Wednesday, June 2, 2021

ඇප්ගනිස්ථානයෙහි හඬකැවීම් මාධ්‍ය සේවිකාවන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි.

ඇප්ගනිස්ථානයෙහි නැගෙනහර දිග ප්‍රධාන නගරය වන ජලලාබාද්හිදී එනිකස් රූපවාහිනී ජාලයේ මාධ්‍ය සේවිකාවන් තිදෙනෙකු වැඩ ඇරී නිවස බලා යමින් සිටියදී පසුගිය මාර්තු දෙවැනිදා වෙඩි තබා ඝාතනය කරන ලදී

මෙම ඝාතනයන්ගේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය නොහොත් අයිඒස් විසින් බාර ගන්නා ලදී. එය ස්ත්‍රී අයිතීන්ට සහමුලින්ම විරුද්ධ සංවිධානයකි.

ඔවුන් තිදෙනාම ඝාතනය කරන ලද්දේ සැළසුම් සහගත වෙඩි ප්‍රහාර දෙකක් මගිනි. ඔවුහු විකාශන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් වූහ.

ඉන් එක් අයකු වූ මුර්සාල් වහීඩිගේ සිහින රැකියාව වූයේ පුවත්පත් කලාවයි. අධ්‍යාපනය අවසන් වූ වහාම ඇය නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇගේ උපන් නගරයේ ප්‍රාදේශීය රූපවාහිනී ආයතනයකට බැදුණි.

21 හැවිරිදි මුර්සාල් වහීඩි කාර්යාලයෙන් පිටව නිවෙස කරා පා ගමනින් යමින් සිටියේය. ඇයට තැබීමට හැකි වූයේ පියවර කිහිපයක් පමණි. තුවක්කුකරුවෙක් ඇගේ හිසට සහ පපුවට එක එල්ලේම වෙඩි තැබීය. ඇය එතැනම එවෙලෙහිම මිය ගියාය.

ඇගේ සමකාලීනයන් දෙදෙනෙකු වන 21 හැවිරිදි සාඩියා සදාත් සහ 20 හැවිරිදි ෂහානාස් රවුෆි වැඩ අවසන්ව ත්‍රී රෝද රථයකින් තම නිවෙස් අසල ළඟාවෙත්ම ඔවුන් පසුපසින් පැමිණි තවත් ත්‍රී රෝද රථයක සිටි තුවක්කුකරුවෝ වෙඩි තැබූහ. ඔවුන් දෙදෙනාද එතැනම දෙදෙනාම මිය ගියහ.

ඔවුන් තුර්කියේ සහ ඉන්දියාවේ ජනප්‍රිය හා බොහෝ විට හැඟීම්වලින් පිරි නාට්‍ය ඇෆ්ගනිස්ථානයේ දේශීය භාෂාවන් වන දාරි සහ පෂ්තූන් භාෂාවන්ට හඩ කැවීම් කල මාධ්‍ය සේවිකාවන් වූහ..

මෙම කුරිරු ඝාතන ගැන අපි කෝපයට පත් වෙමු. මෙම දරුණු අපරාධ විමර්ශනය කර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ක්ෂේත්‍රයේ මාධ්‍ය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාවඉහළ නංවන ලෙස අපි ඉල්ලා සිටිමු.” යැයි AFJC අපේගනිස්ථාන පෙඩරල් මාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

මාධ්‍ය සේවකයින්ට එරෙහි ප්‍රහාර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වන මූලික මානව අයිතියට හා ඇෆ්ගනිස්ථානයට අත්‍යවශ්‍ය වෘත්තියක් කිරීමට මාධ්‍යවේදෙනියන් සහ මාධ්‍යවේදීන්ට, විශේෂයෙන් ස්ත්‍රීන්ට ඇති අයිතියට හානි කරයි” යනුවෙන් ද එම සංගමය ප්‍රකාශ කර තිබේ.

2020 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කළ දින සිට ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 11 දෙනෙකු ඝාතනය කර තිබේ.

Archive

Latest news

නව මිලිටරි පත් කිරීම් සංක්‍රමණික යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන් නැත්තටම නැති කරයි – යස්මින් සූකා

යුද සමයේ සිටි පොලිස්පති වරයකු වන ජයන්ත වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරයකු ලෙස පත් කිරීම විසින් පසුගිය ආණ්ඩුව විසින් ස්ථාපිත කරන ලද...

කොවිඩ් නීති කැඩුවයි යාපනයේ 5ක් දවස් 7කට රිමාන්ඩ්! ෂං ග්‍රිල්ලා හා පොලිස් පාටි දැමූ අය නිදහස්

ශ්‍රී ලංකාවේ ක්‍රිියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් ලොකු ලොක්කන් හමුවේ නීතිය බලුවන බවත් පෙන්වන උදාහරණයක් යාපනයෙන් වාර්තා වෙයි. යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින්...

වසර 15කට චීනයටම දෙන අතුරුගිරිය-කැළනිය අධිවේගී මාර්ගයේ ගමනාගමනය බලන්නේ කව්ද? – එජාපය තොරතුරු ඉල්ලයි!

ජායාරූපය: ශ්‍රී ලංකාවෙහි චීන ජාතික කම්කරුවෝ ලක්ෂ ගණනාවක් වෙති. එක්සත් ජාතික පක්ෂය අද එනම්  31 දා, අතුරුගීරියේ සිට කැළනිය දක්වා වූ උඩින් දිවෙන මාර්ගයේ ඉදිකිරීම්...

කවි: සහෝදරයට මතක නැතුවැති, එහෙම නැත්නං වලදාලා ඇති- චූලානන්ද සමරනායක

සහෝදරයට මතක නැතුවැති එහෙම නැත්නං වලදාලා ඇති පාර දිග පෙලපාලි ගියහැටි පංති සතුරට තග දාපු හැටි උස්සලා අත් දෙකම ඉහලට මිට මොළවලා කෑ ගහපු හැටි බිම හෙලන තුරු සූරා කන්නන් සටන්...

Related news