Sunday, May 23, 2021

ජර්මනිය සැකකාර එල්ටීටීඊ සාමාජිකයකුට යුද අපරාධ නඩුවක් පවරයි.

අත් අඩංඟුවට ගන්නා ලද රජයේ සොල්දාදුවන් 15 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයෙහි සාමාජිකයකු ලෙස සිටි බව කියැවෙන පුද්ගලයකුට එරෙහිව පසුගිය12දා ජර්මනියෙහි නඩු පවරන ලදී්‍

මෙම නඩුව පවරා ඇත්තේ විශ්වමය අධිකරණ බලය යටතේ ය.  පසුගිය මාර්තා මාසයේ පැවැති ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාවෙහිදී ,  මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව තුල මේතාක් යුද සමයෙහි වූ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට අධිකරණමය යාන්ත්‍රණයක පිහිටුවා නැති බැවින් විශ්වමය අධිකරණ බලය යටතේ හැකි අවස්ථාවනිහිදී එවැනි පුද්ගලයින්ට නඩු පවරන සේ අන්තර් ජාතික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළා ය.

37 හැවිරිදි මෙම පුද්ගලයාගේ නම සිවතීබන් බී. යනුවෙන් දක්වා තිබේ. ඔහුට විරුද්දව ඇති චෝදනාව වන්නේ විදේශ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයකුවීම, යුද අපරාධ සිදු කිරීම, මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීම සම 11 වතාවක් මනුෂ්‍ය ඝාතනය සඳහා උත්සාහ කිරීමය. ජර්මානු රහස්‍ය නීතිය යටතේ ඔහුගේ වාසගම ප්‍රසිද්ධ කර නැත.

පැමිණිල්ල ඉදරිපත්කර ඇති චෝදනා වන්න් 2008 වසරෙහි දී මෙම පුද්ගලයා එල්ටීටීඊ ය විසින් අත් අඩංඟුවට ගෙන පසුව ඝාතනය කළ රජයේ සොලදාදුවන් 15 දෙනෙකු ුමුර කිරීම සහ පසුව එම සිරුරු පුලුස්සා දැමීමට සහය වීම යනුය. තවත් චෝදනාවක් නම් සොල්දාදුවන් 13දෙනෙකුට වෙඩි තබා ඉන් දෙනෛකු ඝාතනය කිරීමය.

ශ්‍රී ලංකාණ්ඩුව මේතාක් කිසිදු හිටපු එල්ටීටීඊ නායකයකුට එරෙහිව යුද අපරාධ නඩු පවරා නැත. යම් හෙයකින් රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වන කරුණා අම්මාන් හෝ මහ ඇමැතිවරයකු වූ පිල්ලයාන් හෝ දැනට කිලිනොච්චියෙහි ආරක්ෂිතව ජීවත්වන කේ.පී . හෝ විදේශගත වුව හොත් ඔවුන්ට එරෙහිව ද මෙවැනි නඩු පැවරෙනු ඇති බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Archive

Latest news

පිස්සකුගේ දින සටහන්: “මං දැං වහලෙක් සත්තාමි”

ජිං පිං මහප්පා අපේ රැකවරණය බාරගත්ත වාසනාවන්ත දවසට කලින් අනිද්දා--- ඉල්ලංකාවේ වසනා පින්බර පුතුන් සියයක් නොව හැටහුටාමාරක් ජනතාවගේ සුවර්ණමය කාලය උදාවෙමින් තිබෙනවාය. දැන් අපිට ඉස්සර වාගේ...

රජයේ සේවකයන් බියගන්වා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ ආණ්ඩුවේ උත්සාහ නින්දිතයි – වැඩකරන ජන බලය

මැයි 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ෆේස්බුක් වෙබ් අඩවියෙහි...

සෞඛ්‍ය ලේකම්වරයාගේ ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව මාධ්‍ය වෙත තොරතුරු...

මෙරට අලුත්ම කොවිඩ් ගොදුර දරුවන්: ළදරුවන්ට මුහුණු ආවරණ පැළදවීමට මඟ පෙන්වීම් මෙන්න

ඡායාරූපය: ඔබේ දරැවාගේ ප්‍රියතම සෙල්ලම් සතකුට මුහුණු ආවරණයක් පළදවා පෙන්වන්න. මෙරට දරුවන් කොවිඩි වසංගතයේ නවතම ගොදුරක් වී ඇති බැවින්  වසය අව්රුදු දෙකේ සිට ඉහළට දරුවන්...

Related news