Saturday, June 26, 2021

ප්‍රගීත් එකැනැළිගොඩ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් ආපසු හැරෙයි; මහාධිකරණයෙන් අවවාද

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් නම දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙහි තෙවන සාක්ෂිකරු වන යුද හමුදා විශ‍්‍රාමික බුද්ධි නිලධාරි ජයසුන්දර මුදියන්සේලාගේ රංබණ්ඩා, තමා විසින් මෙයට පෙර අධිකරණය හමුවෙහි දෙන ලද සාක්ෂිය ව්‍යාජ එකක් බව පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

පරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 127වන කොටස යටතේ රන්බන්ඩා විසින් එම ප්‍රකාශව කරන ලද්දේ රජයේ සාක්ෂිකරුවකුවීමේ පොරොන්දුව පිටය.

මේ වන විට මෙම නඩුවෙහි සාක්ෂිකරුවන් විය යුතුව තිබූ සුමතිපාල සුරේශ් කුමාර් නොහොත් තවේන්ද්‍රන් මුරලි ශ්‍රී ලංකාවෙන් පලා ගොස් තිබේ. ඔහු ප්‍රථමයෙන් මලයාසියාවට ගොස් ප්‍රංශය බලා ගිය අතර අත් අඩංඟවට පත්ව ඇතියි ඔහුගේ බිරිඳ දන්වා තිබේ. ඔහු 2009 වර්ශයේදී රජයේ හමුදාවන්ට බාර වූ එල්ටීටීඊ සාමාජිකයෙකි. ඊට අමතරව ගිරිතලේ හමුදා කඳවුරෙහි ප්‍රගීත් සමඟ රඳවා සිටි බව කියන රාම් නම් එල්ටීටීඊ සාමාජිකයා ගැනද තොරතුරක් නැති බව පැවසේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් නම දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ

මෙම විත්තිකරුවන් වන්නේ ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්.රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී..ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.

බුද්ධි නිලධාරි ඒ. එම්. රංබණ්ඩා මෙයට කලින් හෝමාගම අධිකරණය හමුවෙහි සාක්ෂි දෙමින් ප්‍රකාශ කරන ලද්දේ පැහැරගන්නා ලද ප්‍රගීත් එක්නැළිගොඩගෙන් තමන් ප්‍රශ්ණ කරමින් සිටියදී වෙනත් හමුදා නිලධාරියකු විසින් ඔහු රැගෙන ය ලද බවයි. එවකට ඔහු ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටි නිලධාරියා විය. තමන් ප්‍රගීත් එක්නැළිගොඩගෙන් එක් දිනක් වරින් වර ප්‍රශ්ණ කිරීමෙන් පසු දෙවැනි දිනයේදී වෙනත් කණ්ඩායමක් ඔහු රැගෙන ගි බවත් ඔවුන් ආපසු එන විට ප්‍රගීත් එක්නැළිගොඩ ඔවුන් සමඟ නොසිටි බවත් ඔහු සාක්ෂි දෙමින් පැවසීය. ප්‍රගීත්ට මළ මුත්‍රාකර ගැනීමට බැරිවන තරමට පහර දී තිබූ බවද ඔහු ප්‍රකාශ කර තිබුණි.

එසේ නමුත් පසුගි 18වනදා පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ඔහු කියා සිටියේ හෝමාගම මහෙස්ත්‍රාත් ඉදිරියේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් තමා දුන් සාක්ෂිය බොරුවක් බවත් එසේ කීවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වාගේ බලපෑම් මත බවත්ය.

එසේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ තර්ජන සහ බලපෑම් මත අසත්‍ය ප්‍රකාශ පහක්, හයක් සිදුකිරීමට තමාට සිදුවූ බවත් තර්ජන සහ බලපෑම් මත තමා කළ එම ප්‍රකාශ නිසා හමුදාවට මෙන්ම තමන්ට ද අපකීර්තියක් සිදු වූ බව ඔහු කොමිසමට කියා සිටි බව 18වැනි දින දිවයින පුවත්පත වාර්තා කළේය.

ඔහු කියා ඇත්තේ හෝමාගම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබාදිය යුතු ප‍්‍රකාශය තමන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළයක ලියා දී තිබූ බවත් එම කොළය ‍ පසුව ඔවුන් ආපසු ලබාගත් බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිවේදියකු පැවසූවේ ඕනෑම සාක්ෂිකරුවකුට මහේස්ත්‍රාත්වරයකු හමුවේ රහසිගතව ප්‍රකාශයක් ලබා දීමට අවස්ථාව ඇති බවත් බලපෑම් එල්ල වී ඇත්නම් සාක්ෂිකරුවන් විසින් කළ යුත්තේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම බවත්ය.

දැනටමත් ත්‍රි පුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වන නඩුවක සාක්ෂි කරුවකු වන විශ‍්‍රාමික බුද්ධි නිලධාරි ඒ. එම්. රංබණ්ඩා දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම දඩුවම් ලැබිය හැකි වරදක් බව එම මහාධිකරණය ඔහුට තරයේ අවවාද කළ බව ද මාධ්‍ය වාර්තා කරයි. මින් ඉදිරියට එවැනි කොමිසමක හෝ පහළ උසාවියක සාක්ෂි නොදෙන ලෙස මහාධිකරණය රංබණ්ඩාට අවවාද කරමින් කියා සිට ඇත්තේ යළිත් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් තදබල පියවරක් ගන්නා බවයි. පසුගිය සැප්තැම්බර් 07 දින මහාධිකරණය හමුවේ සාක්ෂි දීමට කැදවා තිබූ නමුත් සිය උදරයේ අමාරුවක් ඇතැයි එදින නොපැනීමට රංබන්බා ඉදිරිපත් කල හේතුව පිළිගත නොහැකි යැයිද මහාධිකරණය කියා සිට තිබේ.

මේ අතර පසුගිය 18වන දින දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මෙම නඩුවේ සැකකරැවකුවන සහ ඇප පිට සිටින යුද හමුදා බුද්ධි බලකායේ බලයලත් නිලධාරී අයියසාමි බාලසුබ්‍රමනියම් සාක්ෂි දෙමින් කියා සිට ඇත්තේ ප්‍රගීත් එකනැළිගොඩ මාධ්‍යවේදියා පැහැර ගෙන ගොස් මරා දැමූ බවට තමාට විරුද්ධව බොරු සාක්ෂි මත නඩු දමා ඇත්තේ දේශපනිකව පළිගැනීමට බවය. එසේ නමුත් තමාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර විසින් මෙම නඩුවට ගෝඨාභය රාජපක්ෂ පටලැවීමට කරන ලද බලපෑම්වලට තමා අවනත නොවී යැයිද ඔහු ප්‍රකාශ කර තිබේ.

ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පැහැරගැනීම පිළිබඳ නඩුව ඊයේ එනම් 22 දින විභාගයට ගත් අවස්ථාවෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්ථමේන්තුවේ නිතිඥ දිලීප පීරිස් කියා සිටියේ ඔහු විසින් දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ දෙන ලද සාක්ෂිය පරීක්ෂා නොකර විශ‍්‍රාමික බුද්ධි නිලධාරි ඒ. එම්. රංබණ්ඩාගේ සාක්ෂිය මෙහෙයවීමට තමා සූදානම් නැති බවය. තවද ඔහු පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් කැදවනවාද නැත්ද යන්න තීරණය කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

Archive

Latest news

සිවිල් තත්වය, ධනය, බලය හෝ දේශපාලන හිතවත්කම අනුව මිනීමරුවකු නිදහස් කිරීමද අපරාධයකි – නීතිඥ සේනක පෙරේරා

දුමින්ද සිල්වා නිදහස් කිරිම හා යුක්තියේ අපගමනය මරණ දඩුවම ලබා බන්ධනාගාර ගතකොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර තිබේ. සිරකරුවෙක් නිදහස් කිරිම සම්බන්ධයෙන් අප විරුද්ධ නොවුනත්...

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – සුනන්ද දේශප්‍රිය

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළ යුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර...

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

Related news

සිවිල් තත්වය, ධනය, බලය හෝ දේශපාලන හිතවත්කම අනුව මිනීමරුවකු නිදහස් කිරීමද අපරාධයකි – නීතිඥ සේනක පෙරේරා

දුමින්ද සිල්වා නිදහස් කිරිම හා යුක්තියේ අපගමනය මරණ දඩුවම ලබා බන්ධනාගාර ගතකොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර තිබේ. සිරකරුවෙක් නිදහස් කිරිම සම්බන්ධයෙන් අප විරුද්ධ නොවුනත්...

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – සුනන්ද දේශප්‍රිය

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළ යුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර...

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...