Sri Lanka Brief
පුවත්විපක්ෂ ආධාරකරුවන්ට පහර දෙති; සා.පෙළ විභාගයට බාධා; රජයේ දේපල අනිසි භාවිතයේ යොදති

විපක්ෂ ආධාරකරුවන්ට පහර දෙති; සා.පෙළ විභාගයට බාධා; රජයේ දේපල අනිසි භාවිතයේ යොදති

by

(මහනුවර විපක්ෂ රුස්වීමට ආ ජනයාට ප්‍රහාර)

කැෆේ මැතිවරණ වාර්තා – 27

2014 දෙසැම්බර් 10 දින ප.ව. 3 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 86 ක් ලැබී ඇත.  ගිණි අවි භාවිත කිරීමේ සිදුවීම් 8 ක් ද ඇතුලත් මුඵ ප්‍රචණ්ඩක්‍රයා ගණන 29 කි.

විභාගයට බාධා වන අයුරින්  යුධ ජයග්‍රහණයේ චිත්‍රපටයේ චිත්‍රපටයක් පෙන්වීම

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙළ) විභාගය පැවැත්වෙන නාඋල අබන හන්දියේ කුබියන්ගහ ඇල විද්‍යාලය ආසන්නයේ ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයක් සිදු ව ඇත.  ලොරියක සවිකළ පුළුල් තිරයක  යුධ ජයග්‍රහණය පිළිබඳ චිත්‍රපටයක් පෙන්වීමට මෙම පිරිස උත්සහ දරා ඇත.  ප්‍රදේශවාසීන් මෙම පිරිසට විරෝධය පළ කොට පළවා හැර ඇත.

නාඋල ප්‍රාදේශිය සභාවට අයත් අංක 252 – 6567 දරණ කැබ් රථය ද මේ සදහා යොදා ගෙන ඇත.  දෙසැ. 10 දහවල් 12.30 පමණ සිදුවීම වාර්තා විය. මෙම චිත්‍රපටය එජනිස ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා  නිර්මාණය කළ එකකි.  ශබ්දවාහිනී යන්ත්‍ර භාවිතය සදහා අවශ්‍ය පොලිස් අවසර පත්‍රයක් මේ පිරිස අත නොවීය.  චිත්‍රපට දැක්ම සඳහා නිල ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරින් ආරක්ෂාව ලබාදී ඇත.  (එම කැබ් රථයේ ඡායාරූප සහ පුළුල් තිර‍යේ ඡායාරූප අමුණා ඇත)

මහනුවර රැළියට ආ පිරිසට මැර ප්‍රහාර
මහනුවර පොදු වෙළදපොළ ඉදිරිපිට දෙසැ. 9 වන දින පැවති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ රැස්වීමට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට මහ පාලම අසලදී කැබ් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබු  අඹතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවන්  4 දෙනෙක් මෙ වන විට කටුගස්තොට රෝහලේ ප්‍රතිකාර ලබති.  එමෙන්ම මෙම රැස්වීමට සහභාගි වී ලංගම බස්රථයකින් ආපසු යමින් සිටි පිරිසකට  තවත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.  එම ප්‍රහාරයෙන් සිදු වූ හානිය පිළිබද විස්තර මේ දක්වා ලැබී නොමැත.

එජාප මන්ත්‍රීගේ නිවසට මැර ප්‍රහාර
දෙසැ. 9 වන දින රාත්‍රි  12 ට පමණ පාතදුම්බර එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අතුල ඒකනායක මහතාගේ වත්තේගම මීගම්මන නිවසට ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇත. අතුල සේනානායක මහතා දෙසැ. 9 වන දින මහනුවර දී පැවති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජනහමුව සංවිධානය කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.

අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනගෙන් පොස්පේට් සේවයින්ට බලපෑම්
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා දෙසැ. 9 වන දින පෙව 10 ට පමණ  එප්පාවල පොස්පේට් රාජ්‍ය සමාගමට ගොස් එහි එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පිරිසට රැස්වීමක් පවත්වා තිබේ. සමාගමේ සුභ සාධක සංගම් ශාලාවේ දී පැවති රැස්වීමේ දී, මෙවර ජනාධිපතිවරණයේ දී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ප්‍රාදේශිය සභාවේ කැබ් රථය පෝස්ටර් ඇලවීමට යොදවලා
ඌව පරණගම ප්‍රාදේශිය සභාවේ කැබ් රථය එජනිස යේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇලවීම සදහා යොදා ගෙන ඇත.   පළාත් පාලන ආයතන සතු දේපල විශාල වශයෙන් මෙවර මැතිවරණයට යොදා ගනිමින් පවතින අතර මේ සම්බන්ධ ඡායාරූප අමුණා ඇත.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුව ගාල්ල නගරයේ ඉදිකර තිබු  බැනර්, කටවුට් කිහිපයක් අද දින ඉවත් කොට ඇත.  කොළඹ නගර සභා සීමාවේ ඉදිකොට ඇති ප්‍රචාරක පුවරු සීමා සහිත ප්‍රමාණයක් ද ඉවත් කොට ඇත.  කොළඹ කටවුට් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ ඒ පිළිබද කොළඹ නාගරික කොමාරිස්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ උත්සාහය විය හැකිය. පුත්තලම, හලාවත,මාතර, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, කලුතර, මතුගම, රත්නපුර නගරවල විශාල වශයෙන් නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය දැකිය හැකිය.

මාධ්‍ය ඒකකය/ කැෆේ සංවිධානය                                        2014 /12/ 10  සවස 4.40

Back to Top