Sri Lanka Brief
පුවත්පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදැක්වෙන්නේ ක්‍රිරිස්තියානි දහමෙන් පමණක් නොවේ

පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදැක්වෙන්නේ ක්‍රිරිස්තියානි දහමෙන් පමණක් නොවේ

by
(සාන්ත ජෝෂප් විදුහල විසින් පැනවූ නීති)
ෂෝසර්ගේ කුප‍්‍රකට ‘බාත්ගේ බිරිඳ’ වරක් මෙසේ කීවාය:

‘‘ආගමික පූජකයන් විසින් ගැහැනුන් අරභයා චිත‍්‍රණනය නොකරනු ලබන අපවාදයක් නැත. එසේ නොවන්නේ, ඔවුන්
ශාන්තුවරියන් ගැන ලියන විටදී පමණි. ඒ හැරුණු කොට වෙන කිසි ගැහැනියක් ඔවුන් ඉදිරියේ යහපත් නැත.’’

ඇය, සැඟවීමට බොහෝ දෑ ඇති විචිත‍්‍ර අතීතයක් තිබූ ගැහැනියක් බව සැබවි. ඇගේ විවේචනයට හසු වන පූජකවරුන්
වනාහී, 14 වැනි සියවසේ ෂෝසර්ගේ එංගලන්තයේ විසූවන් ය.

ඒ කෙසේ වෙතත්, ඇයට දෝෂාරෝපණය කරනවා වෙනුවට ඇය දෙන ලද පණිවිඩය සළකා බැලූවහොත්, 14 වැනි
සියවසේ එංගලන්තය සහ 21 වැනි සියවසේ ශ‍්‍රී ලංකාව අතර වැදගත් සහ ගුප්ත සමානත්වයක් ඇති බව කෙනෙකුට
පෙනී
යනු ඇත.

උදාහරණයක් වශයෙන්, ලංකාවේ ප‍්‍රධාන පෙළේ පිරිමි පාසල් දෙකක් ඉදිරියේ මෑතකදී අලවා තිබෙන පෝස්ටර් දෙක
ගන්න.
මේ පෝස්ටරයේ පින්තූර පෙලක් තිබේ. ඒවායේ පෙනී සිටින්නන් හැඳ සිටින ඇඳුම ‘යහපත්‘ යැයි සැළකෙන පින්තූර
ඉදිරියේ හරි ලකුණක්ද, ‘අයහපත්’ යැයි සැළකෙන පින්තූර ඉදිරියේ වැරදි ලකුණක්ද සළකුණු කොට තිබේ. වැරදි
යැයි කියන ඇඳුම්වල ඇති වැරැද්ද කුමක්දැ යි මම පරීක්ෂාවෙන් බැලූවෙමි. මට පෙනුණු හැටියට නම් ඔවුන් හොඳට
හැදුණු වැඩුණු, පිළිවෙලකට අඳින පළඳන ගැහැනුන් ය. කෙසේ වෙතත්, එක පින්තූරයක තරුණියකගේ දණහිසක්
පෙනෙන්ට තිබේ. තවත් අය, ජින්ස් කලිසම් හෝ හිරවුණු කොට ගවුම් හෝ සෑහෙන දිග ගවුම් සමග, අත් නැත
හැට්ට හැඳ සිටියහ. ඒ සියල්ල ලකුණු කොට ඇත්තේ ‘වැරදි’ ඇඳුම් වශයෙනි.

මේ ඇඳුම් විවේචනයට ලක්ව තිබෙන්නේ, ගැහැනුන්ගේ පව්කාර මාංශ ප‍්‍රදර්ශනයෙන්, කොල්ලන්ගේ ‘මදන ගායට’
ඉඩ නොතැබිය යුතු බැවිනි. පිරිමින්ගේ වනචරකම්වලට ගැහැනුන් පව් ගෙවන තත්වයේ කිසි වෙනසක්, ආදම් සහ
ඒවාගේ කාලයේ පටන් තවමත් සිදුව නැත්දෝ යන කුකුසක් අප තුළ ඇති වෙයි.

පාපයේ ගර්භය සහ සංකේතය වශයෙන් ගැහැනිය හුවාදක්වන් ලබන්නේ ක‍්‍රිස්තියානි දහමෙන් පමණක් නොවේ.
ලිංගික පෙළඹවීම සමග පාපය ගැට ගසන හැම මොහොතකම, ලෝකයේ සෑම ප‍්‍රධාන ආගමක්ම ගැහැනිය දෙසට
ඇඟිල්ල දිගු කිරීම සම්බන්ධයෙන් චූදිතයන් වන්නේය. ඔවුන්ට අනුව, මේ ගැහැනියගේ පෙළඹවීම්වලින් දුර්වල
පිරිමියාව ආරක්ෂා කර ගත යුතුව තිබේ. එය කළ හැකි මාර්ගය වන්නේ, ඔවුන්ට අනුව, ගැහැනියගේ නාරි
ලක්ෂණ ආවරණය කිරීම හෝ මර්දනය කිරීමයි.

ඉහත කී පිරිමි පාසල් ඉදිරියේ ප‍්‍රදර්ශනය කෙරෙන පෝස්ටරය තුළ දක්නට ලැබෙන්නේ නාරි-දේවේෂයේ සුලමුල ය.
එහෙත් යමෙකු මීට කලින්ද පෙන්වා දී ඇති පරිදි, මේ සෑම බටහිර ඇඳුමකටම සමානවම හෝ ඊටත් වඩා සාරිය
තුළින්ද නාරි දේහය කැපී පෙනෙන්ට සැලැස්විය හැකි වීම මෙහි ඇති උත්ප‍්‍රාසයයි. සාරිය හඳින ගැහැනුන්ගේ
බොහෝ විට දක්නට ලැබෙන පිටේ විශාල පදාසය සහ බඬේ ‘ඔබේ තීරය’, පටි ඇල්ලූ හැට්ට හෝ කලිසම්
හෝ කොට ගවුම්වලට වඩා, නාරි ලක්ෂණ උලූප්පා පෙන්වයි.

1960 දශකයේ අවසාන භාගය වන විට ළදැරියකව සිටි අප ඇන්ද කොට ගවුම්, අද මිනිගවුම් යැයි කියන
විශේෂය ගව් ගානකින් පරදවාලයි. එහෙත් මීට අවුරුදු 40 කට කලින් එවැනි ඇඳුම් ගැන අනවශ්‍ය ලෙස
රැව්වේ ගෙරෙව්වේ හෝ මීමැස්මොරය හදාගත්තේ හෝ නැත. මාත් මගේ පවුලේ අයත් බොහෝ විට නොදියුණු
ගම්වලට ගොස් තිබේ. වැඩිම වුණොත් අපේ ඇඳුම් දැක එම ගැමියන් කෙළේ, අප‍්‍රසන්න බැල්මක් හෙලීම හෝ
සිනාව නතර කර ගැනීමට බැලීම පමණි. ඔව්, මිනිස්සු අපි දිහා බලා සිනාසුණා තමයි.එහෙත් ඒ සිනාවේ තර්ජනයක්
නොවුණි. කෝපාවිෂ්ට වෙනවා වෙනුවට එදා එහි තිබුණේ, මෘදු විනෝදාස්වාදයක් පමණි.

එසේ නොවුණත්. මා විශ්වාස කෙළේ එහෙමයි. ඒ, සමාජයක් වශයෙන් අප මොන තරම් බෙදි වෙන්වී ඇත්දැයි අපේ
ඇහැටම ඇඟිල්ලෙන් ඇන 1971 දී පෙන්වා දෙන තෙක් ය. ‘සිංහල පමණයි’ පනත සමග වාර්ගික ඛණ්ඩය ඒ වන
විටමත් මෝදු වෙමින් තිබුණු අතර 1958 ජාතිවාදී කෝලාහලත් ඇවිලී තිබුණද, දකුණේ කැරැල්ලත් සමග සමාජයේ
පැවති සිදුරු කට බලියාගෙන එළියට පැන්නේය. එය, ආර්ථික සහ සමාජ සාධක උඩ බෙදී ගිය ජාලකයක ස්වරූපය
ගත්තේය.

එදා අප දෙස බලා සිනාසෙන ගැමි දුප්පතාගේ සිනාව තුළ, සමාජයේ ‘ඇති අය’ වශයෙන් සැළකුණු, එහෙත් ඇත්ත
වශයෙන්ම එසේ නොවුණු සමාජ කොටස් කෙරෙහි ලියලන මිනිස් කෝපයක් සැඟව පැවති බව මම දැන සිටියෙමි.
බටහිර ඇඳුම එදා අනන්‍ය වුණේ, ඒ ‘ඇයි අය’ සමගයි. එම ඇඳුම, වරප‍්‍රසාදයේ සංකේතයක් විය. අනතුරුව 71
කැරැල්ලෙන් බොහෝ කලකට පසුව, 70 දශකය අවසානයේ මා පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යාවක් වු අවස්ථාවේ,
මාව නවක වදයට ලක්කෙළේ මගේ කොට කොණ්ඩය සහ බටහිර පන්නයේ ඇඳුම් පැළඳුම් නිසා ය. ඒවා හඳුනා ගැනුණේ,
වරප‍්‍රසාද සහ පීඩනය සමග එකට ඈඳාගෙනයි. නැවත නැවතත් මට වද දුන් එක් ශිෂය්‍යයෙක් මගෙන් පුන පුනා ඇසූ
ප‍්‍රශ්නය වුණේ, මා කොණ්ඩය කොටට කැපුවේ මන්ද යන්නයි. ඔහු මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ හැරියේ ඔහුට
පිළිගත හැකි හේතුවක් ඒ සඳහා මා ඉදිරිපත් කළ පසුව පමණි: එනම්, උකුණන් බෝ වීම නිසා කොණ්ඩය කැපූ
බවයි.

මේ විදිහට, සාරිය වැදගත් කොට සැළකීමටත්, අත් කොට හැට්ට, දණිස් නොවැසෙන ගවුම් සහ ජීන්ස් කලිසම් ආදිය
සංකර වශයෙන් ගැනීමටත් පෙළඹීම පසුපස ඇති හේතුව, බටහිර සංස්කෘතික ආධිපත්‍යය කෙරෙහි පවතින බිය විය හැක.
එය, අපේ යටත් විජිත අතීතයේ උරුමයක්ද විය හැකිය. එහෙත් මේ බටහිර-පෙරදිග ගැටුම අස්සේ තවත් දෙයක්ද ක‍්‍රියාත්මක
වෙයි. එනම්, සමාජයේ පවතින සමාජ-ආර්ථික හේතුවලට අමතරව, ලිංගික හෑල්ලූවත් දැන් සමාජයේ ප‍්‍රමුඛ ස්ථානයකට
පැමිණෙමින් තිබීමයි.

ඉහත කී පිරිමි පාසල් දෙක ලිංගික වශයෙන් අපවාදාත්මක් මෙකී පෝස්ටරය මගින් අනවශ්‍ය අපකීර්තියක් තමන්ට ගාවා ගැනීමට
බොහෝ කලකට පෙර සිටම ලංකාව පුරාම ආණ්ඩුවේ පාසල්වල දරුවන්ගේ අම්මලා දරුවන් ඇරලවීමට හෝ ගෙන යාමට පාසලට
එන විට සාරියම ඇඳගෙන ආ යුතු බවට නියෝග පනවා තිබුණි. සමාජයේ පහළම ස්ථරයේ අම්මලාගෙන් මේ ගැන බොහෝ පැමිණිලි
මා අසා තිබේ. මන්ද යත්, මේ කාරණය සඳහාම සාරි සඳහාද වැය කිරීමට ඔවුන්ට සිදුව ඇති බැවිනි. එයින් සමහරෙකු මේ නිසා
දවස තිස්සේ අඳින ඇඳුම පැත්තකින් දමා රෙදි යාර හයක් ඇඟ වටේ ඔතා ගැනීමට පෙළඹී ඇත.

මෙවැනි පසුගාමී සහ මෝඩ නීති පිළිපැදීමට බැඳී නැති සමහර පෞද්ගලික පාසල්වලටත් දැන් මේ රෝගය බෝ වී තිබේ. එසේ
වන්නේ, පාසලේ කොල්ලන්ගේ මදන ගාය පාලනය කර ගැනීමට නම්, ඔවුන් පාසල ඇරී ගෙදර යන්නේ ඇස් වසාගෙන දැ යි මට
ප‍්‍රශ්නයකි. මන්ද යත්, කොළඹ පාර තොටේදී පොදුවේ ඔහුට දකින්ට ලැබෙන්නේ එවැනි ඇඳුම් වන බැවිනි. එසේ නැතිනම් මේ
ගාය හැදෙන්නේ පාසල් භූමිය තුළ පමණද?

භීතිය විසින් සමාජය කොර කරවනු ලැබේ. හිතින් ගත් ‘අනෙකා’ පිළිබඳව ඇති බිය සහ සැකය විසින් වාර්ගික, සමාජ-ආර්ථික
සහ ආගමික විස්සෝප අනන්තවත් අපේ රටේ ඇති කොට තිබේ. වෙනස් සමාජ-ආර්ථික පසුබිමකින්, වෙනස් වාර්ගික හෝ ආගමික
පසුබිමකින් එන තැනැත්තා පිළිබඳ සැක කරන්ට පටන් ගන්නා මොහොතේම අප අතරේ මේ බෙදීම ඇති වෙයි.

මේ තියෙන බෙදුම් මදිවාටදෝ, දැන් ලිංගිකත්වය මතද එකිනෙකා බෙදා වෙන් කිරීමට හුරුපුරුදු වෙමින් සිටී. දිනපතා පුවත්පත්
කියවන ඕනෑම කෙනෙකු, රටේ ලිංගික අපරාධ ඉහළ යාමේ ප‍්‍රවේගය ගැන දන්නවා ඇත. ඒ ඇතැම් සිදුවීම් තවමත් අපව කම්පාවෙන්
සොලවාලයි. පාසල ඇරී ගෙදර යන විට සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කර දැමූ අර අහිංසක දැරිය පිළිබඳ සිද්ධිය ඉන් එකකි.
පස් අවුරුදු සිඟිත්තියක් ඇගේ දෙමාපියන්ගේ නිවසෙන් සොරෙන් ගෙන ගොස් දූෂණය කොට මරා දැමීම තවත් එවැනි සිද්ධියකි.

මෙවැනි ප‍්‍රචණ්ඩත්වයකට දැක්විය යුතු ප‍්‍රතිචාරය වන්නේ, ගැහැනු පිරිමි වෙන් කොට තබා ගැනීම හෝ පිරිමි වරදේ පොළඹවාලන
හැතිරිය සේ ගැහැනියව සැළකීම හෝ නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අපේ සමාජය පීඩා විඳින මේ ව්‍යාධිය සමාජයක්
වශයෙන් අප හඳුනාගත යුතු නැත්ද? ඒ ඔස්සේ, පණිවිඩය රැුගෙන එන්නාට වෙඩි තැබීම වෙනුවට, සැබෑ විසඳුම් ඒ සඳහා සොයා
ගැනීම නොවේද?

ලිලානී ජයතිලක

*2016 සැප්තැම්බර් 19 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Sexism is on the Rise නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
ලිංගික ගර්හාව ලියලමින් තිබේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Back to Top