Wednesday, August 11, 2021

ජනාධිපති ‌‌රාජපක්ෂ වෙත ලියා දන්වමි: සුදු කරපටි බැඳුම්කර හොරුන්ට දැන් දඩුවම් දෙන්න! – සුනිල් හදුන්නෙත්ති

ගරු ජනාධිපති, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය, කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

1.මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයිමහත් ආන්දෝලනයට තුඩු දුන් හා රටේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය වන මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විශේෂඥ දැනුමැති ආයතන සම්බන්ධ කරගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ සභාගත කර තිබේ.

  1. එම වෝහාරික විගණන වාර්තාව මගින් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් හා මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් සිදු කරන ලද පරීක්ෂණවල නිගමන හා නිර්දේශ සනාථ කරනු ලැබ ඇති අතර විද්‍යාත්මක විමර්ශන මගින් නෛතික පසුබිමද ශක්තිමත් කරනු ලැබ තිබේ. කෝප් කමිටුවේ ඉල්ලීම අනුව මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේම ඒ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුත්තක් වෙනුවෙනි. එබැවින් එයින් එම ප‍්‍රයෝජනය ගැනීම ඒ වෙනුවෙන් යොදවන ලද කාලය හා මහජන මුදල් අපතේ නොහැරීමකි.
  2. විශේෂයෙන් බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වංචාවන් හා අක‍්‍රමිකතාවන් සිදුවීමේ ආරම්භක කාල වකවානුව දක්වාම මෙම වෝහාරික විගණන වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබීම මගින් ළබැඳියාවන් අතර ගැටුම දිගු කාලයක් පුරා ප‍්‍රධානතම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ ක‍්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා ඇති බව සනාථ කොට ඇත. මේ වාර්තාවට එරෙහිව විවිධ පුද්ගලයින්ගේ කලබලවීම් මගින් හා රටින් පලායාම්වලින් පෙනී යන්නේ මේ වංචා සහගත ගනුදෙනුවලට එරෙහි නෛතික ක‍්‍රියාවලිය පිළිබඳව ඔවුන් කෙතරම් කලබල වී සිටින්නේද යන්නය.
  3. මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මගින් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ මෙම බැඳුම්කර වංචාවේ බලපෑම හුදු ශ‍්‍රී ලංකා මහ බැංකුවට පමණක් නොවන බවයි. මේ සුදු කරපටි අපරාධකරුවන් විසින් රටේ වැඩකරන ජනතාව ඉතාම දුෂ්කර තත්වයන් යටතේ තමන්ගේ විශ‍්‍රාමය වෙනුවෙන් රැස් කරන ලද සේවක අර්ථසාධක අරමුදලට මෙම ගනුදෙනු මගින් බරපතළ පාඩුවක් සිදුකර ඇති බවද හෙළිදරව් වී තිබේ.
  4. මෙම මූල්‍ය කොල්ලකරුවන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීම මේ වන විටද අවම වශයෙන් වසර 05කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී තිබේ. වෝහාරික විගණන වාර්තාව එළිදැක ඇති බැවින් එය පදනම් කරගනිමින් අධිකරණ කි‍්‍රයාවලිය ආරම්භ කිරීමට ඔබතුමාට හා ඔබතුමාගේ ආණ්ඩුවට බලය ලැබී ඇත. එසේම මේ පිළිබඳව කඩිනමින් ක‍්‍රියාත්මක නොවුවහොත් රටේ මූල්‍ය නීති සාමාන්‍ය ජනතාවටත් සුදු කරපටි අපරාධකාරයන්ටත් වෙනස් ලෙස කි‍්‍රයාත්මක වෙන බවට විශ්වාසයක් ඇති විය හැකි අතර එය රටේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසය මෙන්ම නීතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසයද බරපතළ ලෙස පළුදු කරනු නොඅනුමානය.
  5. රටේ මහජන මුදල් අතිවිශාල මුදලක් කොල්ලකෑ බැඳුම්කර ජාවාරමට අදාළ අපරාධකරුවන් හෙළිදරව් කිරීම සඳහාත් එම මහජන මුදල් රටට අත්කර ගැනීම සඳහාත් වංචාව හෙළිදරව් වූ පළමු පැයේ සිටම කැපවී සිටි අපි මෙම මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් ලබා දෙන තුරු මහජනතාව සමග ඒ සඳහා වන අරගලයේ අඛණ්ඩව රැඳී සිටින බව අවධාරණය කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමු. එබැවින් මෙම වාර්තාවේ සඳහන් සියලුම බැඳුම්කර වංචනිකයින් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට අවශ්‍ය අධිකරණමය ක‍්‍රියාමාර්ගයන් කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

සුනිල් හඳුන්නෙත්ති

හිටපු කෝප් කමිටු සභාපති

පාර්ලිමේන්තු මන්ත‍්‍රී

ජනතා විමුක්ති පෙරමුණ

2020.01.27

Archive

Latest news

ඒ නීතිපතිට විරුද්ධව මේ නීතිපති නොහොත් සේනාධිපතිගේ කල්ල මරේ යෑම

ඡායාරූපය: නීතිපති සංජිය රාජරත්නම්ගේ තර්තය අනුව නිවික හමුදාව පවත්වාගෙන යන හැමන් හිල් හෝටලය අද හෙටම සේනාධිපතිටම දීමට ඉඩ තිබේ. සමුද්‍රාරක්ෂණ සේවා සැපයීමේ ව්‍යාපෘතිය යළි  රක්නා...

රාජ්‍ය නොවන සංවිධාන නියාමනයට නව පනතක් ගෝඨාභය යෝජනා කරයි

මෙරට පවත්නා රාජ්‍ය නොව නසංවිධාන නියාමනය කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබේ.  මේ සඳහන් වන්නේ 2021-08-09...

නවතම දේශගුණික පුරෝකථන : සාගරය මීටරයක් ඉහළට; නිරන්තර ගිගිරුම් වැසි ; දියවූ අයිස් කඳු ;ගෝලීය උණුසුම ඉහළට – අප කොයිබටද?

ඡායාරූපය: මාලදිවයනට පසු දකුණු ආසියාවෙහි බංගලදේශය මුහුණ දෙනු ඇත්තේ මහත් විපතකටය. (Unicef photo) දෙ දිනකට පෙර නිකුත් කරන ලද IPCC, The Intergovernmental Panel on Climate...

ශ්‍රී ලංකාවේ කොවිඩ් සහ ඩෙල්ටා: කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවනන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

රෝහල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. එබැවින් කල් නොමරා...

Related news