Saturday, May 15, 2021

වීඩියෝ: රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ: කොහිද යුක්තිය… කොහිද ධර්මය… කොහිද නීතිය විමසනූ… – නන්දා මාලනී

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්න වන විටත් එම අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය නන්දාමාලනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ එක්වී ගීතයක් නිර්මාණය කර තිබේ.

යුක්තිය වෙනුවෙන්

දිව්‍ය පූජා යාගයට ආ බැති මතුන්
කැටුව ආ මව්පියන් දරුනන් අහිමි වී
සදා සෝගිනි කඳක දැවෙමින් වැලපෙමින්
රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
මානසික බල වියරුවේදී ගොදුරුවූ
අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලවු
දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

සුසානය මැද සොහාන් කඳු මත වැලපෙතී
ස්වාමිවරු සිය බිරිඳ දරුවන් අහිමි වූ
කුරුරි ඝාතක කැලම නිදහස් සුව විඳී
නොලැබ දඬුවම් රටට පිටුපා සිනාසී

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්
ඇවිද යමු අපි නැගෙන බාදක බිඳලමින්
පිබිද එමු අපි දෙව් මැදුරුවල අළු මතින්
අවිදිවෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්

කොහිද යුක්තිය…
කොහිද ධර්මය…
කොහිද නීතිය විමසනූ…

Archive

Latest news

තෙවන කොවිඩ් රැල්ල: අසාදිත සේවිකාවන් චමරිතුලම නිරෝධායනය කැරෙන නිදහස් වෙළඳ කලාප සේවකාවන්ගේ ඛේදවාචකය

වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවක-සේවිකාවන් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන...

අවනීතික ඝාතන හමුවේ අධිකරණය අපරාධ සහායකයින් බවට පත්වන්නේ කෙසේද?

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, කිසිදු අවස්ථාවක එය ඉටු නොවන බව...

පොලීසිය තාරක ඝාතනය කළේ තමන් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි!.

ඡායාරූපය, පොලිස්පතිගේ සිනහව පිටුපස ඝාතන එකපිට එක. පොලිස් අත්අඩංඟුවේ සිටි  තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඝාතනය කරන ලද්දේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති  ඔහුගේ ආරක්ෂාව...

මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද? – කේ. සංජීව

පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං. ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!. මේ මිනිස්සු සමාජයට...

Related news