Sunday, June 6, 2021

මහර බන්ධනාගාරයෙහි තවත් රැදවියන් 4 දෙනෙකු මිග ගියේ වෙඩි පහරින් බව හෙළිවෙයි.

ඡාායරූපය: මහර බන්ධනාගාරයෙහි වෙඩි තබා ගාතනය කළ රැදවියෙක්.

මෙතෙක් නිකුත් වී ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවක් හතර දෙනෙකුගේම මරණ වලට හේතුව වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා තිබේ.

“අපි දැක්කා මහර බන්ධනාගාර සිද්ධියේදී මියගිය 11 දෙනාගෙන් 8 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලින් මියගිහින් තියෙන්නෙ. කෙනෙක්ගේ මරණයක් සිදුවුණොත් ඒ මරණය සිදුවූ ආකාරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තමයි ඒකෙ ප්‍රධානම අංගයක් වෙන්නෙ. අනෙකුත් පරිබාහිර කරුණුවලට අමතරව. ඊළඟට රසපරීක්ෂක වාර්තාව. ඒ නිසා මේවා අධිකරණයට ඉදිරිපත් වෙලා අධිකරණය අධිකරණ ක්‍රියාමාර්ගය තුළ අවශ්‍ය නියෝගයන් ලබාදේවි.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත කියා සිට තිබේ.

මෙයට පෙර ඉදිරිපත් කරන ලද මරණ පරීක්ෂණ වාර්තා අනුව මිය ගිය රැදවියන් හතර දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබූ බව හෙළි විය. දැන් එම ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.

මහර ඝාතනයන්ගෙන් පසු බන්ධනාගාර කළමණාකරන ඇමැති ලෙස පත් කරන ලද ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවට කියා සිටියේ මිය ගිය රැදවියන් කිසිවකුට වෙඩි වැදී නැති බව මරණ පරීක්ෂණ මගින් වාර්තා කර ඇති බවයි.

සිය ප්‍රකාශය ඉහළ පෙළේ වෛද්‍ය කමිටුවක් මගින් කරන ලද මරණ පරීක්ෂණ මගින් අනාථ වීම පිළිබඳව ලොහාන් රත්වත්තේ මේතාක් කිසිවක් කියා නැත.

( www.colomboxnews පුවතක්ද අසුරු කර ගන්නා ලදී)

Archive

Latest news

රාජපක්ෂ දේශපාලනය ‘ශ්‍රී ලංකා තේ‘ ‘සිලෝන් ටී‘ නාමය ලෝක ආහාර සංස්කෘතියෙන් අතුරුදන් කරනු ඇත – රජිත් කීර්ති තෙන්නකෝන්

පොහොර - කෘෂි රසායන නැති ‘කාබනික තේ’ ජනප්‍රිය සටන් පාඨයකි.  ප්‍රායෝගිකව කිසි ලෙසකින් හෝ ජය ගත නොහැකි ඉලක්කයකි.  රසායනික පොහාර - කෘමි, දිලීර, වල්...

කොවිඩ් වසංගතයෙන් බිහිවූ එන්නත් ප්‍රකෝටිපතියෝ

ඡායාරූපය: 2021 මැයි 25 වන දින ශ්‍රීනගර් හි ආදාහනාගාරයක දී කොවිඩ්-19 වලින් මියගිය පුද්ගලයෙකුගේ දැවෙන දර සෑයට යාබදව පවුලේ සාමාජිකයෝ යාඥා කරති. (AP ඡායාරූපය...

අන්තිමේදි හුලං විතරක් ඉතිරිවන රජයේ සෙලන්දිවා සමාගම නැතහොත් “සෙලිං දිවයින” සංකල්පය හඳුනාගනිමු!

ශිරාල් ලක්තිලක විසිනි. හොර පාරෙන් රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරනය කරන SPV සමාගම්! SPV සංකල්පයම ගෝලියව භාවිතා කරන තඩි වංචනික සංකල්පයකි! ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක තුමා ජනාධිපතිවරනයට ඉදිරිපත්...

සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කිරීම මර්දනයටම ගත් පියවරක්

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයන්ය. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය...

Related news