Sri Lanka Brief
UN-Sri Lankaපුවත් විශේෂාංග‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

by
වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි

ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය.

එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය.

එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි කියමි. මන්ද යත් එය ලියන ලදදේ ජිනීවා සිට නිසා ය.

එමෙන්ම එනමින් අන්තර්ගතයට කිසිදු අර්ථ දැක්වීමක් කෙරෙන්නේ නැත.

මේ වනාහී ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස ලොව මානව හිමිකම් අග නගරය වන ජිනිවා සිට බැලීමකි.

වාර්තාවේ දෘෂ්ඨි කෝණය මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය යි. ශ්‍රී ලංකාවේ යුද්ධ කාලීන ඉතිහාසය මානව හිමිකම් කෝණයෙන් විමසා බැලෙන ඕනෑම අධ්‍යනයක තීරණාත්මක ස්ථානයක් මෙම වාර්තාව විසින් අල්ලා ගනු නිසැක ය.

‘වාර්තාව මගින් රජයේ හමුදා සහ එල්ටීටීඊය යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයි’

වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි. ඒ මෙසේ ය:

01.අනීතිත ඝාතනයන්

02.නිදහස සීමා කිරිමට අදාළ කෙළෙසීම්

03.බලහත්කාර අතුරුදහන් කිරීම්

04.වධහිංසා පැමිණවීම ඇතුලු වෙනත් ආකාරයන්හි ක්‍රෑර, අමානුෂික සහ ගෞරවය කෙළෙසන ක්‍රියාවන්

05.ලිංගික සහ පුමිතිරිබාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වයන්

06.වැඩිහිටියන් පැහැර ගැනීම සහ බලහත්කාර බඳවා ගැනීම්

07.ළමුන් බඳවා ගැනීම සහ යුද සටන් සඳහා යෙදවීම

08.සිවිල් ජනයා සහ සිවිල් ස්ථාන වෙත යුද සටන් මගින් ඇතිවන බලපැම්

09.සැරි සැරීමේ නිදහස සීමා කිරීම

10.මානුශීය සහනාධාර වැළැක්වීම

11.අවිවෘත කඳවුරුහිදී විතැන් වූ ජනයාගේ නිදහස ඇහිරීම සහ සෝදිසි කිරීම

I
මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ය.

මෙම තේමා අනුවම වාර්තාව රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය ( එල්ටීටීඊ) යන දෙපාර්ශවයටම අදාළ වන පරිදි මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර ඇති බව පෙනී යයි.

වාර්තාවේ ප්‍රධාන නිගමනය වන්නේ ද එකී දෙපාර්ශවයම යුද අපරාධ ලෙස සැළකිය යුතු අපරාධයන්ට වග කිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවයි.

වාර්තාවේ ප්‍රධාන නිර්දේශයන්ගෙන් කියැවෙන්නේ එකී චෝදනා සහ එම චෝදනාවන්ට අදාළව වාර්තාව සඳහන් කරන අදාළ සිදුවීම් අධිකරණමය පරීක්ෂණයකට ලක් කර වරදකරුවන්ට දඩ්වම් ලබා දෙන ලෙස යි.

වාර්තාවේ තීරණාත්මකම නිර්දේශය ද ඊට අදාළ වෙයි. එනම් එවැනි පරීක්ෂනයක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්දතියට තනිව කළ නොහැකි බව ය.

එබැවින් වාර්තාව ඒ සඳහා මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කරයි. ඒ සඳහා වාර්තාව අන්තර්ජාතික විනිසුරුවරුන්, පැමිණිලි මෙහෙයවන්නන්, නීතිඥයන් සහ විමර්ශන නිලධාරීන් ඇතුළු අන්තර්ජාතික කාර්යමණ්ඩලයක් බඳවා ගැනීම සඳහා මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා රජය උනන්දු කරවයි.

යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකි

මෙම මිශ්‍ර අධිකරණය අන්තර් ජාතික අධිකරණයක් නොවෙන එය ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ය.

වාර්තාව තත්කාලීනය. ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් ය.

2015 අගෝස්තු මාසයෙහි ශ්‍රි ලංකාන්ඩුවෙන් ලද කරුණු පවා එහි ඇතුලත්ය. 2015 ජනවාරි මාසයෙහි නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු සිදු වූ ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් ද ප්‍රතිසංධානය සඳහා දක්වා ලැදියාව ද වාර්තාව අගැයීමට ගත කරයි.

වත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති මූල්‍ය අපරාධ ඇතුළු වංචා දූෂණ පරීක්ෂණයන් ද එහි අගැයීමට ලක් වේ.

උක්ත පරීක්ෂණය සඳහා තුන් දහසකට අධික තොරතුරු ලිඛිතව ලැබූ බව සඳහන් කර නමුත් සිය පරීක්ෂණ කණ්ඩායම කොපමණ සාක්ෂිකරුවන් පුද්ගලික සම්මුඛ සාකච්ජාවන්ට භාජනය කරන ලදදේ දැයි වාර්තාව සඳහන් කරන්නේ නැත.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පවා එක්සත් ජාතීන්ගේ විමර්ශණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු ගවේෂණය කිරීමට අවසර නොලැබුණි.

එමෙන්ම විමර්ශන කණ්ඩායම හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන සේ මානව හිමිකම් කොමිසමෙහි නිත්‍ය ශ්‍රී ලාංකික නියෝජිත සහ ජිනිවාහි ශ්‍රී ලංකා තානාපතිවරයාට කරන ලද ආරාධනය ද නොපිලිගැනුනි.

එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයි

වාර්තාව සඳහන් කරන්නේ එල්ටීටීඊ සංවිධානයේ සියලු නායකයින් ඝාතනය වී ඇති බැවින් එවැනි කිසිවකුගෙන් ද ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොවූ බවයි.

එනමුත් පහළ මට්ටමේ එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමට විමර්ශන කමිටුවට අවස්ථාව ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට මේ තාක් කියැවීමට ලැබී නැති වැදගත් මානව හිමිකම් පරීක්ෂණ ගණනාවක වාර්තා එජා විමර්ශන කමිටුව වෙත ලැබී තිබේ.

2006 වසරේදී ජනාධිපති රාජපක්ෂ විසින් බරපතළ මානව හිමිකම් කෙලෙසීම් 11ක් විමර්ශනය කිරීම පිණිස පත් කරන ලද කොමිෂන් සභාවේ ( අදලාගම කොමිසම) වාර්තාව ඉන් එකකි.

අන්තර්ජාතික විද්වත් පුද්ගලයින්ගේ කණ්ඩායම් (International Group of Eminent Persons) වාර්තාව තවත් එකකි.

වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයි

2006 මාර්තු මාසයේ මඩකළපුවෙහි දේවස්ථානයක් තුළ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රි ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කරනු ලැබීම විමසා බැලීමට පත් කරන ලද මහානාම තිලකරත්න වාර්තාව තවත් එකකි.

ඊට අමතරව එක්සත් ජාතින්ගේ මහ කොමසාරිස්වරයා විසින් දෙවතාවක දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කරන ලද කමිටු වාර්තා ද සිය විමර්ශනය සඳහා යොදා ගත් බව සඳහන් වේ.

මෙකී වාර්තාවෙහි ආරක්ෂක හමුදා නිලධාරීන් ගණනාවකගේම නම් සඳහන් වෙයි. ඒ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අණදෙන ව්‍යුහය පැහැදිලි කිරීමේ දීය.

එම සටහන්හි ඉහළින්ම සේනාධිනායකයාද දෙවැනුව ආරක්ෂක ලේකම්වරයා ද සඳහන් වන්නේ නිලයෙන් මිස පුද්ගල නාමයෙන් නොවේ. එල්ටීටීඊ සංවිධනයේ ක්‍රියා කාරකම් සම්බන්ධයෙන්ද එවැනිම ලේඛනයක් වාර්තාවෙහි අඩංඟුය‍.

එසේ වෙතත් වැදගත් කරුණ වන්නේ වාර්තාවෙහි සඳහන් කිසිදු යුද නිලධාරියකු කවර හෝ නිශ්චිත යුද අපරාධයකට සම්බන්ධ යැයි ඔවුන්ගේ නම් සඳහන් කිරීම නිසා අදහස් නොවන බව වාර්තාව පැහැදිලිව ප්‍රකාශ කිරීමයි.

වාර්තාව සඳහන් කරන්නේ වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයක් තුලින් තහවුරු කර නිසි දඬුවම් ලබා දිය යුතු බවයි.

ජන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණයේ ප්‍රගතිය පවා වාර්තාවට ඇතළත් ය

වාර්තාව ශ්‍රී ලංකාව තුල දෙමළ වර්ග සංහාරයක් ( genocide) සිදු වූ බව පිළිගෙන නැත. ඒ පිළිබඳ තීරණය කිරීම ඉදිරි විමර්ශකයකට ඉතිරි කරයි.

එසේ නමුත් යුද්ධ කාලීනව දෙමළ ජනයා මත එල්ල වූ දරුණු මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වගකිව යුතු බව අවස්ථා ගණනාවකදීම කරුණු සහ සාධක ඇතිව පෙන්වා දෙයි.

යුද බිමෙහි සිර වී සිටි ජනයාට ප්‍රමාණවත් ආහාර සහනාධාර නොසැපයීම සහ එළෙස සැපයීමට බාධා කිරීම ශ්‍රී ලංකාන්ඩුවට එල්ල වන තවත් අපරාධ චෝදනාවකි.

එමෙන්ම එම ජනයා යුද්දයෙන් පසු අවිවෘත රඳවා තැබිමේ කඳවුරු ගත කිරීම ද අන්තර් ජාතික මානුශීය නීතිය කෙලෙසීමක් ලෙස ශ්‍රී ලංකා රජයට චෝදනා කෙරෙයි.

ඉන් එක් සිදුවීමක් වන සුදු කොඩි රැගෙන යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ නායකයින් ඝාතනය කළ බවට සාක්ෂි ගණනාවක් වාර්තාවෙහි අඩංඟුය.

එලෙස බාර වීමේ කාර්ය සම්බන්ධීකරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වූ පාලිත කෙහොන වාර්තාව නම් වශයෙන් දක්වයි.

සුදු කොඩි රැගෙන බාර වීමේ සාකච්ජාවන් ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද දැන සිටි බව වාර්තාව දක්වයි.

එල්ටීටීඊ සංවිධානය විසින් කළ බවට වාර්තා වන සමූළ ඝාතනයන් මෙන්ම පුද්ගල ඝාතනයන්ද සාක්ෂි සහිතව වාර්තාව දක්වයි.කැබිතිගොල්ලැව බස් බෝම්බය, කොටුව දුම්රිය පොළෙහි බෝම්බ පිපිරවීම, යනාදිය ඒ අතර වේ.

I
ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනී

ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් එල්ටීටීඊයට මෙන්ම කරුණා අම්මාන් නායකත්වය දුන් ටීඑම්විපීයට ද වාර්තාවෙන් චෝදනා එල්ල වෙයි.

එල්ටීටීඊයෙන් ඉවත් වූ පසු කරුණා පාර්ශවය විසින් ළමා සොල්දාදුවන් බලයෙන් බඳවා ගැනීම ශ්‍රී ලංකා රජය දැන සිටි බවද වාර්තාව සඳහන් කරයි. එල්ටීටීඊයට එල්ල වන තවත් චෝදනාවක් නම් එය විසින් පාලනය කල පෙදෙස්හි මහා ජනයාගේ ගමනාගමනය සීමා කිරීමයි.

ශ්‍රී ලංකාවෙහි විශාල ලෙස සිදුව ඇති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා වගකිව යුතු බවට වන චෝදනාව වාර්තාව සනාථ කරයි.

සුදු වෑන් මගින් පැහැර ගැනීමට අමතරව යතුරුපැදි ඝාතක කණ්ඩායම් වූ බවට ද වාර්තාව සඳහන් කරන්නේ සිද්ධීන් ගණනාවක් මගිනි. මෙම යතුරු පැදි ඝාතක කණ්ඩායම් රජයේ ආරක්ෂක හමුදා කඳවුරු තුලින් පැමිණි බව ද එය සඳහන් කරයි.

ආරක්ෂක හමුදා අත්අඩංගුවෙහි දී ස්ත්‍රීනට මුහුණ දෙන්නට සිදු වූ ලිංගික අතවර සහ හිංසා වාර්තාවෙහි විශේෂ තැනක් ගනී.

එවැනි හිංසාවන්ට ලක් වූවන්ගේ සාක්ෂි තමන් සතු බව විමර්ශන කණ්ඩායම වාර්තාව මගින් කියා සිටියි.

එපමණක් නොව අත්අඩංගුවට පත් සහ යුද බිමෙහි දී මරණයට පත් එල්ටීටීඊ සාමාජිකාවන් ලිංගික අතවරයන්ට ලක් කෙරුණ වීඩියෝ සාක්ෂි තමන් සතු බව ද එය කියා සිටියි.

වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයි. ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, යුක්තිය, සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දිය) ලෙස දක්වා තිබේ

වාර්තාව සඳහන් කරන වීඩියෝ සාක්ෂි අතරින් මේ තාක් ප්‍රසිද්ධියට පත්ව නැති එකක් වන්නේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි බාල පුත් බාලචන්ද්‍රන් යුද හමුදා අත්අඩංගුවේ සිටියදී ගන්නා ලදැයි කියවෙන වීඩියෝවකි.

බාලචන්ද්‍රන් ඝාතනය කිරීම සඳහා වෙඩි තබා ඇත්තේ අතේ දුරක සිට බව සඳහන් කරන වාර්තාව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා කරයි.

වාර්තාව අවසානයෙහි නිර්දේශයන් 39ක් වෙයි. ඉන් 33න් ශ්‍රී ලංකාන්ඩුවටය. ශ්‍රී ලංකා ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති නිර්දේශ ආයතනික ප්‍රතිසංස්කරණ, යුක්තිය, සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය, හානි පූර්ණය (වන්දිය) ලෙස දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි සාමාජික රටවලට ඉදිරිපත් කර ඇති නිර්දේශ 6න් දැක්වෙන්නේ වාර්තාවේ එන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහාය වීම සහ පසු විපරමක් පවත්වා ගැනීම, වාර්තාවේ සඳහන් අපරාධයන් සම්බන්ධයෙන් අන්තර් ජාතික අධිකරණ බලය යටතේ පියවර හැකි අවස්ථාවන්හිදී ගැනීම, විදෙස්ගත දෙමළ වින්දිතයින් සම්බන්ධයෙන් මානුශීය සහන සැපයීම යනාදිය වේ.

– BBC Sinhala

Back to Top