Thursday, June 24, 2021

වික්‍රමාන්විත මාධ්‍යවේදියා ක්වාද්රි

1987 දී සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ජනමාධ්‍යවේදී තනතුරු උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිහු තිදෙනෙක්  අයදුම් කළහ. අපට අවශ්‍ය වූයේ නැවුම් කුසලතාවන්ගෙන් සමන්විත වෙහෙස වී කටයුතු කළ හැකි අයයි. අපේ දැන්වීමට ප්‍රතිචාර දැක්වූ අනෙක් අය පරදා මෙම තිදෙනා ඉදිරියට ආවෝය. එම තිදෙනා නම් ක්වාද්රි ඉස්මායිල්, රොමේෂ් ප්‍රනාන්දු සහ ජේ.එෆ්. තිස්සනායගම් යන අයයි.

ඉංග්‍රීසි (ගෞරව) උපාධිධාරියකු වූ ක්වාද්රි තම වාග් චාතුර්යයන් රචනා කෞශල්‍යයත් මැනවින් ප්‍රදර්ශනය කළ අතර තොරතුරු කල්තියා ඉදිරිපත් කිරීම අතින් ද හෙතෙම නිපුනතාව දැක් වූයේය. එහෙත් ඔහු තම ඇදුරුතුමා වූ විශ්‍වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ සමඟ ඉක්මණින්ම වාදයක පැටලුනේය. ඒ මර්වින් ද සිල්වාගේ ලංකා ගාර්ඩියන් සඟරාවේ පිටු අතරේය. වාදය හමාර කරන ලෙස මර්වින් ඈෂ්ලිගෙන් ඉල්ලා සිටි අතර විවාදය නිමාවට පත් කරමින් ඈෂ්ලි පද පේලි දෙකක් ලියා එව්වේය. ඔහු කීවේ අප මෙපමණ කල් පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වූයේ ඩබ්.එච්. සමරනායකගේ ඉංග්ලිෂ් විත් ද ස්මයිල් (English with the Smile) පොතෙනි. එහෙත් දැන් එහි නවීකරණයට ලක්වූ පොතක් නිකුත් වී ඇත. ඒ ඉන්ග්ලිෂ් විත් අ ඉස්මායිල් (English with a Ismail) ය. සති පතා තීරු ලිපියක් ලියන්නට ලසන්ත වික්‍රමතුංගටත් ක්වාද්රිටත් පුවත් පතේ ඉඩ ලබා දීම මතභේදකාරී වික්‍රමාන්විතයකට ඉඩ ලබාදීමක් සේවිය. දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවූ සිද්ධීන් පිළිබඳව සංකීර්ණ විස්තර සහිත කතා ලසන්ත ලීවේය. දේශපාලකයන් කන බොන අතර තුර කළ කී දෑද ඒවායේ අඩංගු විය. මේ මිහිමත හිරු සඳු සෑයට සිදුවන ඕනෑම දෙයක් ඕනෑම විෂයයක් ගැන ලියන්නට තරම් ක්වාද්රි අති දක්ෂයෙක් වූයේය. එහෙත් ලසන්ත මෙන් නොව ක්වාද්රි දේශපාලනය ගැන යමක් කීවා යන්නේ අරුත ඔහු වාදයක පැටලුණා යන්නමය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක එම්.එච්.එම්. අෂ්රොෆ් ගේ උන්නතියට යම් ජනමාධ්‍යවේදියකු වගකිවයුතු නම් ඒ වෙන අන්කවරෙකු හෝ නොව ඒ ක්වාද්රිමය. අෂ්රොෆ් සිය වක්තෘවරයාමෙන් යටි රැවුලක්  වවන්නට ගත් තීරණය ඇතැම් මුස්ලිම්වරුන් අතර උණුසුම් වාද විවාද හට ගන්නට කාරණයක් විය. වක්තෘවරයාණන්ට (මුහම්මද් නබි තුමාණන්ට) යටි රැවුලක් තිබුණු බව කුරාණයේ කියා ඇත්දැයි එම මුස්ලිම්වරු විමසූහ.

මෙම වාදය තව තවත් උණුසුම් වී ඇවිලී යද්දී අන්තවාදී මුස්ලිම් පිරිසක් සන්ඩේ ටයිම්ස් පුවත් පතේ පිටපත් සහිරා විද්‍යාලය ඉදිරියේ තබා ගිනි තබන්නට උත්සුක වූහ. එවර වාදය නිමා කර දමන්නට කාලය පැමිණ ඇති බව අපට වැටහී ගියේය. සිකුරාදා රාත්‍රියේ තම තීරු ලිපිය ලියා පාර්ක් විව්හි එකල තිබූ චීන අවන්හලට වැදී බියර් බඳුනක් සප්පායම් වූ ක්වාද්රි නවතාලන්නට කාලය පැමිණ ඇති බව වටහා ගත්තේය. ජනමාධ්‍යවේදියකු ලෙස ඔහු රජය මෙන්ම විපක්ෂය සමගත් ඒ හැරුණු කොට එල්.ටී.ටී.ටී.ඊ. ය සමග පවා සම්බන්ධතා පවත්වා ගත්තේය. අනුරාධපුරයේ ජන සංහාරය සිදුකළ අවධියේ දකුණු ඉන්දියාවේ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පවත්වාගෙන ගිය ගුවන්විදුලි මෙහෙයුම් මගින් අනුරාධපුරයේ සිදු වූ දේ පිළිබඳව එල්.ටී.ටී.ඊ. නායකයන් දැනුවත් කළ ආකාරය ඔහු හෙළිදරව් කළේය. එම මෙහෙයුම්වලින් ඇඟ කිළිපොලා යන තොරතුරු හෙළිදරව් කළ අවස්ථාවේ ඔහු සමඟ රෝ ඔත්තු සේවාවේ අය සිටියහ. එදා සිදුවෙමින් තිබූ තොරතුරු ඔවුහු දැන සිටියහ.

ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) යාපනයට ගොඩ බසින අවස්ථාවේ එම සිද්ධිය ආවරණය කරන්නට සන්ඩේ ටයිම්ස් පුවත් පත කොළඹින් දෙදෙනකු පිටත් කර හැරියේය. ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ මගේ නිවස අසලම වාසය කළ මගේ අසල්වැසි ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත් මුදලි, ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටට එන්නට පැය විසි හතරකට පෙර ඒ පුවත මට කියන්නට තරම් ත්‍යාගශීලී වූයේය. එය අතිශයින් සුරැකිය යුතු රහසක් විය. පැයකින් ඊට ප්‍රතිචාර දැක් වූ අපි ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු යාපනයට පිටත් කොට හැරියෙමු. අපගේ කාර්ය මණ්ඩලයේ සිටි ටිරෝන් ඩොවොටා සහ ඡායාරූප ශිල්පී පුෂ්පකුමාර මතුගම යවා අන් සැමට පෙර අපි එම පුවත පළ කළෙමු. අනෙක් පුවත් පතේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගනිද්දී අප අනෙක් පුවත්වලට පෙර එම පුවත පළ කළ විට පුවත්පත උණු කැවුම් සේ විකිණී ගියේය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රභාකරන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වන විට එය ආවරණය කිරීම සඳහා අප පිටත් කර හැරියේ ක්වාද්වයි. එම සිද්ධිය ආවරණය කරන්නට පැමිණි විදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ආධිපත්‍යය එතැන පවතින විට එහි මුල සිට අගටම ප්‍රශ්න ඇසීමේ වාරය ලබා යන්නට ක්වාද්රි සමත් වූයේය. ඒ වන විට දෙමළ ජනයා සිංහල ජනතාව සමඟ සාමදාන වූ බව පෙනී ගිය නිසා සිංහල ජනතාවට කියන්නට යම් පණිවිඩයක් තිබේ දැයි ඔහු ඉංග්‍රීසියෙන් යොමු කළ සියලු ප්‍රශ්න දෙමළ බසට පරිවර්තනය කරන්නට සිදු වූ නමුත් එම ප්‍රශ්නයෙන් සිත්තැවුලට පත් ප්‍රභාකරන් එය පරිවර්තනය කරන තුරු ඉවසා නොසිට ක්වාද්රි දෙස බලා ඉංග්‍රීසියෙන් ‘නෝ’ කියා පිළිතුරු දුන්නේය.

ඒ දකුණේ ජවිපෙ කැරැල්ල උත්සන්න වී ගැටුම් පැවැති සමයයි. ඒ කාලයේ හිටි හැටියේම කොළඹ පුවත් පත් සාකච්ඡාවක් කැඳවා ලලිත් ඇතුලත්මුදලි කළ ප්‍රකාශයකින් මහත් කැළඹීමක් හට ගත්තේය. ජවිපෙ සාමාජිකයකු යැයි කියාගන්නා කේ.ඩී. සේනානානායක නමැත්තකු ඇමැතිවරයා සමඟ මෙම පුවත් සාකච්ඡාවට සහභාගි විය. ජවිපෙ රජය සමඟ සාකච්ඡාමය විසඳුමකට එළඹෙන්නට සුදානම් බව ඇතුලත් මුදලි නිවේදනය කළේය. එහිදී මැදිහත්කරුවා ලෙස පෙනී සිටියේ මෙම කේ.ඩී. සේනානායක නමැත්තාය. කිසිවෙක් සේනානායක ගැන කිසිවක් දැන නොසිටියේය. එකී පැවැත්ම ජවිපෙ සමග ද සන්නිවේදනය කළ නොහැකි තත්ත්වයකි. පුවත් සාකච්ඡාවෙන් පසු සේනානායකට කිට්ටු කළ ක්වාද්රි ඔහු වාසය කළ තැන ආදී වංහුං අසා දැන ගත්තේය. ඉන්පසු ඔහු සමඟ එදිනම සවස මීවිත පානයත් ඔහු සූදානම් කළේය. ඔවුහු එක්ව මීවිතක් නොව පදමට මී බීවෝය. ඊළඟ දිනයේ උදෑසන මගේ කාර්යාලයට පැමිණි ක්වාද්රි සේනානායකට අදාළ මුළු කතාවම මහා රැවටිල්ලක් බව කියා සිටියේය. අපි කේ.සී. (අපි ඔහුට කීවේ කිංකොං කියාය) යනු කවරෙකු ද යන්න හෙළිදරව් කරමින් සන්ඩේ ටයිම්ස් පුවත් පතේ එම රැවටිල්ලට අදාළ කතාව පළ කළෙමු.

එම වංචනිකයා ගැන සැබෑව හෙළි කළේ අපේ පුවත්පත පමණි. අප මවිතයට පත් වූයේ ජවිපෙ සමඟ කිසිම දෙයක් කරගන්නට නොහැකි මෙම බොරු කාරයාට ලලිත් ඇතුලත් මුදලි අසු වූයේ කෙසේ දැයි සිතාගන්නට නොහැකිවය.

සති කිහිපයක් ඇතුළත එල්.ටී.ටී.ඊ. ය විසින් කරන ලද බරපතළ උල්ලංඝනය කිරීම් කිහිපයකට එරෙහිව තදින් ක්‍රියාත්මක වන්නට ඉන්දියානු සාම සාධක හමුදාව තීරණය කළේය. ඒ පිළිබඳ යාපනයේ සිට සියල්ලන්ට පෙර තොරතුරු වාර්තා කරන්නට උත්සුක වූයේ අපය. ක්වාද්රි එහි යන්නට එකඟ වූ නමුත් පළමුව කළ වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු නිහඬ විය. අපි බෙහෙවින් කලබල වූයෙමු. ඔහු කොහේ සිටී ද? ඔහු ඉන්දියානු සාම සාධක හමුදාවෙන් අත් අඩංගුවට ගත්තේ ද? නැතහොත් ඔහු එල්.ටී.ටී.ඊ. යට හසුවී ද? අපේ හමුදාවේ ආරක්ෂක මූලාශ්‍ර වෙතින් ද, එල්.ටී.ටී.ඊ. සම්බන්ධතා හරහා ද ඔහු ගැන විපරම් කළ මුත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොලැබිණි. නීතිඥවරයකු වූ ක්වාද්රිගේ පියා ෂකීර් ඉස්මායිල් මහත් කෝපයෙන් අපගේ කාර්යාලයට කඩා වැදි අපට දොස් තබමින් ක්වාද්රි ගැන විමසන්නට ගත්තේය.

අවසානයේ දී ඔහු යාපනයේ රෝහලේ ඉන්නා බව අපට ආරංචි විය. ඉන්දියානු සාම සාධක හමුදාවේ හෙලිකොප්ටරයකින් එල්.ටී.ටී.ඊ. සටන් කාමීන් සොයා ගොස් වෙඩි තබන අවස්ථාවේ ඔහු ගමන් කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. යේ ට්‍රැක්ටරයකිනි. එක් උණ්ඩයක් ඔහුගේ බෙල්ලේ වැදී ඔහු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

ගෙල සිදුරු කරගෙන ගිය එම උණ්‍ඩය ප්‍රධාන ස්නායුවකට ඉතාම ආසන්නයේ නතර වී තිබිණි. එය ඉවත් කළහොත් ඔහුගේ මරණය සිදුවන්නට ඉඩ තිබිණි. යම්තමින් එහෙ මෙහෙ වුවහොත් ඔහු අංශභාග රෝගියකු වනු ඇති බව අපට දැනුම් දෙන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ උපකාරයෙන් ඔහු ගුවනින් කොළඹට ගෙන එනු ලැබිණි. එහෙත් බෙල්ලේ සිරවූ උණ්‍ඩය සමග ඔහුට ඉතිරි ජීවිත කාලයම ගෙවා දමන්නට සිදුවිය.

තම ඥාති සහෝදරයා සමග වාසය කරන්නට ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයට ගියේය. මිය යන විට ක්වාද්රි මිනසෝටා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ සහාය මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. සඳුදා ඔවුන් හමුවට එන බව ඔහු තම මිතුරන් කිහිප දෙනෙකුට කියා තිබිණි. එහෙත් ඔහු දකින්නට නොලැබිණි. ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට ඔහු පිළිතුරු නොදුන්නේය. එදින සවස ඔහුගේ නිවසට ගිය විට ඔහු මියගොස් ඇති බව ඔවුහු දැනගත්හ.

ඔබට සමුදෙන්නම් ක්වාද්රි,  වික්‍රමාන්විත දිවියක් ගත කළ ඔබ අපට අහිමිවිය. වඩා සුසැදි මනසකට මරණය යනු තවත් එක් වික්‍රමාන්විත ක්‍රියාවක් පමණකි.

(***)

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රාරම්භක කර්තෘ වූ විජිත යාපා‍ විසින් ලියන ලද The Qadri Ismail we recvuited Sunday Times is no more ලිපියේ පරිවර්තනයකි.
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ.

ලංකාදීපයෙනි.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...