Sri Lanka Brief
විවරණශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා

by

 පූර්විකාව.

ශී‍්‍ර ලංකාව තුළ මානව හිමිකම් ආරක්‍ෂණය වැඩි දියුණු කිරීමට නම්, සම්පාදනය කිරීමට නියමිත නව ආණුඩක‍්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයකින් හරයාත්මක නීතිය දියුණු කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස යි. ඒ ස`දහා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය තුළ දී පහත මානයන් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය ද වැදගත් වේ;
අ) බලය බෙදීම සම්බන්ධයෙන් සහ සංවරණ හා තුලන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වඩාත් සාධනීය ක‍්‍රම තහවුරු කිරීම
ආ) මහජන ආරක්‍ෂාව පිළිබඳ නීති මාලාව ශක්තිමත් ලෙස නියාමනය කිරීම
සුවිශේෂ යෝජනා

1 ව්‍යවස්ථාමය මූලධර්මයන්
මූලික ව්‍යවස්ථාමය මූලධර්මයන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පූර්විකාවේ හෝ හරයාත්මක ප‍්‍රතිපාදනයක් වශයෙන් අනිවාර්යෙන් ම ස`දහන් කළ යුතු ය;

x    ජනතා ස්වාධිපත්‍යය පාලනයේ පදනම විය යුතු ය
x    පාලන ක‍්‍රමයේ විනිවිදභාවය සහ වගවීම
x    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය
x    බහුවිධතාවයට ගරු කරමින් සියල්ලන්ගේ මානව ගරුත්වයට හා තනිව හා කණ්ඩායම් වශයෙන් භුක්ති විදිනා නෛසර්ගික මානව හිමිකමි වලට සමසේ ගරු කිරීම
x    සියලූ දෙනාගේ ම ආගමික නිදහසට ගරු කිරීම.
x    සමාජ යුක්තියට – සාධාරණත්වයට ගරු කිරීම
x    බලය බෙදීම
x    සියලූ ම සත්්ව වර්ග ආරක්‍ෂා කිරිම ඇතුළුව පරිසර සංරක්‍ෂණය ස`දහා විශේෂ අවධානයක් යොමු කරමින් අනාගත පරම්පරාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම

   2. මූලික අයිතිවාසිකම්

2006 -2009 කාලයේ දී එවක මානව හිමිකම් පිළිබඳ අන්තර් ආමාත්‍ය කමිටුවේ සභාපතිත්වය දැරු මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් පත් කරන ලද අතිරේක කමිටුව ම`ගින් මෙම අයිතිවාසිකම් කෙටුම්පත සම්පාදනය කරන ලදී (අමුණා ඇත) පහත සංශෝධනයන්ට සහ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අවලංගු කිරීමේ අවශ්‍යතාවයට යටත්ව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන්නේ ය.

වෙනස්කමකට භාජන නොකළ යුතු බවට වන ප‍්‍රතිපාදනය තුළට ‘ලිංගික අන්‍යනතාව’ යන පදනම ද එකතු කරමින් එය තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. ‘ලිංගික හැඩගැස්ම’, ‘ලිංගික අනන්‍යතාව’, ‘ආබාධ සහිත බව’ යනාදි පදනම් ද ඉහත ස`දහන් ප‍්‍රතිපාදනය තුළට ඇතුළත් විය යුතු බවට විවිධ නියෝජිත කණ්ඩායම් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත. ඉහත පළමු හා අන්තිම පදනම් සහ තවත් පදනම් ලෙස ‘වයස’, ‘මාතෘත්වය’, යනාදිය මේ වන විටත් කෙටුම්පතට ඇතුළත් කර ඇත. ශී‍්‍ර ලංකාව එක`ග වී ඇති අන්තර්ජාතික බැ`දීම්වලට අනුකූල වන ආකාරයට (පහත සඳහන්* මෙම ප‍්‍රතිපාදනය පැහැදිලිව දැක්විය යුතු ය. ‘‘ ….. පදනම් වැනි වෙනත් පදනම් මත කිසිදු වෙනස්කමකට භාජන කිරීමක් සිදු නොකළ යුතු ය’’
x    බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් තොරව සිටීමට ඇති අයිතිය පිළිගැනීම
x    නීති ආධාර ලැබීමට ඇති අයිතිය හෝ යුක්තිය වෙත ප‍්‍රවේශ වීමට ඇති පුළුල් අයිතිය පිළිගැනීම
x    පොදු ජන ජීවිතයේ විවිධ අංශයන්ගේ දක්නට ඇති ඵෙතිහාසිකමය වශයෙන් අයුක්තිසහගත තත්ත්වයන්වලට ලක්වූ හා අඩු නියෝජනයක් ලද කණ්ඩායම් උදෙසා හිතකර කි‍්‍රයාමාර්ග ගැනීමට රාජ්‍යයට සකී‍්‍රය බැ`දීමක් ඇති බව දැක්විය යුතු ය.
x    මූලික අයිතිවාසිකම් කඩ කිරිම පිළිබඳ පෞද්ගලික පාර්ශ්ව වෙත සුදුසු අවස්ථාවලදි වගකීමක් ඇති කළ යුතු ය.
x    යුක්තිය වෙත ප‍්‍රවේශ වීමට ඇති අයිතිය පහසු කරනු පිණිස මූලික අයිතිවාසිකම් ස`දහා වූ අධිකරණ බලය කලාපීය අධිකරණ වෙත විමධ්‍යගත කළ යුතු ය.
x    2007 අංක 56 දරන සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබ`ද අන්තර්ජාතික සම්මුති පනත අහෝසි කළ යුතු අතර එහි ඇතුළත් අයිතීන්, සම්පාදනය කිරීමට නියමිත මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට ඇතුළත් කළ යුතු ය. මානව හිමිකම් පිළිබ`ද කිසිදු ධුරාවලියක් පිළිගත නො යුතූය.
x    මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය ම`ගින් පිළිගෙන ඇති අයිතිවාසිකම් පහසුවෙන් වෙනස් කළ නොහැකි විය යුතු ය. එහි ස`දහන් යම් අයිතිවාසිකමක් ඉවත් කිරීමක් හෝ හීන කිරීමක් සිදු කරන්නේ නම් ඒ යෝජනාව ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තු විශේෂ බහුතරයක් මගින් සම්මත කළ යුතු ය. එයට විකල්පයක් ලෙස, මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයෙහි ඇති අයිතිවාසිකම් සංශෝධනය කිරීම වළක්වාලන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය පිළිබ`ද සිද්ධාන්තය පිළිගත හැක.
x    මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දය අර්ථ නිරූපණය කිරීමේ දී මානව ගරුත්වය හා සමාන අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු ය. මෙහි දී අන්තර්ජාතික මානව හිමිකම් නීිතියේ සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවන මූලධර්මයන් සැලකිල්ලට ගත යුතු ය.

    3. ශක්තිමත් සංවරණ හා තුලන පද්ධතියක් ඇති කිරීම

x    ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් දේශපාලන නියෝජිතයන් නොවී ගෞරවනීය පුරවැසියන්ගෙන් සමන්විත විය යුතු ය. සමාජ විවිධත්වය ව්‍යවස්ථාදායක සභාව තුළ නිරූපණය විය යුතු ය.
x    අධිකරණයේ ස්වාධීනත්වය ඉහළ නැංවීම ස`දහා අධිකරණ සේවා කොමිෂන් සභාව ශක්තිමත් කළ යුතු ය. අධිකරණ සේවා කොමිසම විශ‍්‍රාමලත් ගෞරවනීය විනිසුරුවරුන්, රජයේ හා රජයේ නොවන නීතිඥයන් සහ විද්‍යාර්ථීන්ගෙන් සමන්විත විය යුතු ය.
x    විනිසුරුවරුන් ධූරයෙන් ඉවත් කිරීම ස`දහා ස්වාභාවික යුක්ති මූලධර්ම මත සම්පාදනය වූ සූවිශේෂී කි‍්‍රයාපටිපාටියක් ව්‍යවස්ථාපිත නීතියක් ලෙස සකස් කළ යුතු ය.
x    ව්‍යවස්ථා සමාලෝචනයට ඇති අධිකරණ බලය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. සමාලෝචන බලය අනාගතයට බලපාන පරිදි පැවතිය යුතු අතර පූර්ව ව්‍යවස්ථා සමාලෝචනය තවදුරටත් ර`දවා තබා ගත යුතු ය.

    4. මහජන ආරක්‍ෂාව පිළිබඳ නීති පද්ධතිය

x    ශී‍්‍ර ලංකාව බැඳී සිටින අන්තර්ජාතික මානව හිමිකම් එක`ගතාවන්ට අනිවාර්යෙන් ම අනුකූල විය යුතු ය.
x    රාජ්‍යය තුළ හදිසි තත්ත්වයන් ප‍්‍රකාශයට පත් කළ හැක්කේ ජන ජිවිතයේ පැවැත්මට තර්ජනයක් වන අවස්ථාවල දී පමණි.
x    රාජ්‍ය තුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළ විට ඒ පිළිබ`දව අධිකරණ සමාලෝචනයට ඉඩ ලබා දිය යුතු ය.
x    ඒ ආකාරයෙන් ම හදිසි නීති රෙගුලාසි සහ හදිසි නීති විධාන සමාලෝචනයට ද අධිකරණයට ඇති බලය සහතික කළ යුතු ය.
x    හදිසි තත්ත්වය මාස හයකට වඩා වැඩි කාලයක් නොකඩවා කි‍්‍රයාත්මක වන අවස්ථාවක එහි කාලය දීර්ඝ කිරීමක් සිදු කරන්නේ නම් ඒ ස`දහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය වන්නේ ය.
x    හදිසි තත්ත්වයන් ඇති කාලච්ෙඡ්දයක දී මුලික අයිතිවාසිකම්වල අගය හීන කිරීමක් පිළිබ`දව ඉහත මූලික අයිතිවාසිකම් කෙටුම්පතෙහි ස`දහන් කොට ඇති ප‍්‍රතිපාදන ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අනුමත කරයි.

   5. අන්තර්ජාතික මානව හිමිකම් සම්මුතීන්

x    ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල අනුව මානව හිමිකම් සම්මුතීන් අපරානුමතකරණය ස`දහා ක‍්‍රමවේදයක් සාකච්ඡුා කිරීමට යෝජනා කරන අතර එය වෙනත් සම්මුතීන් කෙරෙහිද ආදේශ කළ හැකි ක‍්‍රමවෙිදයක් බව කොමිෂන් සභාව පිළිගනු ලබයි.
x    අන්තර්ජාතික මානව හිමිකම් සම්මුතීන් අපරානුමතකරණය ස`දහා වූ තම චේතනාව පාර්ලිමේන්තුව වෙත දැන්වීම විධායකය විසින් කළ යුතු ය. පාර්ලිමේන්තුව විසින් එවැනි අපරානුමතකරණයක් යෝජනාවක් ම`ගින් සම්මත කළ යුතු ය. මෙවැනි යෝජනාවක් සම්මත කරගැනීම තුලින් පාර්ලිමේන්තුවේ අරමුණ වන්නේ පසුකාලීනව මෙය දේශීය හැකිකරවන නීතියක් ලෙස සම්මත කිරීමට අපේක්‍ෂා කරන බව යැයි තහවුරු කළ යුතුය.
x    අපරානුමතකරයෙන් පසු මාස තුනක කාලයක් ඇතුළත එකී සම්මුතියට අදාළ නීති සම්පදානය (හැකිකරවන ව්‍යවස්ථාවක්* ස`දහා ආණ්ඩුව බැ`දී සිටිය යුතු ය. එසේ වූ නීතියක් (හැකිකරවන ව්‍යවස්ථාවක්* වසරක කාලයක් ඇතුළත අපරානුමතකරණය කිරීම සිදු නොකළහොත් අපරානුමතකරණය කරන ලද සම්මුතියෙහි ඇති හරයාත්මක අයිතීන් පිිළිගැනීම ස`දහා අධිකරණයට අධිකරණ බලය ලබා දිය යුතු ය.

x    1996 අංක 21 දරන පනතින් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවා ඇත. කෙසේ වුව ද කොමසාරිස්වරුන් පත්කිරීම සම්බන්ධයෙන් අදාළ වන්නේ 1978 ආණ්ඩුකම ව්‍යවස්ථවට ගෙන ආ 19 වන සංශෝධනය යි. ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (අනෙක් කොමිෂන් සභා මෙන්* අනාගත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ම`ගින් පිහිටවූ ව්‍යවස්ථානූකූල ආයතනයක් වශයෙන් හ`දුනාගත යුතු බවට නිර්දේශ කරයි. එහි බලතල සහ කාර්යයන් මෙන් ම කොමිෂන් සභාවේ නිර්දේශයන් සම`ග එක`ග වීමට මහජන ආයතනයන්ට ඇති යුතුකම ද ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාව තුළින් නියම කළ යුතු ය.

x    ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එහි වර්තමාන නෛතික රාමුවණි වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහාණි අධ්‍යයනය කරමින් සිටී.

    7. භාෂාමය ප‍්‍රවේශය

x    අනාගත ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ දී සහ පරිවර්තනය කිරීමේ දී පුරවැසින්ට එය පහසුවෙන් කියවා ප‍්‍රතිපාදනයන් වෙත ඉක්මනින් ප‍්‍රවේශ විය හැකි සරල භාෂාවක් භාවිතා කළ යුතු බවට ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණයෙන් යුතුව නිර්දේශ කරයි. තමන්ගේ මූලික නීතිය ම`ගින් පැවසෙන්නේ කුමක් ද යන්න දැනගැනීම
පුරවැසියන් සතු අයිතියකි. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල පාලනයේ සුජාතබව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමේදි මූලික වැදගත්කමක් දරයි. පූර්විකාව
ශී‍්‍ර ලංකාව තුළ මානව හිමිකම් ආරක්‍ෂණය වැඩි දියුණු කිරීමට නම්, සම්පාදනය කිරීමට නියමිත නව ආණුඩක‍්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයකින් හරයාත්මක නීතිය දියුණු කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අදහස යි. ඒ ස`දහා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය තුළ දී පහත මානයන් කෙරෙහි අවධානය යොමු කිරීම අතිශය ද වැදගත් වේ;
අ* බලය බෙදීම සම්බන්ධයෙන් සහ සංවරණ හා තුලන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් වඩාත් සාධනීය ක‍්‍රම තහවුරු කිරීම
ආ* මහජන ආරක්‍ෂාව පිළිබ`ද නීති මාලාව ශක්තිමත් ලෙස නියාමනය කිරීම

සම්පුර්ණ යෝජනාවලිය පීඩීඑෆ් ගොනුවක් ලෙස:Proposals for Constitutional Reform by HRC in Sinhala

ජායාරූපය: Dinuka Liyanawatte.Shivarathri celebrations at a Shivam temple in Colombo.o.jpg

Back to Top