Saturday, October 24, 2020

නරුම ප්‍රශ්නය සහ එහි පසුබිම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කන්නද ? – ජයතිලක ද සිල්වා

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා විහිදෙයි.

මේ දෙවැනුව කී මතය ඉදිරිපත් කරන සමහරුන් සාමාන්‍ය ව්‍යවහාරයේදී ඒ ගැන ප‍්‍රශ්න කරන්නේ, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කන්නද?’ යනුවෙනි. මේ නරුම ප‍්‍රශ්නය ඇසෙන්නේ, එය නගන බොහෝ දෙනා තුළ ඒ ගැන ඇති නොදැනුමක් නිසාම නොව. ඇත්තෙන්ම ඉන් සමහරෙකු නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දශක ගණනක් තිස්සේ උද්ඝෝෂණය කොට තිබේ. එපමණක් නොව, ඒ සඳහා ඉදිරිපත් කරන ලද නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත්වල කර්තෘවරුන් වශයෙන්ද ඔවුහූ අතීතයේ කි‍්‍රයා කොට ඇත්තාහ.

මේ නිසා, මෙකී ප‍්‍රශ්න මතු කරන්නේ, ඒ ගැන පවතින නොදැනුමක් නිසා නොව, හුදෙක්, නව ආණ්ඩුක‍්‍රම සම්පාදනයක් තුළ පවතින නීතිමය සහ දේශපාලනික සියුම් කාරණා පිළිබඳ ජනතාවගේ අනවබෝධය හෝ මන්දාවබෝධය ගසාකමින් අවස්ථාවාදී දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීමට බව අපට සිතාගත හැකිය. තවත් විදිහකින් කිවහොත්, ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයක් කරා රට තල්ලූ කළ හැකි අනර්ථකාරී සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී සෑම අංගයකින්ම සමන්විත වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එයාකාරයෙන්ම පවත්වා ගැනීම සඳහා ගන්නා ප‍්‍රයත්නයක් වශයෙනි.

දේශපාලනික ස්ථාවරත්වය

මෙවැනි ප‍්‍රයත්නයන් පසුපස ඇති අභිලාෂය වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනයේ මූලික ප‍්‍රශ්නවලින් ජනතා අවධානය වෙනතකට ඇද, ජීවන තත්වය නගා සිටුවීමේ ආර්ථික ඉල්ලීම්වලට එය ගැට ගැසීමයි. කෑමබීම, ඇඳුම්පැළඳුම් සහ වාසස්ථාන මිනිස් ජීවිතයේ මූලික අවශ්‍යතා බව ඇත්ත. එහෙත් එකී භෞතික අවශ්‍යතා සාධනයෙන් පමණක් මිනිසුන්ට ජීවත් විය නොහැකි බව අමතක නොකළ යුතුය. අනිත් අතින් ගත් විට, එකී භෞතික අවශ්‍යතා සහ ඉහත කී ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රශ්න අතර මහ දුරක් ඇත්තේ හෝ එකිනෙකට එවා අසම්බන්ධී වන්නේ හෝ නොවේ. ඒවා නෛසර්ගිකව එකිනෙකට ගැට ගැසී තිබේ. එකිනෙක කෙරෙහි ඒවා බලපෑම් කරයි.

යහපත් ජීවන තත්වයන් ඇති කළ හැක්කේ ආර්ථික සංවර්ධනයක් තුළිනි. එවැනි සංවර්ධනයක් සඳහා සාපේක්ෂ වශයෙන් සාමකාමී සහ ස්ථාවර පරිසරයක් අවශ්‍ය කෙරේ. එවැනි පරිසරයක පදනම් වන්නේ, ජාතික සමගිය මත පිහිටුවා සහතික කළ හැකි, දේශපාලනික ස්ථාවරත්වයයි. උදාහරණයක් වශයෙන්, පශ්චාත්-නිදහස් සමයේ විශාල කාලයක් මුළුල්ලේ අප අත්දුටු වාර්ගික අසමගිය සහ ගැටුම්කාරී තත්වය, ආර්ථික සංවර්ධනයට තිරිංගයක් විය. නිදහස ලබා ගන්නා අවස්ථාවේ මේ කලාපයේ ආර්ථික වශයෙන් අපට බොහෝ පසුපසින් සිටි රටවල්, පසුගිය දශක හයක කාලය තුළ අප අභිබවා බොහෝ ඉදිරියට ගොස් ඇති බව කවුරුත් දනිති.

අසමගිය යනු, වෙන් කොට සහ වෙනස් කොට සැළකීම නිසා හටගන්නා අතුරු පලයකි. අසාධාරණ සහ අසමාන සේ සැලකීමේ ප‍්‍රතිවිපාකයකි. මේ නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු, ආර්ථික සංවර්ධනය සඳහා නැතිවම බැරි සාධකයක් බව පැහැදිළි වෙයි. ඒකාධිපතිත්වයන් යටතේ යම් භෞතික වර්ධනයන් අත්කරගත හැකි වෙතත්, එය ඒකාන්ත වශයෙන් ප‍්‍රචණ්ඩකාරී සමාජ ගැටුම්වලට තුඩුදෙයි. එය පෙරලා, මානව සම්පත් සහ භෞතික සම්පත් විනාශයට තුඩුදෙයි.

අප දැනටමත්, ගිය ආණ්ඩුවේ අත්තනෝමතික පාලනය තුළ ඇති වු හිරිහැර සහ පීඩා විඳ තිබේ. ඒ කාලයේ රටක් වශයෙන් අප ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ හෑල්ලූවට ලක්විය. එම අතීතයට ආපසු ගියොත් සිදුවන්නේ, සීග‍්‍ර ආර්ථික සංවර්ධනයක් සඳහා අවශ්‍ය කරන ජාත්‍යන්තර සහයෝගය (ජාත්‍යන්තර ශ‍්‍රම විභජනයේ පංගුකාරීත්වය) අපට අහිමි වී යාමයි.

වත්මන් යුගයේදී මානව හිමිකම්ද ජාත්‍යන්තර වැදගත්කමක් ඇති සාධකයක් බවට පත්ව ඇත. මේ නිසා, ජාත්‍යන්තරයේ ඉල්ලීමට අනුගතව යුද්ධයේ වින්දිතයන් සඳහා වන සංක‍්‍රමණීය යුක්තිය ඉටු කිරීම රටේ ස්වෛරීත්වයට තර්ජනයක් වෙතැයි යන ව්‍යාජ දේශපේ‍්‍රමී සටන්පාඨවල එල්ලී ලෝකයාට අභියෝග කරමින් සිටීම, රටක් වශයෙන් සියදිවි හානි කර ගැනීමකි.

අලූත් ව්‍යවස්ථාව

පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවට අලූත් ව්‍යවස්ථාවක් පනවා ගත යුත්තේ මන්දැයි දැන් සළකා බලමු. ඒ සඳහා ගෙනහැර දැක්විය හැකි යහපත් හේතු ගණනාවක් තිබේ.

අප මේ දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා තුනක් පසුකොට විත් සිටී. ඉන් පළමුවැන්න කෙටුම්පත් කරන ලද්දේ යටත්විජිත පාලකයන් විසිනි. ඒ මගින් අපේ රටට ඩොමිනියන් තත්වය හිමි වුවත්, පූර්ණ නිදහසක් සඳහා අවශ්‍ය කරන යම් අඩුවක් එහි තිබුණි. එනම්, බි‍්‍රතාන්‍ය කිරීටයට ඇති අපේ යටහත් පහත් භාවය නොවෙනස්ව පැවතීමත්, ඔවුන්ගේ ගුවන් සහ නාවුක කඳවුරු අපේ රට තුළ දිගටම පැවතීමත් ය. දෙවැනි ව්‍යවස්ථාව වන්නේ, 1972 දී අප ඇති කරගත් ජනරජ ව්‍යවස්ථාවයි. එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනුණේ, දෙමළ ජනතා සහභාගීත්වයකින් තොරවයි. එබැවින් එය සැළකිය හැක්කේ ඒක පාර්ශ්වීය ව්‍යවස්ථාවක් වශයෙනි. තුන්වැන්න වන්නේ, දැනට පවතින, 1978 දී සම්මත කරගත් ව්‍යවස්ථාවයි. එය මහජන කතිකාවක් හරහා ගෙන එන ලද්දක් නොවේ. පළමු ව්‍යවස්ථාව මෙන්ම මෙයත්, ජනතාව මත උඩින් පටවන ලද්දකි. කෙසේ වෙතත්, මේ ව්‍යවස්ථාවේ අනුචිත භාවය, එය 19 වරක්ම සංශෝධනය කර ගැනීමට සිදුවීමෙන් පෙනී යයි. ඒ සංශෝධන 19 න්, 17 වැනි සහ 9 වැනි සංශෝධනය හැරුණු කොට ඉතිරි සියල්ලම, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සීමා කිරීමටත්, විධායක ජනාධිපතිවරයාගේ අතේ බලය ගොනුකර ගැනීමටත් පනවා ගත් සංශෝධනයන් ය.

ඒ අතරින් නරකම සංශෝධනය වන්නේ, 18 වැනි සංශෝධනයයි. ඒ මගින්, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ දෙකම ඒකාධිපතියෙකුගේ ග‍්‍රහණයට යටත් කරවන ලදි. මේ ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයාගේ බලතලවල ස්වභාවය විසින්ම, ඒකාධිපති ප‍්‍රවණතාවන්ට වැඩි ඉඩක් සපයා දෙනු ලැබේ. මේ නිසා, එම ක‍්‍රමය තුළ තීරණාත්මක වන්නේ, හුදෙක් බලයට පත්වන තැනැත්තාගේ අගුණයකටත් වඩා, ක‍්‍රමයේම පවතින දුර්ගුණයකි. එය, ගත වු දශක හතරක අත්දැකීම් මගින් සනාථ කරනු ලැබ තිබේ. එසේ නම්, එවැනි ව්‍යවස්ථාවක් තවදුරටත් පවත්වා ගත යුත්තේ ඇයි? එම ක‍්‍රමය ඇති කරගත් අයවළුන්ම, අද එහි ඇති අනිටු ප‍්‍රතිවිපාක දැකීම නිසා මේ වන විට එය වෙනස් කර ගැනීම සඳහා පේ වී සිටිති,

මේ නිසා, එම ව්‍යවස්ථාවම තවදුරටත් පවත්වා ගත යුතු යැයි කියන පිරිස්වල අභිප‍්‍රාය වන්නේ, පසුගිය රජය සමයේ පැවති ගෝත‍්‍රික අංග සහිත ගජමිතුරු ධනවාදය නැවත නගා සිටුවීම හෝ පවත්වා ගැනීම කෙරෙහි ඇති කැමැත්ත බව පැහැදිළි ය. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අද එරෙහිව සිටින්නේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ සහචරයන් වීම, ඒ අනුව, පුදුමයක් නොවේ. එහිදී ඔවුන් අනුගමනය කරන ක‍්‍රියාමාර්ගය වන්නේ, වාර්ගික හැඟීම් ඇවිස්සීමත්, අපේ රට යටත් කර ගැනීමට මානබලතියි කියන විදේශ බලවේග සමග සන්ධානගතව ඇතැයි කියන සුළු ජාතීන් විසින් මහජාතියේ යහපැවැත්ම අගාධයට හෙලීමක් ගැන බියක් මහජාතිය තුළ ඇති කිරීමත් ය.

ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්ම

එක පිට එක පැවති අවසාන මැතිවරණ දෙකේදීම, ආපස්සට යාම ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ. එම ජන වරම, නිසැකවම, පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්මවලින් අනූන නූනත රාජ්‍යයක් පිහිටුවා ගැනීමත්, යහපාලනය ස්ථාපිත කර ගැනීමත් සඳහා වන්නේය. 2015 ජනවාරි 08 වැනි දා සිට පටන් ගත් ක‍්‍රියාවලිය තව තවත් ජවසම්පන්න ගාමකත්වයෙන් යුතුව ඉදිරියට යා යුතුව තිබේ. නව ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍ය කරන්නේ ජනතාවගේ එම උවමනාව සපුරාලීමටයි.

තවමත් කෙටුම්පත් කොට නොමැති ව්‍යවස්ථාවක් පිළිබඳව විපක්ෂය දරණ විවේචනය පදනම් වන්නේ, එහි අඩංගු වෙතැයි ඔවුන් සිතන දේවල් මත මිස, යම් පවතින නිශ්චිත සාක්ෂි කාරණා මත නොවේ. ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පාර්ලිමේන්තු අදියරට පවා තවම අවතීර්ණ වී නැති තත්වය තුළ, විවේචනය කිරීමට තරම් එවැනි සාක්ෂි කාරණා තිබිය නොහේ. අලූත් ව්‍යවස්ථාවක තිබිය හැකි යැයි තමන්ම හිතින් මවා ගත් එවන් කාරණා ගැන විවේචන ඉදිරිපත් කරන කණ්ඩායමේ එක් නීති විශාරදයෙක් ද සිටී. අද ඔවුන් විවේචනය කරන කරුණුම අඩංගු ව්‍යවස්ථා කෙටුම්පතක් මීට කලකට ඉහතදී සකස් කරන ලද්දේද ඔහු විසින්මයි. සමහර විට මේ අසරණයා දැන් ඔල්මාදයෙන් පෙලෙනවා විය යුතුය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම, 1972 දී සහ 1978 දී කළා සේ, ඒක පාර්ශ්වීය අභ්‍යාසයක් විය නොහේ. එසේම එය උඩින් පටවන්නක්ද නොවිය යුතුය. එය, වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ යෝජිත ක‍්‍රියාපරිපාටි ඔස්සේ සම්මත කර ගත යුත්තකි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡුන්දයකුත්, අනතුරුව ජනමත විචාරණයකින් ලබා ගන්නා කැමැත්තකුත් ඒ සඳහා අනිවාර්යෙන් අවශ්‍ය කරන්නේය.

මේ ක‍්‍රියාපරිපාටියට පිටතින් කිසිවක් කිරීමට කිසිවෙකු යෝජනා කරන්නේ නැත. සංවාදය, සාකච්ඡුාව සහ උපරිම එකඟත්වය මත මිස වෙනත් ආකාරයකින් එය කළ හැකි වන්නේද නොවේ. එසේ ඇති කරගන්නා නව ව්‍යවස්ථාවක්, අප ජීවත් වන යුගයේ අවශ්‍යතාවකි.

2016 පෙබරවාරි 12 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ, ජයතිලක ද සිල්වා ලියූ “Constitution: Of What Earthly Use Is It?” නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...