Thursday, June 24, 2021

රසායන පොහොර අත් හැරීම මහ විනාශයක මුලය – වික්ටර් අයිවන්

ඡායාරූපය‍්: රංජිත් කොන්ඩදෙනිය මුහුුණු පොතෙනි.

ලංකාවට වැලදී ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ඉබේ හොදවන රෝගයක් නොව සංකීර්ණ සැත්කමකින් පමණක් සුවකරගත හැකි රෝගයකි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ ක්‍රියාකාරිත්වය මුලුමනින් බිද වැටී තිබෙන අතර අන් සියලු ආයතනවල ක්‍රියා කාරිත්වය තිබෙන්නේද බිදවැටුන තත්වයකය.

සමාජ ක්‍රමයේ ඒකාග්‍රතාව තිබෙන්නේද කැබලි වූ තත්ත්වයකය. රටේ ආර්ථිකය තිබෙන්නේද බන්කොලොත් භාවයට පත්වන්නට ආසන්න තත්වයකය. සාමන්‍යයෙන් රාජ්‍යක් මෙවැනි තත්වයකට පත් වූවිට සාමාන්‍යයෙන් සිදුවන්නේ දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇති කර ගනිමින් රාජ්‍යය හා සමාජ-දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යූහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමය. එහෙත් ඒ සදහා වන කිසිදු සංවාදයක් තවමත් ආරම්භ වී නැත.

කෝවිඩ් වසංගත තත්වයද රටේ අර්බුදය ජයගැනීමට තිබෙන හැකියාව සීමා කරන සාධකයක් ලෙස ක්‍රියා කරමින් පවතී. වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට යොදා ගැනුණු ප්‍රතිපත්තිවල ලොකු අසාර්ථක භාවයක් තොබියදීත් ලංකාවට බරපතල හානි ඇතිනොවන තත්වයක් ඇති නොවුයේ BCG එන්න්ත නිසාය. එම එන්නත ලබාදී තිබෙන රටවල් අතරින් 100%ක ආවරණයයක් ලබා දී තිබෙන එකම රට වන්නේ ලංකාවය. මෙය 1949 සිට පත්වාගෙන එන සුව පුරුද්දක් වන අතර එම පුරුද්ද නොවන්නට ඒ වෙනුවෙන් ලංන්කාවට ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල වන්නට ඉඩ තිබුනි.
ජනාධිපති ගේ සිහිනය.

කෘෂි රසායන පොහොර හා පළිබෝද නාශක ආනයනය මුලුමනින් නැවතීමට ගෙන තිබෙන තීන්දුව පොදුවේ ග්‍රාමීය හා වාණිජ කෘෂිකර්මය කෙරෙහි විනාශකාරි ලෙස බලපානු ඇති අතර එය ගම්බද ගොවි ජනතාව කෙරෙහි සේම වතුකරයේ වතු කම්කරුවන් කෙරෙහි ඇති කරන්නට නියමිත බලපෑම ඉතාමත් විනාශකාරීය. එය රටේ ඇතිවී තිබෙන ආර්ථික ඇදවැටීමද පරිපූරණ කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත.

ජනාධිපති කියන්නේ රසායන පොහොර වෙනුවට කාබනික පොහොර සමාගම් ලවා නිපදවා සහනාධාර පදනමක් මත ගොවීන්ට ලබා දෙන ක්‍රමයක් ඇතිකරන බවත් අස්වැන්න අඩුවීමක් සිදු වේනම් ඒ වෙනුවෙන්ද වන්දි ගෙවන ක්‍රමයක් ඇති කරන බවය.

පළිබෝද නාශක හා රසායන පොහොර පිලිබදව ජනාධිපතිවරයා කල්පනා කරන විදිය හා රටේ පවත්නා ජනප්‍රිය මතයට නිවැරදි මතය ලෙස සැලකිය නොහැකිය. රසායන පොහොර හා පළිබෝද නාශක ජෛව විවිධත්වයයට හානි පමුණුවා තිබෙන බව සේම ජලයට හා ආහාරවලට රසායන ද්‍රව්‍ය එකතු කිරීම මගින් සෞඛ්‍ය ගැටලු ඇතිකර තිබෙන බව සත්‍යයකි. එහෙත් එවැනි අහිතකර ප්‍රතිපල තිබියදීත් මුලුමනින් රසායන පොහොරවලින් හා පළිබෝද නාශක වලින් ඉවත් වී කාබනික පොහොරවලට හා සාම්ප්‍රදායික පළිබෝද නාශක ක්‍රමවලින් ඒ අඩුව සපුරාගැනීමේ හැකියාවක් නැත.

රසායන පොහොර අවශ්‍ය වුයේ ඇයි?

වගා නොකල නිර්මල පසක් ඇති භූමියක් පොහොර නැතිව වගා කලහැකිය. වගා කරන්නට ඕනෑතරම් ඉඩම් තිබුනු කාලවල තෝරාගත් ඉඩමක් ටික කලයක් වගා කොට එය අත්හැර අලුත් ඉඩමක් වගා කරන ක්‍රමයක් මගින් පසේ සශ්‍රීක භාවය ආශ්‍රයෙන් පැන නගින ගැටලු විසදාගත්තේය. ජනගහනයේ ඇතිවූ සීඝ්‍ර වර්ධනයත් සමග පරන ගොවි තැන් සම්ප්‍රදායෙන් ඉවත් වී වගා කරන ඉඩම දිගින් දිගට වගා කල යුතු නව සම්ප්‍රදායකට මාරු වීමට සිදුවිය. ඒ නිසා පස නිසරු වී ඵලදාව අඩුවීම නිසා ඒ ප්‍රශ්නවලට විසදුම් සොයනතැනකට යන්නටසිදු විය. හරිත විප්ලවය ඇති වූයේ එහි ප්‍රතිපලයක් වශයෙනි. රසායන පොහොර, පළිබෝද නාශක හා වැඩි දියුනු කල බීජ එම විප්ලවය ඇතිකල ප්‍රතිපල ලෙස සැලකිය හැකිය.

ලංකාවට නිදහස ලැබෙන අවස්ථාව වනවිට කුඹුරු කරමින් සිටියේ රසායන පොහොර හෝ පළිබෝද නාශක නැතිවය. පොහොර වශයෙන් යොදාගත්තා නම් යොදා ගත්තේ කලාතුරකින් ගෙරි කටු පොහොර පමනය. කුඹුරු අක්කරයක අස්වැන්න තිබුනේ බුසල් 35 ක් හෙවත් කිලෝ 717 ක මට්ටමකය. එකල ලංකාව නිෂ්පාදනය කලේ රටේ සහල් අවශ්‍යතාවෙන් 40%ක් පමණය.ඒ කාලයේදී ආනයන වියදමෙන් 30%ක්ම වැය කලේ සහල් හා තිරිඟු පිටි ආනයනය සදහාය.

වී ගොවිතැනේ දියුණුවට හේතුව හරිත විප්ලවයයි

මේ තත්වයේ යහපත් වෙනසක් ඇති කර ගැනීම සදහා ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යොදාගත්තේ හරිත විප්ලවය හදුන්වා දී තිබූ ක්‍රම වේදයන්‍ය. පාරම්පරික වී ප්‍රභේද වෙනුවට රෝගවලට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් ලබා දෙන ප්‍රබේද හදුන්වා දෙන ලදී. රසායන පොහොර හා පළිබෝදනාශක යොදා ගැනීමට අනුබල දෙන ලදී. එය ඇති කරන ලද ප්‍රතිපල ඉතාමත් විප්ලවකාරිවිය. එදා 1952 වන විටත් මිලියන 8 ක් පමණවූ ජනගනයට අවශ්‍ය සහල් වලින් නිපදවිය හැකිවුයේ සියයට 40 ක් පමණය. ඉන් අවුරුදු 60 කට පසුව මිලියන 20 ක ජනගහනයකට ප්‍රමානවත් සහල් මෙට්ට්‍රික් ටොන් මිලියන 4.3 ක් නිපදවීමට සමත් විය. එම කාලය තුල අක්කරයකට ලැබෙන අස්වැන්න 712%කින් වර්ධනය කරගැනීමට හැකිවී තිබේ.

ලබාගත් එම දියුණුව තුළ නරක අතුරු ප්‍රතිපලද තිබුනි. එහෙත් ඒවායින්ද වැඩි හරියක් රසායනික පොහොරවල හෝ පළිබෝද නාශකවල වරදක් නිසා සිදුවූ දේකට වඩා එම විෂය සම්බන්දයෙන් ලංකාව පවත්වාගෙන ගිය කලමනාකරණයේ තිබුන බරපතල දෝෂ නිසා ඇතුවූ තට්වයක් ලෙස සැලකි හැකිය .කෘෂි රසායන සමබන්දයෙන් සමහර රටවල් අනුගමනය කරන යහපත් වත්පිළිවෙත් අනුගමනය කිරීමට ලංකාව සමත් වී නම් නරක අතුරු ප්‍රතිපල වලින් සිදුවන හානිය අවම කරගන්නට හැකි වන්නට ඉඩ තිබිනි.

රසායනික පෙරෙහාර කිලෝ 1= කාබනික පොහොර කිලෝ 50

අප අවට තිබෙන හැම දෙයක්ම රසායනික බව අමතක නොකල යුතු ය. කාබනික පොහොර රසායනිකය. කාබනික පොහොර වලද බැර ලෝහ තිබෙන්නේය. කාබනික පොහොර රසායනික පොහොරවලට තිබෙන හොද විකල්පයක් ලෙස සැලකෙන්නේ නැත. කාබනික පොහොර රසායනික පොහොර තරම් ඵලදායි නොවනවා සේම රසායන පොහොර කිලෝවක් සදහා අවශ්‍ය කාබනික පොහොර අනුපාතිකය කිලෝ 50 ක් තරම් විශාලය. කාබනික වගාවට ලොකු හඩක් ඇතත් තවමත් කාබනික ගොවිතන් ක්‍රම ක්‍රියාත්මක වන්නේ ලෝකයේ මුලු වගා බිම් වලින් 1.5%ක පමනය.

ලංකාව වසරකට ආනයනය කල රසායන පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 1260053 කි. ඉන් මෙට්ට්‍රික් ටොන් 383000 ක් වී සදහාය. ඉතිරි මෙට්ට්‍රික් ටොන් 877053 අනෙකුත් වගාවන් සදහාය. මේ ප්‍රමාණයකට ගැලපෙන තරමට කාබනික් පොහොර නිපදවන්නේ නම් වසරකට නිපදවිය යුතු කාබනික පොහොර ප්‍රමානය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 630කි.

ඒ සා විශාල ප්‍රමාණයක් කාබනික පොහොර නිපදවන්නට දරන උත්සහායක් රටේ ජීවත් වන්න්ට බැරි තරමේ දුර්ගන්දයක්ද අති විශාල මැසිමදුරු ප්‍රශ්නයක්ද ඇතිකිරීමට හේතුවනු ඇත. ඒ මගින් නිපදවන මීතේන් නිසා කොලොන්නාව මීතොටුමුල්ලේ කුනු කදු ආශ්‍රයෙන් අතිවූ මහා පිපිරීම් කාබනික පොහොර කදු ආශ්‍රයෙන් ද ඇති විය හැකිය. රසායන පොහොර භාවිතය මුලුමනින් අතහැරීම ප්‍රතිපත්තියක් ලංකාවේ කෘෂිකර්මයට අති විශාල විනාශයක් ඇති කරනු නොවැලැක් විය හැකිය.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...