Tuesday, June 8, 2021

මානව හිමිකම් කොමිසමත් සෙත්ත පෝච්චි!

පසුගිය කාලය පුරා මෙරට ජනයාගේ මානව හිමිකම් සුරැකීමේ ලා ආදර්ශමත් සේවයක නියුතු වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි වත්මන් කොමසාරිසුවරුන් සහ කොමසාරිස්වරියන් ඉවත් කොට ජනාධිපති රාජපක්ෂ විසින් තමන්ට ගැති දේශපාලනඥයකු එහි සභාපති වශයෙන් පත්කර තිබේ.

නව සභාපතිවරයා වන ජගත් බාලසූරිය දීර්ඝ කාලයක් පුරා රාජපක්ෂවාදී දේශපාලනයක යෙදේ. පාර්ලිමේන්තු මංත්‍රී මුජිබර් රහමන්ට අනුව ජගත් බාලසූරිය කෑගල්ලේ දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සංවිධායක වශයෙන්ද කටයුතු කරයි.

ඔහු රාජපක්ෂ පාලනයන් යටතේ, ආන්ඩුකාරවරයකු සහ ඇමැතිවරයකු ලෙස ක්‍රියා කර තිබේ.

වතමන් ආන්ඩුවේ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා වන ඔහුගේ පුත් තාරක බාලසූරිය සිය අමාත්‍යාශයේ වැඩ බාරගනිමින් කියා සිටියේ මානව හිමිකම් දියුණු කිරීම අවශ්‍ය වන්නේ බටහිර රටවල අවශ්‍යතාව මත නොවන බවත් ලෝකයේ බලවත් රටවල් මානව හිමිකම්, මාධ්‍ය නිදහස වැනි දෑ පාවිච්චි කරමින් දුප්පත් රටවල අභ්‍යන්තරයට ඇඟිලි ගසන බව.

ඔහුගේ බිරිද කුමාරි බාලසූරියද ආන්ඩුකාරවරියක ලෙස 2006- 2-15 දක්වා සේවය කළ අතර දැන් සිය පුතා වන තාරක බාලසූරියගේ පුද්ගලික ලේකම්වරිය ලෙස සේවය කරයි.

මෙයට පෙර රදීකා කුමාර්ස්වාමි, දීපිකා උඩගම වැනි මානව හිමිකම් ක්ෂේත්‍රයේ නම් රැන්දු විශිෂ්ඨයින් විසින් දරන ලද මෙම තනතුර දේශපාලනඥයකුට ලබාදීම මගින් රාජපක්ෂ දේශපාලනයේ නිරුවත යළිත් හෙළි වී ඇතැයි, මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති. තවද එමගින් පෙන්නමු කරන්නේ ඉදිරි කාලයෙහි මෙරට මානව හිමිකම්වලට අත්වීමට නියමිත ඉරණම බවද ඔව්හු සදහන් කරති.

Archive

Latest news

මසක් ඇතුළත මරණ තුනක්: “පොලිස් වධහිංසා රැල්ල නවත්වන්න” – පොලිස්පතිට CPRP ය ලියයි.

ඡායාරූපය: මඩකළපුවේ චන්ද්‍රන් විදූශන් සහ පානදුරයේ මොහොමඩ් අලි. මෑතදී සිදුවූ මරණ තුනත් සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබෙන බව පෙන්වා දෙන සිරකරු අයිතීවාසිකම් සුරැකීමේ කමිටුව...

කොවිඩ් 19: ස්විට්සර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල මිලියන භාගයක් සහ තවත් උපකරණ

කොවිඩි 19 වසංගතයට එරෙහි සටනේදී ස්විටිසර්ලන්තය ශ්‍රී ලංකාවට සිය සහයෝගය පලකරයි. 2021 ජූනි 8 වෙනි දින උදයේ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ිටල මිලියන භාගයකට අධික ප්‍රමාණයක් සහ ශ්වසන...

මැරැවේ තර්ඩ් ක්ලාස් මාධ්‍යකරුවන් කතාවට සමාව ගනු! මාධ්‍ය සංවිධාන සෞඛ්‍ය ඇමතිගේ මාධ්‍ය ප්‍රකාශකට කියයි!

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වෙත ලිපියක් යවන මාධ්‍ය සංවිධාන එකතුව "'තර්ඩ් ක්ලාස් වැඩ' සහ 'ක්ලාස්' සම්බන්ධ ඔබගේ නිර්වචනය ගැන කතිකාවකට යන්නට අපි බලාපොරොත්තු නොවෙමු....

විකල්ප කතිකාව 2: ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බූදය සහ සිවිල් සමාජ පිළිතුර

ඡායාරූපය: ගිනිගෙන ගිලී යන නැව සමාජ දෙශපාලන ආර්ථික වශයෙන් ගිලා බසින ශ්‍රී ලංකාවේ  සංකේතයක් වැන්න. අද වන විට ලංකාවේ සමාජ දේශපාලන ක්‍රියාදාමය කොතැනක හෝ විරාමයක...

Related news