Sunday, April 11, 2021

බළලා මල්ලෙන් එළියට: ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩලය මාධ්‍ය ගහලයා බවට!

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව දැන් ප්‍රකාශ වී තිබේ.

මේ බළලා මල්ලෙන් එළියට පැනීමකි.

පසුගිය කාලය පුරාම ජනමාධ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරමන් සිට්න්නේ ජනමාධ්‍ය හැසිරවීම සඳහා නීති සකස් කරමින් සිටින බවයි. 2019 නොවැම්බර් 23 දින ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුව හමුවෙහි ඔහු ප්‍රකාශ කළේ දෙසතියක් ඇතුළත නව මාධ්‍ය නියාමනය කිරීම සඳහා නීති ප්‍රසිද්ධ කරන බවයි. එම නීති සිංගප්පූරුව විසින් සම්මත කර ඇති නීතිය අනුසාරයෙන් සකස් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව අපට අනුමාන කර හැක්කේ දැනටමත් එකී නීති සකස් කර අවසන් විය හැකි බවය.

1973 අංක 05 දරණ පුවත්පත් මණ්ඩල පනත යටතේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතු බවට මෙරට, කතෘ සංසදය සහ පුවත්පත් හිමිකරුවන්ගේ සමාජය පළමු වරට 1998 වර්ශයෙහි අත්සන් කරන ලද ජනමාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිලිබඳ කොළඹ ප්‍රකාශණයෙහි (2018) මෙසේ දැක්වේ.

2.2 පුවත්පත් මණ්ඩල නීතිය 1973 ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම නමින් මේවන විට ක්‍රියාත්මක ස්වයංනියාමන මුල්පිරීම සලකා බලමින් ජනමාධ්‍යවේදීන්, කර්තෘවරුන්, මෙන්ම ප්‍රකාශකයින් සිරගතකිරීමේ හා දඬුවම් ලබා දීමේ නියෝග සහිත මෙම නීතිය අහෝසි කළ යුතුය.

අද මෙම පුවත්පත් මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ මහින්ද පතිරණ නම් සරසවි ආචාර්යවරයකුය. ඔහු පසුගිය මහ මැතිවරණ සමයේ රාජපක්ෂවරුන් ජයග්‍රහණය කරවීම පිනිස නිල රාජකාරි නිවාඩු ලබා ගෙන දේශපාලනයේ යෙදුනි. අද පවා ඔහු සිය පේස්බුක් පිටුව හරහා රාජපක්ෂ දේශපාලනයේ නිරතව සිටී.

දැන් ආණ්ඩුව විසින් සියළුම මාධ්‍ය ඇතුළත්වන පරිදි විනිශ්චය ආයතනයක් ලෙස වර්ධනය කිරීමට යන මෙම පුවත්පත් මණ්ඩලය දැනටමත් පවතින්නේ ජනාධිපතිවරයාගේ අභිමතය යටතේය. පුවත්පත් මණ්ඩල පනතට අනුව එහි සාමාජික සාමාජිකාවන් පත්වන්නේ මෙසේය.

රජයේ දේශපාලන පත්වීමක් ලබන ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එයට නිල බලයෙන් පත්වෙයි. තවත් සිව් දෙනෙකු ජනාධිපතිවරයාගේ අභිමතය අනුව පත්වේ. තවත් දෙදෙනෙකු මාධ්‍යවේදීන් අතරින් සහ මාධ්‍ය සේවකයන් අතරින් පත් කළ යුතුවේ. ඔවුන් දෙදෙනා සම්බන්ධ අවසන් තීරණයද ජනාධිපතිවරයා සතුය. පනතට අනුව මෙම නියෝජිතයින් දෙදෙනා පත් කළ යුත්තේ ඔවුන් අදාළ වන ක්ෂෙත්‍රයේ කමිටුවකිනි. අද එම ක්‍රමවේදය කුණු කූඩයට දමා තිබේ.

කෙටියෙන් මෙම මණ්ඩලය ජනාධිපතිවරයාගේ කැමැත්ත මත පත්වන මණ්ඩලයකි.

විසිවන සංසෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පවා ජනාධිපති යටතට ගෙන ඒ්වාට සිය අනුගාමිකයින් පත්කර ඇති තත්වය යටතේ පුවත්පත් මණ්ඩලය කිසිම අයුරකින් ස්වාධීන ආයතනයක් වීමට දේශපාලන අවකාශයක් නැත.

මෙළෙස දේශපාලන හස්තයක් වන පුවත්පත් මණ්ඩලය සතුව දැනටමත් භයානක බලතල තිබේ.

ජනමාධ්‍යක පළවූ පුවතක් සම්බන්ධයෙන් කවරකු හෝ විසින් කරන පැමිණිල්ලක් විභාග කොට එය විසින් දෙන නියෝග අවසානාත්මකය. වෙනත් කවර අධිකරණයකදී හෝ ප්‍රශ්න කල නොහැකිය. එනම් කිසිම අභියාචනයකට ඉඩක් නැත.  

එම කොටස මෙසේය:  (5) Any order or censure of the Council made under subsection (1) shall be final and conclusive and shall not be questioned in any court of law.

එසේ නමුත් ජේෂ්ඨ නීතිවේදියකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසූයේ මෙම වගන්තිය රිට් අඥාවක් මගින් අභියෝගයට ලක් කළ හැකි බවත් එසේ කර ඇති බවත්ය.

ුවත්පත් මණ්ඩලය සතු දඩුවම් දීමේ බලය විරංජන හේරත්* මෙසේ විස්තර කරයි:

පුවත්පත්වලට සහ කර්තෘවරැන්ට විරැද්ධව මණ්ඩලයට ක්‍රියා කළ හැකි ආකාරය දක්වා ඇත්තේ 09 වගන්තියේයි. 09 (01) අනුව අසත්‍ය ප්‍රකාශයක්, විකෘති කළ පිංතූරයක්, හෝ වෙනත් අනිසි පළ කිරීමක් සම්බන්ධයෙන් මෙන්ම කර්තෘවරයෙකු හෝ ක්‍රියාකාරී පත්‍රකලාවේදියෙකු කරන වෘත්තීය විෂමාචාරයක් හෝ ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිල්ලක් මත හෝ එවන් කඩවීමක් සිදුව ඇතැයි විශ්වාස කළ හැකි අවස්ථාවක තමන් විසින්ම හෝ විභාගයක් පැවැත්වීමට මණ්ඩලයට බලය ඇත. එහිදී තමන් සෑහීමකට පත්වන්නේ නම් නිවැරදි කිරීමක් පළ කිරීමට අණ කිරීමට, වගකිවයුතු පාර්ශවයන් වෙත දෝෂාරෝපණය කිරීමට, සමාව අයදීමක් පළ කරන ලෙස බල කිරීමට අදාළ බලය මණ්ඩලය සතුවේ. පනතේ 09 (05) වගන්තිය දක්වන්නේ මණ්ඩලය සතු මෙම අණදීමේ සහ දෝෂාරෝපණය කිරීමේ බලය කිසිදු අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතු තීරණාත්මක සහ අවසානාත්මක එකක් බවයි.

පනතේ 11 වන වගන්තියෙන් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යාම සදහා දිසා අධිකරණයක බලතල එය සතුවන බව දක්වන අතර පනතේ 12 (5) දක්වන්නේ මණ්ඩලයේ බලයට විරැද්ධවීමෙන්, අගෞරව කිරීමෙන් සිදුකරන වරද ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකිය යුතු බවයි.

පුවත්පත් මණ්ඩල පනතේ 15 වන වගන්තියෙන්, අසභ්‍ය, අශෝභන , අශ්ලීල ආදි වශයෙන් වැරදි සහගත පළකිරීම් හදුන්වා දී ඇති අතර එම පළකිරීම් සම්බන්ධයෙන් වැරදිකරැවන් වන අයට රැපියල් පන්දහසකට නොවැඩි දඩයකින් සහ වසර දෙකකට නොවැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමකින් , මේ දෙයකාරයම හෝ දෙයාකාරයකින් එක් ආකාරයක හෝ දඩුවමක් නියම කිරීමේ බලය මණ්ඩලය සතුවන බව දක්වයි. මේ අතර පනතේ 16 වන වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩල සාකච්ඡා සහ ඉන් කොටසක් හෝ පුවත්පත්වල පළකිරීම නොකළ යුතුවේ.

(ලේක් හවුසිය සහ ටයිම්ස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු මෙම පනත සම්මත කළ සිරිමා බණ්ඩරනායක ආණ්ඩුවෙහි සමසමාජ සහ කොමියුනිස්ටි පක්ෂ හවුල්කරුවෝ වූහ.)

තවද මෙම පුවත්පත් මණ්ඩලයේ නියෝගවලට අවනත නොවීම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බවට ඇතුළත් ප්‍රතිපාදනයක් ද පනතෙහි සඳහන්ය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමට අදාළ දඩුවම් නිශ්චිතව නීති මගින් නියම කොට නැත. ංජන් රාමනායනට වසර හතරක්ද ඥණසාර හිමිට වසර හයක්ද බරපතල සිරදඩුවම් නියම කළ පරිදි  ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටත් ජීවිතාන්තය දක්වා වුවද සිර දඩුවම් නියම කළ හැකිය.

එවැනි ආයතනයක් යම් ආකාරක අධිකරණයක් බවට පත් කිරීමත් ඒ් සඳහා සිංගප්පූරු මාදීලියේ නීතිරීති මගින් බලය ලබාදීමත් මෙරට ජනමාධ්‍ය නිදහසට එල්ලවන අතිශය භයානක වර්ධනයක් වනු ඇති බව නොඅනුමානය.

රාජපක්ෂ ආණ්ඩුවේ මීළග පියවර වනු ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට සුසන්ත ගුණතිලකගේ නායකත්වයෙන් දැනටමත් සකස් කර ඇති පනතය.

සුදේ/10/02/2021

* අයිතිය වෙබ් අඩවියට ලියන ලද විසිතරාත්මක ලිපිය මෙහි පීඩීඑෆ් ගොනුවක් ලෙස ඇත.Press Council S – Viranjana Herath

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news