Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (03)

ඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (03)

by

BN34 රයිෆල්කරු .
තමන්ගේ කතාව පහත දැක්වෙන අන්දමට දිග හරිමින් BN 34 රයිෆල්කරු පවසන්නේ තමා යාල්දේවි මෙහෙයුමේදී අනතුරට භාජනය වු බවයි.

‘‘…………….. යාල්දේවි මෙහෙයුම මගේ ප‍්‍රථම සටන් අත්දැකීම විය. අපි ධෛර්යයෙන් යුතුව සතුරාට මුහුණ දුන්නෙමු. එහිදී මම දැඩි කම්පනකාරී සිද්ධි දුටුවෙමි. අප ශෝකයට පත්කරමින් සෙබල සගයින් අපගේ නෙත් ඉදිරියේ මරු වැළදගන්තේය. එක් අවස්ථාවකදී සතුරා අප නොසිතන අන්දමින් පහර දුන් අතර අපි විසිරී සිටියෙමු. මා වලකට බැස මුලූ රාත‍්‍රියම එහි ගත කළෙමි. එය දැඩි කළුවර සහිත රාත‍්‍රියක් විය. අපගේ බන්කරවලින් සතුරා ආයුධ එක්රැුස් කරගනු මම දුටුවෙමි. මා තනිවී සිටි අතර ජිවිතය ගැන බියක් දැනුනි. සතුරා සතුව කිසිදු දයානුකම්පාවක් නැති බව දැන සිටියෙමි. අත් පා කපා දමා තිබුණු සෙබල මළසිරුරු මාදැක ඇත්තේය. මා අල්ලාගතහොත් මටද ඒ ඉරණම අත්වනු ඇතැයි මම කල්පනා කළෙමි. එය ඉතාම බියකරු අදහසක් විය. මගේ මළගම සම්බන්ධ මානසික චිත‍්‍ර වැටුනු අතර දෙමාපියන් හඩමින් සිටින ආකාරයද දුටුවෙමි. සතුරා විසින් අල්ලාගෙනමගේ ශරීරාංග ෙඡ්දනය කිරීමට ඉඩදිමට මට උවමනා නොවීය.

ඒ මුලූ රාත‍්‍රිය පුරාම මා ජීවිතය වෙනුවෙන් යාඥා කළ අතර උදෑසන පහන් වන විට අතිරේක බලසේනාවක් පැමිණ මා බේරාගන්නා ලදී. මා රෝහලට රැුගෙන යන ලදී. කායික අනතුරු සිදු නොවුවද මගේ මනසට ඉතා තදින් හානිවී තිබින. කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා සිටියේ මා හොඳින් සිටින බවයි. කිසියම් දෝෂයක් මා තුල තිබෙන බව මට හැඟුණි. මා නැවත යුදපිටියට යවන ලදී. මට බියකරු හැඟිම් දැනුනු අතර සෑම රාත‍්‍රියකම එකම බියජනක සිහිනයක් දුටුවෙමි. වලක සිරවි සිටි මා වටකරගෙන සතුරන් සිටි ආකාරයක් මට දර්ශනය විය. මගේ සිතේ බිය හා අකමැත්ත තිබුනද රණවිරුවකුගෙන් බලාපොරොත්තු වූ රාජකාරිය මම ඉටු කළෙමි. මගේ මානසික සෞඛ්‍ය පහතවැටෙමින් තිබූ අතර මට කිසිදු ගැලවීමක් නොතිබින. අන්තිමේදී මම හමුදාවෙන් පැන යාමට තීරණය කළෙමි.

මා ගෙදර ගියේ මුලූමනින්ම වෙනස්වු පුද්ගලයෙකු ලෙසිනි. යෞවනයේ අහිංසකත්වය හා පවුලේ සාමාජිකයන් කෙරේ තිබි ආදරය නැතිවී ගොස් තිබින. ඔවුන් මා දුටුවේ බියටපත් කිසිදු හැගීමක් නැති තැනැත්කෙු ලෙසිනි. මගේ සිරුරට කිසියම් භූතාවේෂයක් ඇතුලූ වී ඇති බව සැකකල දෙමව්පියෝ මා සුවකරනු පිණිස දුෂ්ට ආත්මයක් පලවා හරින පැරණි පිළිවෙතක් වන තොවිලයක් කිරිමට පවා පෙළඹුනහ. එහෙත් ඉන් ඵලක් නොවීය. මගේ මතකය අඩුවී යාමට පටන්ගත් අතර මට නිදාගත නොහැකි විය. රාත‍්‍රී බියකරු සිහින වලින් මා විනාශයේ කෙලවරටම ගෙන යන ලදී.

‘‘මාගේ පිටස්තර භාවයේ හැඟීම නැතිවේය යන බලාපොරොත්තුවෙන් මගේ පවුලේ අය මට විවාහයක් සූදානම් කළේය. මගේ විවාහයෙන් පසුව මම නැවත රාජකාරියට ගියෙමි. එහෙත් මා හුදෙකලාවූ සොල්දාදුවෙකු බවට පත්විය. හමුදා රාජකාරි කිරීමේදී මා කංසාවට පත්විය. සතුරු පහරදීම් සිදුවේදෝයි මා තුල දැඩි භීතියක් ඇතිවූ අතර වෙඩි හඩ මා සසල කළේය.

මාස ගණනාවක් යාපනේ සේවය කිරීමෙන් පසුව මම නැවත නිවෙස බලා ගියෙමි. කැලයේ එතරම් කල් සටන් කල පසුව ලද විවේකය ගැන මට සතුටු සිත් පහල නොවීය. මගේ සංවේදී භාවය මොටවී තිබී අතර තවදුරටත් විවාහ ජීවිතයක් ගැන මගේ උනන්දුවක් නැති විය. මා තව තවත් දරුණු බවට පත්වූ අතර මගේ බිරිදට කායික වදහිංසාද පැමිණ වූයෙමි. මට සුව නින්දක් ලැබිය නොහැකි වූ බැවින් මද්‍යසාර පානයට පුරුදු වූයෙමි. දිවා ? නොබලා මම රහසින් මත්පැන් පානය කළෙමි. එමගින් මා තවත් අයහපත් තත්ත්වයකට පත් විය. එමගින් මා දුෂ්ටයෙකු බවට පත්විය. මගේ බිරිද මට බියවුවාය. මා නිවසට පැමිණි විට ඇය බියෙන් වෙවුලූවාය. මා කෝප වූ විට නිවසේ බඩු භාණ්ඩ විනාශ කළෙමි. කිසිම දෙයකින් මට සහනයක් නොලැබින.

අන්තිමේදී අප විසින් මහත් විශ්වාසය තබා තිබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සමග කතා කිරීමට මම තීරණය කළෙමි. එම නිලධාරියා මට ඇහුම්කන්දී මනෝචිකිත්සාවන් ලබාදීමට උදව් උපකාර කළේය. නේවාසික රෝගියෙකු ලෙස සති තුනක් කොළඹ යුද හමුදා රෝහලේ මනෝචිකිත්සක ඒකකයේ මා හට ප‍්‍රතිකාර ලබා දෙන ලදී. පසුව ඔවුහු මා සායනයටද කැඳවා ප‍්‍රතිකාර ලබා දුන්හ. දිගු කාලයක් තිස්සේ මා අත්විඳි දැඩි කම්පනයෙන් මිදීමට වෛද්‍ය ප‍්‍රතිකාර හා උපදේශනය උපකාරී විය. අද වන විට මා මත්පැන් අනිසි ලෙස භාවිත නොකරන මගේ පවුලට ආදරය කරන කෙනෙකි. මා ජීවිතය සතුටින් ගත කරන අතර පසුගිය මතකයන් සමඟ ජීවත් නොවෙමි.

හමුදා අවමඟුල් උත්සවයනට සහභාගී විමට අකමැති වු යුද සෙබලා

පහත දැක්වෙන අන්දමට තම හමුදා ජීවිතය ගැන විස්තර කළ ලාන්ස් කෝපරල් SJ තමන් හමුදා අවමඟුල්වලට සහභාගී වීමට බෙහෙවින් අකමැති බව ප‍්‍රකාශ කළේය.

1987 වර්ෂයේදී පළාලි මූලික කඳවුර අසල පිහිටි කුරැුම්බවසෙඞ්ඩි කඳවුරට මා යවන ලදී. එහිදී මා වෙඩිතැබීමට අදාල පළමු අත්දැකීම ලබා ගනිමි. එම කඳවුරේ වසර 1 1/2 ක පමණ සේවය කිරීමෙන් පසුව මා වැලිඔය කඳවුරට යවන ලදී. මා සිටියේ ඉදිරි ආරක්‍ෂක පෙරමුණේය. වැලිඔය කඳවුරේදී මම ඉතාම භයානක සටනට අදාළ සිද්ධින් දුටුවෙමි. මාගේ සහහෝදර සෙබලූන් මරණයට පත් කරමින් සතුරා අපට පහර දුන්නේය. ඔවුන් මුනිස්සම් සමග දරුණු තුවාල සහිතව බිම වැතිර සිටිනු මම දුටුවෙමි. මළසිරුර එකතුකොට ඒවා මළ සිරුරු බහාලන මලූවලට දැමුවෙමි. මළමිනිසුන්ගේ කොටස් එකතු කරන විට මා දැඩි ශෝකයෙන් හා කම්පාවෙන් ඇළලි ගියේය.

1991 දී මා මෙහෙයුම් නොපවත්නා ප‍්‍රදේශයක සේවය කළද මගේ රාජකාරිය වූයේ කි‍්‍රයාන්විත වලදී මියගිය රණවිරුවන්ගේ අවමගුල් උත්සව වලට සහභාගී වීමය. මෙම හමුදා අවමගුල්වලට සහභාගි වන විට මගේ සිතට යුද පිටිය පිළිබඳ විවිධ චිත‍්‍රයන් ඇතුලූ විය. නෑසියන්ගේ දුක් අදෝනාවන් ඇසෙන විට මගේ හද කම්පා විය. එක් අවමංගල අවස්ථාවකදී මවක් තම මියගිය පුත‍්‍රයා වෙනුවෙන් හඩා වැටෙනු මම දුටුවෙමි. මියගිය රණවිරුවා මා දක්නා ඉතා හොඳ පුද්ගලයෙකි. මවගේ හැඞීම මගේ දෙසවනේ රැුව් පිළිරැුව් දෙන්නට විය. වැලිඔයේදී දැස් විවර කරගෙනම බිම වැටී මියගොස් සිටි මගේ මිතුරු සෙබලූන්ගේ සිරුර මට මැවී පෙනෙන්ට විය. සතිගණනක් තිස්සේ මට නින්දක් නොලැබුණි.
මෙබදු අවමංගල්‍ය උත්සව වලට සහභාගීවීම මම දැඩි සේ අප‍්‍රිය කළෙමි. එහෙත් මගේ රාජකාරිය අනුව එම සහභාගීවීම් අත්‍යවශ්‍ය විය. මට අතීතාවර්ජනයන් ඇතිවූ අතර දැඩි ශෝකයට අදාල සංවේදයක් ඇති විය.

1998 වන විට මට මන්නාරම් දිස්ත‍්‍රික්කයට ස්ථාන මාරුවක් ලැබින. එහිදී බසයක ගමන් ගන්නා අතර මා බිම්බෝම්බයකට ගොදුරු විය. මට තුවාල සිදුවු අතර රෝහල්ගතකොට ප‍්‍රතිකාර ලබාදෙන ලදී. මගේ කායික තුවාල සුව සනීප වුවද මානසිකව ඉන් ඇතිවූ බිය නිරන්තරයෙන්ම මා පෙලීමට පටන් ගත්තේය. මගේ මනස විිවිධ යුද ගැටුම් වලට අදාළ සිද්ධින් වලින්ද හමුදා අවමගුල් උත්සව පිළිබඳ සිද්ධීන් වලින්ද බිම් බෝම්බ පිපිරීම පිළිබඳ මතකයන්ගෙන්ද පිරී ගියේය. මට රාත‍්‍රී බියකරු සිිහින පෙනෙන්ට පටන් ගත් අතර භීතිය පිළිබඳ හැගීම් වලින් මා සිත පිරී ගියේය. මා ඉතා ඉක්මනින් කුපිතවීමට පටන් ගත් අතර, ලිංගිකව අකාර්යක්‍ෂම බවටද පත්විය.

මගේ සිරුර වේදනාවේ උල්පතක් බවට පත්විය. මගේ සිරුරේ සෑම සන්දියක්ම කකියන්නට පටන් ගත්තේය. දරාගත නොහැකි හිසරදය ඇතිවූ විට මට ශබ්ද ඉසිලිය නොහැකි විය. බිම්බෝම්බ අත්දැකීමෙන් පසුව නැවතත් අවමංගල්‍ය රාජකාරී ඉටු කරනු පිණිස මා කි‍්‍රයාන්විතයන් නොපවත්වා ප‍්‍රදේශයකට මාරු කොට යවන ලදී. එයට මම දැඩිසේ අකමැති වීමි. එහෙත් අවාසනාවකට මෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මගේ දුක්ගැනවිලි වලට සවන් නොදුන්හ. මම තවත් වසර 1 1/2 ක් තිස්සේ එහි සේවය කළෙමි. එම කාල සීමාව තුළදී මගේ රෝගය සීග‍්‍රයෙන් වර්ධනය වූ අතර වරක් හමුදා කඳවුර තුලදි සියදිවි හානි කර ගැනීමට මම තීරණය කළෙමි. අසාර්ථක වූ එම ප‍්‍රයත්නය නිසා ඛණ්ඩ භාර නිලධාරියා බියට පත් වූ අතර මා රෝහල්ගත කරන ලදී. රෝහලේදී මට ප‍්‍රතිකාර ලබාදී ඖෂධිය ප‍්‍රතිකාර හා මනෝ චිකිත්සක සාහයද ලබාදෙන ලදී. මාස ගණනාවක් ලද ප‍්‍රතිකාර වලින් පසුව මගේ තත්ත්වය දියුණු විය. මේ වන විට මම මෙහෙයුම් නොපවත්නා ප‍්‍රදේශයක සැහැල්ලූ හමුදා රාජකාරී කරමින් සිටිමි. එහෙත් තවමත් මාහට මළසිරුරු හා යුධ ස්මාරකයන් දෙස බැලිය නොහැකි (විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප‍්‍රනාන්දු විසින් ලාන්ස් කෝප්රල් SJ ට PTSD තත්ත්වය ඇති බවට රෝග විනිශ්චය කරනු ලදී.(මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී හැඟීම් මුසු භයංකර අත්දැකීමකට පසුව ඇතිවන්නකි) ඒ අනුව ඔහුටප‍්‍රතිකාර ලබාදෙන ලදී. පූර්ණ චිකිත්සක කි‍්‍රයාවලියකින් පසුව ඔහුගේ කාංසාව පාදක වූ රෝග ලක්‍ෂණ කැපී පෙනෙන ප‍්‍රමාණයකට අඩු විය.)

සතුරා මගේ බන්කරයට පහරදෙනු සිහිනෙන් දකින බව N 68 නම් සෙබලා පවසයි

…… 1993 අගෝස්තු මස 24 වෙනි දින සිදුවූ සිදුවීම් වලින් මගේ මතකයන් තවමත් පිරී පවතී. වසර කිහිපයකට පසුව වුවද තවමත් අතිශය බියජනක මතකයන් මගේ මනසේ ඇත. සාමාන්‍යයෙන් දිනපතාම වාගේ මට ඒ සිද්ධිය ආවර්ජනය වන අතර, ඉන් මට දැඩි ශෝකයක් හා සන්තාපයක් හට ගන්නේය.

එම අඳුරු දිනයේ රාත‍්‍රි 12.00 ට මා සිටියේ බන්කරය තුලය මා මුර රාජකාරිය කළ අතර මගේ මිතුරන් දෙදෙනෙක් මදක් විවේක ගත්හ. හදිසියේම මට වෙඩි හඩ ඇසුනි. සතුරා ජානකපුර උතුරු කඳවුරට පහරදෙන බවට අපගේ එක් කෝපරල්වරයෙකු කෑ ගැසීය. මගේ මිතුරන් දෙදෙනා අවදි කොට පරීක්‍ෂාවෙන් සිටින මෙන් පැවසීමි. මිනිත්තු කිහිපයක් අතරතුර LTTE කණ්ඩායමක් අපගේ බන්කරයට පහරදුන්නේය.
අපගේ අසල පිහිටි බන්කරයකින් කෑමොර දීමේ ශබ්ද ඇසුනි. අත් ගේ‍්‍රනේඩයකින් සතුරා එම බන්කරයට පහර දුන් අතර ඔවුන් එය අල්ලා ගන්නේ යැයි මම අනුමාන කළෙමි. එබැවින් අපට සටන් කිරීමට සිදුවූයේ තනිවමය. අප තිදෙනා තුන් පැත්තකින් සතුරාට වෙඩි තැබූවෙමි. ඔවුන්ට අවනත වීමට කිසිසේත්ම අපි නොසිතුවෙමි. සතුරා අප වෙතට පැමිණියේ නොනවතින රැුල්ලක ආකාරයෙනි. මාගේ තුවක්කුවෙන් සතුරන් විශාල සංඛ්‍යාවක් මරා දමමින් සිටියෙමි. මා අසල සිටි එක් මිතුරෙකුට වෙඩි වැදී ඇද වැටුණි. එබැවින් අප දෙදෙනෙකුට පමණක් සතුරාට මුහුණ දීමට සිදුවිය.

කිසිදු විරාමයක් නැතිව අපි ඔවුනට වෙඩි තැබුවෙමු. හදිසියේම ඔවුන් ඍඡුඨ එකකින් මගේ බන්කරයට පහර දුන් අතර එය කඩාගෙන වැටුනේය. විශාල තල්කොටයක් මගේ හිසට පතිත වි මා අඩසිහියට පත්විය. මගේ කන් අගුළු වැටුන් අතර හිසෙන් ලේ ගලන බැව් දැනගතිමි. එහි සිටියහොත් අප මරණයට පත්වන බැව් දැනගතිමු. එබැවින් සුනුවිසුනු වී ගිය බන්කරයෙන් බඩගාගෙන ගොස් කඳවරේ මධ්‍යයට ගියෙමු. අප එදෙසට ගමන් කරන විට බොහෝ LTTE සාමාජිකයින් අප ජීවග‍්‍රහයෙන් අල්ලාගන්නට පැමිණි අතර බේරීම සඳහා අත් ගේ‍්‍රනේඩයක් දමා ගැසුවෙමි. අප දෙදෙනා පමණක් ඉදිරියට යන විට සෙබලූන් කණ්ඩායමක් අප මුණ ගැසුනි. අප නැවත කණ්ඩායම්ගතවි සතුරාට පහර දුනිමු. මෙම පහරදීම් බොහෝ වේලාවක් තිස්සේ පැවතියේය. පාන්දර වන විට අනතුරට පත් බොහෝ දෙනෙකු ඉතිරි කරමින් සතුරා පසු බැස්සේය. මා තුවාල ලබා දැඩි මහන්සියකින් සිටියත්, මගේ ආයුධය අත්නොහැර මගේ සගයින් සමග සටන් කළෙමි. උදෑසන ප‍්‍රතිකාර සඳහා මා රෝහල් ගත කරන ලදී.

හිසට වෙඩි උණ්ඩුයක් වැදීමෙන් පසුව මගේ මිතුරා කොටයක් මෙන් බිම ඇද වැටුනු ආකාරය මට තවමත් සිහිවේ. ඔහු හුස්ම අදිමින් සිටින විට අප සටන් කරමින් සිටි අතර ඔහු කෙරේ අවධානය යොමු කිරීමට වේලාවක් නොවීය. මිනිත්තු කිහිපයකට පසුව ඔහු මියයන්ට ඇත. මෙම මතකයන් රාත‍්‍රි කාලය තිස්සේ මගේ සිතේ හොල්මන් කරයි. මා අඩ නින්දෙන් සිටින විට මට එම ඡුායාවන් පෙනේ. එමෙන්ම මා නිතරම සෝදිසියේ සිටීමටද පෙළඹුනේය. සතුරා මා දෙසට බඩගාමින් පැමිණෙතැයි නිරන්තර සිතුවිල්ලක් හට ගත්තේය. සතුරා RPG එකකින් මට පහර දෙතැයි සිතේ. එවිට මා ඇස් හරින අතර, මගේ හදවත වේගයෙන් කි‍්‍රයාත්මක වන යන්ත‍්‍රයක් මේන් තිගැස්සීමට පටන් ගනි. අනතුරුව පැය කීපයක් යනතෙක්ම මට නින්ද නොයයි. ? තිස්සේ අවදියෙන් සිටින මා හට සටනේදි මියගිය මගේ මිතුරන් ගැන සිහිවේ. ඔවුන් මියයාමත් මා පමණක් දිවි රැුක ගැනිමත් ඉතාම අසාධාරණ බැව් මට හැගේ.
සමහරවිට සිහිනෙන් මට සටනේ සිද්ධීන් පෙනේ. බොහෝ විට සතුරා පහරදෙනවිට මගේ තුවක්කුව හිරවී ප‍්‍රති ප‍්‍රහාර දිය නොහැකිය. සතුරාට වෙඩි තැබිය නොහැකිය. ඔවුන් ටිකෙන් ටික මා වෙතට එයි. මට ඔවුන්ගේ හඩ ඇසේ. දෙමළ බසින් අපට බැන වඳින ඔවුන්ගේ හඩ ද මට ඇසේ. මට කරකියා ගත හැකි දෙයක් නැති විය. කිසිවෙකු ග්‍රෙනේඩයකින් දමා ගසනු මට ඇසේ. මගේ බිය වැඩිවන අතර මම කෑගසමි. එය තවත් එක් බියකරු සිහිනයක් පමණක් බව මා දැනගන්නේ එවිටය.

මගේ පවුලේ උදවිය රාති‍්‍රයේ මොරදීම්වලට දැන් පුරුදු වී ඇත. මට ඇති බිය නම් නින්දෙන් මා ලඟ සිටින කිසිවෙකුට මවිසින් හානි සිදු කරනු ඇද්ද යන්නයි. එබැවින් මා නිදාගන්නා විට මා අසල නොසිටින ලෙස මගේ බිරිදට හා දරුවන්ටද නිතර පවසමි. මගේ ජීවිතය පුදුමාකාර අන්දමින් වෙනස්වි ඇති අතර මා තවදුරටත් කලින් සිටි තැනැත්තා නොවේ. මගේ හැගීම් හිරිවැටී ඇති අතර මියගිය පි‍්‍රය මිතුරන් වෙනුවෙන් මට තවදුරටත් කඳුලූ සැලිය නොහැකිය.

Back to Top