Tuesday, April 27, 2021

රෝස් නු ත්වං – මියන්මාර මිලිටරිය ඉදිරියේ දණ ගැසූ සොයුරිය

උතුරු මියන්මාරයේ දූවිලි පිරි පෙළවක බිය ජනක ලෙස ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් හමුවෙහි දණ ගැසූ සිටි රෝස් නු  ත්වං කන්‍යා සොයුරිය මෙසේ ඉල්ලා සිටියාය. දරුවන් බේරන්න. ඒ වෙනුවට මගේ ජීවිතය බිළි ගන්න”.

සුදුවතින් සැරසුණු කතෝලික කන්‍යා සොහොයුරියකගේ සරල ප්‍රතිරූපය විදහා පාමින් ඇගේ දෑත් විහිදුවා විරෝධාතාකරුවන්ට වෙඩි තැබීමට කුරුමානම් අල්ලන මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ සෙබළුන් හමුවේ කළ ඒ ඉල්ලීම වයිරස වේගයෙන් පැතිර ගොස් බහුතර බෞද්ධ රටෙහි ප්‍රශංසාව දිනා ගත්තේය.

මම දණ ගසා ළමයින්ට වෙඩි තබා වධහිංසා පමුණුවන්න එපා, නමුත් මට වෙඩි තබා මරා දමන ලෙස ඉල්ලා සිටිමියනුවෙන් කි බව ඇය පසුගිය අඟහරුවාදා ඒඑෆ්පී පුවත් සේවයට පැවසුවාය.

ඇයගේ මේ නිර්භීත පියවර දක්නට ලැබුණේ කචින් ප්‍රාන්තයේ මයිට්කිනා නගරයේදී පසුගිය සඳුදාය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යළි ස්ථාපිත කරන සේ ඉල්ලා විරෝධතා දැන් මියන්මාරයෙහි දෛනික සිදුවීමකි. ඔවුන් මර්දනය කිරීම පිනිස කඳුළු ගෑස්, ජල කාලතුවක්කුව, රබර් උණ්ඩ සහ සජීවී උණ්ඩ පවා භාවිතා කරමින් මිලිටරි ජුන්ටාව සිය බලය තහවුරු කරගැනීමට උත්සාහ දරමින් සිටිති.

මෙවැනි දිගින් දිගටම නැගීඑන ජනතා විරෝධයක් මිලිටරිය බලාපොරොත්තු වූයේ නැත. විරෝධතා දින දෙක තුනකින් අවසන් වනු ඇතැයි එය කල්පනා කළේය.

නමුත් අද සමස්ත මියන්මාරයම එකම සාමකාමී ජනතා කැරැල්ලකි.

විරෝධතාකරුවෝ සඳුදා කචින් ප්‍රාන්තයේ අගනුවර වන මයිට්කිනාහි වීදි බැස්සේ කාරිමක ආරක්ෂක තොප්පි පැළඳගෙන තමන්ම සාදාගත්ළි රැගෙන. එහදී රෝස් නු තෝං කන්‍යා සොයුරිය හිමින් හිමින් විරෝතාකරුවන් සහ පොලිස් මිලිටරි බලකා අතර මැදට ගමන් කරනු වීඩියෝවන්හි දැක්වේ.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය හඹා ගියා. ළමයින් ගැන මහත් වේදනාවක් ඇතිවුණා” යැයි ඇය පැවසුවාය.

45 හැවිරිදි කන්‍යා සොහොයුරිය දණගසා හමුදා භටයින් හමුවේ යඥා කරන්නට ගත්තේ එම අවස්ථාවෙහිය.

ටික වේලාවකට පසු, ඇය සාමය ඉල්ලා සිටිද්දී, පොලිසිය ඇය පිටුපස සිටි විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීමට පටන් ගත්තේය.

ළමයි කලබල වෙලා ඉස්සරහට දිව්වා මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒත් මම දෙවියන් වහන්සේට යාඥා කළේ දරුවන් බේරාගන්න උදව් කරන්න කියළයිඇය කියයි.

මේ අතර හිසට වෙඩි තැබූ විරෝධතාකරුවකු මිය යමින් සිටියේ ඇය ඇය ඉදිරිපිටය. ඇයගේ යැදීම අසාර්ථක විය. පොලිසිය එතැනදීම වෙඩි තබා විරෝධතාකරුවන් දෙනෛකුම මරා දැම්මේය.

මියන්මාරයේ උතුරු දෙසින් පිහිටි කචින් යනු කචින් ජනවාර්ගික කණ්ඩායමේ නිවහන වන අතර ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම් සහ හමුදාව අතර වසර ගණනාවක් තිස්සේ ගැටුමක් පවතින ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශයේ දස දහස් ගණනක් සිය නිවෙස්වලින් අවතැන්ව ප්‍රාන්තය පුරා විසුරුණු කඳවුරුවලට ජීවත් වේ. ඔවුන්ට උපකාර කරන සංවිධාන අතර ක්‍රිස්තියානි කණ්ඩායම් ද වෙති.

රෝස් නු ත්වං සොයුරිය පෙබරවාරි 28දා හමුදාව ඉදිරිපිට

රොස් නු තෝං දිගින් දිගටම දයාව ඉල්ලා ආයාචන කරමන්නට පටන් ගත්තේ යුද හමුදා කුමන්ත්‍රණයේ මුල් දවස්වල සිටය.

නමුත් මිලිටරි ජුන්ටාව එවැනි ආයාචනයන්ට සවන් දෙන්නේ නැත.

මේ වන විට රට පුරා කුමන්ත්‍රණ විරෝධී පෙලපාලි හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව දේශපාලන සිරකරුවන් සඳහා වන සහායක සංගමය පවසයි.

කිසිවක් නොකර මට නැගී සිට බලා සිටිය නොහැක. මියන්මාරයෙහි සියල්ලන්ම ශෝකයට පත්ව සිටී. මගේ ඇස් ඉදිරිපිට සිදුවන දේ දැක දැක නිහඬව ඉන්නේ කොහොමද? යැයි රෝස් නු ත්වං පවසයි.

මම දිගටම විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා.”

(එෆ්පී පුවතක් ඇසුරිණි)

Archive

Latest news

අසේල සම්පත්ට හිරගෙදරදී පහරදීම ගැන සිරකරු අයිතිවාසිකම් කමිටුව පරීක්ෂනයක් ඉල්ලයි!

ඡායාරූපය: අසේල සම්පත් නිදහස්කර ගැනීම පිනිස සහභාගි වූ ජනබල පවුර පිරිස. (සේනක පෙරේරා මුහුණු පොතිනි) පසුගිය අප්‍රේල් 13වදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදුව පසුගිය 19වන...

මාධ්‍ය මර්දනය කරන සාපරාධී අපහාස නීතිය යළි ගෙනඒමට සැරසේ – අනිද්දාා

2002 වසරේදී අහෝසි කරන ලද සාපරාධී අපහාස වරදට සමාන වරදක් නැවතත් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ‘අසත්‍ය ප්‍රවෘත්ති...

කොළඹ වරාය නගරය: කොලනියක් ද? ප්‍රාන්තයක් ද? වෙනම විසා ඕනෑද ද?

වරාය කොළඹ වරාය නගරය නැවතත් ජනතාව අතර සාකච්ඡාව සඳහා මාතෘකා සපයා ඇත. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්...

රටේ පදනම ඉවරයි; කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති

යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ...

Related news