Thursday, June 24, 2021

හෝන් ගහපු රාජපක්ෂලා හෝන් වලට බයවීම නොහොත් මර්දනයේ සෙවනැල්ල

ඡායාරූපය: 1992 ජූනි මාසයේ ජනඝෝෂා හෝන් ගහන මහින්ද රාජපක්ෂ.

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තය. එජාප ආණ්ඩුවට විරුද්ධව ජනඝෝෂා නමින් රටපුරා විරෝධතා සංවිධානය කළ මහින්ද රාජපක්ෂ යටතේ දැන් විරෝධය පෑමට වාහන හෝන් හැඩවීම තහනම්ය.

එම ජනඝෝෂා දිනයෙහි බෙර වාදනයක යෙදුණු හොරණ ප්‍රාදේශිය සභාවේ මංත්‍රීවරයෙකු වු වන දයාසේන අමරතුංගට පහරදුන් පොලීසිය ඔහුගේ බෙරය කඩා බිද දමන ලදී. එම පහර දීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරනයෙහි මුලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදී. ජනඝෝශා නඩුව නමින් හදුන්වන මෙය 1993 දී විභාගයට ගන්නා ලදී. විපක්‍ෂ 1992 ජූනි මස ජන ඝෝෂා ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ අනාගතයේදි ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි අදහස් පළ කිරීමේ නිදහස පිළිබද අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සහතික කිරීමයි.

මේ ගැන සටහනක් තබන කුසල් පෙරේරා මෙසේ පවසයි.

හෝන් ගසා හිරේ යෑම සහ සිවිල් අනවනතභාවය ( Civil Disobedience) ගැන කීමට වඩාත්ම සුදුසු පුද්ගලයා අගමැති මහින්ද රාජපක්ෂයි. ඔහුගෙන් අහන්න 1992 ජුනි 04 වෙනිදා ඔහු නාකත්වය දුන් ජනඝෝෂාව මේ හෝන් ගැහිල්ලෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියලා. එදා හොරණ ජනඝෝෂාවට හවුල් වූ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිසියෙන් නඩු දැම්මා. අධිකරණයෙන් ඒ සියලු දෙන නිදොස්කොට නිදහස් කෙරුවා, සාමකාමීව විරෝධය පෑමට ජනතාවට මූලික අයිතියක් තියෙනවා කියලා. මේ සමග පහත ඇති screen shot එකත් බලන්න. ඒ කියන්නෙ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ” .

ඇත්ත වශයෙන්ම නම් එකළ විීදි සටන්කරුව්කු වූ  මහින්ද රාජපක්ෂට එවැනි අදහස් දුන්නේ කුසල්මය.

යුක්තිය” පුවත්පතෙහි කතෘ මන්ඩලයේ බාගයකටත් වඩා රැගෙන මම ද එදින කොළඹ ලිප්ටන් වට රවුමේ පැවැති එම ජන ඝෝෂා විරෝධයට ගියෙමි.

අද එම රාජපක්ෂගේ අගමැතිකම යටතේම විරෝධය පෑමක් ලෙස වාහන නළා ශබ්ද කිරීමට මූලිකත්වය ගත් ගත් මෙරට පුරවැසියකු පොලීසිය අත් අඩංඟුවට ගෙන තිබේ.

ලැජ්ජා නැතිකම් මහ මුදලිකමට වඩා ලොකුය!.

මේ අත්අඩංඟුවට ගැනීම හුදකලා සිදුවීමක් නොවේ. මේ වනාහී රාජපක්ෂ පාලනයේ ප්‍රතිරෑපයට කටු මැටි ගසා ගැනීමට දැරෙන දැවැන්ත ව්‍යාපාරයක කොටසකි. මර්දනය මගින් අදහස් යටපත් කිරීම ප්‍රතිරෑප පිළියම් කර ගැනිමේ එක් කොටසකි.

මෙම අත්අඩංගුවට ගැනීමේ තීරනාත්මක කොටස පොලිස් කූඩුව නොවේ. එමගින් කරනු ලබන බිය වැද්දවීමයි. දැන් ඉතිං මෙවැනි අහිංසක විරෝධයක් හෝ පෑමට කලින් කවරකු වුවත් දෙවරක් සිතතවා ඇත.

පසුගිය ආණ්ඩු සමයෙහි වාහන නළා හැඬවීම සාධාරණ කරමින් මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය සහ අද කෙරුණු අත්අඩංඟුවට ගැනීම

දශ ලක්ෂ ගණනින් පුද්ගලික අංහයෙන් වැටුප් ලබා ගන්නා ජනප්‍රිය මාධ්‍ය ප්‍රධානීන් රාජපක්ෂ ජනාධිපති ධූරය පිම්බීම පිනිස බඳවා ගැනීමත් මෙම පුරවැසියා අත්අඩංඟුවට ගැනීමත් එකම කාසියේ දෙපැත්තය.

මෙම පුරවැසියා අත්අඩං ගුවට ගැනීම අප කියවිය යුත්තේ පසුගියදා අත්අඩංඟුවට ගෙන සිරගෙදරදී දේශපාලන අඩම්තේට්ටම්වලට සහ වධබන්ධනයන්ට ලක් කරන ලද පාරිභෝගික අයිතීන් පිළිබඳ ක්‍රියාධරයකු වන අසේල සම්පත්ගේ කතාව සමඟය. බන්ධනාගාර නිලධාරීන් ඔහුට ගරහා ඇත්තේ ඔහු ජාතික වන්නට ඇත්තේ ඔහුගේ මව තිරිසනුන් සමඟ නිදිවැද්ද නිසායැයි කියාය.

සාමාන්‍යයෙන් සමාජ ක්‍රියාකාරිකයකු රැදවුම් බාරයට පත් කළ විට සිරගෙදරදී ලැබෙන්නේ යහපත් සැළකිළිය. දැන් එම තත්වයද සම්පූර්නයෙන්ම නොපිට හැරවී තිබේ. ඔහුට දෙන ලද වධ බන්ධන තේරුම් ගැනිමට මෙහි ඇති විඩියෝව නරඹන්න. අසේල සම්පත්ට හිරගෙදරදී පහරදීම ගැන සිරකරු අයිතිවාසිකම් කමිටුව පරීක්ෂනයක් ඉල්ලයි! (වීඩියෝ)

මෙම පුරවැසියා අත්අඩංගුවට ගත්තේ කුමන නීතියක් යටතේ දැයි ප්‍රශ්ණ කරන ට්ව්ට සමාජ ජාල අවකාශයේ සංසරණය වෙයි. රාජපක්ෂවරුන්ට යමෙක් අත්අඩංගුවට ගැනීමට නීතියක් අවශ්‍ය යැයි තවමත් කවරකු හෝ කල්පනා කරන්නේ නම් ඔහු හෝ ඇය ජීවත් වන්නේ වෙනත් ග්‍රහලෝකයක විය යුතුය.

එම ප්‍රශ්ණය අප ඇසිය යුත්තේ විරෝධ්‍ය පෑමක් වශයෙන් මිස රාජපක්ෂවරු නීතියේ ආධිපත්‍යට ගරු කරනු ඇතැයි යන මිත්‍යාවෙන් නොවේ. යාපනයේදී ප්‍රභාකරන්ගේ පින්තූරයක් සිය ජංගම දුර කථනයේ තිබුණැයි තරුණයකු අත් අඩංඟුවට ගත්තේ මෙයට සති කිහිපයකට පෙරය. ආන්ඩුව විවේචනය කරන ලද ෆේස් බුක් සටහන් දැමීයයි මාර්ගද්ථ ප්‍රවාහන අදිකාරියේ නිලධාරිනියන් දෙදෙනෙකුට දඩුවම් මාරු දෙන ලද්දේ පසුගිය සතියේය. පාර්ලිමේන්තුවෙහි කරන ලද කතාවකට මංත්‍රී හරීන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීමට සැළසම් කරන ලද්දේ ද ඊයේ පෙරේදාය.

මේ ලැයිස්තුව දිගය. හෝන් ගැසීමට ජනයාට ආරාධනා කළ තරුණයා අත්අඩංඟුවට ගැනීම මෙම ක්‍රියාවළියේ එක් සිදුවීමක් පමණි.

මාජ මාධ්‍ය පාලන නීතිද රාජ්‍ය නොවන සංවිධාන පාලන නීතිද අත ළඟය. අපි එන්ජීඕ නොවෙයි අපි සමජ මාධ්‍ය නොවෙයි කියා පැස්බරු මෙන් පුක එළියේ තබා හිස සඟවා ගන්නා අයද කරාද මේ මර්දනය එනවා ඇත.

– Sunanda Deshapriya

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news