Thursday, June 24, 2021

රොෂේන් ශානක: යුක්තිය ඉටුනොවූ දසවසරක්- මෙතැනින් ‌කොතැනටද?

ඡායාරූපය: කොවිඩ් වසංගතය හමුවෙහි සිය වැටුප් ඉල්ලා කටුනායක නිදහස් වෙළද කලාපීය කම්කරු උද්ඝෝෂණයක්.

කොවිඩ් 19 වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් කලාපයේ කම්කරුවන්ගේ රැකියා අහිමි වෙමින් තිබේ. මෙවැනි වඩාත් අභියෝගාත්මක තත්ත්වයක් තුළ කළ යුත්තේ කුමක්දැයි මීට වඩා බරපතල ලෙස කල්පනා කිරීමට කම්කරුවන් ඇතුලු සියලුම අය බලකරමින් සිටී. එබැවින් කොඩිඩ් 19 වසංගතය තුළ පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතර ආයෝජන කලාපවල සේවයේ නියුතු කම්කරු ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය සමග රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු බව නිවේදනයක් නිකුත් කරන නිදහස් කලාපීය සහයෝගිතාවය ප්‍රකාශ කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

021.06.01
මාධ්‍ය ප්‍රකාශය

රොෂේන් ශානක ඝාතනය කර වසර 10යි. කොවිඩ් 19 වසංගතය තුළ නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමු.

සේවක අර්ථ සාධකය ආරක්ෂාකර ගැනීම උදෙසා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයට වසර 10ක් සැපිරේ. 2011.05.30 වන දින පැවති උද්ඝෝෂණයට පොලීසිය විසින් වෙඩි තැබීමෙන් රොෂේන් ශානක කම්කරුවා ඝාතනයට ලක්වූ අතර වෙඩි වැදුණු තවත් කම්කරුවන් හත් දෙනෙකු සදාකාලික ආබාධිතයින් බවට පත්විය.

රොෂේන් ශානක

උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරවලින් කම්කරුවන් 400ක් පමණ රෝහල් ගතකළ අතර තවත් කම්කරුවන් 3000ක් පමණ ශාරීරික පීඩාවට පත්විය. එහෙත් වින්දිතභාවයට පත්වූ මෙම කිසිම කම්කරුවෙකුට මේ වන තෙක් රජයෙන් සාධාරණයක් ඉටුවී නැත. සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීමට පත් කළ මහානාම තිලකරත්න ඒක පුද්ගල කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කළද එම නිර්දේශ බලාත්මක කිරීමට අදාළ බලධාරීන් අසමත් විය.

රොෂේන් ශානකගේ ඝාතනයට විරුද්ධව පැවරූ නඩුවද තවමත් මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් පවතී. මෙම නඩු විභාගයට අදාළව සාක්ෂි විභාග කිරීම තවමත් අවසන්වී නැත. එවැනි තත්ත්වයක් තුළ නඩුවේ තීන්දුව දෙස තව කොපමණ කලක් බලාසිටීමට සිදුවේදැයි යන්න අවිනිශ්චිතය.

සේවක අර්ථසාධක අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි විය. මෙම අරගලය එලෙස ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට හැකි වූයේ විශේෂයෙන්ම වෙළඳ කලාප කම්කරුවන්ගේ දැඩි කැපකිරීම් මතය. මෙහිදී පහරකෑමට ලක්වූ කම්කරුවන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ මෙම උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී පොලීසිය විසින් බලය අත්තනෝමතික ලෙස භාවිත කර ඇති බවයි. එහෙත් අයිතිවාසිකම් කඩවූ කම්කරුවන්ට ලැබිය යුතු වන්දි මුදල් මේ වන තෙක් ලැබී නොමැත. අර්ථසාධකයට හිමිකම් කියන බොහෝ අයට අද මෙය අමතකව ඇති අතර කලාපයේ අලුත් පරම්පරාව තුළ මෙම ජයග්‍රාහී අරගලය හා ඉන් වින්දිතභාවයට පත්වූවන් පිළිබඳව ඇත්තේ සුලු අවධානයකි. මේ සැම මුහුණ දිය හැකි අභියෝගය නම් 2011දී පරාජය කළ විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත නැවත වරක් වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩයි. මන්දයත් ඒ පිළිබඳව වත්මන් ආණ්ඩුව විවිධ අවස්ථාවලදී ඉගි පළ කරමින් සිටී.

වෘත්තීය සමිති පිහිටුවා ගැනීම කම්කරුවන්ගේ අයිතිවාසිකමකි. එය ලෝක කම්කරු සංවිධානය විසින්ද අනුමත කර තිබෙන පසුබිමක පවා ලංකාවේ කලින් කලට ආණ්ඩු බලය හෙබවූ පාලක පක්ෂය එම නීතිමය කොන්දේසි නොතකා හරිමින් කටයුතු කරන ආකාරය ඉතා සෝචනීය වේ. කලාපය තුළ වෘත්තීය සමිති පිහිටුවීමට තිබෙන නෛතික ඉඩකඩ පවා අහුරා දැමීමට පාලකයින් යුහුසුලු වී සිටී. එය කලාපය තුළ කම්කරුවන්ගේ සමාගමයේ නිදහස සහ අයිතිය අහුරා දැමීමකි.

එමෙන්ම කොවිඩ් 19 වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් කලාපයේ කම්කරුවන්ගේ රැකියා අහිමි වෙමින් තිබේ. මෙවැනි වඩාත් අභියෝගාත්මක තත්ත්වයක් තුළ කළ යුත්තේ කුමක්දැයි මීට වඩා බරපතල ලෙස කල්පනා කිරීමට කම්කරුවන් ඇතුලු සියලුම අය බලකරමින් සිටී. එබැවින් කොඩිඩ් 19 වසංගතය තුළ පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතර ආයෝජන කලාපවල සේවයේ නියුතු කම්කරු ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය සමග රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එහිදී,

■ කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල තුළ නිදහස් වෙළද කලාපවල සේවයේ නියුතු කම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතු අතර ඡක්‍ඍ පරීක්ෂණ කඩිනම් කිරීම වැදගත්ය.

■ එමෙන්ම කර්මාන්ත ශාලා තුළ සනීපාරක්ෂක ක්‍රමවේද වැඩි දියුණු කළ යුතු සේම හදුනාගත් ආසාදිතයින් අදාළ කර්මාන්ත ශාලාවේ ප්‍රතිපාදන යටතේ නිරෝධාන ක්‍රියාවලියට යොමු කළ යුතු වන්නේ සුවය ලැබූ පසු ඔවුන්ව කඩිනමින් සේවය සඳහා සම්බන්ධ කර ගැනීම සඳහාය.

■ යම් කර්මාන්ත ශාලාවක් කෝවිඩ් 19 වෛරසයට නිරාවරණය වීම මත වසා දැමීමට සිදුවුව හොත් එහි කම්කරුවන් හට මාසික වැටුප ලබා දිය යුතු අතර කර්මාන්ත ශාලාව වසා නොදමන තත්ත්වයක් යටතේ නිරෝධානයට යොමු කළ කම්කරුවන්ට නිරෝධාන කාල සීමාව තුළ වැටුප් සහිත නිවාඩු ලබා දීමට එහි පාලනාධිකාරිය විසින් කටයුතු කළ යුතුය.

■ මෑන්පවර් සහ ස්ථීර නොවන කම්කරුවන්ද ඇතුළත් වන පරිදි රුපියල් 5000ක සහන සලාකයක් මාසිකව ලබා දිය යුතුය.
මෙම ඉල්ලීම් සාධාරණ පදනමක සිට අප ඉදිරිපත් කරනුයේ විශේෂයෙන්ම 2020 මාර්තු සහ 2021 පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වන විට අපනයනය මෙන්ම ආනයනයද සැලකිය යුතු මට්ටමේ ඉහළ ප්‍රතිශතයක පවතින තත්ත්වය යටතේය.
එමනිසා අපගේ අයිතීන් ආරක්ෂා කෙරෙන ඉල්ලීම් වෙනුවෙන් අතනොහැර පෙනී සිටීමේදී කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයේදී ඝාතනයට ලක්වූ රොෂේන් සහ ආබාධිත තත්ත්වයට පත්වූ සහෝදර කම්කරුවන් නැවත නැවතත් සිහිපත් කිරීම වැදගත් වන්නේ මෙම තත්ත්වයන් යටතේය. අපගේ අරගලය අප අත්නොහරිමු. ඒ සඳහා අත්වැල් බැදගන්නා ලෙස කම්කරු සහෝදර සහෝදරියන්ට අප ආරාධනා කරන්නෙමු.

නිදහස් වෙළඳ කලාප සහයෝගීතාවය

වැඩිදුර විමසීම් :

බි්‍රටෝ ප්‍රනාන්දු 0772072540
චමිලා තුෂාරි 0771513362
සුගත් ප්‍රියන්ත 0778533050

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...