Sri Lanka Brief
UN-Sri Lankaපුවත් විශේෂාංගජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

by
2009 මැයි මස අවසන් වූ යුද්ධයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් සමඟ එක්ව බැඳි ප‍්‍රකාශයක් අත්සන් කිරීමට එළඹුණි

2009 මැයි මස අවසන් වූ යුද්ධයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් සමඟ එක්ව බැඳි ප‍්‍රකාශයක් අත්සන් කිරීමට එළඹුණි

by Niran Anketell.

මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ කිසියම් විමසීමකින් තොරවය. වැඩිවශයෙන්ම මහජනයාගේ යෙදවුම් හේතුකොට ගෙන වන අතර හෝ විපතට පත්වූ පුද්ගලයින්ට ඍජුවම සිදු වූ විිවිධාකාර බලපෑම් හේතුවෙනි.

2009 මැයි මස අවසන් වූ යුද්ධයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් සමඟ එක්ව බැඳි ප‍්‍රකාශයක් අත්සන් කිරීමට එළඹුණි. (වගවීම පිළිබඳ දුක්ගැනවිලි වෙනුවෙන්)මෙය ඉටු කිරිමට කිසිවක් නොකළ හෙයින් 2011 වසරේදී මහලේකම් විසින් ශ‍්‍රී ලංකාවේ නිකුත් කිරීම් පිළිබඳ වගවීම සඳහා ඔහුට උපදෙස් දීමට ප‍්‍රවීණ මණ්ඩලයක් පත්කරන ලදී. ප‍්‍රවීණ මණ්ඩලයේ වාර්තාව එළිදැක්වීමෙන් පසු යුද්ධය අවසන් භාගයේදී අන්තර්ජාතික නීතිය ප‍්‍රබල ලෙස උල්ලංඝනය වී ඇති බවත් සහ යුධ අපරාධ සහ මිනිසුන්ට විරුද්ධව අපරාධ සිදුවී ඇති බවත් සඳහන් විය.

අන්තර්ජාතික බලපෑම් හේතුකොට ගෙන රාජපක්ෂ රජය උගත් පාඩම් සහ ප‍්‍රතිසංස්කරණ කොමිසමක් ස්ථාපිත කරන ලදී. එසේම අතුරුදහන් වූවන්ගේ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක්ද පත්කරන ලදී. මෙම මණ්ඩලය සමන්විත වී තිබුණේ මහජනයාගෙන් හෝ විපතට පත් වූවන්ගෙන් අදහස් හෝ යෝජනා කිසිවක් නොලබා වීම නිසා එම ක‍්‍රියාකාරකම ස්වාධීනත්වයකින් තොර හෙයින් සහ විපතට පත්වූ පුද්ගලයන්ව ගෞරවයෙන් සහ අනුකම්පාවෙන් යුතුව මානුෂවාදි සැලකුම් නොලැබී තිබූ නිසා එය දැඩි විවේචනයන්ට ලක්වුණි.

2014 මාර්තු වලදී ශ‍්‍රී ලංකාව පිළිබඳව වෙනත් විමර්ශනයක් සිදුකිරීමට මානව හිමිකම් පිළිබඳ කවුන්සලය තීරණය කරන ලදී. මාර්තු 16 වන බදාදා නිකුත් වූ අවසන් වාර්තාවෙන් හෙළිවූයේ ඛඔඔෑ ය සහ රජය යන දෙපාර්ශවය විසින්ම මානවයාට විරුද්ධව යුධ අපරාධ සහ මනුෂ්‍යයන්ට එරෙහි අපරාධ සිදුකර ඇති බවය. එසේම එම වාර්තාව සඳහන් කර ඇත්තේ මිනිසාගේ මානව අයිතිවාසිකම් ගණනාවක් යුද්ධයෙන් පසුව උල්ලංඝනය ඇති බවය. එහි නිර්දේශ අනුව රජය ශ‍්‍රී ලංකාවේ ජනතාවට සත්‍ය, යුක්තිය සහ වන්දි ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවය.

විදේශ ඇමතිවරයා විසින් මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට කරන ලද දේශනයේදී ඔහු අවධාරණය කර සිටියේ 2015 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ වලට පසුව බොහෝ වෙනස්කම් සිදුවී ඇති බවය. ඔහු අවධාරණය කර සිටියේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන භූමිකාවේ අන්තවාදීන් තල්ලූවී මධ්‍යස්ථ මතධාරීන් බලයට පත්ව ඇති බවය. කෙසේ නමුත් සිදුවන ක‍්‍රියා අනුව පෙනෙන්නේ මොනයම් හෝ වෙනසක් සිදුව නොමැති බවයි. මෙම නිවේදනය කළ
සියළුම ප‍්‍රතිපත්තීන් සම්පූර්ණයෙන්ම රජය විසින් මෙහෙයවනු ලබයි. මේවා නිර්මාණය කර ඇත්තේ වසා ඇති දොරවල් පිටුපස සිට කතාකරන ප‍්‍රභූන් පිරිසක් විසිනි.

උදාහරණයක් වශයෙන් මෙම වසර ආරම්භයේදී මහජනයාගෙන් අදහස් නොවිමසා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනවනු ලැබුණි. මහජනතාවගෙන් කරුණු නොවිමසා කමිටුවක් ම`ගින් නිල කෙටුම්පතක් පිළියෙල කරන ලදී. එම නිල කෙටුම්පත නිකුත් කිරිමෙන් පසු කෙටුම්පතේ වැදගත් සංශෝධනයන් හෝ යෝග්‍ය ආදේශ කිරීම් ඔවුන් විසින් සාකච්ඡුා කළ දේශපාලන පක්ෂ විසින් බැහැර කර හෝ අකර්මන්‍ය කර ඇත. තවද මෙම ක‍්‍රියාවලියේ කිසිඳු විනිවිද භාවයක්ද නොමැත. මෙම කෙටුම්පතින් නිරන්තරයෙන්ම ඉතාමත් කාර්යක්‍ෂමව වෙනස්වන සහ නැවත වෙනස්වන ක‍්‍රියාවලිය විමසීම පුරවැසියන්ට පවා අවබෝධ කර ගත නොහැකිය.

මහජනතාවගේ සහභාගීත්වය ලබා ගෙන පැහැදිලි හා පාරදෘෂ්‍යභාවයකින් යුතුව නීතිය සකස් කළ යුතුය. මෙයට රජය අකමැති නම් පසුගිය සමයේදී සිදුවූ වැරදි අප විසින් වලක්වා ගන්නේ කෙසේද? යන ප‍්‍රශ්නය පැන නගී. සංක‍්‍රාන්ති යුක්ති පිළිබඳ ප‍්‍රතිපත්තිය පළමුව සහ වඩාත් අවශ්‍ය වනුයේ විපතට පත්වූවන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ අයිතීන් ඉටුකිරීමටය. එම ප‍්‍රතිපත්තීන් කොළඹදී ප‍්‍රවර්ධනය වීම දේශපාලඥයින් විසින් හෝ අනිකුත් ප‍්‍රභූවරුන්ගෙන් සිදු නොවිය යුතුය. එසේම සංක‍්‍රාන්ත යුක්ති ප‍්‍රතිපත්තීන් අන්තර්ජාතික බලපෑම් මත ප‍්‍රවර්ධනය වූ මිනුම් නොවිය යුතුය. මෙ ප‍්‍රතිපත්තීන් විය යුත්තේ ඉන් වඩාත්ම ප‍්‍රතිලාභ ලබන විපතට පත්වූවන් කෙරෙහි වන රජයේ ව්‍යාපෘතිය ඉතාමත් පැහැදිලිය. සැක සහිතය එනම් එය අන්තර්ජාතික පීඩනය පාලනය කිරීමට ප‍්‍රභූන් විසින් ගෙනයන ව්‍යාජ ක‍්‍රියාවලියකි. මෙය ප‍්‍රායෝගික නොවේ. ජාතිවාදයෙන් බෙදුණු සෑම අංශයකටම බලපෑ විපතට පත්වූවන් බලවත් ලෙස එකතු වී ඔවුන්ගේ අයිතීන් රැුකගැනීමය.

මෙය ප‍්‍රධාන සමාජ සංවිධාන සහ මහජනතාවගේ බලවත් ව්‍යාපාර මත පැවරුණු වගකීමකි. සැබෑ යුක්තිය නොපෙනෙන දුරක තිබෙන සිහිනයකි.
(සිංහල පරිවර්තනයකි)

Back to Top