Sri Lanka Brief
පුවත්විවරණඅතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතුයි

අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතුයි

by

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතු බවත්, චෝදනා කරන රැදවුම් මධ්‍යස්ථාන සහ සමූහ මිනීවලවල් ඇති ස්ථානවලට පිවිසීමේ හැකියාව සහතික කළ යුතු අතර ක‍්‍රියාකාරී කණ්ඩායමේ ව්‍යායාමයට පහසුකම් සලසා දීම සඳහා සියළුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළ යුතු බවත් , බලහත්කාරයෙන් අතුරුදන්කරවීම හා අනිකුත් මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වූ කොමිෂන්වල වාර්තා ලබා ගැනීමට ක‍්‍රියාකාරී කණ්ඩායමට  පහසුකම් සැලසිය යුත් බවත් ක්සමා ජාත්‍යන්තරය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටී.

ක්ෂමා සංවිධානයේ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

අතුරුදන්කරවූවන් පිළිබඳ වූ ජගත් සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමේ ශ‍්‍රී ලංකානු සංචාරය.
බලහත්කාරීව සහ අතුරුදන්කරවූවන් පිළිබඳ වූ ජගත් සංවිධානයේ ක‍්‍රියාකාරී කමිටුව (WGEID ) වසර 15 කට පසු ශ‍්‍රී ලංකාවේ පළමු සංචාරයට සූදානම් වෙමින් සිටී. අතුරුදන් වූවන්ට අත්වූ ඉරණම සහ ඔවුන් පිළිබඳ දැන ගැනීමටත් එසේම ඔවුන්ට යුක්තිය හා සාධාරණත්වයක් ඉටුකර ගැනීමටත් ජගත් සංවිධාන සහාය වෙනු ඇතැයි යන බලාපොරොත්තු දල්වා ගැනීමට අතුරුදන්වූ දසදහස් ගණනකගේ පවුල්වල ඥාතීන්ට මෙම සංචාරය වැදගත් වනු ඇත. සියළු සමාජ කණ්ඩායම්වලට අතුරුදන්කරවීම් පිළිබඳව අත්දැකීම් ඇත. නමුත් මෙය පොදු ගැටළුවක් ලෙස තේරුම් ගැනීමට හෝ විසඳුමක් ලබාගැනීමට වින්දිතයන් අකමැතිය. සත්‍ය දැන ගැනීමේ අටියෙන් සිටින බොහෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ වගවීම පිළිබඳ මත විවාදාත්මක වේ.

අතුරුදන්වූවන් පිළිබඳව ජගත් සංවිධාන කමිටුවේ සාමාජිකයන්, අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අදහස් වලට හොඳින් ඇහුම්කන් දිය යුතුය. ශ‍්‍රී ලංකාව තුල ඇති වගවීම පිළිබඳ වූ වැදගත් අභියෝග පිළිබඳව දැනගත යුතුයි. ඒවගේම එහි ඇති සීමාවන් ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. ශ‍්‍රී ලංකාව මේ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුය. එසේම සියළු නිළධාරින් මෙම නියෝජිතයන්ට සම්පූර්ණයෙන්ම සහයෝගය දීමට ශ‍්‍රී ලංකා රජය මග පෙන්විය යුතුය. දසදහස් ගණනක් ශ‍්‍රී ලාංකිකයන් බලහත්කාරයෙන් අතුරුදන් කළේය. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධකම් පැවති බවට සැකකරන සිංහල තරුණයින් එක්දාස් නමසිය අසූ ගණන්වල සහ අනූගණන්වලදී ඉලක්ක බවට පත් විය. 2009 මැයි මාසයේ අවසන් වූ, දීර්ඝ කාලයක් ශ‍්‍රී ලංකා රජයේ හමුදාව සහ දමිළ කොටි විමුක්ති සංවිධානය අතර පැවති ආයුධ සන්නද්ධ අරගලයේදී දමිළයින් වින්දිතයන් විය. ක‍්‍රියාකාරී සහ සමාජයේ කැපී පෙනෙන මුස්ලිම්වරුන් බලහත්කාරයෙන් අතුරුදහන් වන වින්දිතයන් විය.

1991 ඔක්තෝම්බර් මාසයේ WGEID ලංකාවට පැමිණ විමර්ශණ සිදුකළ අතර එහිදී ලබාදුන් වාර්තාවෙන් රජයේ හමුදාවන් අතුරුදන්කරවීම්වලට සම්බන්ධ බවට පෙන්වා දෙනු ලැබීය. 1992 සහ 1999 සංචාර වැදගත් වූ අතරම පවතින් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වූ සිද්ධීන් පිළිබඳව සොයා බැලීම, අලූතින් එවැනි දේ සිදුවීම වැළැක්වීම හා අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම යන යෝජනා එම ක‍්‍රියාකාරී කමිටුව විසින් ශ‍්‍රී ලංකා රජයට ඉදිරිපත් කළේය. අවාසනාවකට මෙම බොහෝමයක් නිර්දේශ කිසිදාක ක‍්‍රියාවට නොනැගුණේය. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තවදුරටත් වාර්තා විය. එහෙත් ඒවා 1980 – 1990 අතුරුදන් වූ 30,000 හෝ ඊට වැඩි ප‍්‍රමාණයට අඩු අගයක් ගත්තේය. මෙම අතුරුදන්වූවන් සුළු ජාතීන්ය. රජයේ කැරලි මර්ධන ව්‍යාපාරයෙන් මෙසේ බලහත්කාරයෙන් අතුරුදන් කලබවට මතයක් ඇත. බොහෝ අතුරුදන්වූවන් පිළිබඳ ඵලදායි විමර්ශණයක් හෝ චෝදනා ගොනු කිරීමක් සිදු නොකළේය.
බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ නඩු ඉතාම කලාතුරකින් අධිකරණයට ඉදිරිපත් වූ අතර බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ අපරාධයට ශ‍්‍රී ලංකා නීතියක් ස්ථාපිත කර නොමැති හෙයින් ඒවා පැහැරගැනීම්, වැරදි රඳවාගැනීම්, කුමන්ත‍්‍රණකාරී සිද්ධීන් ලෙස අධිකරණ කටයුතු සිදුවිය. මූලික වගකීම් සම්බන්ධ මූලධර්ම හ`දුනාගැනීමට අසමත් ශ‍්‍රී ලංකා නීතිය නිසා මානව හිමිකම් උල්ලංඝනය කරන ඉහළ නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම අතපසු වී තිබේ. ඵලදායි ලෙස සාක්ෂිකරුවන් ආරක්ෂා නොකිරීම විධිමත් අධිකරණ විමර්ශණයකට බාධාවකි.

එක්දහස් නමසිය අසූගණන්වල අගදි පමණක් දහ දහස් ගණනක් අතුරුදන්වූවත් එයින් 30 කටත් අඩු පැහැරගැනීම්, රඳවා ගැනීම් සඳහා (අතුරුදන් කරවීම්වලට අදාළව චෝදනා* 1987-2007 කාලයේදී අධිකරණ කටයුතු සිදුකරන ලදී. එක්දහස් නමසිය අසූගණන්වල සිදුවීම්වලින් නීතියට පටහැනිව සිදුකළ මිනී මැරීම්වලින් 18 කින් 2 ක් සහ බලහත්කාරයෙන් අතුරුදන්කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වාර්තා කලේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පහල ශ්‍රේණිවල නිලධාරීන් නඩු පැවරුණද එහි ඉදිරිපත් කරනු ලැබූ චෝදනා මීනී මැරීමේ චෝදනාවලට අඩු ඒවාය. මෙහිදී වින්දිතයන් 750 කට වැඩි ප‍්‍රමාණයකට අදාළව නඩු තිබූ අතර එය නීතිඥවරයෙකු පොලිස් පොලිස් අත්අඩංගුවේ සිටියදී වදහිංසාවන්ට ලක්වී මියයාමේ සිට නැගෙනහිර ප‍්‍රදේශයේ අවතැන්වූවන් රැදී සිටි කඳවුරකින් පුද්ගලයන් 159 ක් වැනි විශාල ප‍්‍රමාණයක් අතුරුදන් කරවීම දක්වා වෙයි.

1989 දී උදයචන්ද්‍ර හා රත්නචන්ද්‍ර නම් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් 2009 අගෝස්තුවල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සහ තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා විසින් වසර 5 ක සිරදඬුම් නියම කලේය. මෙම තරුණයින් දෙදෙනා බටලන්ද නිවාස සංකීර්ණයේ රහසිගත වදකාගාරයක නීත්‍යානුකූල නොවන අයුරින් රඳවාගෙන තිබූ අතර අත්අඩංගුවේ සිටින කාලයේ රත්නචන්ද්‍ර මිය ගියේය. ඔහුගේ සහෝදරයා එම වදකාගාරයෙන් බේරී ආ අතර අවසානයේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව සාක්ෂි දෙන ලදී. 2002 පෙබරවාරි සිට 2011 ඔක්තෝම්බර් දක්වා කාලයේ පැවති ආයුධ සන්නද්ධ අරගලයේදී සිදුවූ අපයෝජනයන් විශාල ප‍්‍රමාණයක චෝදනා, නැවත සිදුවීම, ඒවායේ ක‍්‍රියා පිලිවෙළෙහි සමානකම මෙන්ම ඒවා සිදුවන ආකාරය පිළිබඳව මානව හිමිකම් සඳහා ජගත් සංවිධානයේ මහලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකරන ලද විමර්ශණයේදී සොයා ගෙන තිබේ. එමගින් මනුෂ්‍යත්වයට එරෙහි වූ යුධ අපරාධ හා අපරාධ ගණනය කළ හැකිය.

එල්ටීටීඊ සංවිධානය විසින් වසර ගණනාවක් තිස්සේ සිවිල් ජනයා නීත්‍යානුකූල නොවන අයුරින් මරා දැමීම සහ ආරක්ෂා වූ පුද්ගලයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම, බලහත්කාරයෙන් අතුරුදන් කරවීම සහ නීත්‍යානුකූල නොවන ආකාරයට මරා දැමීම, ලිංගික අතවරයන්ට පැමිණවීම සහ අනෙකුත් ලිංගික හිංසා ඇතුළුව විශාල වශයෙන් වදහිංසාවන්ට පත්කිරීම, පැහැර ගැනීම, වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගැනීම, විධිමත් ලෙස බඳවා ගැනීම් සහ දරුවන් යොදා ගැනීම ඊට අයත්ය. එසේම ජාතිවාදය මුල්කොට ගෙන සෘජුවම සිවිල් වැසියන්ට හමුදා ප‍්‍රහාර, මානුෂික සහන ප‍්‍රතික්ෂේප කිරීම, අවතැන් වූ පුද්ගලයන්ගේ ක‍්‍රමානුකූළව නිදහස අහිමිකිරීමත් මෙයට අයත් වේ. ධෂීඛ විමර්ශණ අනුව මානව අයිතීන් සැළකිල්ලට ගැනීම සහ සත්‍ය ස්ථාපිත කිරීමේ රජයේ අදහස හා යුක්තිය සහ වන්දිගෙවීමේ ක‍්‍රියාවලියට ජාත්‍යන්තර විශේෂඥයින්ගේ අනුග‍්‍රහය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව තුල වූ මත ගැටුම මෙම වාර්තාවේ සඳහන් වේ. නමුත් බලෙන් අතුරුදන්කරවූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ විශ්වාසනීයත්වය කාලයත් සමග දියවෙමින් පවතී.

තමන්ගේ ආදරවන්තයන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ පැහැරගැනීමෙන් අනතුරුව අතුරුදන්වීම සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම සඳහා උදව් ලබා ගැනීමට දේශීය හා ජාත්‍යන්තර සංවිධානවලින් එම පවුල්වල උදවිය වරින් වර ආයාචනා කරති. අතුරුදන්වූවන් සම්බන්ධ පැමිණිලි විමර්ශණ ජනාධිපති කොමිසම (ඡුක්‍ෂක්‍ඵඡු හෝ පරණගම කොමිසම – මෙහි සභාපතිවරයා මැක්ස්වෙල් පරණගම වේ * හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 අගෝස්තු ස්ථාපිත කළ අතර එය වත්මන් රජය යටතේ තවදුරටත් පුළුල් කලේය. එයට 1983 සිට 2009 දක්වා ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිරින් අතුරුදන් වූ සිවිල් වැසියන් පිළිබඳ පැමිණිලි 18,000 ක් ලැබී තිබේ. නමුත් මෙයින් සුළු ප‍්‍රමාණයකට පමණක් පිළිතුරු ලැබුණි. මෙම කොමිසමේ ස්වාධීනත්වය සහ විමර්ශණ ක‍්‍රියාවලියේ දුර්වලතා සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම කොමිසම විවේචනයට ලක්වුනි.
අතුරුදන්වූවන්ගේ පවුල් සමග ක‍්‍රියාකාරිව කටයුතු කිරීම හා ක‍්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් වූ සැලසුම සැකසීමට කොමිසම අසමත් විය. විශ්වාසනීයත්වයේ දුර්වල තා හේතුවෙන් 2015 ඔක්තෝබර් මාසයේදී මෙම කොමිසම ප‍්‍රතිනිර්මාණය කරන බව දැනුම් දුන්නේය. එසේම නව කොමිසම වඩාත් ඵලදායිව කටයුතු කරනු ඇතැයි නව ශ‍්‍රී ලංකා රජය බලාපොරොත්තු විය.

අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශණය කර වාර්තාවක් සැකසීමට පමණක් පරණගම කොමිසමේ ව්‍යවස්ථාව ආරම්භයේදී සැකසිණි. මෙම ව්‍යවස්ථාව අනුව විමර්ශණ සම්බන්ධයෙන් අන්තර් වාර්තාවක් ප‍්‍රසිද්ධ කලේය.

රාජපක්ෂ රෙජීමය විසින් කුලී පදනම යටතේ සේවයට බඳවාගත් ජාත්‍යන්තර නීතීඥවරුන් ගේ සහායෙන්, චෝදනා එල්ලවන යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා මෙම ව්‍යවස්ථාව පුළුල් කලේය. 2015 අගෝස්තු මාසයේදී මෙම ව්‍යවස්ථාවේ දෙවන කොටසට අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. මෙම වාර්තාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 2015 ඔක්තෝම්බර් මාසයේය. එල්ටීටීඊ සමග පැවති යුද්ධයේදී සිවිල් වැසියන්ට ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් බරපතල ලෙස චෝදනා කරයි. මෙම වාර්තාවෙන් ශ‍්‍රී ලංකා නීතියට අනුව ජාත්‍යන්තර ආයුධ සන්නද්ධ නොවන අපරාධ සඳහා සුදුසු මැදිහත්වීමක් විශේෂයෙන්ම ඒ සඳහා උපදෙස් දීමට වගකිවයුත්තන් පත්කිරීම එම වාර්තාවෙන් බරපතල ලෙස නිර්දේශ කර තිබේ. එම වාර්තාවෙන් පවතින ප‍්‍රමිතීන්ට අනුව ඔප්පු කළ හැකි චෝදනා එනම් යුද්ධයේ අවසාන සමයේදී හමුදාවල සමහර නිලධාරීන් යුධ අපරාධ සිදුකර ඇත්නම් පුද්ගලිකව යුධ අපරාධ චෝදනාවන්හි වගකීම ලබා දිය හැකි නම් ඒ සඳහා ස්වාධීන අධිකරණ විමර්ශණයක් නිර්දේශ කර තිබේ. යටත් වූ එල්ටීටීඊ නායකන් නීතියට පටහැනිව මරා දැමීම් හා හමුදා අත්අඩංගුවේ සිටියදී මරාදැමීම් චෝදනා මෙම වාර්තාවේ ඇතුළත්ය. මෙම වාර්තාවේ, විශේෂයෙන්ම නීතියට පටහැනිව මරා දැමූවන් පිළිබඳ වීඩියෝ පට හා ඒවා එක්සත් රාජධානියේ චැනල් 4 හි විකාශනය කරනු ලැබූ බවත් යුද්ධයේ අවසාන දින කීපයේදී යටත් වූ පුද්ගලයන් බොහෝ පිරිසක් ක‍්‍රමක‍්‍රමයෙන් අතුරුදන්කරවීම සදහන් කර ඇත.

ජනවාරි මාසයේ ජනාධිපති ධූරයට මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්වීමෙන් අනතුරුව පෙර සිදුවූ අපයෝජන පිළිබඳව සොයා බලමින් ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට කැමැත්ත පෙන්වීය. සැප්තැම්බරයේදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී සියළුම පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය යටතේ බලහත්කාරයෙන් අතුරුදන්වූවන් පිළිබඳව කටයුතු කිරීමටත් බලහත්කාරයෙන් අතුරුදන්කරවීම අපරාධයක් ලෙස ගෙන දේශීය නීතියක් බල ගැන්වීමටත් ශ‍්‍රී ලංකා රජය පොරොන්දු විය. එසේම ආරක්ෂක අංශයේ ප‍්‍රතිසංස්කරණ හා නීති බල ගැන්වීම සම්බන්ධයෙන් බොහෝ දෑ පොරොන්දු වී තිබේ. මේවා ජාත්‍යන්තර ක්ෂමා ආයතනය දීර්ඝකාලයක් තිස්සේ කළ නිර්දේශයන්ය. මෙයට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත බලරහිත කිරීමටත් එය නැවත ජාත්‍යන්තර නීතීන්ට අදාළව නීති ප‍්‍රතිස්ථාපනය කිරීම, චෝදනා නොමැතිව හෝ නඩුවක් නොමැතිව දීර්ඝ කාලයක් රැුඳවුම්භාරයේ පසුවන අයගේ නඩු පිළිබඳව සලකා බැලීමටත් සාක්ෂි නොමැතිව සිටිනවුන් මුදා හැරීම සහතික කිරීම, ප‍්‍රයෝජනවත් සාක්ෂි කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වින්දිතයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජියන්ට උපදෙස් දීම සඳහා සත්‍ය සහ අධිකරණ යාන්ත‍්‍රණය සැකසීම, පෙර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ වාර්තා අනාවරණය කිරීම සහ එක්සත් ජාතීන්හට ආරාධනා කිරීමට නීති පුළුල් කිරීම එම පොරොන්දු අතර වේ. ක්ෂමා ආයතනය විශ්වාස කරන්නේ මෙය මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා පෙර සිදුවීම් සැලකිල්ලට ගැනීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙනි. බලහත්කාරයෙන් අතුරුදන්වූවන් සම්බන්ධ කටයුතු අත්හිටුවීම, ඔවුන් කොහේදැයි පැහැදිලි කිරීම හෝ වින්දිතයන්ගේ ඉරණම් සහ ඒ සඳහා සැකකරුවන්ට චෝදනා ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිය යටතේ කටයුතු කිරීම ශ‍්‍රී ලංකා රජයන් අසමත්වීම නිසා, මහජනයාගේ නීතිය පිළිබඳව ඇති විශ්වාසය පළුදු වී ඇත. ශ‍්‍රී ලංකාවේ දෙමළ සුළු ජාතියට එරෙහිව සිදුවූ උල්ලංඝනය වීම් සැළකිල්ලට ගැනීමට දිගටම අසමත් වීමෙන් සමාජය තුල මැසිවිලි හා හුදකලා වර්ධනය වීම හේතුවෙන් ජාතික සංහ`ිදියාවක් ඇතිකිරීමේ ව්‍යායාමයට බාධා සිදු වේ.

බලහත්කාරයෙන් අතුරුදන්කරවීම් අවසන් කිරීමට, ඒවා ගණනය කිරීමට සහ ශ‍්‍රී ලංකාව තුල නැවත එවැනි අපරාධ සිදුනොවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාවට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට WGEID ශ‍්‍රී ලංකානු සංචාරය වැදගත් අවස්ථාවක් වනු ඇත. පහතින් සඳහන් පියවර එම ක‍්‍රියාවලියට පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

– වින්දිතයන්ට සහ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙම වගවීමේ යාන්ත‍්‍රණයෙන් අවශ්‍යතාවය මෙන්ම බලාපොරොත්තුව ද වේ. සත්‍ය යුක්තිය සහ නැවත එවැන්නක් සිදුනොවීම පිළිබඳ සහතිකය ඇතුළුව පූර්ණ වන්දි ලබාදීම වෙනුවෙන් ඵලදායි යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීම.

මෙහිදී ශ‍්‍රී ලාංකික වින්දිතයන්ගේ ක‍්‍රියාකාරීත්වය සහභාගීත්වය අවශ්‍ය කෙරේ. මෙම අතුරුදන්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය මෙන්ම බලහත්කාරයෙන් අතුරුදන්කරවීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන පුද්ගලයන් ව මුණ ගැසීම WGEID කළ යුතුය. එසේම සත්‍ය යුක්තිය සහ නැවත එවැන්නක් සිදුනොවීම පිළිබඳ සහතිකවීම ඇතුළත් පූර්ණ වන්දි ගෙවීම සම්බන්ධයෙන් වූ බලාපොරොත්තු සහ අවශ්‍යතා තේරුම් ගැනීමට වින්දිතයන් ඔවුන්ගේ පවුලේ උදවිය සහ මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නන් ඵලදායි ලෙස දැනුවත් කිරීම ආරම්භ කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට දිරිය සහ සහාය දිය යුතුය. ඕනෑම ක‍්‍රියාවලියකට ඔවුන්ගේ පූර්ණ සහභාගීත්වය සහතික කළ යුතු වේ.

– ගොඩනැගෙන යාන්ත‍්‍රණය සහ නීතිය ප‍්‍රතිනිර්මාණය කළයුතු තැන් පිළිබඳව නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දැනුවත් කිරීම සහ ශ‍්‍ර ී ලංකා බලධාරීන්ව ඒවා පවත්වාගෙන යාමට දිරිමත් කිරීම.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වගවීම පිළිබඳව සාකච්ඡුා කිරීමේ මහගු අවස්ථාව සිවිල් සමාජය උදෙසා නිර්මාර්ණය විය. විශේෂයෙන් යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ බලහත්කාරයෙන් අතුරුදන්වීම්, සහ ජාත්‍යන්තර නීතියට අනුව චෝදනා ලැබූ අපරාධ සම්බන්ධයෙන් නිර්දේශ සැකසීමේ ක‍්‍රියාවලියට බොහෝ ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධ වී සිටිති. WGEID සංචාරයෙන් ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජය සමග මෙම ගැටළු සාකච්ඡුා කිරීමට වැදගත් අවස්ථාවක් හිමිවේ. රඳවා ගෙන සිටින ස්ථාන, විශේෂයෙන් රහසිගත හෝ හුදකලා සිරකඳවුරු ලෙස චෝදනා කරන ස්ථානයන්හි සංචාරය රහසිගත සහ හුදකලා රැුඳවුම් ස්ථානයන්හි වධහිංසා පැමිණවීම්, අසාධාරණ ලෙස මරාදැමීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් ස්වාධීන මහජන විමර්ශණයක් කරන ලෙස ශ‍්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය දීර්ඝ කාලයක පටන් ඉල්ලූම් කර තිබේ. මෙම විමර්ශණයත් සමග එවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් රජයේ පුද්ගලයන්ගේ ක‍්‍රියාවන් සොයාබැලීම හා ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිතයන් වෙනුවෙන් පලදායි ප‍්‍රතිකර්ම කිරීම සිදුකළ යුතුය. මෙවැනි ස්ථාන නැරඹීම සඳහා අවසර ඉල්ලීම සහ මෙවැනි අපයෝජනයන්ට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තත්වය පිළිබඳව වාර්තාවක් උඨෑෂෘ රජයෙන් ඉල්ලා සිටිය යුතුය.

– සමූහ මිනීවලවල් ඇති ස්ථානයන්හි සංචාරය කිරීම හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් , නීතිඥවරුන් සහ මෙවැනි සිද්ධීන් පිළිබඳව අවධානයෙන් පසුවන පවුල් මුණ ගැසීම 2012 මාතලේ සහ 2013 මන්නාරමේ දී සොයා ගැණුනු සමූහ මිනීවළවල් විමර්ශන සම්බන්ධයෙන් සාක්ෂි විකෘති කිරීම සහ නිලධාරීන්ගේ බාධා සිදුවූ බවට චෝදනා නැගිණි. එසේම නීතිඥවරුන් පවුල්වල සාමාජිකයන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ මේ පිළිබඳව අවධානයෙන් පසුවන ක‍්‍රියාකාරීන්ව මුණගැසීම WGEID ට වැදගත් වේ. මෙම දුර්දාන්ත සිදුවීම් සහ අනිකුත් සිදුවීම් පිළිබඳව කෙරෙන විමර්ශණවල ප‍්‍රගතිය පිළිබඳව මහජනයා දැනුවත් වීම සහතික කළ යුතුය

ප‍්‍රගීත් එක්නැලිගොඩ දේශපාලන කාටුන් ශිල්පියෙකි. ලංකා ඊ නිවුස් හි මාධ්‍යවේදියෙකි. 2010 ජනාවාරි පැවති ජනාධිපතිවරණයට දින 2 කට කලින් අතුරුදහන් කරනු ලැබීය. කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන වසර 5 ක් ගතවූ පසු මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශණයට ශ‍්‍රී ලංකාවේ බලධාරීන් විසින් විශ‍්‍රාමික හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු සමග තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. රජයේ පුවත්පතක් පවසන පරිදි එම බුද්ධි අංශයේ ප‍්‍රධානියා එක්නැලිගොඩව ගිරිතලේ හමුදා කඳවුරේදී ප‍්‍රශ්න කර තිබේ. මෙම සිද්ධියට අදාළ විමර්ශණ කටයුතු කරගෙන යයි.

ලලිත් කුමාර වීරරාජ් සහ කුගන් මුරුගානන්දන්, දේශපාලන ක‍්‍රියාකාරීන්ය. 2011 දෙසැම්බර් 09 වෙනිදා අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සංවිධානය කළ උද්ඝෝෂණයකට සහාය දෙමින් සිටියදී යාපනයේදී අතුරුදන්කරනු ලැබීය. ඔවුන්ගේ යතුරුපැදිය ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයේ තිබී පසුව සොයා ගැණුනි. සුදු වෑන් රථයකින් පැමිණ පිරිසක් විසින් යාපනය පේදුරුතුඩුව පාරේ නිර්වේලි හිදී මෙම දෙදෙනා පැහැරගෙන ගිය බවට ඇසින් දුටුවන් කියූ බව කුගන්ගේ බිරිඳ වාර්තා කලාය. හමුදාව විසිනුත් පසුව පොලීසිය විසිනුත් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ඇත. පුතා යාපනයෙන් යායුතු බවට අනතුරු අගවමින් තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලලිත්ගේ පියාට ලැබී තිබුනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවල ප‍්‍රගතියක් හෝ මේ ක‍්‍රියාකාරීන් දෙදෙනාට සිදුවූ දෙය සහ ඔවුන් සිටින්නේ කොහේදැයි හෝ නොදනී.

සින්නවන් ස්ටෙෆාන් සුන්දරරාජ් මානව හිමිකම් හා සංවර්ධන මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමණාකරු වේ. 2009 මැයි 07 අතුරුදන් විය. පුද්ගලයන් 5 දෙනෙකු පැමිණ ඔහු තම නීතිඥවරයාවරයාගේ මෝටර් රථයෙන් කොළඹ ගමන් කරන අවස්ථාවේදී පැහැර ගෙන ගිය බවට ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා ඇසින් දුටු සාක්ෂි දෙනු ලැබීය. කිසිදු චෝදනාවක් නොකොට මාස 2 ක් පොලිසියේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව ඔහුව නිදහස් කලේය. රජය හා සම්බන්ධව ළමා ජාවාරම් ජාලයේ සිටි හා ලංකාවේ දේශපාලන සංවිධානයක් වන EPDP සංවිධානයට සුන්දරරාජ්ගේ මැදිහත්වීමක් පවතින බවට චෝදනා කලේය.

රාමස්ස්වාමි ප‍්‍රභාහරන් වයස අවුරුදු 42 ක් වූ දමිළ ව්‍යාපාරිකයෙකි. 2012 පෙබරවාරි 11 දින ඔහුව පැහැරගත් බවට ඔහුගේ බිරිඳ ඇසින් දුටු සාක්ෂි සපයයි. ඒ ඔහුව නීත්‍යානුකූල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට හා වදහිංසා පැණවීමට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, නීතිපතිවරයාට හා තවත් 8 දෙනෙකුට එරෙහිව ගොණු කළ නඩුව විභාග වීමට දින 2 කට කලින් ඔහුව පැහැර ගනු ලැබීය. ප‍්‍රභාහරන්ගේ බිරිඳ පවසන්නේ ඔවුන්ගේ නිවසේ මිදුලේ සැගවී සිටි සිවිල් ඇදුමින් සැරසුණු අවිගත් පුද්ගලයන් විසින් ඔවුන්ට හිංසාවට ලක්කළ බවයි. ප‍්‍රභාහරන්ගේ බෙල්ලෙන් ඇඳගෙන ගොස් 254-2106 දරණ සුදුපාට වෑන් රථයක් තුලට තල්ලූ කළ බවත් ඇය පවසයි. එම වෑන් රථය දෙහිවල අසලින් කොළඹ දෙසට ධාවනය වූ බව පවසයි. ප‍්‍රභාහරන් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු යැයි සැකකරමින් ඔහුව 2009 මැයි මාසයේ සිට 2011 සැප්තැම්බර් මාසය දක්වා රඳවාගෙන තිබුනි. අනතුරුව සාක්ෂි නොමැති නිසා ඔහුව නිදහස් කරනු ලැබීය.

– නීතිය, සත්‍යය සහ බලහත්කාරයෙන් අතුරුදන්කරවීම සම්පූර්ණයෙන් නැවැත්වීමේ අවශ්‍යතාවය ශක්තිමත් කිරීම වාර්තාවල සහ මහජන ප‍්‍රකාශ තුල WGEID වගවීමේ අවශ්‍යතාවය නැවත ඉස්මතුකළ යුතුයි .

– ශ‍්‍රී ලංකාවේ රජයයේ පූර්ණ අනුග‍්‍රහය WGEID දිය යුතුයි. එම සංචාරයට ඇතුළත් විය යුතු වන්නේ ,

x චෝදනා කරන රැුදවුම් මධ්‍යස්ථාන සහ සමූහ මිනීවලවල් ඇති ස්ථානවලට පිවිසීමේ හැකියාව සහතික කළ යුතු අතර ක‍්‍රියාකාරී කණ්ඩායමේ ව්‍යායාමයට පහසුකම් සලසා දීම සඳහා සියළුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළ යුතුය.

x බලහත්කාරයෙන් අතුරුදන්කරවීම හා අනිකුත් මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වූ කොමිෂන්වල වාර්තා ලබා ගැනීමට ක‍්‍රියාකාරී කණ්ඩායමට සහ පොදු ජනතාවට පහසුකම් සැලසීම. ඔක්තෝම්බරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ උදුලගම සහ පරණගම කොමිසමේ වාර්තාද මෙයට ඇතුළත්ය.

x නීතිය නැවත ගොඩ නැගීම, අධිකරණ යාන්ත‍්‍රණය සංවර්ධනය කිරීම ඇතුළත්ව එහි පොරොන්දු වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත්කිරීම හා ප‍්‍රතිස්ථාපනය,

x ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට හිස නමමින් බලහත්කාරයෙන් අතුරුදන්කරවීමෙන් සහ බලහත්කාරයෙන් අතුරුදන්කරවීමේ අපරාධ වලින් ශ‍්‍රී ලංකා නීතිය යටතේ ජනයා ආරක්ෂා කිරීම,

x අපරාධ සඳහා සැකකරුවන්හට ජාත්‍යන්තර නීතියට අනුව චෝදනා කිරීම, නීත්‍යානුකූල හා පටිපාටි නැවත ගොඩනැගීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීම,

x චෝදනාලාභීන්ට, සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ගේ අයිතියට ගරු කරමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අදාළව කටයුතු කිරීම,

යන පොරොන්දු ඇතුළත්ව නීතිය නැවත ගොඩනැගීම හා සංවර්ධනය කිරීමේ යාන්ත‍්‍රණය දෙසට ශ‍්‍රී ලංකාව යොමු කිරීම සඳහා ක‍්‍රියාකාරී කණ්ඩායමේ උපදෙස්, සහාය සහ උපකාර පිළිගැනීම

Back to Top