Tuesday, July 27, 2021

එක්රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ශ්‍රී ලංකා වාර්තාව : (02) ලංකාණ්ඩුවට කැරෙන නිර්දේශ

95. එක්රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ක්ලෙමො වුලේ  2019 ජූලි මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරයෙන් පසු  ලංකාන්ඩුව වෙත ඉදිරිපත්කර ඇති නිර්දේශ මෙසේය. මෙම නිර්දේශ ඇතුළත් වනනේ  ජූලි 30දායින් ඇරඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 44වන සැසිවාරයට ඔහු විසින් කරනු ලබන දීර්ඝ වාර්තාවෙහිය.

() ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතයන් හා ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා සාමකාමී රැස්වීමේ නිදහසට අදාළ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීම සලකා බලන්න;

() සංවිධායකයින් සහ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්නීතියට අනුව රැස්වීම් සංවිධානය කිරීම පහසු කිරීම සඳහා සාමකාමී එක්රැස්වීමේ නිදහස පිළිබඳ නීති සහ රෙගුලාසි මත පදනම්වූ පැහැදිලි හා විවෘත මඟ පෙන්වීම් වර්ධනය කිරීම සලකා බලන්න;

එජා විශේෂ නියෝජිත ක්ලෙමො වුලේ

() සාපරාධී අවදානමකින් තොරව ස්වයංසිද්ධ හෝ හදිසි රැස්වීම් පැවැත්වීමට ඉඩ දීම සඳහා දැනුම් දීමේ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් නීතිය සංශෝධනය කිරීම සලකා බලන්න;

()) සාමකාමී එක්රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන විරෝධතාකරුවන් අපරාධකරුවන්බවට පත්කැරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු ජාතික ආරක්ෂක නීති භාවිතා කිරීමෙන් වළකින්න;

() අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට සැමවිටම පටහැනි පියවරක් වන, සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අන්තර්ජාලය වසා දැමීමෙන් වළකින්න; අන්තර් ජාලයෙහි පළ කැරෙන ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන් සහ ව්‍යාජ තොරතුරු සම්බන්ධයෙන් ලදායී හා සාක්ෂිමත පියවර ගැනීම සඳහා සිවිල් සමාජය, මාධ්‍ය, අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය සමාගම් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න. එය අන්තර් ජාතික මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සිදු කරන්න.

() එක්රැස්වීම් විසුරුවා හැරීම සඳහා කිසියම් බලයක් භාවිතා කිරීමෙහිදී ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන බවත්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් බලය සහ ගිනි අවි භාවිතා කිරීම පිළිබඳ මූලික මූලධර්ම සහ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා වන චර්යාධර්ම පද්ධතිය ද පුහුණුවෙහිදී ලද නියමයන්ද පිළිපදින බවත් සහතික කරන්න.

() කවර හෝ එක්රැස්වීමක් වැළැක්වීම හෝ නැවැත්වීම සඳහා කිසියම් අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින විට සංවිධායකයින්ට එයට අභියෝග කිරීමට ප්‍රමාණවත් කාලයක් හා අවස්ථාවක් ලබා දෙන බවටත් එක්රැස්වීම අතරතුර අනෙක් අය විසින් කරන නීති විරෝධී ක්‍රියාවන්ට  විරෝධතා සංවිධායකයින් පෞද්ගලිකව වගකිව යුතු නැති බවත් සහතික කරන්න.

()  ජාතික හා ආගමික සුළුතරයන්, සමරිසි සහ සංක්‍රාන්ති කණ්ඩායම් යානාදීන්, ළමුන් සහ කාන්තාවන් වැනි කණ්ඩායම් වලට සාමකාමී එක්රැස්වීමේ අයිතිය සුරක්ෂිතව ක්‍රියාත්මක කළහැකි බව, තෙවන පාර්ශවයන්ගේ පහරදීම්, හිරිහැර කිරීම් සහ බිය ගැන්වීම් වලින් එම කන්ඩායමි කිරීම මගින් සහතික කරන්න;

() ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන් ඝාතනයන් හා තුවාල කිරීම්, රතුපස්වල, වැලිකඩ බන්ධනාගාර සහ රොෂාන් චානක නඩුද ඇතුළුව ක්ෂණිකව, ස්වාධීනව හා විනිවිදභාවයෙන් විමර්ශනය කර නඩු පැවරෙන බව සහතික කරන්න.

මෙම ලිපියට අදාළ පෙර ලිපිය මෙතැනින් කියවන්න: රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ශ්‍රී ලංකා වාර්තාව (01): නිගමන සහ සිවිල් සමාජයට නිර්දේශ

 (මෙය එජා සංවිධානය විසින් කරන ලද නිල පරිවර්ථනයක් නොවන බව සළකන්න) 

Archive

Latest news

‘කිරි හරක් ණයට අරං බාබිකිව් දැම්ම ග්‍රීසිය‘ – ලංකාවේ ඩොලර් ණය අර්බුදය සරළව

රජිත් කීර්ති තෙන්නකෝන්  විසිනි. 2012 – 2015 ‘ග්‍රීසියේ සිදු වූ ආර්ථිකය බිඳ වැටීම, මේ සතියේ ලංකාවේ සිදු වන්නේ නැත.  නමුත් තව මාස තුන හතරක්  ගැන...

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

Related news