Sri Lanka Brief
UN-Sri Lankaපුවත්එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු

එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු

by

2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී මම ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොමැති, වයස අසූ ගණන් වල පසු වන ඔහුගේ දෙමාපියන් රාමචන්ද්‍රන් නැවත පණ පිටින් එතැයි බලාපොරෙත්තු අතහැර ගත් සෙයකි. නමුත් ඔවුන් සිටින්නේ සිය පුත්‍රයා පිළිබද සත්‍ය හා ‍යුක්තිය බලාපොරොත්තුවෙනි.

යාපනයේ සිට මම ජිනීවා බලා ගියෙමි. රාමචන්ද්‍රන්ගේ දෙමාපියන්ගේ මෙන්ම තවත් එවැනි පවුල් ගණනාවකම දුක්ගැනවිලි මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වාර්තා වල ඇතුළත්වේ . නිති විරෝධී ඝාතන, බලහත්කාර අතුරුදහන් කරවීම්, අත්තනෝමතික රඳවා ගැනීම්, කෘර වද හිංසා, ලිංගික හිංසන, රෝහල් සහ ආගමික ස්ථාන වලදී සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාර ආදිය පිළිබද බියජනක, වේදනාකාරි කතා පිටු 251කින් යුක්ත වාර්තාවේ (OISL) ඇතුළත් වේ.

ජනමාධ්‍යවේදී රාමචන්ද්‍රන් උත්සාහ කළ පරිදි සත්‍ය හෙළිකර ගැනීම සහ යුක්තිය දිනා ගැනීම සදහා බල අධිකාරීන් ප්‍රශ්න කරන සහ අභියෝගයට ලක් කරන පුද්ගලයන් ගෙන් පළිගැනීම එම වාර්ථාවේ ඉස්මතු කර තිබේ. රාමචන්ද්‍රන්ගේ අතුරුදහන්වීමේ සිදුවීම වැනි තවත් බොහෝ සිදුවීම් සිදුවූ බව ප්‍රතික්ෂේප කිරීම සහ පරීක්ෂණ පැවැත්වීමට සහ වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූ ආකාරය වාර්තාව හෙළි කරයි. දේශීය යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන බව ඉස්මතු කරන අතර අන්තර්ජාතික විනිශ්චකරුවන්, නීතීඥවරුන්, වරදකරුවන් සහ පරීක්ෂණ සිදු කළ පුද්ගලයන් යන පිරිස් වලින් සමන්විත විශේෂ දෙමුහුන් අධිකරණයක් මෙන්ම එජා සාමාජික රටවල වගකීම් ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත නැවත සලකා බැලිය යුතු බවද OHCHR වාර්තාව ඇතුළත් වේ. මෙම පණත යටතේ මා ද අත්තංගුවට පත් වූ අතර එහි පරීක්ෂණ තවමත් අවසන් වී නොමැත. බීබීසී, සීඑන්එන් සහ වෙනත් ජනමාධ්‍ය වලට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවලින් අනතුරුව මා වෙත පැනවූ අදහස් ප්‍රකාශ කිරීම පිළිබද තහනම් නියෝගය තවමත් පවතී. මේ දුෂ්ට නීතිය යටතේ තවත් බොහෝ ජනමාධ්‍යවේදීන් විරුද්ධ පක්ෂයේ දේශපාලඥයින්, ආගමික නායකයින් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රදවා තබන ලද අතර, විරුද්ධ මතවාද සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටපත් කිරීම සදහා එය තවදුරටත් යොදා ගැනේ.

එජා වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී මා සිටියේ අතුරුදහන් වූ පවුල් වල සාමාජිකයන් අසලයි. ඒ අතර අතුරුදහන් වූ සිංහල ජනමාධ්‍යවේදී සන්ධ්‍යා එක්නැලිගොඩ ද සිටියාය. ඇතුළට යාමට අවසර නොතිබූ නිසා වාර්තාව නිකුත් කරන තුරු අපි ශාලාවෙන් පිටත කාමරයක රැදී සිටියෙමු. තිරයේ දැක්වුණු මහ කොමසාරිස්වරයාගේ කතාව මට හැකි පමණින් සන්ධ්‍යාට පරිවර්තනය කිරීමට උත්සහ කළෙමි. ප්‍රගීත්ගේ සිදුවීම වාර්තා දෙකේම ඇතුළත් විය. සත්‍ය සහ යුක්තිය වෙනුවෙන් සන්ධ්‍යා දැඩි සටනක් ගෙන ගොස් තිබුණි. ඇය OHCHR වෙත වාචික සාක්ෂිද ලබා දී තිබුණි. ඉදිරියට යාමට නම් අතීතය දෙස බැලීමේ ඉතා වැදගත් බව ඇය මේ වාර්තාව පිළිගනිමින් කියා සිටියාය.

කර්තෘ ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය වාර්තාවේ දීර්ඝව ඇතුළත් වූ අතර උදයන් පුවත්පතට එල්ල වූ ප්‍රහාර සහ එල්ටීටීඊ සංවිධානයේ රූපවාහිනී නිවේදිකාවක වූ ඉසිප්‍රියා රාමචන්ද්‍රන් හමුදාව විසින් රදවා ගැනීම, ඝාතනය කිරීම, සහ කෙළෙසීම යන සිදුවීම්, නම් සදහන් නොකළ තවත් සිදුවීම් රාශියක් අතර විය. දීර්ඝ කාලයක් තිස්සේ රජය විවේචන කළ ජනමාධ්‍යවේදීන් ව ක්‍රමානුකූල ලෙස එළිපිට ඉලක්ක කිරීම, තර්ජන සහ ප්‍රහාර වලට ලක් වූ ජනමාධ්‍යවේදීන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම, සහ මේ තත්ත්වය තුළ ජීවිත සුරක්ෂිතතාව සදහා සවයං වාර්ණයක් කරා ගමන් කිරීම සහ ජනමාධ්‍යවේදීන් රට හැර යාම පිළිබද මෙන්ම ශ්‍රී ලංකාව ජනමාධ්‍යවේදීන් වැඩිම සංඛ්‍යාවක් ඝාතනක වන රටවල් අතරින් එකක් බව මෙම වාර්තාව ඉස්මතු කළේය.

කෙසේ වෙතත් අදහස් ප්‍රකාශ කිරීම සහ වෙනත් දරුණු මානව හිමිකම් උල්ලංඝණයන් ගේ පුළුල් වූ රටාව අතර ඇති සම්බන්ධතාවය ආමන්ත්‍රණය කිරීමට මෙම වාර්තාව අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබුණි. උදාහරණයක් ලෙස, යුද්ධයේ අවසන් අදියරේදී සහ ඉන් පසුව තොරතුරු කරා ළගා වීමට පැවති සීමා සහ ස්වාධීන ජනමාධ්‍ය වෙත පැනවූ සීමාවන් මෙම වාර්තාවෙන් අවධාරණය නොවුණි. එමෙන්ම එම තත්ත්වය සහ පොදුවේ පැවති විසංමුතිය මර්දනය නිසා දරුණු මානව හිමිකම් උල්ලංඝණයන් වාර්තාව වීම පහළ ගිය ආකාරය මෙහිදී සාකච්ඡා නොවිණි. ස්වාධීන ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය නිදහස පිළිබද ක්‍රියාකාරීන් සහ රජය පිළිබද විවේචනාත්මක මත දැරූ පුද්ගලයන් රජයේ ජනමාධ්‍ය යොදාගෙන පුළුල් වශයෙන් අපකීර්තියට පත් කළ ආකාරය මෙම වාර්තාව හදුනාගෙන නොමැත. එලෙසම ඔවුන්ගේ වාර්තා කිරීමට ඇති අයිතිය කඩ කිරීම මෙන්ම ජීවිත ආරක්ෂාව පතා රට හැර යාම, ස්වයං වාරණයක් පනවා ගැනීම සහ මේ කාලය තුළ ඝාතන කළ වැඩි පිරිසක් ජනමාධ්‍යවේදීන් දෙමළ භාෂාවෙන් කටයුතු කරන පුද්ගලයන් වීම යන කරුණු මෙම වාර්තාව විසින් පැහැදිළිව හදුනාගෙන නොතිබුණි.

2015 වර්ෂයේදී අවම වශයෙන් කොළඹ, සැළකිය යුතු නිදහස් වාතාවරණයක් ඇති වී තිබුණද දිස්ත්‍රික්ක මට්ටමේ මානව හිමිකම් ආරක්ෂකයින් වෙත නිරීක්ෂණ, බලපෑම් සහ හිරිහැර සිදු වූ බව වාර්තාවේ ඇතුළත් විය. වාර්තාව එළි දැක්වීමට දින කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක් ඉදිරිපත් කිරීමට උතුරේ සහ නැගෙනහිර ගෙන ගිය අත්සන් ව්‍යාපාරයට පොලීසිය විසින් බාධා කිරීම මෙයට හොදම උදාහරණයකි.

අනතුරට භාජනය වූවන්ට සහ සාක්ෂිකරුවන්ට බියෙන් තොරව යුක්තිය ඉටු කර ගැනීමේ සංක්‍රාන්ති ක්‍රමවේදයක වැදගත් කම OISL වාර්තාව අවධාරණය කළේය. නමුත් එවැනි තත්ත්වයත් තවමත් ගොඩ නැගී නොමැත. සත්‍ය සෙවීම, සිහි කිරීම, වරද කරුවන්ට දඩුවම් දීම යන ඒවාගේ සාර්ථක භාවය රදා පවතින්නේ සාක්ෂිකරුවන් සහ අනතුරට භාජනයවූවන් බියෙන් තොරව කතා කිරීමට තමන්ට හැකි යැයි සිතන, පළිගැනීමක් සිදු නොවනු ඇතැයි විශ්වාස කරන පරිසරයක් තුළය.

මෙම ක්‍රියාවලිය ස්වාධීන්ව ආවරණය කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලට විශාල වගකීමක් ඇත. OHCHR වාර්තා වල අන්තර්ගතය සහ එයට විවිධ පාර්ශ්ව දක්වන ප්‍රතිචාර පිළිබඳව වගකීමෙන් යුතුව වාර්තා කිරීමට මාධ්‍ය වලට සිදු වනු ඇත. මෙය ජනමාධ්‍ය වලට බිය ගැන්වීම්, අත පෙවීම් සහ සීමා වන්ගෙන් තොරව කෙතරම් දුරට ස්වාධීනව කටයුතු කළ හැකිද යන්න මත තීරණ වේ.
————-
රුකී ප්‍රනාන්දු යනු ශ්‍රී ලාංකික ලේඛකයකු සහ මානව හිමිකම්/ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෙකි. ඔහුට විරුද්ධව ත්‍රස්ත විරෝධී පරීක්ෂණය් ලෙස ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උසාවිප්‍ර සිමා කර ඇ. යෝගයකින් සීමා ඔහුගේ ලිපි සහ සම්මුඛ සාකච්ඡා www.rukiiiii.wordpress.com බ්ලොග් අඩවියෙන් කියවිය හැක.
මෙම ලිපිය SAMSN Digital Hub https://samsn.ifj.org/un-report-on-sri-lanka-and-freedom-of-expression/ හි පළවූ ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි.

Back to Top