Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (04)

ඊලාම් යුද්ධය සහ සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය (04)

by

සාමාන්‍ය සෙබල DG ගේ කතාව.
1997 වසරේදී තල්ලඩි කඳවුර අසලදී ඹඨනම් සෙබලා පිපිරීමකින් අනතුරු ලැබීය. පිපිරීම නිසා ඔහු තුවාල ලද අතර මානසිකව ද විසිරුනු ස්වභාවයක් පෙන්නුම් කලේය. මාස කිහිපයකට පසුව ඔහු බලවත් හිසරදය, නින්ද නොයාම හා භීතිය පිළිබඳ හැඟිම් ගැන ප‍්‍රකාශ කලේය. ක‍්‍රම ක‍්‍රමයෙන් ඔහු PTSD රෝග ලක්‍ෂණ පෙන්නුම් කලේය.

ඔහුට නින්දයාමේ අපහසුතාව තිබි අතර පිපිරීමෙන් සිදුවූ අනතුර පිලිබඳව බියකරු සිහින පෙනෙන්නට විය. ඔහුගේ සිතෙහි බියජනක හැඟීම් තිබී අතර, පිපිරීමේ අනතුරට සම්බන්ධ ස්ථාන හා කතාබහ වලින් මගහැරීමට ඔහුට නිතරම උවමනා විය. ඉතාම කුඩා ශබ්දයකට පවා ඔහු තිගැස්සුනි. ඔහු දැඩිසේ කුපිතවන අතර ඔහුට තරහව පාලනය කොටගත නොහැකිය. ඔහු නිතරම ලිංගික කි‍්‍රයාකාරීත්වයේ විෂමතාවයක් පෙන්නුම් කළ අතර පවුලේ ඇතිවූ කැලඹීමක ප‍්‍රතිඵලයක් ලෙස බිරිද ඔහු හැර ගියාය. පවුලේ ප‍්‍රශ්න හා දරාගත නොහැකි කංසාව හේතු කොටගෙන ඔහු සියදිවි හානිකරගැනිමට උත්සාහ කළේය.

මනෝ චිකිත්සක ප‍්‍රතිකාර සඳහා සෙබලාව යොමු කල පසු දෙන ලදCBT හා EMDR ප‍්‍රතිකාර හරහා ඔහුගේ PTSD රෝග ලක්‍ෂණ අවම කළ හැකි විය. දැන් ඔහුට බියකරු සිහින නොපෙනී නිදාගත හැකි වන අතර බලාත්කාරයෙන් ඇතිවන සිතුවිලි සිතට වද දෙන්නේම නැති තරම්ය. මුලදී මෙන් ඔහු අධිකතර කෝපයට පත්වන්නේ නැත. විනාශකාරී හැසිරීම් වලින් තොරව තමාගේ තරහව පාලනය කර ගැනීමට දැන් ඔහු සමත් වේ. අවසානයේ කල පසු විපරුමකින් හෙලි වුයේ ඔහුගේ බිරිඳ ආපසු පැමිණ, දැන් සෙබල DG ඵලදායී ජීවිතයක් ගත කරන බවයි.
‘‘මම පොළොවේ හාරා තිබූ වලක සැඟවී සිටියෙමි’’ රයිෆල්කරු E 38

1998 සැප්තැම්බර් 27 වන දින මගේ ජීවිතයේ ඉතාම අඳුරු සහගතව ගෙවූ භයානකම පැය කිහිපයක් විය. මා සිටියේ පරන්තන් ප‍්‍රදේශයේ FDL ඉදිරි ආරක්‍ෂක සීමාවේය.LTTE විසින් මගේ බන්කරයට පහර දෙන ලද අතර ඔවුන් අප ලඟටම ඒමට සමත් විය. මගේ බන්කරය සතුරා විසින් අල්ලාගෙන මා මියයන්ට ඇතැයි මගේ මිතුරන් සිතා තිබින. එවිට ඔවුන්ද ඔවුන්ගේ ආයුධ වලින් බන්කරයට පහර දෙන්නට පටන් ගත්තේය. මා සතුරු වෙඩි තැබීම් වලට මෙන්ම මිතුරු වෙඩිතැබීම් වලටද මැදීව සිටියේය. විකල්පයක් නොමැති මා බන්කරය අත්හැරීමට තීරණය කළෙමි. මම ඉදිරි ආරක්‍ෂක සීමාවෙන් ඉවතට බඩගාගෙන ගියෙමි. මම වලක් තුල සැඟවුනෙමි. සතුරාගේ කි‍්‍රයාකාරකම් හා වෙඩි හඩද මට ඇසින. මෙය මගේ අවසානය යැයි මම සිතිමි. සුලූ මොහොතකින් ඔවුන් පැමිණ මා සොයාගෙන මා මරාදැමිම ගැන දෙවරක් නොසිතනු ඇත.

ළමා සොල්දාදුන් බර ආයුධද අතැතිව ඉදිරි ආරක්‍ෂක සීමාව දෙසට ගමන් කරනු දුටුවෙමි. ඔවුන් සමග AK 47තුවක්කු අත රැුඳි කාන්තා සාමාජිකාවන්ද විය. වාසනාවකට මෙන් කිසිවෙකු මා නොදුටු අතර, ඔවුන් කිසිවකු මා වලක් තුළ සැඟවී ඇතැයි නොසිතන්නට ඇත. දරුණු සටන් පවතින බව මට ඇසින. දිගටම වල තුලටම වි සිටීමට සිතුවෙමි. දින කීපයක් තිස්සේම මා එම වල තුල සිරවී සිටියේය. මට ආහාර තිබුනේ නැත. මගේ ජල බෝතලය දෙවන දිනය වන විට හිස් විය. තුන්වන දිනය වන විට මට දැඩි පිපාසයක් දැනී මගේ මුත‍්‍ර‍්‍රා පානය නොකොට බැරිවිය. හතරවෙනි දිනය චන විට වෙනත් විකල්පයක් නොතිබුනෙන් ඉදිරි ආරක්ෂක සීමාව දෙසට යාමට තිරණය කළෙමි.

පරාජිත වු සතුරා කණ්ඩායමෙන් කණ්ඩායම බැගින් පසුබසිනු දුටුවෙමි.මම මුවාවි ඔවුන්ගෙන් සැඟවුනෙමි. එය ඉතා අඳුරු රාති‍්‍රයක් විය. කිසිදු ශබිදයක් නොකළෙමි. ආහාර සහ ඡුලයද නැතිවිමෙන් මා සිටියේ දැැඩි වෙහෙසකාරි තත්වයකය.මා ගමන් කලේ ඉතා සෙමිනි. ඉදිරි ආරක්ෂක සිමාව ලගට පැමිණි විට වෙඩි නොවැදිමට මා විසින් ප‍්‍රවෙසම් විය යුතුය. මම කෑගසා මාගේ නම, අංකය හා ඛණ්ඩය කිවෙමි. ඵවිට ඔවුන් පුදුමයට පත්ව මා හදුනා ගත්හ. මා මියගොස් හෝ සතුරා විසින් අල්ලා ගන්න ලදැයි ඔවුන් සිතන්නට ඇත. මා අධිකාරි ලත් නිලධාරියා වෙතට ගෙන යන ලද වු ඔහු මාගේ ධෛර්ය ගැන ප‍්‍රශංසා කළේය. මා ප‍්‍රාතිහාර්යකින් මෙන් මරණයෙන් ගැලවුනි. මා පණපිටින් පැමිණිමට තරම් වාසනාවන්ත විය.

එහෙත් මෙම සතූට පැවති ටික දිනක් පමණි. මව සැඟවී සිටි වල තුල අත්දුටු භීතිය හා හුදකලාව මා පෙලන්නට පටන් ගති. මට විවේක ගත නොහැකි විය. අදෘශ්‍යමාන සතුරෙකු එතැයි යන බලාපොරොත්තුවෙන් ආරක්‍ෂාකාරීව සිටීමට සිදුවිය. දවස් ගත විය. මා තවමත් බියෙන් පසු වෙමි. සැඟවී සිට සතුරාට පහර දීමේ කි‍්‍රයාන්විතයට ගිය විට මා කැළබිල්ලට පත්විය. මා ඉදිරිය බලාගෙන සිටින විට සතුරා මා පිටුපසින් ඇතැයි යන අභ්‍යන්ත හැඟීමක් ඇති වේ. මම පිටුපස බැලීමි. එහෙත් එහි කිසිවෙකු නොවීය. මට මනසේ ඒකාග‍්‍රතාවය පවත්වා ගන්නට නොහැකි විය. එය ඉතාම දරුණු අවුල් සහගත බවට පත් තත්ත්වයක් විය. සතුරා සිටි දැයි හැම දිසාවම බැලිම සිත වසඟයට ගත් දෛනික චර්යාවක් බවට පත් විය.

මගේ හදවන තදින් ස්පන්දනය වන්නට පටන් ගත් අතර, නිතරම මට යම් යම් දේ අමතක විය. කීප අවස්ථාවකදීම මගේ ආයුධ වෙනත් ස්ථානවල අමතකවී දමා ඒම සම්බන්ධයෙන් මගේ ජ්‍යෙෂඨ නිලධාරින් විසින් මට අවවාද කරන ලදී. රාත‍්‍රී කාලයේදී පුරුද්දක් ලෙස මම අවදියෙන් සිටියෙමි. ඉතාම සුලූ ශබ්දයකදි පවා මගේ හදවන බියජනක හැඟිම් වලින් උතුරා යන්නට විය. මට වේදනා ගෙනදෙමින් මගේ හදවත තදින්ම ගැහෙන්නට පටත් ගති. මට ඉතාම බියකරු සිහින පෙනෙන්නට පටන් ගත්තේය. වලක සිරවී සිටින මා වටකරගෙන සතුරන් සිටින ආකාරයක් මා සිහිනෙන් දුටුවෙමි. නින්දට යාම මම ඉතාම අප‍්‍රිය කළෙමි.

(2001 වර්ෂයේදී විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප‍්‍රනාන්දු විසින් E 38 රයිෆල්කරු PTSD බාධයෙන් පෙලෙන බවට රෝග විනිශ්චය කරන ලදී. ඔහුට ඖෂධ හා මනෝචිකිත්සාව ලබාදෙන ලදී. 2005 අපේ‍්‍රල් 12 වන දින කරන ලද පසු විපරමට අනුව ඔහුව PTSD වලට අදාල බරපතල රෝග ලක්‍ෂණ නොමැති බව දැනගන්නා ලදී. ඔහුගේ නින්ද සාමාන්‍ය අතට හැරුණු අතර තැතිගැනීමේ ප‍්‍රතිකි‍්‍රයාවන් සාමාන්‍ය අතට හැරින. බලෙන් සිතට ඇතුලූවන සිතුවිලි හා අතීතාවර්ජනයන් නිසා ඔහු තවදුරටත් කරදයට පත් නොවිය.)

හුදෙකලාව ජිවත් වූ ලාන්ස් කෝප්රල් BL ගේ කතාව

මා විවාහ වී ඉතා සතුටින් ජීවිතය ගත කරමින් සිටි නමුත් 1990 වසරේදී අනතුරට පත්වීමත් සමග සියල්ල වෙනස් විය. මා සිටියේ මන්නාරමේ තල්ලඩි කඳවුරේය. එහිදි මම දරුණු සටනක් දිටිමි. සෙබලූන් 40 දෙනෙකු පමණ මරා දමමින් LTTE අපට බර ආයුධ වලින් පහර දීමට පටන් ගති. දැඩි දුෂ්කරතා මධ්‍යයේ අපට සතුරාව පරාජය කළ හැකි විය. අපගේ සහෝදර සෙබලූන්ගේ මළ සිරුරු දුටු විට මගේ හදවත හඩා වැටුනි. අප සිටියේ එක පවුලක් මෙන්ය. පහරදීමට ප‍්‍රථම අප එකට ආහාර ගත් අතර යම් සුළු සුළු දෑ සම්බන්ධයෙන් විහිළු තහළු ද කර ගතිමු. එසේ සිටි ඔවුන් සදහටම යන්නට ගොසින්ය. ඔවුන්ගේ ලේ තැවරුණු මළ සිරුරු බහාලූම්වලට දම්වලට දමන විට තම සතුරාට සිතින් සාප කළෙමි.

මෙම සිද්ධියෙන් පසුව මා වඩාත් හුදෙකලා බවට පත්වූ අතර බලාත්කාරයෙන් හිතට නැගෙන හැඟීම් වලින් යුක්ත වීමි. මා පිටස්තරයෙකු බවට පත් විය. මා නිවසට පැමිණි පසු මට සිදුවී ඇත්තේ කුමක්දැයි බිරිද මගෙන් ප‍්‍රශ්න කලාය. කෙසේ වෙතත් මම ඇයට කිසිම දෙයක් නොපැවසුවෙමි. මගේ දුක ඇයට පැවසීමෙන් ඵලක් නොමැත. යුද පිටියේදී සිදුවූ දෑ ඇය කිසිදිනක තේරුම් නොගනු ඇති බැවිනි. එබැවින් මගේ සන්තාපය ද සමග නිශ්ශබ්දව සිටියෙමි. එහෙත් මට තව තවත් ඉක්මනිනින් කුපිත වන තත්ත්වයකට පත් විය.
1996 දී අපි කොඩිකාමම් වෙත ගොස් සතුරාට සැඟව සිට පහර දුන්නෙමු. අපට එහිදී නිසි ආකාරයේ කඳවුරක් නොතිබිනි. අප වාසය කලේ අත්හැර දමන ලද නිවෙස්වලය. ඒවා ෂෙල්වෙඩි වලින් විනාශ වී තිබින. එය එදිරිවාදිකම් පැවති භූමියකි. සතුරා සැමතැනකම සිටියේය. ඔබ අතින් කිසියම් හෝ මුග්ධ කි‍්‍රයාවක් සිදු වුවහොත් ඔබට අනිවාර්යෙන් මළසිරුරු බහුලූවක නිදාගන්නට හැකිවනු ඇත. මගේ ජිවිතය ගැන ද තිබුනේ අස්ථිරභාවයකි. අප සතුරන්ගේ වෙඩි තැබිම් හා මරඋගුල් වලින් වැලකෙමින් දිනෙන් දින දිවි ගෙවීමු.
එක් දිනක් අප අහම්බෙන් සැඟවී පහරදීමට සිටින සතුරු කණ්ඩායමක් වෙත ගමන් කොට ඇත. ඉතාම කිට්ටු පරාසයක සිට සතුරා අපට වෙඩි තැබිය. මෙම ප‍්‍රහාරයෙන් මගේ නෙත් ඉදිරිපිටදීම අපගේ කණ්ඩායමේ 8 දෙනෙකු මිය ගියේය. අපද සතුරාට ප‍්‍රතිප‍්‍රහාර දී අන්තිමේදී ප‍්‍රහාරයෙන් බේරිමට සමත් විය. ඉදිරියට එන සතුරු සේනා හේතු කොට ගෙන අපට මළසිරුරු දමා යාමට සිදු විය. එම මළසිරුරු දමා ඒම සම්බන්ධයෙන් මගේ සිතෙහි තවමත් වරදකාරී හැඟීමක් පවතී. ඇත්තෙන්ම එය ඉතාම බියකරු කාලයක් විය. මෙම කාලසීමාව තුලදී මියගිය රණවිරුවන්ගේ හා LTTE සාමාජිකයන්ගේද මළ සිරුරු රාශියක් මවිසින් දකින ලදී. සමහර සිරුරු කුණුවී හෝ ඒවායේ අවයව කපා දමාද තිබුනි. විශාල කබරගොයින් සමහර මළසිරුරු කා දමනු මම දුටුවෙමි. යුද්ධය තුල නම් කිසිදු විභූතියක් නොමැති බව මා දුටු දර්ශනවලින් මට පසක් විය. වතාවක් මා අපගේ කාර්යමණ්ඩල සාජන්ට්වරයෙකුගේ (ඔහු මා දැන සිටි කෙනෙකි) මළ සිරුරක් දිටිමි. සතුරා විසින් ඔහුගේ දෑස්වලට වෙඩි තබා තිබී අතර දෙනෙත් නොමැති මළ සිරුරක් දැකීම ඉතාම බිය උපදවන සුළු විය. ඔහුගේ අක්‍ෂි ගෝල වෙනුවට වෙඩි පහරින් ලත් ගැඹුරු තුවාල දක්නට ලැබිණ. වසර ගණනාවක් යනතෙක්ම එම දර්ශනය මගේ මනසේ තැන්පත්ව පැවතුනි. මට ඒ පිළිබඳව බියකරු සිහින පවා පෙනෙන්නට පටන්ගත්තේය.
ආපසු ගෙදර පැමිණි පසුව මෙම යුදපිටියේ සිද්ධීන් මගේ සිතේ හොල්මන් කරන්නට පටන් ගත්තේය. මම හුදෙකලාවම සිටීමට උවමනා විය. එතැන එහෙත් සිදුවි ඇත්තේ කුමක්දැයි මගේ බිරිඳට දැනගැනීමට උවමනා විය. මට ලිංගිකව ජීවිතය පිළිබඳ කිසිදු උනන්දුවක් නොවීය. මගේ බිරිඳව මඟහැරිමට වීමි. මා හට වෙනත් අනියම් සබඳතාවයක් ඇතැයි ඈ සැක කළාය. ඇයගේ දෝෂාරෝපණයන් මට ඉවසාගත නොහැකි විය. මා විෂාදියට පත්වූ අතර මට ශබ්ද දරා ගත නොහැකි විය. මගේ දරුවන් සෙල්ලම් කරමින් කෑ ගසන විට මා ඉතාමත් තරහවට පත් විය. මම ඔවුන්ට දැඩි දඩුවම් පැමිණවුයෙමි. මගේ බිරිඳ ඒවාට විරුද්ධ වූ විට ඇයටද පහර දීමට පුරුදු වූයෙමි. මා එක් දිනක් රුපවාහිනි යන්ත‍්‍රය කුඩුපට්ටම් කොට සියලූ දෙනාවම නිවෙසින් පන්නා දැමුවෙමි.
මගේ දරු පවුලද මා සමගම දුක්විදිය. ඉතාම සුළු බහින් බස් වීමකදී පවා මම බිරිඳට පහරදීමට පුරුදු වූයෙමි. මා නිවසේ සිටින විට ඇය අසීරුතාවයට පත් වුනි. මා නපුරු සත්ත්වයෙකි යැයි යන හැගීමෙන් මගේ දරුවන්ද මට බියවිය. මදින් මද මට මගේ පවුල අහිමිවෙමින් පැවතින. මවිසින් කෙරෙන කායික පීඩාවන් වර්ධනය වූ පසුව මගේ බිරිඳ දරුවන්ද රැුගෙන ඇයගේ දෙමාපියන් වෙත ගියාය. මා මුලූමනින්ම තනිවූ අතර මද්්‍යසාර භාවිතයට පුරුදු වූයෙමි.
රාත‍්‍රී කාලයන් තව තවත් කරදරකාරී බවට පත්විය. ගැටුම්කාරී සිද්ධීන් මා හීනෙන් දුටු අතර වේදනාකාරී අවස්ථාවන් සිහිගැන්වින. සමහර අවස්ථාවන්හිදී වෙඩි හඩ, කාලතුවක්කු වෙඩිහඩ හා හෙලිකොප්ටර් යානාවල ශබ්දයද මට ඇසෙන්නට විය. යථාර්ථය හා මායාවන් අතර මා මැදිවිය. හමුදා නිල ඇඳුම් හා වාහන දුටු විට මා හට දැඩි පිළිකුලක් හටගත්තේය. නැවත යුදපිටියට යාම සම්බන්ධයෙන් මම දැඩි බියකට පත්වීමි. බිය යනු කුමක්ද කියාවත් නොදැන සිටි මා දැන් රතිඤ්ඤාවක හඩ වැනි ඉතා සුලූ ශබ්දයකට පවා තැති ගනිමි.

මා තව තවත් විෂාදියට පත්වූ පසු මගේ බිරිද නැවත පැමිණීමට අකමැත්ත පළ කළාය. වෙඩිතබා ගැනීමෙන් මගේ මෙම දුක්විදීම අවසන් කිරීමට මම සිතාගත්තෙමි. හමුදා කදවුරේ වරක් රාජකාරීයේ යෙදී සිටින විට මම, දිවිහානි කර ගැනීම සඳහා අවියක් ගත්තෙමි. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉදිරියට පැන මගේ ආයුධය උදුරගත්තේය. පසුව මා මගේ අණදෙන නිලධාරියා ඉදිරියට පමුණුවන ලදී. හමුදා විනය කඩකිරීමේ චෝදනාවට මට මුහුණ දෙන්නට වෙතැයි මම සිතුවෙමි. මට දඩුවම් පමුණුවනු වෙනුවට ඔවුහු මා හමුදා රෝහලට පිටත් කොට යැවූහ. එහිදී මට ප‍්‍රතිකාර කරන ලද අතර මගේ පවුලේ උදවිය සමග විවෘත සම්මුඛ සාකච්ඡුාවට සහභාගී වීමටද එම කරුණාවන්ත වෛද්‍යවරුන් සූදානම් කරන ලදී. ප‍්‍රතිකාර ලද පසුව මගේ කෝපය පාලනය කර ගැනීමට මට හැකිවිය. සිතට වදදෙන සිතුවිලි හා බියකරු සිහින දැකීම මැකීගිය අතර ක‍්‍රමයෙන් මා ඵලදායී පුද්ගලයෙකු බවට පත් විය. දැන් වසර දෙකකට වඩා කාලයක සිට මා මගේ දරුපවුල සමග ජීවත් වන අතර මා ඔවුන්ට පහරදීමෙන් වැලකුනෙමි.

සටනේ උච්ඡු අවස්ථාවකදී මට මාගේ කටහඩ නැතිව ගියේය. – ලාන්ස් කෝප‍්‍රල් U 86

මානසික හේතු නිසා ඇතිවන කතා කිරීමේ අපහසුතාව Psychogenic Aphonia හටගන්නේ ව්‍යුහාත්මක හෝ ස්නායුවලට සම්බන්ධ හේතු කාරක නිසා නොව මුලූමනින්ම කාංසාව, විෂාදය හෝ ආශ‍්‍රිත, ප‍්‍රතිකි‍්‍රයා ආදී මානසික කි‍්‍රයාවලින් හේතු කොට ගෙනය. මානසිකව හටගන්නා කටහඩ අහිමිවීයාම අවිඥානක මානසික ඝට්ටනයකින් පසුව හටගන්නා රෝගයක් බවට පරිවර්තනය වන රෝග ලක්‍ෂණයකි. ඊලාම් යුද්ධයේදී ඉන්ද්‍රියන් හා සම්බන්ධ කිසිදු සාධකයක් නොමැතිවද තම කටහඩ අහිමිවූ සෙබලූන් බොහෝ දෙනෙකු ඇත. මානසික කටහඩ අහිමිවීමකට තුඩුදුන්, දරාගත නොහැකිවූ, සටන්වලට අදාල විෂාදයට සම්බන්ධ ආතතියක් ඔවුන්ට තිබුණි.
හදුනාගත් PTSD රෝගියෙකු වන ලාන්ස් කොප්රල්U 86 යුද්ධය මැද තම කටහඩ නැතිවී ගිය ආකාරය විස්තර කළේය.

මා යුද හමුදාවට බැදුනේ 1995 දීය. යුද ගැටුම් කිහියකටම මුහුණ දුුන්නෙමි. පලෙයි කඳවුරේ සේවයට මම 2000 වසරේදී ගියෙමි.මෝටාර් වලින්LTTE පලෙයි කඳවුරට පහර දුන්නේය. මෝටාර් වෙඩි හඩින් මා බිඳවැටුනි. මගේ සිරුර තුල කඩා වැටිමක් ඇති වනු දැනින. ඉදිරියට එන මෝටාර් වලින් වැලකෙන සැම අවස්ථාවකම මට කම්පනය දැනින. අපගේ සෙබලූන් තුවාල ලද අයුරු මම දුටුවෙමි. එක් සොල්දාදුවෙක් මෝටාර් ප‍්‍රහාරයක් නිසා ජීවිතක්‍ෂයට පත්වෙන එක් සිද්ධියක් මම දුටුවෙමි. ඔහුගේ බඩවැල් එලියට ආ අතර සැමතැනකම ලේ විසිරී ගියේය. එය ඉතාම කෲර හා වේදනා සහගත මරණයක් විය. ඉදිරියට එන මෝටාර් සම්බන්ධව පරීක්‍ෂාවෙන් සිටීමට මට සිදුවිය. මෝටාරයක ‘‘සූ’’ ශබ්දය ඇසෙන සැම විටම මම ආවරණය වූයෙමි. ඊලඟ මොහොතේ සිදුවන්නේ කුමක්දැයි මම දැන සිටියෙමි. එම ශබ්දය සමග පැමිණෙන් මෝටාරය තදබල පිපිරීමක් ඇති කරයි. ඔබ පහතට නැඹුරු නොවුවහොත් ඔබට එම කැබලිවලින් අනතරු සිදු වනු ඇත. මා බෙහෙවින් ප‍්‍රවේසම් වූ නමුදු මා එතරම් වාසනාවන්ත නොවීය. වරක් මෝටර් ප‍්‍රහාරයක ප‍්‍රතිඵලයක් ලෙසින් මා සුළු තුවාල ලැබීය. එහි සුන්බුන් මගේ කලවා පසාරු කොටගෙන ගියේය. මා රෝහල්ගත කොට දින කිපයක් ප‍්‍රතිකාර ලබා දෙන ලදී.

පලෙයි අත්දැකීම මා හට ඉතාම බියකරු එකක් විය. මගේ ජිවිතය ගැන මට විශ්වසායක් නොතිබි අතර බොහෝ විට කල්ගත කලේ අවිනිශ්චිත තත්ත්වයක් මතය. කෙසේ වෙතත් දිවි රැුක ගනිමින් පලෙයිවලින් නැවත පැමිණිමට හැකි විය. පසුව මම සාපේක්‍ෂ වශයෙන් ගත් කල සුදුසු වාතාවරණයක සේවය කළෙමි. 2003 වර්ෂයේදී මා පලෙයි සිද්ධින් නැවත අත්දැකීමට පටන් ගත් අතර මා නිතරම බියකරු රාත‍්‍රි සිහින දුටුවේය.

මා මැදියම් රැුයේදී බියෙන් මොරදෙන බැවින් මගේ සහෝදර සෙබලූන් මට කැමැත්තක් නොදැක්විය. මා ගංජා පාවිච්චි කරන්නේ යැයි සමහරු සැක කළහ. එක් රැුයක මා නිදමින් සිටින විට, මා වෙතට එන මෝටාර් එකක් මම දුටුවෙමි. මා උදව් ඉල්ලා කෑ ගැසූ නමුත් කිසිදු ශබ්දයක් මගේ මුවින් පිට නොවීය. මට කතා කර ගත නොහැකි විය. එතැන් පටන් මට කතා කළ නොහැකි වූ අතර මගේ හඩ මට නැතිවිය. (ලාන්ස් කෝපරල් උසති කිහිපයක් යනතුරු අසංවේදීතාවෙන් පෙලූනු අතර ඔහුට භෞතික චිකිත්සාව ලබාදෙන ලදී. මෝහන චිකිත්සාව ද ලබාදීමෙන් අනතුරුව නැවත කටහඩ ලබාගැනීමට ඔහුට හැකි විය. ඔහුගේ PTSD තත්ත්වය බෙහෝ කලක් පැවතින. ඖෂධ ප‍්‍රතිකාර හා සංජානනමය චර්යාවන්ට අදාල ප‍්‍රතිකාර ක්‍ඊඔ පවත්නා තත්වය අවම කර ගැනිමට ඔහුට උපකාරී විය.)

මා සතුරු සීමාවන් දෙසට ඇවිදගෙන ගොස් සිටියෙමි. – සාමාන්‍ය සෙබළ NL56

‘‘මා ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටි අතර කරන්නේ කුමක්ද කියාවත් හැඟීමක් නොතිබින. මා සතුරු සීමාවන් දෙසට ඇවිද ගොස් සිටියෙමි. වාසනාවකට මෙන් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් විසින් මා බේරාගති. ඔවුන් මා සොයා ගන්නා විට යුද අවිය බිම තබා සතුරු සීමාව දෙසට යමින් සිටියෙමි. මගේ ආරක්‍ෂක ස්ථානයෙන් ඉවත්ව ගියේ කෙසේද කියා හෝ T 56 තුවක්කුව බිම දැමුවේ කෙසේද යන්න මට මතක නැත. මා කඳවුරට ගෙන යන ලදුව කර්නල්….. ඉදිරියට පමුණුවන ලදී. පසුව මගේ සේවා ස්ථානය අත්හැර දැමීම හා ආයුධය නැති කිරීම ගැන ඔවුහු මට චෝදනා කළහ. එම වරදට මට තදබල දඩුවම් දෙන ලදී.

(දරාගත නොහැකි යුදගැටුමට අදාළ ආතතිය නිසා සාමාන්‍ය සෙබළීණ මනෝ ප‍්‍රතිසංවේදී :Dissociative Fugue භාවයකට පත්ව සිටියේය. එදින සිදුවු දේ පිළිබඳව ඔහුට යලි සිහි නගා ගත නොහැකි විය. නැදුන්කර්නියේ සේවය කරන විට කාලතුවක්කු වෙඩිතැබීම් නිසා සෙබලූන් හතර දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වෙනු ඔහු දුටුවේය. ඔවුන්ගේ සිරුරු කැබලි වලට කැඞී විසිවී ගිය ආකාරය දුටු ඔහු දැඩි සේ කම්පනයට පත් විය. මෙම සිද්ධියෙන් පසුව ඔහු ක‍්‍රමයෙන් සටනට අදාළ PTSD තත්වයේ ගොදුරක් බවට පත්ව සිටියද එය තීර්ණය නොවී හා එයට ප‍්‍රතිකාර නොකර තත්ත්වයක තිබින. ඔහුට සමාජයෙන් වෙන්වි සිටීමේ ලක්ෂණ ද තිබින. කිහිප අවස්ථාවක් ඔහු ප‍්‍රතිසංවේදී තත්ත්වයක සිට අන්තිමේදී ඔහු සතුරු සීමාවන් කරා ගමන් කොට ඇත. ඔහුව බේරා ගන්නා ලද පසුව සාමාන්‍ය සෙබළ NL56 ව කොළඹ යුද හමුදා රෝහලේ මනෝචිකිත්සක ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරන ලදී. එහිදී ඔහු මනෝ චිකිත්සක පරීක්‍ෂාවන් පෙළකට හා සන්නිවේදන පරීක්‍ෂා ක‍්‍රමයක පාත‍්‍ර කරන ලදී. ඔහුට PTSD ත්ත්වය ඇති බව සොයා ගන්නා ලදී. ඔහුටShort Term Psycho dynamic Psychotherapy චිකිත්සාව ලබා දෙන ලදී. මෙම ප‍්‍රතිකාරයත් සමග ඔහුගේ මානසික තත්ත්වය දියුණු වීමට පටන් ගති)

යුද සිරකරුවන්

තවමත් මානසික කැලලි සහිතව ජිවත්වන ඊලාම් යුදයේ යුද සිරකරුවන් රාශියක් අප අතර ජීවත් වේ. 1950 දි Ferber Harlow විසින් විස්තර කනර ලද DDD Syndrome (DDD සහ ලක්‍ෂයෙන් ) ඔවුහු පීඩා විදිති.DDD සහ ලක්‍ෂ්‍යනය යනු ාැදුර්වලකම, පරාජිත බව හා සංතාපය යන්නයි. යුදසිරකරුවන් බොහෝ විට විෂාදිය, උදාසීන බව, සැකය හා බිය යන ලක්‍ෂණ පෙන්නුම් කරයි. සමහරුන්ට තද බල ලෙස අමතක වීම් සිදුවන අතර තවමත් ඔවුන්ගේ යුධ සිරකරුව සිටි කාලය පිලිබඳ වරදකාරී හැගීමකින් පසුවේ.

ලාන්ස් කෝපරල් U වසර 17 ක් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවය කලේය. ‘‘බලවේගය’’ මෙහෙයුමේදී ඔහුගේ වම් පාදයට වෙඩි වැදීම නිසා සිදුවූ තුවාලයෙන් ඔහුට ඇවිදිය නොහැකි විය. සතුරා ඉදිරියට එන විට ඔහුට ඇවිදගත නොහැකි වූයෙන් ඔහු සිරකාරයෙකු බවට පත්විය. ඔහු අල්ලාගත් පසු දැඩි ලෙස පහර දෙන ලද අතර, ඔහුව මරා දමන බවට ද තර්ජනය කරන ලදී. එහෙත්LTTE නායකයකු විසින් ඔහුට පහරදීම නතර කොට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යවන ලදි.
වෛද්‍ය ප‍්‍රතිකාර නිමාවු පසු ඔහුව දැඩි ප‍්‍රශ්න කිරීමේ කි‍්‍රයාවලියට යටත් කරන ලදී. ඔහුගේ කඳවුර හා එහි ඇතුලත නිම_ානය හා ආරක්‍ෂක ස්ථාන ගැන කරුණු දැනගනු පිණිස ඔහුව කෲර වධහිංසා වලට භාජනය කරනලදී. ඔහුගේ අත්වලට මාංචු දමා වේදනාකාරී ඉරියව්වලින් තමන ලදී. බොහෝ විට මුරකරුවන් ඔහුට කායික වධහිංසා දී ඔහුව අවමානයට ලක් කලේය. එහෙත් සමහර කොටි සාමාජිකයින් ඔහුව කරුණාවන්ත වී ආහාර ද ගෙනවිත් දුන් බව ලාන්ස් කෝප්රල් ඹ ප‍්‍රකාශ කළේය.

1991 ජුලි මස සිට 1995 මාර්තු දක්වා, කායික වධ හිංසාවන්, අවමන් කිරීම් හා අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙමින් ඔහුගේ ජීවිතය යුද සිරකරුවෙකු ලෙස ගත කළේය. ඔහුව තවත්් සිරකරුවන් 40 දෙනෙකු සමග රඳවා තබන ලදී. ඔවුන්ට එහා මෙහා වීමටවත් ඉඩ නොතිබුණි. ඔවුන්ට ස්නානය කිරීමට ඉඩ ලැබුනේ සති දෙකකට එක් වරක් පමණි. සමහරවිට ඊටත් වඩා දිගු කළක් හිදීමට සිදුවිය. බොහෝ දෙනෙකු සමේ රෝගවලින් පෙලූනි. ඔහුගේ ආහාර දෛනිකව ලබා නොදෙන ලදී. මෙම දැරිය නොහැකි තත්ත්වයන්ගේන පසුව සිරකරුවන් විසින් උපවාසයක් අරඹන ලද අතර අන්තිමේදී ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මැදිහත්වීමෙන් 1995 මාර්තු මස නිදහස් කරන ලදී.

ලාන්ස් කෝප්රල් U නිදහස් මිනිසෙකු බවට පත්වුවද ඔහු විස්තර කළ නොහැකි බියකින් නිතරම පෙලූනි. ඔහුගේ යුද සිරකරු කාලය පිලිබඳ මතකයන් දැඩිසේ ඔහු පෙලීය. සමහර රාත‍්‍රී කාලවලදී තමන් තවමත් LTTE හිර කුටියක සිටීය යන හැඟීමෙන් යුතුව ඔහු බියෙන් අවදි විය. ඔහු විෂාදියට පත්වූ අතර වරදකාරී හැඟීම් වලින් ඔහු වටවිය. රාති‍්‍ර බියකරු සිහින දැකීම වලකනු පිණිස ඔහු මත්පැන් පානයට පුරුදු විය. මත්පැන් පානය වැඩිවත්ම ඔහු තව තවත් කළ කිරීමට පත් විය. ඔහු නිතරම බිරිදට කායික වදහිංසා දුන්නේය. ඔහුගේ කම්පනකාරී අත්දැකීම් වලට සම්බන්ධ සියලූම දෙයින් ඉවත්වීමට ඔහු පටන් ගත්තේය.

වටපිටාව ගැන ඔහු සැක පහල කලේය. විශ්වාසය තැබීමේ හැකියාව ඔහුට නැති වූ අතර මිත‍්‍රශීලීවීමටද නොහැකි විය. භාවමය නිර්වින්දනීය බවින් ඔහුට බලපෑම් ඇති විය. ඔහුට අතීතාවර්ජනයක් ඇති වූ අතර සමහර අවස්ථාවලදී යථාර්ථය හා මයාව වෙන් කොට හදුනාගත නොහැකි විය. ඔහුගේ කායික ශක්තිය දුව_ල වන්නට පටන් ගත් අතර, ඉතාම සුළු වෙහෙසීමකදී පවා සිරුරේ තදබල වේදනාවක් හටගත්තේය. 2003 වසරේදී ඔහුට PTSD තත්ත්වය ඇති බවට තීර්ණය කරන ලදී.

පුනරින් කඳවුරේ අරක්කැමියා

N 56 නම් සිවිල් වැසියා පුනරින් කඳවුරේ අරක්කැමියෙකු ලෙස සේවය කළේය. 1993 දී LTTE ය කඳවුරට පහර දුන් අවස්ථාවේදී බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශ විය. සතුරාගෙන් ගැලවීම සඳහා ඔහු ගොඩනැගිලි සංකීර්ණයේ සඟවී සිටි අතර පසුව LTTE සාමාජිකයින්ගේ ග‍්‍රහණයට හසු විය. ඔහුට පහරදෙන ලද අතර එතැනදීම මරාදමන බවටද තර්ජනය කරන ලදී. වෙස් මාරුකරගෙන සිටින නිලධාරීයෙකු ලෙසින් ඔහුව වරදවා හඳුනාගන්නා ලදී. ඔහුට විවිධ අන්දමේ දැඩි කායික හා මානසික වදහිංසා පමුණුවන ලදී. අන්තිමේදී රතුකුරුස සංවිධානයේ මැදිහත්වීමෙන් ඔහුගේ නිවැරදි අනන්‍යතාවය ඔප්පු කරන ලදී.

වසර නවයකට ආසන්න කාලයක් තුල ඔහු LTTE යටතේ සිරකරුවෙකු ලෙස කල් ගෙවීය. ඔහු නිතරම තම නිවෙස ගැන සිතමින් දුක්වූ අතර තම නිදහස පතා යාඥා කළේය. තම අනාගතය කුමක් වේදැයි නොදැන ඔහු බොහෝ කලක් අසීරුතාවයකින් යුතුව කල්ගත කළේය. ගුවන් හමුදාව මගින්LTTE කඳවුරු වලට පහරදුන් විට LTTE සාමාජිකයින් සිරකරුවන්ට දැඩිසේ හිරිහැර කිිරීමට පුරුදු වී සිටියහ. ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ යුද සිරකරුවෙකු වූ කපිතාන් බෝයගොඩ මුනගැසුනු පසුව ඔහුගේ තත්ත්වය කැපී පෙනෙන අන්දමින් වෙනසකට භාජනය විය. 1994 වසරේදී මුහුදු කොටීන් විසින් ඔහුගේ නැව වු ‘‘සාග​රවර්ධන’’ නෞකාවට පහරදුන් අවස්ථවේදී කපිතාන් අජිත් බෝයගොඩ යුද සිරකරුවෙකු බවට පත් විය. පැවති අසීරු තත්ත්වයන්ට මුහුණ දීම සඳහා කපිතාන් බෝයගොඩ ඔහුට ශක්තිය හා ධෛර්ය ලබා දුන්නේය. වෙනත් යුද සිරකරුවන්ද සමග ඔහු ඔහුගේ නිදහස්වීම ගැන සාකච්ඡුා කරමින්ද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව හරහා නිවෙසට ලිපි ලියමින්ද කාලය ගත කළේය.

2002 වසරේ සැප්තැම්බර් මස 30 වන දින ඔහුව නිදහස් කරන ලදී. නිදහස්වීමෙන් පසුව ආතතියට අදාල කායික රෝග ලක්‍ෂණ වන හිසේ රුදාව, පිටෙහි කැක්කුම වැනි වේදනානාශක වලින් සුව කළ නොහැකි ආබාධ වලින් ඔහු පෙලෙන්නට විය. ඔහුට නිදාගත නොහැකි විය. රාත‍්‍රි කාලයේදී ඔහු අවදිව අතීතය ගැන සිතන්නට පටන් ගති. ඔහුට නිතරම දොම්නස් සහගත සිතිවිලි පහල වූ අතර චිත්ත වේගයන් නොදැනීම පිළිබඳව කරදරයට පත් විය. තමන් නිදහස් පුද්ගලයෙකු බවට පත්වීමේ නිදහස පිලිබද සතුට ඔහුට නොදැනුනි. ඔහුගේ හැඟීම් මියගොස් තිබුනි. ජීවත්වීමට තිබි කැමැත්ත නැතිවෙමින් පැවතින. කිහිප වතාවක් ඔහු සියදිවි හානිකර ගැනීම තැත් කලේය.

මානසික චිකිත්සාවට ඔහුව යොමු කරන ලද අතර කිරන ලද පරීක්‍ෂණයකින් ඔහු තුල බොහෝ දේහිික රෝග ලක්‍ෂණ දක්නට ලැබින. කම්පනකාරී රෝග ලක්‍ෂණ තිබුනද මානසික හා ඖෂධිය ප‍්‍රතිකාර වලට ඔහු ප‍්‍රතිචාර දැක්වීය. ක‍්‍රමක‍්‍රමයෙන් දොම්නස්සහගත හැඟීම් චිත්තරූප බලෙන් ඇතුල්වීම හා මනෝදේහික ආබාධ වලින් මිදෙන්නට ඔහුට හැකිවිය. බොහෝ මනෝසමාජීය සහනයක් ලැබීමට තරම් ඔහු වාසනාව්ත විය. සෙලින්කෝ සමුහ ව්‍යාපාරයෙන් ඔහුට නිවසක්ද ලැබින. මේ වන විට ඔහු බොහෝ දුරට රෝග ලක්‍ෂණ වලින් මිදුනු ඵලදායී දිවියක් ගෙවන පුද්ගලයෙකු බවට පත්ව ඇත.

අර්ධ වශයෙන් PTSD තත්ත්වය ​ඇති සෙබලූන්.

Kulka ට අනුවPartial PTSD තත්වය යනු කැපි පෙනෙන දුබලතා හා සම්බන්ධවූ රෝග ලක්‍ෂණ සමූහයක උපනිර්නය කළහැකි තත්ත්වයකි. ඔවුන් හට යලි අත්දැකීමේ සැහෙන ලක්‍ෂණද එතරම් සැලකිය යුතු නැති මගහැරීමේ ලක්‍ෂණ සහිත පීඩෝන්මාදය සහ හිරිවැටීමේ ස්වභාවය සහ : මද්්‍යසාර භාවිතය හෝ පරාධින යයි යන හැඟීම ද ඇතිවිය හැකිය.

කෝප‍්‍රල් TH3 හමුදා මෙහෙයුම් කිහිපයක යෙදුනු විශේෂ කාර්ය බලකායේ සාමාජිකයෙකි. ඔහු බොහෝ විට කි‍්‍රයා කලේ දිගු දුර විහිදුම් බලකා මුර සංචාරවලය. මානසිකව බලපෑ සතුරු අවස්ථාවන් කිහිපයකටම මුහුණ දීමට කෝප‍්‍රල් ඔං3 ට සිදුවිය. එක් අවස්ථාවකදී ඔවුන් සතුරු ප‍්‍රදේශ තුලට ගැඹුරින්ම කාවැදුනේය. ඔහු සිටියේ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ වූ අතර ශබ්ද නොනගාම ඔවුහු මෙහෙයුම දියත් කළහ. ඔහුට හදිසියේමLTTE කාන්තා සෙබලියන් දෙදෙනෙකු මුහුණට මුහුණ හමුවිය. එහෙත් ඔවුන්ගෙන් කිසිවකු වෙඩි නොතැබිය. කෝපරල් TH3 සිටියේ උභතෝකෝටිකවය. ඔහු එම කාන්තා LTTE සාමාජිකයින් දෙදෙනාට වෙඩි තැබුවේ නම් ඔහුගේ කණ්ඩායම බරපතල අනතුරකට පත්වෙනු ඇත. විශ්වාස කළ නොහැකි අන්දමට එම කාන්තාවන් දෙදෙනා කැලයට පලා ගියහ. ඔහු මද වේලාවක් යනතුරු ව්‍යාකූල හා සිහි ඵලවාගත නොහැකි තත්ත්වයට පත්විය. පසුව ඔහු නිරුපද්‍රිතව නැවත පැමිණියේය.

වසර ගණනාවත් යනතෙක්ම මෙම සිද්ධිය ඔහුගේ සිතෙහි හොල්මන් කරන්නට විය. ඔවුන් තමාට වෙඩි නොතැබුවේ මන්දැයි ඔහු නිතරම කල්පනා කළේය. මෙම බලෙන් ඇතුලූවන සිතුවිලිද සමග ඔහුට උතුරේ සිදුවූ ගැටුම් ආශ‍්‍රිත සිද්ධි යලි යලිත් ආවර්ජනය වන්නට විය. කුමන හෝ උස්හඩකට ඔහු තැතිගැන්වෙනසුළු ප‍්‍රතිචාර දැක්වූ අතර නිරන්තරයෙන්ම දැඩි පරීක්‍ෂාවකින් යුක්තවීමට පටන් ගත්තේය. පශ්චාත් කම්පන ලක්‍ෂණ තිබුණද ඔහු සටන්කාමී අවස්ථාවන් වලින් නොවැලකින. එබැවින් කෝපරල් TH3 අර්ධ වශයෙන් PTSD තත්ත්වයෙන් පෙලූනු බවට ඔප්පු කළ හැකි ප‍්‍රමාණවත් සාක්‍ෂි තිබින.

ලාන්ස් කෝපරල් KL4

අර්ධ වශයෙන් PTSD තත්ත්වය තිබි බවට රෝග විනිශ්චය කරන ලද ලාන්ස් කෝපරල් ්ං4ඔහුගේ අත්දැකීම් විස්තර කලේ පහත දැක්වෙන අන්දමිනි.

‘‘1992 දී මා කයිටීස් දූපතට යවන ලදී. මගේම සොයුරා එකම ඒකකයේ මා සමග සේවය කල බැවින් මා ඒ සම්බන්ධව සිටියේ සතුටින් නොවේ. එබැවින් මා ස්ථාන මාරුවක් ඉල්ලූවිට මන්නාරමේ, කජුවත්ත ප‍්‍රදේශයට යවන ලදී. මා කජුවත්ත කඳවුරේ සේවය කරමින් සිටින විට, කීරමලේ මෙහෙයුමේදී මගේ සොහොයුරා ජීවිතක්‍ෂයට පත්වූ බවට පණිවුඩයක් ලැබින. සොයුරන්ගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහා මට නිවාඩු ලබාදුන්නද මා නිවෙසට යන විට එම කටයුතු හමාර වී තිබින. එහෙක් අවසන් කටයුතු වලින් පසුව තිබී ආගමික කටයුතු වලට සහභාගි වුයෙමි.

මගේ නිවාඩු අවසන් වූ පසුව මට නැවත කදවුරට වාර්තා කිරීමට තිබුණි. මගේ සොයුරාගේ මරණය නිසා මව ශෝකයෙන් හා කම්පාවෙන් ඇලලී ගොස් සිටියාය. ඇයගෙන් සමුගැනීමට ගියවිට ඇය සමග රැුඳෙන ලෙස මව ඉල්ලා සිටියාය. එහෙත් රාජකාරියට වාර්තා කළ යුතුවූ බැවින් මම ආපසු පැමිණියෙමි. මා කඳවුරට එන අතරමගදී පුත්තලමට ලඟා වන විට නැවත මා වහාම නිවෙස බලා යා යුතු බවට පණිවුඩයක් ලැබින. යම්කිසි අශුභ දෙයක් සිදුවී ඇති බව මට දැනුනි. මා නිවසට ගියවිට මට දක්නට ලැබුනේ තවත් ව්‍යසනයකි. මගේ මව සියදිවි හානිකරගෙන තිබිනි. මා අතිදරුණු කඩාවැටීමකට ලක්විය. මගේ සොහොයුරා ද දැන් මගේ මවද මට අහිමිව ගොසිනි. මෙවර මවගේ අවමංගල්‍ය උත්සවයෙන් පසුව මා නැවත රාජකාරීයට වාර්තා නොකොට නිවාඩු නොලබා සිටින සෙබලෙකු බවට පත්වීමි. මාස කිහිපයකට පසුව නැවත රාජකාරියට වාර්තා කිරිමට තීරණය කළෙමි. මෙවර පුනරින්හී මුදවා ගැනීමේ මෙහෙයුමකට

මා අනුයුක්ත කරන ලදී. මෙම මෙහෙයුමේදී මට මෝටාර් ප‍්‍රහාරයක් වැදුනු අතර මා රොහල්ගත කරන ලදී.

‘‘මා රෝහලෙන් පැමිණි පසුව ‘‘රිවිරැුස’’ මෙහෙයුමට සම්බන්ධ වූයෙමි. දැඩි එදිරිවාදිකම් මධ්‍යයේ අපි කිලිනොච්චිය දක්වා ගමන් කළෙමු. සගයින් මගේ නෙත් ඉදිරිපිට මිය ගියේය. කිලිනොච්චියේදී සතුරන් අපට මෝටාර් එල්ල කලේය. මට තුවාල සිදුවු අතර ලේ ගලමින් සිටියෙමි. කිසිවෙකු මගේ උදව්වට නොපැමිණි අතර මම ඉතාමත් බියවීමි, පසුව එක් සාජන්ට්වරයෙකු මා පසුකර යනු දැක මට උදව් කරන මෙන් ඉල්ලා සිටියෙමි. එහෙක් ඔහු යම්තම් මා දෙස බලමින් එතැනින් නික්ම ගියේය. කිසිවක් කරකියා ගත නොහැකිව වේදනාවෙන් සිටියෙමි. මගේ මුලූ වෙර යොදා අලිමංකඩ දෙසට යන්නට පටන් ගත්තෙමි. අතරමගදී සෙබලූන් කණ්ඩායමක් මට උපකාර කලේය. ඔවුහු මා කැබ් රථයක පටවාගෙන ලඟම ඇති වෛද්‍යධාර මධ්‍යස්ථානයට කැඳවාගෙන ගියහ. එහිදී මට සිහසුන්වූ අතර, මා ඇස් හරින විට සිටියේ අනුරාධපුර රෝහලේය.
‘‘මම සති කිිහිපයක්ම අනුරාධපුර රෝහලේදී ප‍්‍රතිකාර කරන ලද අතර ඉන්පසුව රෝහලෙන් පිටත් කර හරින ලදී. වික්ක්‍ෂිත සහගත පසුගිය සිද්ධීන් මා අත්දකින බව මට හැඟී ගිය අතර එම මතකයන් මට කරදර සහිත විය. හදිසි ශබ්ද මට ඉවසාදරාගත නොහැකි විය. මෑත අතීතයේදී මා අත්දුටු කම්පන සහගත සිද්ධීන් වලින් මගේ සිත පිරී ගියේය. සමහර රාත‍්‍රි වල මට නින්ද නොගිය අතර මට දැඩි හිසරදයක් තිබිනි. කායික හා චිත්තවේගී වේදනාවලින් පෙලූනු විට මා ඉතාම අවිවේකී බවට පත්විය. මා යුද්ධයට බිය නොවීය. සෙබලෙකු වශයෙන් මට ඕනෑම වේලාවක යුද පෙරමුණට ගිය හැක. යුද්ධය නිසා මම තවදුරටත් බිය නොවෙමි.

මගේ අධිකාරි ලත් නිලධාරියාට මගේ නෙත් ඉදිරියේම වෙඩි වැදුනි. සමාන්‍ය සෙබළ BK6

යුද්ධයේ ආනතියෙන් කඩාවැටී සිටි සමාන්‍ය සෙබළ BK6 ඔහුගේ අතීත අත්දැකීම් විස්තර කළේ පහත දැක්නෙ අන්දමටය.

1995 වසරේ මල්ලාකම්වලදී LTTE ය මෝටාර් වලින් අපට පහරදුන්නේය. මම මගේ අධිකාරි ලත් නිලධාරියා අසලම සිටියෙමි. මගේ T56 න් මා සතුරාට වෙඩි තැබූ අතර දෙදෙනෙකු ඉන් ජිවිතක්‍ෂයට පත් විය. එවිට අප අසලම මෝටාර් එකක් පිපිරීය. මගේ අණදෙන නිලධාරියාට වෙඩි වැදී විශාල ලෙස ලේ ගලනු මම දුටුවෙමි. ඔහුගේ නිල ඇඳුම ලෙයින් තෙත්වී තිබුනි. මම අපගේ සහෝදර නිලධාරින්ගෙන් පිහිට අපේක්‍ෂා කලෙමි. මා දකුණු දෙස බලන විට කිසිවකු දුටුවේ නැත. මම උදව් ඉල්ලා කෑ ගැසුවෙමි. එවිට තවත් මෝටාර් එකක් පුපුරා ගියේය. මටද තුවාල සිදුවිය. මගේ වම් කණින් ලේ ගලමින් තිබින. මගේ අධිකාරිලත් නිලධාරියාට උදව්කිරීමට මට ශක්තියක් නොමැතිවිය. ඔහු බිම වැතිරී සිටින විට මම පසුපසට බඩගා ගියෙමි. සතුරු බිමක එම නිලධාරියාව තනිකර දමා යාම පිළිබඳව මගේ සිතේ තදබල වරදකාරී හැඟීමක් හටගත්තේය. එහෙත් මට වෙනත් විකල්පයක් නොවීය. මා බඩගාමින් යනවිට මට අපේ සෙබලූන්ගෙන් කිහිපදෙනෙකු හමු විය. එවිට මා ඔවුන්ට කෑ ගසා අපේ අධිකාරිය ලත් නිලධාරියාට අනතුරු සිදුවි ඇති බවත් ඔහුව රැුගෙන එන ලෙසත් කීවෙමි.

එවිට ඔවුහු ඔහු බේරා ගැනීමට ගියහ. මම තවදුරටත් ඉදිරියට ගියෙමි. මට තවදුරටත් බඩගාගෙන යා නොහැකි විය. මගේ ශක්තිය නැති විය. කාලතුවක්කු වෙඩි හඩ පුපුරන හා ඉදිරියට එන මෝටාර් වෙඩි පහරවල හඩ මට ඇසින. මගේ නෙත් අදුරු පටලයකින් වැසී තිබින. මට සිහසුන් නැතිවිය. මා දෙනෙත් හරින විට මා සිටියේ පලාලි රෝහලේය.

රෝහලේදී මාස එක හමාරක පමණ කාලයක් මට ප‍්‍රතිකාර කරන ලදී. රෝහලෙන් ඉවත් වූ පසුව මම මගේ ඛණ්ඩයට ගියෙමි. ටිකෙන් ටික මගේ පෞරුෂත්වය වෙනස් වන බව මට දැනින. මා බිය නැති සෙබලෙකුව සිටියෙමි. එහෙත් මල්ලාකම් සිද්ධින් මගේ ජීවිතය වෙනස් කළේය. දිවා රාත්‍රී මෙම සිදුවීම් වලින් මගේ මනස පිරී පැවතුනි. වෙඩි ශබ්ද, ක​ළු දුම, ඉදිරියට එන මෝටාර්, සතුරන්ගේ ප‍්‍රතිරූප හා තුවාලද අධිකාරි ලත් නිලධාරියා ද පිලිබද පැහැදිලි චිත්ත රුප ආදිය මගේ මනස තුල රැුදී පැවතුනි. මා වඩාත් පරීක්‍ෂාකාරී වීමි. මට රාත‍්‍රියේ නිදාගත නොහැකි විය. ඉතාම සුලූ ශබ්දයකට පවා මා අවදි විය. මෙම ශබ්දවලින් මට බිය ඇති විය. ඉතාම සුලූ ශබ්දයකට පවා මට බාධා ඇති වූ විට මගේ පපුවේ දැවෙන ස්වභාවයක් හටගත්තේය.

මල්ලාකම්වලදී සිදුවූ සිද්ධීන් බොහෝ රාත‍්‍රිවලදී මම සිහිනෙන් දුටුවෙමි. මැදියම් රැුයේදී බියෙන් හා දහදිය දමමින් නින්දෙන් අවදිවීමට මට සිදුවිය. ක‍්‍රම ක‍්‍රමයෙන් මා කළකිරීමට පත් වූ අතර මගේ ජීවිතය අපතේ ගිය සෙයක් දැනී ගියේය. මට සියදිවි නසා ගැනීමට අවශ්‍ය විය. එක් දිනක් මා බන්කරය තුල තනිවම සිටින විට, මම අත් ග්‍රෙනේඩයක ඇණය ගැලවිමට තැත් කළෙමි. මට මගේ බිරිදගේ දෙනෙත් මැවී පෙනුනි. මම ග්‍රෙනේඩය පසෙකින් තැබුවෙමි. මගේ ලෝකය උඩුයටිකුරු වී තිබින. මෙහෙයුම් පවත්නා ප‍්‍රදේශවල සිටීමට මම අකමැති වූයෙමි. හමුදා නිළ ඇදුම් හා වාහන දකින විට මා අසීරු තතත්වයකට පත්විය. මෙහෙයුම් වලට සහභාගී වීමට මම අකමැති වීමි. එහෙත් මට වෙනත් විකල්පයක් නොවීය. මගේ රාජකාරී ඉටු කිරීමට මම බැදී සිටියෙමි. මගේ බිය හා මගහැරිම පිළිබඳ ආශාව රහසේ මැඩපවත්වා ගනිමින් මගේ සේනාංකය සමග ගියෙමි. මගේ රෝගලක්‍ෂණ එන්න එන්නම බරපතල විය. මා පිපිරිමට තරම් ආසන්න විය.

අන්තිමේදී මගේ බිය පිළිබඳව මගේ ඛණ්ඩයේ නායකයින්ට පැවසීමි. ඔහු දිගු වේලාවක් මට සවන්දී මට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය බව පැවසීය. මම හමුදා රෝහල වෙත ගියෙමි. මා මනෝචිකිත්සක ඒකකයට යොමු කරන ලදුව මාස තුනක පමණ කාලයක් ප‍්‍රතිකාර කරන ලදී. මට ඖෂධීය ප‍්‍රතිකාර හා මනෝචිකත්සක ප‍්‍රතිකාර ලබා දෙන ලදී. මගේ රෝග ලක්‍ෂණ ටිකෙන් ටික අඩුවිය. මට ඉමහත් පහසුවක් දැනින. මේ වන විට මම සැහැල්ලූ රාජකාරිවල යෙදෙමින් සිටිමි. එහෙත් මල්ලාකම් සිද්ධීන් වලින් මා මුලූමනින්ම නිදහස් වී නැත. ඉඳහිට මගේ නිලධාරියාගේ වේදනාභරිත මුහුණ මට මැවී පෙනේ.

තරුණ ජීවිතයක් වෙනස්කල ජොනී බට්ටා:

සාමාන්‍ය සෙබල CN26 උතුරේදී පුද්ගල නාශක බිම් බෝම්බයක ගොදුරක් බවට පත්ව දනිස්සෙන් පහල පාදය :(BK Amputation) කපාදැමීමක් සිදු කරන ලදී. ඔහුගේ පාදය වළලූකරෙන් වෙන්වී ගිය විට ඔහු දැඩි කම්පනයට පත්ව බොහෝ කල් එම සිද්ධිය පිළිබඳ ආවර්ජනය කරමින් සිටියේය. ඔහු මෙම අනතුරට පත්වූ පසුව ඔහුගේ ජිවිතය කඩා වැටුනි. CN26 නම් මෙම සෙබළා සමග විවාහ වීමට සිටි තරුණියද ඔහුව අතහැරියාය. කෘත‍්‍රිම පාදයක් සමඟ ඔහුට ජීවිතයට හැඩගැසීමට නොහැකි විය. ඔහු වඩ වඩාත් හුදෙකලා වූ අතර, මිනිසුන් ආශ‍්‍රය කිරීමට නවතා දැමීය. ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා විය.

පුනරුත්ථාපන චිකිත්සාව ඔහුට නිර්දේශ කරන ලද නමුදු සාමාන්‍ය සෙබළ්‍යංCN 26 ඊට කි‍්‍රයාකාරීව සහභාගි නොවීය. වතාවක් ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදි පිහිනුම් තටාකයට පැනීම සඳහා අසාර්ථක උත්සාහයක් ගත්තේය. මෙම සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්නයෙන් පසුව, ඔහුව මනෝචිකිත්සක ප‍්‍රතිකාර වලට යොමු කරන ලද අතර ඔහුට PTSD තත්ත්වය ඇති බව තීරණය කරන ලදි.

සෙබල CN26 ගේ චිකිත්සක කාර්ය සටහනේ ඖෂධීය ප‍්‍රතිකාර මෙන්ම උපදේශනයද තිබින. සති හයක ප‍්‍රතාකාර වලින් පසුව, ඔහුගේ දිවි නසා ගැනීමේ අදහස වෙනස් වී ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිගැනීමට ක‍්‍රමයෙන් පුරුදු විය. ඔහු තවදුරටත් මනෝචිකිත්සාවට භාජනය කල අතර මනෝචිකිත්සකවරයාගේ පරීක්‍ෂාව යටතේ පුනරුත්ථාපන වැඩසටහනකට භාජනය වීමට කැමැත්ත පල කළේය. ඔහු අත්කම්වලට අදාල වෘත්තියක් එනම් පාවහන් සෑදීමේ වෘත්තිය තෝරා ගත් අතර සාර්ථක ලෙස එය නිම කළේය. වසර දෙකකට පසුව කල පසුවිපරමකදි, සාමාන්‍ය සෙබළ්‍යං CN26 PTSD සංකුලතාවලින් නිදහස්ව ඇති බව සොයාගන්නා ලදී.

අලිමංකඩ පසුබැසිම මගේ සංවේදීම අත්දැකිම විය.

අසර්ථක නායකත්වය හා අකාර්යක්‍ෂම ක‍්‍රමෝපාය සැලැස්ම නිසා වසර 2000 දි සිදුවූ අලිමංකඩ පසුබැසිම හේතු කොට ගෙන ජිවිත රැුසක් විනාශ විය. අලිමංකඩ කඳවුරෙන් පසුබැසිම උපායශිලි වුවද එය සිදු කරන ලද්දේ උණුසුම් දහවල් කාලයකය. බොහෝ සෙබලූන් විජලනය හා දැඩි උෂ්ණය නිසා හටගත් ආඝාතයෙන් මරණයට පත් විය. අලිමංකඩ පරාජයේදී හමුදා සෙබලූන් 359 දෙනෙකු මිය ගියේය. 349 ක් අතුරුදන්ව ඇති බවට සටහන් විය. 2500 ක් පමණ සංඛ්‍යාවක් අනතුරට භාජනය විය. 2000 වසරේ අපේ‍්‍රල් 21 සිට 2000 අපේ‍්‍රල් මස 22 දක්වා සිදුවු සිදුවීම් කෝපරල් NB7 පහත දැක්වෙන් අන්දමට විස්තර කළේය.

2000 අපේ‍්‍රල් මස 21 වන දින මා සිටියේ අලිමංකඩ කඳවුරේ ඉදිරි ආරක්‍ෂක පෙරමුණේය. කොයි මොහොතකදි හෝ එම ස්ථානයෙන් ඉවත්වීමේ ආඥාව ලැබෙනු ඇතැයි අපට දැනුම් දෙන ලදී. පසුදින උදේ 10.30 ට පමණ සතුරා බර අවිවලින් කඳවුරට පහර දුන්නේය. සතුරා පහරදෙන විට අපගේ සෙබලූන් කිලාලි කලපුව දෙසට පසු බැස්සහ. එහිදී අපට නිර්භීත නිලධාරියෙකු වූ බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු මුණගැසුනු අතර ඔහු අප කණ්ඩායම ප‍්‍රතිසංවිධානය කොට, පහරදීමක් දියත් කොට ආරක්‍ෂාකාරී පසුබැසීමට යාමට උත්සාහ කලේය. අප සතුරාට පහරදී පලෙයි බලා ගියෙමු. ඛඔඔෑය අපට මෝටාර් වලින් පහර දුන් අතර, ඔවුන්ගේ ස්නයිපර්වරු අපගේ නිලධාරින් හා සංඥා බලකායේ සෙබලූන් වෙත ඉලක්ක ගත්හ. බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු වෙඩි පහරකින් අනතුරු ලැබීය. එය ආපදා සම්පන්න මොහොතක් විය. බි‍්‍රගේඩියර් පර්සි අපට අත්නොහැර ගිය නිර්භීත නිලධාරියෙකු විය. සමහර බියගුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඔහුගේ ජීවිත බේරාගෙන අප සතුරාට ගොදුරු වීමට ඉඩ තබා පලා ගියහ. එහෙත් බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු අප සමගම හිඳ අවසානය දක්වාම අපට නායකත්වය ලබාදුනි. ඔහු බිම ඇදවැටුනු පසුව අප විනාශයට නියමවුනු බව මම දැනගත්තෙමි.
අප ඉතා වෙහෙසට හා දැඩි විඩාවට පත්ව සිටියේය. අපගේ බොහෝ සෙබලූන්ට දෙපයින් ගමන් කළ නොහැකි විය. දැඩි හිරුරශ්මිය හා වියලි සුලඟ අපගේ ශක්තිය උරා ගත්තේය. මට දැඩි පිපාසයක් දැනුනද මගේ වතුර බෝතලය හිස්ව තිබුනි. අප අතරෙන් බොහෝ දෙනෙකුට ප‍්‍රමාණවත් ජලය නොතිබුනි. අප උණුසුම වැල්ලේ පණනැතිවූ මළමිනී මෙන් අපි ඇවිද ගියෙමු. සමහරු කලපුවේ ලූණුදිය පාලනය කළහ. තමන්ගේ මනස අවුල්වත්ම සමහරු ගී ගැයීමට පටන් ගත්හ. සමහරුන් දැඩි විඩාවෙන්ම බිම ඇද වැටි නැවත කිසිදා නොනැගිට්ටේය.

අප ඉදිරියට යත්ම සතුරා මෝටාර් වලින් අපට පහර දුන්නේය. බොහෝ සෙබලූන් වතුර හිඟකමින් මිය යමින්, සතුරාගේ පහරදීම් වලට මුහුණදෙමින් සිටියේය. සතුරන්ගේ වෙඩි තැබීම වැලැක්වීමට අපට ඉක්මනින් ඇවිදයාමට සිදුවිය. එහෙත් අපට ආවරණයක් නොවීය. මගේ දෑස් ඉදිරිපිට සමහරු ක්ලාන්තව වැටුනාහ. ඔවුන් කිසිදිනෙක නැවත නොපැමිණෙන බැව් මම දැන ගතිමි. එක් සෙබලෙක් සිහි විකල් තත්ත්වයට පත්විය. ඔහු ගී ගයමින් නටමින් තේ කෝප්පයක් ඉල්ලා සිටියේය. තුවාල ලත් සෙබලූන් ඔවුන් ඔසවාගෙන යන ලෙස අපට කිය. එහෙත් අප සියලූදෙනාම දැඩි වෙහෙසකට පත්ව තවත් සෙබල සගයෙකු ඔසවාගෙන යාමට තරම් ශක්තිමත් නොවීය. අප තනි තනිවම එකම මිනිසෙකු තමාම වෙනුවෙන් කි‍්‍රයා කළ යුතු විය. එය මගේ ජිවිතයේ අවසන් දිනය වනතෙක් අමතක කල නොහැකි ආත්මාර්ථකාමී මොහොතක් විය.

මගේ ශක්තිය හීනවෙමින් පැවතින. මට මගේ ආයුධ කට්ටලය රැුගෙන යා නොහැකි විය. මට අයිති දෑ ඉවතට විසි කිරීමට මට සිදුවිය. අවසානයේදී දිගු කාලයක් මගේ ගැලවුම්කාරයාව සිටි මගේ ආයුධය විසි කිරීමට මට සිදුවිය. අනෙකුත් සෙබලූන් සමග මම දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියෙමි. මට අවශ්‍ය වූයේ වතුර පමණි. මගේ හිස කැරකෙන්නට වූ අතර මා බිම ඇද වැටුනි. මම උණුසුම් හිරු දුටුවෙමි. අහසේ වලාකුලකින් තොර විය. සෙබලූන් කිහිප දෙනෙකු මා පසුකර ගියද කිසිවෙකු මට උපකාර නොකළේය. මා එහි සිටියහොත් වැඩි වේලාවක් නොගොස් මියැදෙන බව මම දැන සිටියෙමි. මා නැවතත් ශක්තිය ගෙන සතුරු ප‍්‍රහාර වලින් වැලකෙමින් බඩගාගෙන යන්නට පටන් ගති. බියගත් සෙබලූන් මා පාගා දමමින් පලෙයි දෙසට දුවන්නට පටන් ගත්තේය. අතරමගදී මම මළසිරුරු කිහිපයක්ම දුටුවෙමි.

එක් සෙබලෙකු මගේ බූට් සපත්තු දෙක අල්ලා ගත්තේය. ඔහු තුවාල ලැබ ලේ ගලමින් සිටියේය. ඔහු මට ආයාචනා කළ අතර ඔහුගේ එම වචන දැනුදු මගේ දෙසවනේ රැුව්දේ. තමා මිය යන බැවින් ඔබ මා ඔසවාගෙන යා යුතු නැතැයි ඔහු කීය. පසුව ඔහු ඔහුගේ නම හා ලිපිනය මට දී ඔහු මියගිය බව දෙමව්පියන්ට පවසන ලෙස දැක්විය. මේ සිද්ධිය මට තවමත් අමතක කළ නොහැකිය. ඔහු කවුරුන්දැයි මා නොදැන සිටි අතර පලෙයි වලට එනවිට මට සිහසුන්ව Heat Stroke සැදී තිබුනි.ඔහුගේ නම හා ලිපිනය මට අමතකය. මේ වනතෙක් ම ඔහුගේ පණිවුඩය ඔහුගේ නෑදෑයිනට දීමට මට නොහැකි විය. එහෙත් දැඩි බලාපොරොත්තු රහිත වූ ඔහුගේ මුහුණ මට තාමත් මතකය.

2005 සටන්විරාමයේදී උග‍්‍ර (Acute) PTSD ලක්‍ෂණ පෙන්නුම් කළ සෙබලා.

2005 සැප්තැම්බර් මාසේයදී සංඥා බලකායේ PM54 සෙබලා යාපනේදී ක්ලේමෝ බෝම්බ පිපිරීමකට හසුවිය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ වම්අතට සුලූ තුවාල සිදුවිය. එහෙත් තවත් සෙබලූන් 13 දෙනෙකු මෙම සිද්ධියෙන් මිය ගියේය. PM54සංඥාකරු සාමාන්‍ය සෙබලූන් දෙදෙනෙකුගේ හා සාජන්ට්වරයෙකුගේ වේදනාකාරී මරණයන් දුටුවේය. මෙම සිද්ධින් හේතු කොට ගෙන ඡුං 54සෙබලා මානසික සමතුලිතතාව වෙනස් වු අතර ඔහු උග‍්‍ර PTSD වලින් පෙලෙන බවට තීර්ණය කරන ලදී. ඔහුගේ මානසිකත්වය විශාල වෙනසකට බදුන් කළ එම සිද්ධිය ඔහු විස්තර කරන්නේ මෙසේය.

එය සැබැවින්ම ඉතාම අප‍්‍රසන්නජනක සිද්ධියක් විය. අපි ට‍්‍රක් රථයකින් යාපනේ නගරය වෙන ගියෙමු. මම රථය මධ්‍යයේ ආයුධය ඇතැතිව සිටියෙමි. හදිසියේම විශාල ශබ්දයක් ඇසින. මා ඉදිරිෙයෙන් සිටි සෙබලා බිම ඇද වැටින. එය සතුරු ප‍්‍රහාරයක් බව මම දැන ගතිමි. සටන් විරාමය තිබුනද ඔවුහු අපට ක්ලෝමෝ වලින් හා කුඩා ආයුධ වලින් පහර දුන්හ. සතුරා පහරදුන් විට අපගේ රියදුරා තුවාල ලැබිය. එහෙත් ඔහුට රථය ස්ථාවරව තබා ගැනීමට සමත් වූයෙන් අපි තවත් ඉදිරියටම ගමන් කලෙමු. ට‍්‍රක් රථය තුල විශාල ටයරයක් තිබී මම ඒ තුල සැඟවුනෙමි. මා එහි වැතිර සිටින විට තුවාලලත් සෙබලූන් දෙදෙනෙක් මගෙන් බීමට වතුර ඉල්ලීය. එහෙත් එහි වතුර නොතිබිනි. ලඟම කඳවුර වෙත යාමට තව කිලෝමීටර කිහිපයක් ගමන් කල යුතු විය. තවත් තුවාල ලද සෙබලෙකු මා අසලට බඩගාගෙන විත් යම්කිසිවක් පැවසීය. ඔහුගේ මුව ලේවලින් පිරී පැවතින. විනාඩියක් දෙකක් ඇතුලත ඔහු අක‍්‍රිය බවට පත්විය. ඔහුගේ දෙනෙත් විවර වී ඔහු මියගොස් සිටියේය. ට‍්‍රක් රථය ලඟම ඇති කඳවුරට ඇතුලූ වූ විට තුවාල ලද වුන්ට උපකාර කිරීමට මම දිව ගියෙමි. මගේ වතුර ඉල්ලූ සෙබලූන් දෙදෙනා ද ඇතුලූව ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා මියගොස් සිටියේය. මට ඔවුන් ගැන සැබැවින්ම ශෝකයක් හට ගත්තේය. එම සෙබලූන්ට වතුර ටිකක් දීම තරම්වත් උපකාර කිිරීමට මට නොහැකි විය.

සතුරා මරාදැමීමෙන් පසු ඉන් හෙම්බත්වු යුද සෙබලා

සටන්කාමී බවක් පෙන්වමින් වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ, සාජන්ට් Sx78මෙහෙයුම් පැවති ප‍්‍රදේශවල සේවය කලේය. යාපනේ කොටුව ආරක්‍ෂා කර ගැනීමේ සටන් වලදී ඔහු අතිදරුණු සිද්ධීන් වලට මුහුණ පෑවේය. යාපන කොටුව අත්පත් කරගන්නා ලද අවස්ථාවේදී සතුරා බර අවිවලින් ඔවුනට පහර දුන්නේය. කොටුව තුල : (midnight express) මෙහෙයුම දියත් කරන ලදී. මුහුණට මුහුණලා කළ සටනකදී ඔහු විසින් සතුරු සාමාජිකයින් පස්දෙනෙකු මරා දමන ලදී. වසර ගණනාවකට පසුව එම මරාදැමීම් සම්බන්ධ වූ සිතුවිලි ඔහුගේ සිතෙහි ප‍්‍රබල ලෙස බලපවත්වන්නට විය. ‘‘ඔවුන් අප මාරාදැමීමට පැමිණි නමුදු ඔවුන් ද මනුෂයයින් වේ’’ යනුවෙන් සාජන්ට් Sx78 පවසයි.

‘‘ඔවුහු ජීවිතයේ බොහෝ විකල්පයන් නොමැති වූ අප වැනි දිළිදු ගැමි දරුවන් වූහ.’’ඔවුන් බෙහෝ කලක් තිස්සේම නොමග යවන ලදුව වෛරය නමැති විෂ පොවා අපට පහරදෙන ලෙසට නියෝග ලබා තිබුනි.’’ ඔවුන්ට වෙඩි තබනු හැර අපට අන් විකල්පයක් නොවීය. යුද්ධයකදී තත්ත්වය අතිදරුණු වන අතර, එක්කෝ ඔබ නැත්නම් සතුරාය. ඔබ ඔවුන් මරා නොදැමුවේ නම් ඔවුන් ඔබ මරා දමනු ඇත. කෙසේ වෙතත් මෙම දෙමළ තරුණයින්ට ද අපට මෙන්ම දෙමාපියන් සිටි අතර ඔවුන්ටද අපේක්‍ෂාවන් තිබෙන්නට ඇත. සියල්ල දුකසේ නිමාවිය. කොතැනක කවුරු හෝ ඔවුන් එනතුරු බලා සිටිනු ඇත. පරපණ නැසීම නුසුදුසු බැව් මම දනිමි. එය බෞද්ධ ධර්මය අනුව ප‍්‍රථම සිල්පදය කැඩිමකි. එහෙත් එම කි‍්‍රයාව මට නොකරම බැරිවිය.

තමන්ට කවදා හෝ කර්මඵල දිමකට මුහුණදීමට සිදුවන බව සාජන්ට් Sx78 විශ්වාස කරයි. ඔහුගේ හෘද සාක්‍ෂිය දෙදරා ගිය අතර පසුව ඔහු වඩාත් ආගමික පැත්තට නැඹුරු විය. යුද හමුදාවෙන් විශ‍්‍රාම ගිය පසුව මහණදම් පිරීමට යාමට ඔහු කැමැත්තෙන් සිටී.

යුද්ධයේ අවසන් දින කිහිපය :

ලූතිනන් කර්නල් ……… මෙහෙයුම් රැුසකට සහභාගී වූ අත්දැකීම් බහුල ක්‍ෂේත‍්‍ර නිලධාරියෙකි. ඊලාම් යුද්ධයේ අවසන් දින කිහිපය තුලදී අත්දුටු අත්දැකීම් ඔහු බෙදාගත්තේ මෙසේය.
……………….. අප විසින් තොප්පිගල මුදාගත් පසුව අපඅපරාජිත බව මම දැනගතිමි. අනෙකුත් අයට ද එය එසේම දැනෙන්ට ඇත. එබැවින් අපි ඉදිරියට ගමන්්් කළෙමු. ඊලාම් යුද්ධයේ අවසන් අදියර ඉතාම අවුල් සහගත විය. LTTE විසින් විශාල වැලි බැම් ඉදිකොට තිබී අතර දරුණු වෙඩි තැබීම් වලින් පසුව ඒවා පසාරු කරගෙන යා නොහැකි විය. මිනිස් පලිහක් නිර්මාණය​ කරමින් ඔවුහු සිවිල්වැසියන් අතරේ සිටියහ. සිවිල් වැසියන්ට අනතුරු නොවෙන ආකරයට අප වැඩිමනත් ලෙස ප‍්‍රවේසම් විය යුතු විය.

කෙසේ වෙතත් යුද්ධයකදි සිවිල් වැසියන් හට අනතුරු සිදුවිම නොවැලැක්විය හැකිය. එක්සත් ජනපද හමුදා විසින් සතුරාට ප‍්‍රතිප‍්‍රහාර දුන් අවස්ථාවේදී ඉරාකයේ හා ඇප්ගනිස්ථානයේ සිවිල් වැසියන් කෙතරම් සංඛ්‍යාවක් මිය යන්නට ඇත්ද? එහෙත් සිවිල් වැසියන් පිළිබඳ ප‍්‍රශ්නය නිසා සතුරන් පහරදුන් විට අපගේ සෙබලූන් ප‍්‍රතිප‍්‍රහාර දීමෙන් වැලකි සිටි අවස්ථාවන් මට මතක ඇත. මෙම කරුණු ගැන පිටස්තර ලෝකයා කිසි දිනෙක දැන නොගනු ඇත.
බන්කරයක සිට සතුරා පහරදුන් අවස්ථාවක් මට මතක ඇත. ටොම්බා තුවක්කුවකින් එම බන්කරයට පහරදීමට අපගේ එක් සෙබලෙකු තැත් කළේය. එහෙත් බන්කරය අසල සිවිල් වැසියන් සිටින බව පවසමින් තවත් සෙබලෙකු ඔහුව වැලැක්වීය. සිවිල්වැසියන් අනතුරට භාජනය නොකර, බන්කරය විනාශ කිරීමට වෙනත් ක‍්‍රමයක් සොයා ගැනීමට ඔවුනට සිදුවිය.

තවත් අවස්ථාවකදී වැලි කන්දක් කඩාගෙන සිවිල් වැසියන් අප වෙත එද්දී අපගේ සෙබලූන් කුඩා දෙමළළමුන් ඔසවාගෙන එනු මම දුටුවෙමි. මෙම මානුෂවාදී කි‍්‍රයාවන් ගැන කිසි දිනෙක නොකියැවුනු අතර අවධාරණය කෙරෙන ලද්දේ අසුබවාදි කරුණු ගැන පමණි.

යුද්ධයකදී ම්ලේච්ච කි‍්‍රයාවන් නිතර සිදුවන බවට මම එකඟ වෙමි. එමෙන්ම සැම හමුදාවකම My Lai Massacre සංහාරය සිදු කළවිලියම් කෙලී වැනි මිනිසුන් දැකිය හැකි බවද පිළිගනිමි. මාධ්‍ය හරහා යුද්ධයේ මිලේච්ඡුත්වය ගැන මෙන්ම මානුෂික කි‍්‍රයාවන් සම්බන්ධයෙන්ද වාර්තාකල යුතු බව මම පෞද්ගලිකවම සිතමි. නැතහොත් කිසිම තැනකදී ප‍්‍රතිසන්ධානයක් ඇති නොවනු ඇත. අන්තිමේදී බලන කල මිනිසා මුලූමනින් දුෂ්ට නොවේ.

මා වසර කිහිපයක්ම යුද්ධය සමග ජීවත්ව ඇත. සෙබලූන්ගේ නරක්වු සිරුරු හා මියගිය LTTE සාමාජිකයන්ද මම දැක ඇත්තෙමි. මම සියලූ පුද්ගලයින් අපේ මේ භූමියේ පුතුන්ය. යුද්ධයේ අවසන් දින කිහිපය අතිශය කම්පනය ගෙන දෙන සුළු විය. මානව දුක්පීඩාවන් දෑසින් දුටුවෙමි. මා ඇති තරම් ලේ දුටුවෙමි. සැපට කොළඹ සිට යුද්ධය වෙනුවෙන් ආවඩන පුද්ගලයින් මෙහි සිටිය යුතුව තිබින. යුද්ධය යනු ඇත්තෙන්ම කුමක්දැයි එවිට ඔවුන් වටහා ගනු ඇත.
මිරිගුවක් පසුපස හමාගිය දෙමළ සිවිල් ජනතාවට මම අනුකම්පා කළෙමි. පාසල් ශිෂයයෙකු ලෙස 16 හැවිරිදි වියේදී මා ප‍්‍රථම වරට යාපනයට පැමිණි විට දෙමළ ජනතාවගේ කරුණාවන්ත භාවය මම දුටිමි. යාපනේ වැසියක් උගත් හා සංස්කෘතිය රකින පිරිසක් විය. ප‍්‍රචණ්ඩකාරීත්වයෙන් බැහැරව පෝෂනය වූ ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් ඔවුන්ට තිබින. 1970 මුල් භාගයේදී ගැටුම් පැන නැගී විට එය ඉතා දැඩි ලෙස වෙනස් විය. එවි මා හට ආපසු උතුරට පැමිණීමට සිදුවූයේ යුද්ධයේ ආම්පන්න සමඟය.

උතුරේ දෙමළ ජනතාවට යුද්ධය හේතු කොට ගෙන මිලකල නොහැකි අන්දමේ වටිනාකම් අහිමි කරනු ලැබීය. ඔවුන්ගේ දේපල විනාශ විය. ළමුන් බලාත්කාරයෙන් LTTEට බදවා ගන්නා ලදී. ඔවුන් මරණය හා පූර්ණ ාබිඳවැටිමටද මුහුණ දුන්නේය. ඔවුන්ට දිළිදුබවින් යුතුව දිවිගෙවීමට සිදුවිය. දෙමළ ඩයස්පෝරාව හා අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන මගින් උතුරට පොම්ප කරන ලද ඩොලර් මිලියන ගණන් වලට කුමක් සිදුවීද? වන්නියේ ජනතාවට යටිතල පහසුකම් නොතිබිනි. ජනතාව මන්දපෝෂණයෙන් පෙලූනි. එම මුදල් උතුර සංවර්ධනය කිරීම සඳහා යෙදුවේ නම් මේ වන විට කුඩා සිංගප්පූරුවක් එහි ගොඩනැංවීමට ඉඩ තිබුණි.

යුද්ධය නිමාවීම ගැන මම සතුටු වෙමි. අප විසින් දැන් උතුර පුනරුත්ථාපනය කොට, ජාතීන් අතර සාමකාමී සහජීවනයක් ඇති කිරීමට ක්‍රියා කළ යුතු වේ. අපගේ නොවැදගත් වාර්ගික​වෙනස්කම් අමතක කොට දෙමළ සහෝදරයන් සමඟ සාමය උදෙසා කි‍්‍රයා කළ යුතු වේ. එසේ නොවුවහොත් තව වසර 20 ක් ඇතුලත නැවතත් ලේ වැගිරෙන සටන් ඇතිවනු ඇත…..

සමාප්ති සටහන
යුද්ධය නිමා කිරීමේ ගෞරවය ලබාදිය යුත්තේ කාහටදැයි යන්න සම්බන්ධව ශ‍්‍රී ලංකාව තුල බොහෝ දෙනෙක් තවමත් තර්ක​ කරමින් සිටිති. එහෙත් රණවිරුවන්ගේ කැපවීම, පරිත්‍යාගය, දහඩිය හා ඔවුන් හෙලූ රුධිරය නොමැතිවූයේ නම් එම ජයග‍්‍රහණය සැබැවින්ම අත්පත් කරගත නොහැකි වනු ඇත. එබැවින් ඊලාම් යුද්ධයේදී සටන් වැදුනු රණවිරුවන්ගේ කායික මානසික සෞඛ්‍යය සංරක්ෂණය හා අනාගත සුභසාධනය ගැන බලාගැනීම ජාතියක් සතු පූණ_ සදාචාරාත්මක යුතුකමක් හා වගකීමක් වන්නේය.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද War Trauma Experienced by the Sri Lankan Combatants ලිපිය ඇසුරෙනි. පරිවර්තනය S. A. වික‍්‍රමසිංහ

Back to Top