Saturday, June 5, 2021

වසංගතයෙන් බේරීමට බ්‍රිතාන්‍ය විදේශිකයිනට රට වහයි; ලංකාව බ්‍රිතාන්‍ය ක්‍රිකට් සමඟ රට විවෘත කරයි!

බ්‍රිතානයට විදේශිකයින්ට ඇතුලු විය හැකි සියළුම දොරටු ලබන 18වන සඳුදා සිට වසා දැමීමට එරට රජය  15වන සිකුරාදා තීරණය කළේය. අත්‍යවශය කරුණක් නිසා හෝ රටටට පැමිණෙන ඹ්නෑම අයකු පීසීආර් පරීක්ෂනයකින් අසාදිත නොවන බවට සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

බ්‍රිතාන්‍ය විසින් මෙම දොරටු වසා දැමීම කරන ලද්දේ බ්‍රසීලයේ සහ පෟතුගාලයේ පැතිර යමින් ඇති හදුනා නොගත් නව කොරොන වයිරස ප්‍රභේදයක් නිසාය. බ්‍රිතන්‍යයේ සඋම 45 දෙනෙකුට එක් අයකුටද ලංඩනයේ සෑම 30 දෙනෙකුට එක් අයකුටද වයිරසය අසාදනය වී තිබේ. ඒ එරට පැතිර යන නව ප්‍රභේදයේ ඉක්මන් ක්‍රියාකාරිත්වය නිසාය.

මේ අතර කොවිඩ් අසාදිත මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයාට අසාදනය වී ඇත්තේ ඉතා සිඝ්‍රයෙන් බෝවන නව කොව්ඩ් ප්‍රභේදය බව වෛද්‍ය පර්යේෂකයින් සොයා ගෙන තිබේ.

ඊයේ වාර්තා වූ පරිදි බ්‍රිතාන්‍ය ක්‍රකට් ක්‍රීඩකයින් නතර වී සිටින තරු පහේ හෝටලයේ කෝකියන් දෙදෙනෙකුට කොවිඩ් 19 අසාදනය වී තිබේ. එම අසාදිත ප්‍රභේදය කුමක්දැයි තවම දන්නේ නැත.

රට පුරා කොවිඩ් 19 අසාදිත රොගීන් හමුවන අන්දමින් පෙනෙන්නේ හෝඩුවාවන් පසු පස යෑමට තවදුරටත් කළ නොහැකි පරිදි සමාජමය පැතිරීමක් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින බවයි. මේ දිනවල සොයා ගැනෙන අසාදිත පුද්ගලයින් කුමන පොකුරට අයත්දැයි කීම දැන් නතර කර තිබේ. 

තවත් පැක්ටරියක 55 දෙනෙකුම අසාදනය වී ඇතැයි ද ඊයේ වාර්තා විය.

දැන් එවැනි සංඛ්‍යා ලේඛන සාමාන්‍ය බවට පත්ව තිබේ. අද රත්නපුරයෙන් රෝගීන් හමු වන විට හෙට හමුවන්නේ ගාල්ලෙනි. අනිද්දා අනුරාධපුරයෙනි. ගාලු දිසාවෙහි පාසැල් ගණනාවකම දරුවනට කොව්ඩ් 19 අසාදනය වී තිබේ. දරුවනට අසාදානය වීම වසංගතය එක එල්ලේ පැතිරෙන යුරෝපයේ පවා එතරම් අසන්නට ලැබෙන්නේ නැත.

යුරෝපයෙහි කොව්ඩ් 19 වසංගතයට දරුණු ලෙසම ගොදුරු වූ යුක්රේනයෙන් දිගටම සංචාරකයින් මෙරටට පැමිණෙන අතර එම රට තුළ සංචාරය රටට වැසියන්ට පවා තහනම්ය. යුක්රේනයේ පීසීආර් පරීක්ෂන පිළිගත නොහැකි බව බොහෝ විවේචකයින් පෙන්වා දෙති.

දැන් යුක්රේනියානු සංචාරකයින් අකමැති බැවින් ගුවන්තොටුපළෙහි දී කරන පීසීආර් පරීක්ෂන නවත්වා තිබේ. යුරෝපයේ කිසිම ගුවන් තොටුපළකින් මෙැවැනි යුක්රේනියානු සංචාරකයින්ට පීසීආර් පරීක්ෂනයකින් තොරව එම රටවලට ඇතුලුවිය නොහැකිය.

ඇතිවිය හැකි යුක්රේන පොකුර ආණ්ඩුුු විසින් දැනටමත් ජනමාධ්‍ය මගින් වසා දමා තිබේ.

මෙරට කැරෙන පීසීආර් පරීක්ෂන ලෝකයේ අන් බොහෝ රටවලට වඩා ඇත්තේ සන්සන්දනාත්මකව පහළ මට්ටමක. අසාදිත රෝගීන් සොයා ගැනෙන ප්‍රමාණයට වඩා වැඩිවිය යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

ලෝකයේ මෙම ගෝලීය වසංගතය විසින් බිලි ගන්නා ලද මිනිස් ජීවිත ගණන දැන් විසි ලක්ෂයකට ළඟා වෙමින් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ 2020දීට වඩා 2021දී වසංගතය දරුණු වනු ඇති බවයි.

එනමුත් මෙරට දේශපාලන නායකත්වයට මෙම බැරෑරුම් තත්වය පෙනෙන බවත් නොපෙනේ. තවම එන්නතක් ගෙන්වීමටවත් වැඩ පිළිවෙළක් නැත. වසංගතය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් ගෙන එන ලද මුට්ටි පූජාව සහ පැනි ලෙවකෑම අසාර්ථක වී තිබේ. දැන් එලියන්ත වයිට් ගැන හෝ මේසන් බාස් කපු මහතා ගැන අසන්නට නොලැබේ.

නව කොරොන වසංගතය අවසන් වී නැත. එය බුර බුරා පැතිරෙයි. ලංකාණ්ඩුව වසංගතය පාලනය කිරීම වෙනුවට ප්‍රදර්ශණකාමී සංචාරකයින් ගෙන්වීමත් දරුණු කොව්ඩ් ප්‍රභේදයන් බිහිව ඇති රටවල් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමත් කරන්නේ ඇස් බැන්දුම් ලෙසය.

ඇස් බැන්දුම් වලට වසංගතය පාලනය කළ නොහැක. ඒ සදහා විධිමත් සමාජ සෞඛ්‍ය වැඩ සටහනක් අවශ්‍යය.

Archive

Latest news

රාජපක්ෂ දේශපාලනය ‘ශ්‍රී ලංකා තේ‘ ‘සිලෝන් ටී‘ නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අතුරුදන් කරනු ඇත – රජිත් කීර්ති තෙන්නකෝන්

පොහොර - කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි.  ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි.  රසායනික පොහාර - කෘමි, දිලීර, වල්...

කොවිඩ් වසංගතයෙන් බිහිවූ එන්නත් ප්‍රකෝටිපතියෝ

ඡායාරූපය: 2021 මැයි 25 වන දින ශ්‍රීනගර් හි ආදාහනාගාරයක දී කොවිඩ්-19 වලින් මියගිය පුද්ගලයෙකුගේ දැවෙන දර සෑයට යාබදව පවුලේ සාමාජිකයෝ යාඥා කරති. (AP ඡායාරූපය...

අන්තිමේදි හුලං විතරක් ඉතිරිවන රජයේ සෙලන්දිවා සමාගම නැතහොත් “සෙලිං දිවයින” සංකල්පය හඳුනාගනිමු!

ශිරාල් ලක්තිලක විසිනි. හොර පාරෙන් රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරනය කරන SPV සමාගම්! SPV සංකල්පයම ගෝලියව භාවිතා කරන තඩි වංචනික සංකල්පයකි! ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක තුමා ජනාධිපතිවරනයට ඉදිරිපත්...

සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කිරීම මර්දනයටම ගත් පියවරක්

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයන්ය. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය...

Related news