දක්වා වූ වසරක කාලය තුල ආගමික නිදහස සම්බන්ධයෙන් සිදු වූ වර්ධනයන් පිළිබ`ද තක්සේරුවක් ඉදිරිපත් කිරීමට ය.

    මෙම කාලය පිළිබ`දව සලකා බැලීමේදි දැකිය හැකි ගුණාත්මක වෙනසක් වන්නේ විවිධ ආගමික කණ්ඩායම් අතර පැවතුණු ආතතින් එක්තරා ආකාරයකට සමනය වෙමින් පැවතිමක් දක්නට ලැබීමයි. මෙයට මුලික හේතුව ලෙස දැක්විය හැක්කේ රාජපක්ස ආණ්ඩුවේ පරාජය හේතු කොට ගෙන අන්තවාදී ආගමික කණ්ඩායම් අත තිබු බලය දැඩි ලෙස අභියෝගයට ලක් වීම හමුවේ ඔවුන් එක්තරා ආකාරයකට බෙලහීන තත්වයකට ලක් වී තිබිමයි. විශේෂයෙන් බොදු බල සේනා, රාවණා බලය සහ සිංහල රාවය වැනි අන්තවාදී සංවිධානවල දැඩි නිහැඩියාව මෙයට හොද උදාහරණයකි

.

කෙසේ නමුත් මෙයින් අදහස්වන්නේ ශි‍්‍ර ලංකාව තුළ ආගමික නිදහස ස්ථාපිත වී ඇති බව නොවේ. මක් නිසාද යත් මෙම වසරක කාලය ඇතුළත අලුත්ගම වැනි සිදුවීමක් හෝ කිසියම් ආගමික අන්තවාදී කණ්ඩායමක බලවත් වීමක් දක්නට නොලැබුන ද ආගමික නිදහසට බාධා පමුණුවන කුඩා සිදුවීම් නම් තවමත් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ඔයැ භ්එසදබ්ක ක්‍යරසිඑස්බ ෑඩ්බටැකසජ්ක ්කකස්බජැ දෙ ීරස ඛ්බන් :භක්‍ෑ්ීඛ* මෙම කාලය තුළ කතෝලික ජනතාවගේ ආගමික නිදහසට බාධා වෙන ආකරයේ සිදු වීම් 36ක් ඉදිරිපත් කර තිබේ . නමුත් මෙහිදී දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ මෙම සිදුවීම් එක්තරා ආකාරයකට හුදකලා සිදුවීම් ලෙස වාර්ථා වනවා විනා රාජපක්ස ආණ්ඩුව කාලයේ දකින්න ලැබුණු ආකාරයේ සංවිධිතබවක් දක්නට නොලැබීමයි. එනම් මෙම සිදුවීම්වලට වගකිවයුත්තන් බොහෝ විට එම ප‍්‍රදේශයේ තිබෙන පොලිසිය සහ ප‍්‍රදේශීය ආගමික නායකත්වය යැයි සැලකිය හැක. එමෙන්ම අනෙක් වැදගත් කරුණවන්නේ කතෝලිකයින්ට සිදුවන හිංසනයන්ගේ පාර්ශවකරුවන් හුදෙක් බෞද්ධ භික්ෂුන් පමණක්ම නොවන අතර සමහර අවස්ථාවලදී හින්දු ආගමිකයින් විසින් ඔවුන්ගේ බල ප‍්‍රදේශයන්වලදි කතෝලික ආගමිකයින්ගේ ආගමික නිදහසට බාධා කරනු ලැබ තිබීමයි.

රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේදී උත්සන්න වූ සිංහල බෞද්ධ- මුස්ලිම් ගැටුම අපට මෙම කාලය තුළ ද තවම දක්නට ලැබේ. විශේෂයෙන් බොදු බල සේනා නම් වූ අන්තවාදී සංවිධානය තවමත් එහි කි‍්‍රයාකාරීත්වය රජයේ අනුග‍්‍රහයකින් තොරව කර ගෙන යාමට හැකි වීම තුළ විටින් විට බෞද්ධ-ඉස්ලාම් ආගමික සංහිදියාව පළුදු වන ආකාරයේ අන්තවාදී ප‍්‍රකාශයන් කරනු දක්නට ලැබේ.

උදාහරණයක් ලෙස ගලබොඩඅත්තේ ඥානසාර නම් භික්ෂුව ජූනි 21 දින මහියංගණයේ දී මුස්ලිම් ජාතිකයින් හට තර්ජනය කලේ අලුත්ගම සිදුවීම නැවත සිදුවිය හැකි යැයි ප‍්‍රසිද්ධියේ පවසමිනි  . මේ සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකා මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇතත් දැනට පෙනෙනා ආකාරයට මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් පොලිසිය විසින් ගෙන නැත. එසේම මුස්ලිම් අන්තවාදී නායකයකු වන අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් විසින් ඥානසාර භික්ෂුව නබිතුමාට අපහාස කලා යැයි පවසමින් ඥානසාර භික්ෂුවව මරා ගෙන මැරෙන්නට ඔහු සූදානම් යැයි ප‍්‍රකාශ කිරීම තුළ බෞද්ධ-ඉස්ලාම් සංහිදියාව නැවත වරක් අර්බුදකාරි තත්වයකට යන ලදී. මෙම ප‍්‍රකාශය බෞද්ධ අන්තවාදීන් හුවා දැක්වූයේ ඥානසාර භික්ෂුවට කළ මරණ තර්ජනයක් ලෙසය .
මෙම සිදුවීම්වලින් පෙනෙනුයේ වර්තමාන රජය ආගමික අන්තවාදයන් කෙරෙහි දක්වන ලිහිල් ආකල්පය යි. නමුත් ආගමික අන්තවාදයන්ට එරෙහිව සමාජ ජාල තුළ දී සාමාන්‍ය පුද්ගලයින් විසින් කරනු ලැබූ මැදිහත් වීම් රාජපක්ස ආණඩුවට සාපේක්ෂව නිදහස් ආකාරයකින් මෙම කාලය තුළ සිදු වීම දැක ගත හැකිය. මෙයට හොදම උදාහරණය වූයේ ෆේසුබුක් හී වයිරල් වුණු ”සිංහ ලේ”ව්‍යාපාරය ෆේස්බුක් තුළින්ම පැමිණි දැඩි විරෝධය හමුවේ අඩපණ වීමයි. මෙම සිංහ ලේ ව්‍යාපාරය ආරම්භයේ පටන්ම ජාතිවාදී ස්වරුපයක් දැරූ අතර මෙය ජනපි‍්‍රය වූයේ සිංහල බෞද්ධ ජාතිවාදීන් අතරය.

නමුත් සමාජ ජාල කි‍්‍රයාකාරීන්ගේ උත්සාහය හේතු කොට ගෙන එක් ජාතියක්, එක් ආගමක් පමණක් උත්කර්ෂයට නැංවීම වෙනුවට සියලුම ජාතින් හා ආගමිකයින් එකතු විය යුතුය යන අදහස ප‍්‍රවර්ධනය විය. නමුත් පැවසිය යුතු දෙය වන්නේ මෙම ආගමික සංහිදියා ප‍්‍රවණතාවය සිදු වූයේ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව බවයි.

මේ ආකාරයෙන් බලන කල ගත වූ වසරක කාලය තුළ ආගමික නිදහස සම්බන්ධයෙන් රාජපක්ෂ රජයට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් දැක ගත හැකිය. මෙයට මූලික හේතුව වන්නේ වර්තමාන රජය මෙම ආගමික අන්තවාදයන්ට අනුග‍්‍රහය දැකිවීමෙන් වැලකි සිටීමයි. කෙසේ නමුත් රාජපක්ස රජය කාලයේ දි උච්චස්ථානයට පත් වූ ආගමික අන්තවාදයන්වල කි‍්‍රයා තවමත් ශ‍්‍රී ලංකා සමාජය තුළ විටින් විට දැකිය හැක. මෙම නිසා වර්තමාන රජය ආගමික සංහිදියාවට බාධා කරන්නවුන්ට දඩුවම් දෙමින් සහ ආගමික සංහිදියාව සාමාන්‍ය ජනතාව අතර ප‍්‍රවර්ධනය කරමින් ගත වූ වසරේ දැක්වූවාට වඩා සක‍්‍රීය දායකත්වයක් ලබා දීමෙන් ශ‍්‍රී ලංකාව ආගමික සංහිදියාව සහිත රටක් බවට පත් කළ යුතු වේ.

Back to Top