Sri Lanka Brief
පුවත්ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන් “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවියන් “යහපාලනය” විසින් ද නොසලකා හැරි වගට සාක්ෂි

by

( රැදවියන් සමඟ වැලිකඩ සිරගෙදර ඇතුලත දර්ශණයක්)

වොච්ඩෝග් විසිනි.

 නඩුව තවමත් අවසානයක් නොවී 19 අවුරුද්දක් රිමාන්ඩ් භාරයේ සිටී.

  • 17 අවුරුද්දක් ඉහළ උසාවියේ තවත් නඩුවක් විභාග වෙයි.
  • තවත් අයෙකුට චෝදනා ගොනු කිරීමට 15 අවුරුද්දක්.
  • අවසාන තීන්දුවක් නොමැතිව නඩු වාර 400-500 අතර ප්‍රමාණයකට මුහුණ දුන් අයෙක්.
  • එක් පුද්ගලයෙකුට එරෙහිව නඩු 15ක් තිබේ.
  • පුද්ගලයන් 21ක් (හෝ ඊට වැඩි ගනනාවක්) 2015 තුළ ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ අත් අඩංගුවට ගෙන ඇත.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ හදිසි රෙගුලාසි (ER)[1] යටතේ දෙමළ රුදවියනට මුහුණ දීමට සිදුව ඇති තත්වයන් සමහරක් මෙසේ ය:

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, චෝදනා විරහිතව දීර්ඝ කාලයක් රඳවා ගැනීම්, දිගු කාලයක් තිස්සේ ඇදෙන නඩු, එක් පුද්ගලයකුට එරෙහිව නඩු ගණනාවක්, රඳවා ගැනීමේ අමානුෂික තත්වයන්, වදහිංසා පැමිණවීම්, බලහත්කාරයෙන් ලබා ගන්නා පාපොච්චාරණ, නිර්දෝෂී පුද්ගලයන් නිදහස් කිරීමට අවුරුදු ගණනාවක් ගැනීම, නැවත අත්අඩංගුවට ගැනීම් ඇතුළු නිදහස් කිරීමෙන් අනතුරුව සිදුවන හිරිහැර ආදිය.

රඳවා ගත් තරුණ තරුණියන් සිය තරුණ කාලයෙන් වැඩි හරිය ගත කර ඇත්තේ සිර අඩස්සියේ වන අතර, ඔවුන්ගේ මානසික සහ කායික යහපැවැත්ම දීර්ඝ කාලීන රඳවා ගැනීම් හේතුවෙන් බරපතල ලෙස පිරිහී ඇති තිබේ, බොහොමයක් අයට තදබල ප්‍රශ්න කිරීම් සහ වදහිංසා පැමිණවීම් හේතුවෙන් මෙලෙස සිදුව ඇත. එසේම සිද්ධි ගණනාවකදී, බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබා ගෙන ඇති අතර, රඳවා ගත් තැනැත්තා තමන් අත්සන් කරන්නේ කුමකට ද, පාපොච්චාරණයක ද, නැද්ද යන්න පවා දැන සිට නොමැත. ඒ එය බොහෝවිට ලියා තිබුනේ තමන් තේරුම් නොගන්නා භාෂාවකින් (සිංහල බොහෝ අවස්ථාවල දී) වූ හෙයිනි.

පහත දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පුද්ගලයන් 181[2] දෙනෙකුගේ නිල ලැයිස්තුවක් (දැනට දඩුවම් ලබා දුන් සහ දැනට දඩුවම් විඳින අය අත් හරිමින්[3]) අධ්‍යනය කිරීමෙන්, සහ රැඳවියන් සමග, නිදහස් වූ රැඳවියන් සමග, ඔවුන්ගේ පවුල් සමග, මානව හිමිකම් ක්‍රියාකාරීන්, නීතිඥයන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය වාර්තා අධ්‍යනය කර හඳුනාගත් ප්‍රධාන සිද්ධි කිහිපයකි. සියලුම සම්මුඛ සාකච්ඡා සහ පර්යේෂණය 2015 වසරේ දී ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලදී.

උද්ඝෝෂණයන්ටට ආන්ඩුව සවන් දි නැත

උද්ඝෝෂණයන්ටට ආන්ඩුව සවන් දි නැත

 

  1. වසර 18-19ක් රිමාන්ඩ් භාරයේ සිටින අතර, නඩු තවම හමාර වී නැත: පසුගිය අවුරුදු 18-19ක් පුරා පස් දෙනෙකු රිමාන්ඩ් කර සිටින අතර (එක් අයකු 1996 සිට, සහ සිව් දෙනෙකු 1997 සිට) ඔවුන්ගේ නඩු හමාර කොට නැත, ඔවුන් වැරැදි වන්නේ ද නිර්දෝෂී වන්නේ ද යන්න ද තීරණය කොට නැත[4]
  2. වසර 17ක් තිස්සේ අවසන් තීරණයකින් තොරව ඉහළ උසාවියේ නඩුවක්: 1998 අගෝස්තු මාසයේ එක් පුද්ගලයකුට එරෙහිව පැවරූ නඩුවක් තවමත් විභාග වෙමින් පවතී.[5]
  3. චෝදනා ගොනු කොට නොමැතිව වසර 15ක් රිමාන්ඩ් භාරයේ: එක් පුද්ගලයකු තමාට එරෙහි චෝදනා ගොනු කිරීමට පෙර වසර 15ක් රිමාන්ඩ් භාරයේ සිට ඇත[6]. පුද්ගලයන් හයදෙනකු තමනට චෝදනා ගොනු කිරීමට පෙර වසර 10, 8 සහ 6 වශයෙන් පිළිවෙළින් ගත කර ඇත[7].
  4. පසුගිය වසරේ රිමාන්ඩ් භාරයට පත් 20 දෙනාගෙන් 22 කට එරෙහිව චෝදනා ඉදිරිපත් කර නැත: 2014 වසරේ දී රිමාන්ඩ් භාරයට පත් වී යැයි වාර්තා කෙරෙන 22 දෙනාගෙන්, 20කට එරෙහිව මෙම ලැයිස්තුව සකසන විට චෝදනා ඉදිරිපත් කර තිබුනේ නැත.[8]
  5. චෝදනා නොමැතිව, 2006 වසරේ සිට රිමාන්ඩ් භාරයේ: 2006 වසරේ රිමාන්ඩ් භාරයට පත් කෙරුනු එක් පුද්ගලයෙකුට එරෙහිව 2015 තෙක් චෝදනා ගොනු කෙට නැත.[9]
  6. මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් කිරීමට පළමුව, මාස 15ක් තිස්සේ රඳවා ගැනීම: එක් පුද්ගලයෙකු මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට පෙර මාස 15කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ තබා ගෙන ඇත[10]. තවත් බොහෝ අය මහේස්ත්‍රාත් කෙනෙකු වෙත ඉදිරිපත් කිරීමට සහ රිමාන්ඩ් කිරීමට පෙර මාස ගණනක් තිස්සේ රඳවා තබා ගෙන සිටි ඇත.
  7. අවසාන තීන්දුවක් නොමැතිව නඩු ඇසීම් වාර 400-500 අතර ප්‍රමාණයක්: රිමාන්ඩ් භාරයට පත් කෙරුනු දෙදෙනෙකු අපට ප්‍රකාශ කළේ තමන්ගේ රැඳවුම් කාලය අතරතුර තමන්ගේ නඩු 400- 500ත් අතර වාර ගණනාවක් උසාවියේ විභාගයට ගත් බවයි.[11]
  8. එක් පුද්ගලයෙකුට එරෙහිව උසාවි 6ක, දිස්ත්‍රික්ක 4ක, නඩු 15ක්: තවත් බොහෝ දෙනෙකුට එරෙහිව එකකට වඩා වැඩි නඩු ගණනක් තිබූ අතර, ඒවා විභාග වූයේ විවිධ උසාවිවලය. රැඳවියන් 181 දෙනාගෙන් 55 දෙනෙකුට එරෙහිව නඩු එකකට වඩා ගොනු කර තිබූ අතර, ඔවුන්ගෙන් 36 දෙනෙකුට එරෙහිව නඩු 3ක් හෝ ඊට වැඩි ගණනක් තිබුණි.[12]. සමහරක් රැඳවියන් සම්බන්ධයෙන් සැලකූ කල, ඔවුනට එරෙහිව ගොනු කරන ලද සියලුම නඩු ලැයිස්තුවේ සඳහන් කර නොතිබිණි. උදා: එක් රැඳවියෙකුට එරෙහිව නඩු 9ක් තිබූ නමුත්, ලැයිස්තුවේ සඳහන් කර තිබුනේ ඉන් 6ක් පමණි.
  9. නිර්දෝෂී බව සනාථ කොට නිදහස් වීම සඳහා වසර 5-6ක් අතර කාලයක්: තිදරු මවක් 2015 මැයි මාසයේ නිර්දෝෂී බැව් සලකා නිදහස් වූයේ, වසර 6ක් සහ මාස 9ක් රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් අනතුරුවය. ඇයට එරෙහිව නඩු 14ක් තිබූ අතර, එම සියලු චෝදනාවලින් නිදහස් කරන විට, ඉන් 5ක් සඳහා චෝදනා ඉදිරිපත් කර තිබුනි.[13]. 2008 වසරේ ප්‍රශ්න කිරීමට ලක්වූ, 2009 වසරේ මුල භාගයේ අත්අඩංගුවට පත් තවත් පුද්ගලයෙක් නිදහස් වූයේ 2014 වසරේ පසු භාගයේය. මෙයින් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගෙන පසුව නිර්දෝෂී බවට තීරණය කෙරෙන අය සම්බන්ධයෙන් පවා වසර ගණනාවක් ගත විය හැකි බවයි.
  10. වසර ගණනක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නැවත අත් අඩංගුවට ගැනීම: අප විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කළ එක් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන වසර 3කට පසුව නිදහස් කර ඇති අතර, ඔහුගේ නිදහස් කිරීමෙන් මාස 6කට පසුව නැවත අත්අඩංගුවට ගෙන ඇත[14]. මීට සමාන තත්වයනට මුහුණ දුන් අන් අය සම්බන්ධයෙන් ද අපට දැන ගන්නට ලැබුණි.
  11. 2015 වසරේ ජනවාරි සිට අගෝස්තු කාලය අතරතුර අත්අඩංගුවට ගැනීම් 21ක් (හෝ ඊට වැඩි ප්‍රමාණයක්): දෙමළ පවුල් විසින් අප වෙත වාර්තා කොට ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2015 ජූලි මාසය වැනි මෑත දීද, 2015 මුල් කාලයේ ද පුද්ගලයන් අත් අඩංගුවට පත්ව ඇති බවයි[15]. (වැඩි විස්තර සඳහා, පහත කොටස බලන්න).
  12. නිදහස් කිරීමෙන් හෝ කිසියම් බැඳීම් සහිතව නිදහස් කිරීමෙන් අනතුරුව හිරිහැර සහ සීමා කිරීම්: විභාග වෙමින් පවතින නඩු හෝ සිදු කෙරෙමින් පවතින පරීක්ෂණවලට අදාළ පුද්ගලයන් නිදහස් කිරීමෙන් හෝ කිසියම් බැඳීම් සහිතව නිදහස් කිරීමෙන් (ඇප සහිතව හෝ රහිතව) අනතුරුව ගමනාගමන සීමා, කතා කිරීමේ සීමාවන්, පොලිස් ස්ථානවල මාසික අත්සන් කිරීම්, නිතර සොයා බැලීම සහ බය කිරීම් ආදී හිරිහැර සිදු කර ඇති අතර, ඇතැම් අවස්ථාවල දී එම කරුණු සම්බන්ධයෙන් නැවත අත්අඩංගුවට ගැනීම ද සිදු කර ඇත.[16].
  13. පෙර ළමා සොල්දාදුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම: තමාට වයස අවුරුදු 13ක්ව තිබියදී එල්ටීටීඊ සංවිධානයට එක් වූ ළමයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙවරක් අත්අඩංගුවට ගෙන ඇති අතර, වද හිංසාවට පාත්‍ර කොට ඇත.[17]
  14. වද දීමේ දී සහ රඳවා ගැනීමේ දී අමානුෂික තත්වයන්: අප කතා කළ බොහොමයක් රැඳවියන් රඳවා ගැනීමේ දී වද හිංසා සහ අමානුෂික තත්වයන් වාර්තා කරති[18]
දේශපාලන සිරකුරුවන්ගේ දරැවෝ ද දැන් උද්ඝෝෂණයන්ට එලඹ සිටිත්

දේශපාලන සිරකුරුවන්ගේ දරැවෝ ද දැන් උද්ඝෝෂණයන්ට එලඹ සිටිත්

 ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් සැබෑ ප්‍රමාණය, කාලය සහ රඳවා තබා ගන්නා ස්ථාන:

ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ අත්අඩංගුවට ගත් සැබෑ සංඛ්‍යාව තවමත් නොදන්නා අතර, ජනවාරියේ, 182 දෙනෙකුගේ ලැයිස්තුවක් සකස් කෙරුනි. මේ තුළ රජයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල රිමාන්ඩ් බන්ධනාගාර 11ක සිටින අය පමණක් අඩංගු වේ. අනිවාර්යයෙන්ම ගණන මීට වඩා බොහෝ වැඩි වන්නේ, මෙහි දී බූස්ස කඳවුරේ රඳවා සිටින අය, කොළඹ ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල රඳවා ගෙන සිටින අය සම්බන්ධයෙන් සඳහන් නොවන බැවිනි[19].

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි රෙගුලාසි යටතේ රඳවා තබා ගත් බොහෝ අය රිමාන්ඩ් බන්ධනාගාර වෙත යැවීමට පළමුව, ඉහතින් සඳහන් කළ ස්ථාන වැනි වෙනත් ස්ථානවල රඳවා තබා ගෙන ඇත. එබැවින් අප විමර්ශනය කළ ලැයිස්තුවේ සඳහන් කළ කාලයට වඩා සත්‍ය වශයෙන්ම රඳවා ගත් කාලය වැඩිය.[20]. අත්අඩංගුවට ගත් දිනය අප නොදන්නා විට, රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ දිනය රඳවා ගැනීමේ දිනය ලෙස අප විසින් සලකා ඇත.[21].

අධිකරණ ඇමැතිතුමාගේ ප්‍රකාශ:

2015 වසරේ ජුනි මාසයේ දී, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් සිදු කළ ප්‍රකාශයක් මාධ්‍යයේ වාර්තා කොට තිබුනු ආකාරයට “ත්‍රස්තවාදී චෝදනා යටතේ 54 දෙනෙකු වැරැදිකරුවන් වී සිර දඬුවම් ලබන අතර; 85 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරෙමින් පවතින අතර, පුද්ගලයන් 134 දෙනෙකුට එරෙහිව නඩු විභාග වෙමින් පවතී; අට දෙනෙකුට ඇප ලබා දී ඇති අතර, වැරැදිකරුවන් 45 දෙනෙකු පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව උසාවි විසින් නිදහස් කොට ඇත”.[22]

මෙය පෙන්වා දෙන ආකාරයට පුද්ගලයන් 219ක් (134 + 85) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අතර මොවුනට එරෙහිව චෝදනා ගොනු කර නොමැති හෝ නඩු විභාග වෙමින් පවතී. මෙහි බොහෝ විට ඉහත සඳහන් කළ ලැයිස්තුවේ අඩංගු අය ද අඩංගු වේ. එසේම මෙම ගණන තවදුරටත් වැඩි විය හැක්කේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2015 ජූලි සහ අගෝස්තු මාසවලදී තවත් අත්අඩංගුවට ගැනීම් සිදු වූ බැවිනි. ඇප ලබා දුන් අයට එරෙහිව චෝදනා ගොනු කොට තිබුනේ ද, නොතිබුනේ ද, එසේත් නැත්නම් ඒ අය කිසියම් වැරැද්දක් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන්නන් ද යන්න පැහැදිලි නැත. ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන, රඳවා තබා ගෙන, ඇප නොමැතිව නිදහස් කළ, තවමත් විමර්ශනයට ලක් වන, විවිධ සීමා කිරීම්වලට ලක්වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේෂන් පියතුමා වැනි අය ද මෙයට අඩංගු නොවේ.[23] “පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව උසාවි හරහා නිදහස් කළ වැරැදිකරුවන් 45 දෙනා” සම්බන්ධයෙන් කෙරෙන සඳහන සාවද්‍ය වන අතර, අපගේ පර්යේෂණයට අනුව, කිසිදු වරදක් සම්බන්ධයෙන් වැරැදිකරුවකු වූවකු පුනරුත්ථාපනය වෙත යොමු කර නොමැත. විනිශ්චය ලබා දීමට පෙර දශකයක් පමණ රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගැනීමේ සන්දර්භය සලකමින්, දඩුවම් ලබා දීමේ දී රිමාන්ඩ් බන්ධනාගාරවල ගත කළ දීර්ඝ අවුරුදු ගණන සලකා බැලීමකට ලක් විය යුතුය.

අධිකරණ අමාත්‍ය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත්තේ නව ආණ්ඩුව ත්‍රස්තවාදී විමර්ශන පනත ඉවත් කිරීමේ හෝ සංශෝධනය කිරීම නොසලකන බව, සහ වෙනත් නීති සංශෝධනවලට වැඩි ප්‍රමුඛතාවයක් ඇති බවයි[24].

එල්ටීටීඊ නායකයාට එරෙහිව වසර 6කට සාක්ෂි නැත, අනෙකුත් අය රඳවා තබා ගෙන සිටින්නේ චෝදනා විරහිතවයි:

ත්‍රස්ත විමර්ශන පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවේ “චෝදනාව” යන තීරුවට අනුව සමහරකු 2006, 2008, සහ 2009 කාලයේ සිටම සහ ඉන් අනතුරුව ඔවුනට එරෙහිව චෝදනාවක් ගොනු කොට නොමැතිව, “එල්ටීටීඊය දිරිමත් කිරීම”, “එල්ටීටීඊයට සහයෝගය දැක්වීම” වැනි කරුණු මත හෝ හුදෙක් “එල්ටීටීඊ ත්‍රස්තවාදය” යන දෑ මත මෙසේ රඳවා තබා ගෙන ඇත. කෙසේ වුවත්, නීතිපති දෙපාර්තමේන්තුව 2015 වසරේ අගෝස්තු මාසයේ දී උසාවිය වෙත දැනුම් දී ඇති බවට වාර්තා වන්නේ වසර 6කට වැඩි කාලයක් රඳවා තබා ගත්තද “ශන්මුගම් කුමරන් ධර්මලිංගම් නොහොත් කුමරන් පත්මනාදන් (KP)”සම්බන්ධයෙන් ත්‍රස්තවාදී ක්‍රියාවලට අදාළව කිසිවක් එළිදරව් වී නොමැති බවයි[25]. මෙසේ සිදුවන්නේ කේපී විසින් එල්ටීටීඊය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා ලබාදීම[26] සහ එල්ටීටීඊයේ නායකයා බව පිළි ගැනීම[27] සහ එලෙස නිල ලෙස පත්වූ බවට වාර්තා වී තිබිය දීය[28]. ඔහුගේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, රජයේ නිල ප්‍රවෘත්ති විසින් පැවසුවේ ඔහු ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, ඉන්ටපෝල්හි ත්‍රස්තවාදී සහ වෙනත් අපරාධ ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් වැඩියෙන්ම වුවමනා වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටින අයෙකු බව සහ ඔහුට ගිනිඅවි ජාවාරම් කිරීමේ, 1990 දී ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය ඇතුළු වෙනත් වැදගත් පුද්ගලයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එල්ටීටීඊයේ ත්‍රස්තවාදී කටයුතු සඳහා එල්ටීටීඊයට අයිති ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක අරමුදල් පරිපාලනය, සහ සමහරක් පිටරට සිටින දමිළ පුද්ගලයන්ගෙන් බලෙන් මුදල් ලබා ගැනීම ආදිය සිදු කොට ඇති බවයි [29]. මෙයින් පෙනෙන්නේ “එල්ටීටීඊය සහ ත්‍රස්තවාදී සැකකරුවන්”ට එරෙහි ක්‍රියාවන් සැබෑ සාක්ෂි මත පදනම් වීම වෙනුවට, පෙර රජය තුළ මෙන්ම, වත්මන් රජය තුළ ද දේශපාලනිකව මෙහෙයවෙන බවයි.

රහස්‍ය රඳවා ගැනීමේ මධ්‍යස්ථාන:

රහස්‍ය රඳවා ගැනීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ඇති අතර, ඒවා රාජපක්ෂ රෙජීමය යටතේ පවත්වා ගෙන ගිය වදහිංසා ලබා දීම සම්බන්ධයෙන් කුප්‍රකට ස්ථාන වන අතර, බොහෝ අතුරුදන්වූවන්ගේ පවුල්වල අය පවසන්නේ ඔවුන්ගේ ආදරණීයයන් එවැනි ස්ථානවල රඳවා තබා ගෙන සිටින බවයි. රාජපක්ෂ රෙජීමය මෙන්ම වර්තමාන රජය ද එවැනි රහසිගත කඳවුරුවල පැවැත්ම තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටින්නේ “අතුරුදන් වූ බවට වර්ග කර ඇති අය අර්බුදයේ දී මරණයට පත් වී හෝ පිටරට ජීවත් වෙන අය බවයි.”[30]

කෙසේ නමුත්, මෑතදී කළ මාධ්‍ය හෙළිදරව්වකට අනුව රහස් පොලිස් නිලධාරියකු සහ තවත් නාවික නිලධාරීන් කිහිප දෙනෙකු විසින් උසාවියට ලබා දෙන ලද තොරතුරු අනුව ඒ අය එවැනි රහසිගත කඳවුරුවල රැඳවියන් කෑම බීම සැපයූ බව සහ කතා බහ කළ බවත්ය.[31] නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලයේ පවත්වා ගෙන යන ‘ගන් සයිඩ්’ යන නම මෙහිදී විශේෂයෙන් සඳහන් විය.

ජනවාරි 8 වැනි දින (යහපාලනය යටතේ) අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්
අඩුම ගණනේ පුද්ගලයන් 21 දෙනෙකු 2015 වසරේ දී ත්‍රස්තවාදී පනත යටතේ අත් අඩංගුවට ගත් බවට වාර්තා වේ.[32] අන්තර්ජාතික සත්‍යය සහ සාධාරණත්ය ව්‍යාපෘතිය (the International Truth and Justice Project -ITJP)) විසින් නිකුත් කළ වාර්තාවකට අනුව, ජූලි අවසානය වන විට සුදු වෑන් පැහැර ගැනීම්, නීති විරෝධි රඳවා ගැනීම්, වද හිංසා සහ ලිංගික අපයෝජන සිද්ධි 8ක්[33] 2015 වසර තුළ වාර්තා කරයි[34]. අපට දැන ගන්නට ලැබුණු මෙම වසරේ එක් සිද්ධියක දී, උතුරේ පාරක් අයිනේ දී පුද්ගලයකු පැහැර ගෙන ඇති අතර රහසිගත කඳවුරක රඳවා තබා ගෙන, ප්‍රශ්න කර ඇති අතර අමානුෂික ලෙස වද හිංසනයට භාජනය කර ඇත. දවස් කිහිපයකට පසුව, රැඳවියා එතැනින් ගැලවී ඇති අතර, සැගවී සිට පසුව පිටරටකට පලා යාමට සමත්ව ඇත.

මෙම වසරේ මැයි මස මුල් භාගයේ දී, දෙමළ ජාතික සංධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී, පොන් සෙල්වරාසා පැවසුවේ මඩකලපුවේ දෙමළ පුද්ගලයන් අඩුම ගණනේ 16 දෙනෙකු මෙම වසරේ ජනවාරි 8න් පසුව අත්අඩංගුවට පත්වූ බවයි.[35] මොවුන්ගේ වැඩි දෙනෙකු පෙර එල්ටීටීඊ සොල්දාදුවන් වන අතර, පුනරුත්ථාපනයට ලක්ව, පෙර රෙජීමය විසින් නිදහස් කළ අය වෙති. ප්‍රකාශ කරන පරිදි ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැදපෙරදිග වැඩ කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන්නෝ වෙති. 2015 මැයි 31 වැනි දින තවත් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වූ අතර [36] හිටපු මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියෙන්ද්‍රන්, ඉස්මතු කළේ ජුනි 27 වෙන දින සිදු වූ තවත් සිද්ධියකි. මෙහිදී හිටපු එල්ටීටීඊ භටයකු ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇත්තේ, මැද පෙරදිග වැඩකර ඔහු ආපසු එමින් සිටියදීය.[37] ජූලි මාසයේ දී උතුරේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට අප දැන ගත් අතර, තවත් එක් අයෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගැණිනි.[38]

ත්‍රස්ත විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නීතිඥයකුට සහතික කළේ 2015 වසරේ ජනවාරි සහ අගෝස්තු කාලය අතරතුර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 දෙනෙකු අත් අඩංගුවට ගැනුනු බවයි.

රැඳවියන් 181 දෙනා සම්බන්ධයෙන් රජය 2015 ජනවාරි මාසයේ සැකසූ වාර්තාවේ සාරාංශය

 වගුව 01: එක් එක් වසරේ රඳවා ගත් රැඳවියන් ගණන

(චෝදනා ලත් සහ නොලත්)

 

රිමාන්ඩ් කළ වසර තවමත් රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රමාණය
1996 1
1997 4
2000 5
2002 2
2003 1
2004 1
2006 4
2007 9
2008 19
2009 32
2010 4
2011 29
2012 22
2013 11
2014 22
2015 15

 

 

වගුව 02: රිමාන්ඩ් කළ අවුරුද්දට අනුව චෝදනා නොමැති රැඳවියන් ප්‍රමාණය

 

රිමාන්ඩ් කළ වසර චෝදනා ගොනු නොකළ රැඳවියන් ගණන
2006 1
2008 2
2009 3
2011 5
2012 5
2013 1
2014 20
2015 15

 

 

වගුව 03: චෝදනා ගොනු කිරීමට ගත් අවුරුදු ගණන[39]

 

චෝදනා ගොනු කිරීමට ගත් අවුරුදු ගණන පුද්ගලයන් ගණන
15 1
10 2
08 2
06 2

 

 

 

 

වගුව 04: එකකට වඩා නඩු ඇති පුද්ගලයන් ගණන

නඩු ගණන පුද්ගලයන් ගණන
2 19
3 21
4 3
5 5
6 2
7 3
8 0
9 1
15 1
එකතුව 55

[1] හදිසි නීති රෙගුලාසි 2011 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසින් දීර්ඝ නොකළ අතර, සමහරක් ප්‍රධාන විධිවිධාන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පුළුල් කිරීමෙන් තවදුරටත් තබා ගත්තේ මූලික ජාතික සහ අන්තර්ජාතික නීති ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙමිනි. බලන්න http://groundviews.org/2011/09/16/lifting-of-emergency-exposing-the-sham-exercise/

[2] මුල් ලැයිස්තුවේ නම් 182ක් තිබූ අතර, එක් පුද්ගලයකු සම්බන්ධයෙන් ඔහුගේ නම සහ රිමාන්ඩ් කළ ස්ථානය පමණක් සඳහන්ව තිබූ හෙයින් අපට අනෙකුත් විස්තර සලකා බැලීමට නොහැකි විය. වාර්තාව සැකසීමෙන් අනතුරුව ලැයිස්තුවේ සමහර දෙනෙකු නිදහස් වන්නට ඉඩ ඇත. 2015 මාර්තු මාසයේ සිට එවැනි පුද්ගලයන් දෙදෙනෙකු නිදහස් කළ බවට අපි දනිමු.

[3] ලැයිස්තුව සකසා ඇති බවට විශ්වාස කෙරෙන්නේ 2015 ජනවාරි මාසයේ වන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන යන නිල බන්ධනාගාර පමණක් පදනම් කර ගෙන මෙය සකසා ඇත.

[4] වගුව 1 සහ සිද්ධි අධ්‍යයන 6 සහ 7 බලන්න.

[5] සිද්ධි අධ්‍යයන 7 (ලැයිස්තුවේ තොරතුරු පුද්ගලයාව සම්මුඛ සාකච්ඡාවට ලක්කළ නීතිඥයකු විසින් තහවුරු කරන ලදී.)

[6] සාමාන්‍ය සිදු කරන ආකාරයට, අපි විසින් ඉහළ උසාවියේ විභාග වෙන නඩු අංකය අනුව චෝදනා ගොනු කළ වර්ෂය අනුමාන කොට ඇත. සමහර සිද්ධිවලදී, ඉහළ උසාවියේ නඩු අංකය රිමාන්ඩ් වන දිනයට පෙර වන අතර, මුද්‍රණ දෝෂ සිදු විය හැකැයි සිතමින්, එවැනි සිද්ධි අපගේ සංඛ්‍යා තුළ අඩංගු කොට නොමැත.

[7] පෙර පාදසටහන සහ වගුව 3 සහ සිද්ධි අධ්‍යයන 6 බලන්න.

[8] වගුව 2 බලන්න. ඔවුන්ගෙන් සමහර දෙනෙක් ලැයිස්තුව සෑදු දිනට පසුව නිදහස් වන්නට හෝ චෝදනා ගොනු කරනු ලබන්නට ඉඩ ඇත.

[9] පෙර පාද සටහන

[10] සිද්ධි අධ්‍යයන 5.

[11] සිද්ධි අධ්‍යයන 6.

[12] වගුව 4 බලන්න.

[13] සිද්ධි අධ්‍යයන 8.

[14] සිද්ධි අධ්‍යයන 2.

[15] පවුල්වලින් සපයනු ලැබූ තොරතුරු, නීතිඥයන් සිදු කළ සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය වාර්තා

[16] සිද්ධි අධ්‍යයන 1,2 & 3.

[17] සිද්ධි අධ්‍යයන 9.

[18] සිද්ධි අධ්‍යයන 1,2 & 4-8.

[19] ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 (1) දරන කොටස හරහා “ඇමැතිවරයා විසින් තීරණය කළ හැකි ස්ථානයක, සහ එවැනි තත්වයන්” පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලබා දෙයි. http://www.commonlii.org/lk/legis/num_act/potpa48o1979608/s9.html

[20] point 6 සහ පාදසටහන 9 බලන්න

[21] විශ්ලේෂණය පහසු කිරීම උදෙසා, රිමාන්ඩ් කර ඇති වසර ලෙස දක්වා ඇති වසර අප විසින් භාවිතා කර ඇත.

[22] ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු, රැඳවුම්භාරයේ කොටි සැකකරුවන් 200ක් පමණයි රජය දෙජාසයේ නැගිටීමත් සමග, ඇඑජ ඉතිරිව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියි, දි අයිලන්ඩ් – http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=126154

[23] http://www.slguardian.org/sri-lanka-dark-side-of-pta/ බලන්න. එතැන් සිට, මේ දෙදෙනාගේම ගමනාගමන සීමා කිරීම් ඉවත් කර ඇත, නමුත් ගුවන් තොටුපළ බලධාරීන් විසින් රුකී ප්‍රනාන්දු මහතා පිටරට ගමන් කිරීම වැලැක්වීමට 2015 ජූලි මාසයේ පවා උත්සාහ කළේය. ඔවුනට එරෙහිව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද තවදුරටත් ක්‍රියාත්මක වේ. එසේම ඔවුන් ලබා ගත් සන්නිවේදන උපකරණ තවමත් ඔවුනට ලබා දී නොමැත.

[24] http://www.lankasrinews.com/view.php?22YOld2acd5YK34edIMMa020AmB4dd2fBm4303ogAO2e4AY5V3caclOIe3

[25] https://www.ceylontoday.lk/51-102494-news-detail-initial-evidence-unfolds-kp-not-a-terrorist-ag-tells-court.html

[26] http://www.channel4.com/news/exclusive-interview-tamil-leaders-concede-defeat

[27] http://www.channel4.com/news/exclusive-interview-new-leader-of-the-tamil-tigers, http://dbsjeyaraj.com/dbsj/archives/1607 and http://dbsjeyaraj.com/dbsj/archives/1631. See also http://dbsjeyaraj.com/dbsj/archives/1033

[28] https://www.tamilnet.com/img/publish/2009/07/21_July_LTTE_English.pdf

[29] http://www.priu.gov.lk/news_update/Current_Affairs/ca200908/20090807kp_arrested.htm

[30] දි අයිලන්ඩ්, රජය රහසිගත රඳවා ගැනිමේ කඳවුරු ඇති බව ප්‍රතික්ෂේප කරයි – http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=125619

[31] පියුමි ෆොන්සේකා, ඔවුන්ව මරා ඇත්ද, නැතිනම් සඟවා තිබේද ?, ඩේලි මිරර් – http://www.dailymirror.lk/82249/have-they-been-killed-or-hidden

[32] කුසල් පෙරේරා, අලුත් ආණ්ඩුවේ පරස්පරතා ගොඩක්, http://scroll.in/article/750712/the many-contradictions-of-the-new-sri-lankan-government

[33] ඉහතින් දක්වා ඇති සිද්ධි 8 ඉහතින් සඳහන් කර ඇති ගණන තුළ අඩංගු විය හැකි බැවින්, සිදු විය හැකි ද්විගුණනය වැලැක්වීම සඳහා අප විසින් අපගේ සිද්ධි 21 තුළට මෙය අඩංගු කොට නැත.

[34] අන්තර්ජාතික සත්‍යය සහ සාධාරණත්වය ව්‍යාපෘතිය- ශ්‍රී ලංකාව (ITJP) – ‘තවමත් අවසන් නොවුණු යුද්ධයක්:ශ්‍රී ලංකාවේ වධ හිංසාවේ සහ ලිංගික හිංසනයේ දිවි ගලවා ගත්තවුන් 2009 – 2015’http://thediplomat.com/2015/07/the-unfinished-war-against-sri-lankas-tamils/

[35] ටැමිල්නෙට්, මඩකලපුව දෙමළ පුද්ගලයන් 16ක් පසුගිය දින 100 ඇතුළත කොළඹ ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට – http://www.tamilnet.com/art.html?catid=13&artid=37754

[36]ටැමිල් නෙට්, ශ්‍රී ලංකා හමුදාව විසින් මැදපෙරදිග සිට පැමිණෙන නැගෙනහිර දෙමළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම අඛණ්ඩව https://www.tamilnet.com/art.html?catid=13&artid=37792

[37] ටැමිල් ගාඩියන්, දෙමළ මිනිසා අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය සඳහා රහස් පොලීසියට- http://www.tamilguardian.com/article.asp?articleid=15194

[38] සිද්ධි අධ්‍යයන 11, 12 and 13

[39] ගණනය කිරීම පදනම් වන්නේ ලැයිස්තුවේ දක්වා ඇති පරිදි ඉහළ උසාවියේ නඩු අංකය අනුව රිමාන්ඩ් කරන ලද අවුරුද්ද පදනම් කරගෙන වන අතර (අත් අඩංගුවට ගත් වසර මෙයට පෙර විය හැකිය)

 

(මෙම ලිපිය http://groundviews.org/2015/09/05/pta-detainees-ignored-under-yahapalanaya/ හි පළවූ ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි. සිද්ධි අධ්‍යයන පරිවර්තනය කර නැත.)

Back to Top