Thursday, June 24, 2021

සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා කිරීම මර්දනයටම ගත් පියවරක්

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයන්ය. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැත. මේ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ද සැලකිය යුතු පිරිසකට මේ වන විට කෝවිඞ් 19 ආසාදනය වී ඇත. මේ තත්වය මත හෙද, පරිපූරක වෛi  ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24 ක් ඒකාබද්ධව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට බලකිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ප‍්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව අද (2021.06.03) දින පෙ.ව. 7.00 සිට 12.00 දක්වා පැය 5 ක් සෞඛ්‍ය සේවකයන් සේවයෙන් බැහැරවීමට කටයුතු කර තිබුණි.

එසේම සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වන විට තම ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග‍්‍රහයක ද නිරත වෙමින් සිටී.

එසේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී 2021 ජුනි 02 දිනැති 2230/9 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත. කෝවිඞ් 19 වසංගතයෙන් ආරක්ෂාවීමට ක්ෂේත‍්‍ර ගණනාවක් විසින් එන්නත් ඉල්ලා සිටීම හා ග‍්‍රාම නිලධාරීන් විසින් එන්නත් ලබාදෙන ලෙස බලකරමින් වැඩවර්ජනයක් දියත් කළ අවස්ථාවේද මේ ආකාරයෙන්ම එම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ හේතුවෙන් එන්නත් නොලබාම ග‍්‍රාම නිලධාරීන්ගේ වැඩවර්ජනය නතර කෙරුණි.

වසර එකහමාරකට වැඩි කාලයක් මෙරට කෝවිඞ්ව 19 වසංගත තත්වය තුළ තම සේවාවන් අඛණ්ඩ සිදු කිරීමට සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින් කටයුතු කළ අතර, සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි. ඒ තත්වය තුළ පැහැදිලි වන්නේ හදිසියේ මෙලෙස සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවා කිරීම ඔවුන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය මර්දනය සඳහාම කරන ලද්දක් බවයි.

වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දනය සඳහා යොදා ගත හැකි ප‍්‍රබලතම කි‍්‍රයාමාර්ගය වී ඇත්තේ එම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමයි. තම සේවාවන්ගේ කටයුතු කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය සේවකයින් විසින් ඉල්ලා සිටින විට එම ක‍්‍රමවේදය භාවිතා කරමින් ඔවුන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දනය කිරීම බරපතල කනගටුදායක තත්වයකි. සෞඛ්‍ය සේවකයන්ට කෝවිඞ් 19 වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පහසුකම් ලබා නොදී මේ ආකාරයෙන් ඔවුන්ගේ වෘත්තීය අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩකරන ජන බලය ලෙස අප දැඩි විරෝධය පළ කර සිටිමු.

ජොස්ප් ස්ටාලින්,  ජගත් ගුරුසිංහ,  චින්තක බණඩාර

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news