Sunday, April 11, 2021

පූර්ව සහ යටත් විජිත යුගය හා නිදහස දියවීයාම – වික්ටර් අයිවන්

ඡායාරූපය: මහා වෙනස්කම් ඇති කිරීමෙහිලා බලපෑ ප්‍රමු ප්‍රතිසස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්‍රතිසස්කරනයන්‍ ය.

කාව නිදහසේ 73 වන වත්සරය සමරන මෙම අවස්ථාව වන විට තිබෙන්නේ මීට පෙර කොයි කවර කාලෙකදී වත් නොසිටි අවලස්සන කාලකන්නි තත්වයකය.

බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට අප සිටියේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය. ඉන් දසක හතකට තරමක වැඩි කාලයක් ගතවීමෙන් පසු දැන් ලංකාව තිබෙන්නෙ මහා අගාදයක පතුලටම වැටුන තැනකය.

අනුරාපුර පොලොන්නරු යුගය

අනුරාපුර පොලොන්නරු යුගයේදී කාව කිසියම් විශාල ප්‍රමායක ශිෂ්ටාචාරයක් හිමි කරගෙන සිටියේය. කාවට පැමිනෙන අමුත්තෙකු වියලි කලාපය නරන්නට ගියහොත් අනුරාපුරය, සීගිරිය හා පොලොන්රුව යන ප්‍රදේශ වලදී දකින්න්ට ලැබෙන පැරනි නටබුන්වලින් ඔහු ගේ සිත ඇලලී යනු නොවැලැක්විය හැකිය.

බුද්ධාගමෙහි තිබු බලපෑමේ තරම එහි නෂ්ටාවශේෂ ලෙස පවතින මහා වෙහෙර විහාර වලින් තේරුම් ගත හැකිය. පිතෘ ඝාතක කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද සීගිරිය බල කොටුව ආශ්‍රයෙන් ඒ කාලයෙහිදී වාස්තු විද්‍යා කටයුතු හා කලාත්මක කටයුතු කොතරම් දියුණු තත්වයක තිබුනේද යන්න තේරුම් ගත හැකිය.

මෙම නගර වටා තිබුන විශාල වැව් වලින්, දිය ඇලි අමුනු ආදියෙන් කොතරම් දියුනු වාරි ශිෂටාචාරයක් තිබී ඇද්දැයි තේරුම් ගත හැකිය.

සිහල රාජධානිය රජරට වියලි කලාපය අතහැර තෙත් කලාපයට මාරුවීමත් සමග පර සමුර්ධිමත් යුගය අවසන්වී පරිහානියේ යුගය ආරම් වී යැයි කිව හැකිය.

13 වන සියවස පමන විට සිහල රාජධානියේ කේන්ද්‍රය තෙත් කලාපයට තල්ලුවී තිබුනි. 14 වැනි සියවස ලබන විට ගම්පල සිහල රාජධානිය බවට පත්ව තිබූ අතර යාපනේ දෙමල රාජධානියක් ඇතිව තිබුනේය.

15 වැනි සියවස අවසානයේදී යුරෝපීන් කාවට පැමිනෙන විට යාපනේ අර්දදීපයත්, නැගෙනහිර හා බටහිර වෙරබඩ පටු බිම් තීරු දෙකක් හැර වියලි කලාපයේ වැඩි කොටසක් ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත්ව තිබුනි.

අනුරාපුර පොලොන්නරු ප්‍රදේශ වල මහේශාක්‍ය ලීලාවෙන් පැවති මහා වෙහෙර විහාර හා වෙනත් ඓතිහාසික ස්ථා මහා වන ප්‍රවාහයට හසුව නශ්ඨාවශේෂ බවට පත තිබුනි .

1815 ට පෙර තත්වය

බ්‍රිතාන්‍යන් 1815 ද උඩරට රාජ්‍යය අල්ලා ගන්නා විට එහි තිබුනේ දියුනු ශිෂ්ටාචාරයක් නොව හොදටම ගරාහැලුනු පරිහානියට ගිය ශිෂ්ටාචාරයකි. රොබ්ට් නොක්ස් ඒ යුගය ගැන ලියා තිබෙන හොදම රචකයා ලෙස සැලකිය හැකිය. නොක්ස් ගේ ලියවිලි ප්‍රධා මුලාශ්‍රය ලෙස යොදාගනිමින් සිහල සමාජ සන්විධා ( මහනුවර යුගය)” නමින් රැල්ෆ් පීරිස් ලියා තිබෙන පර්යේෂණ ග්‍රන් ඒ යුගය ගැන ලියවී තිබෙන හොදම ප්‍රර්යේෂන ග්‍රන්තය ලෙස සැලකිය හැකිය.

රොබට් නොක්ස්ට අනුවකටු මැටි ගසා අතු සෙවලිකර සකස් කර ගනු ලැබූ එක කාමරයක් පමනක් ඇති නිවසත්, වගාවට වුවමනා උපකරන කිහිපයත්, යාන්තම් විලිවසා ගැනීමට තරම් වස්ත්‍රත්, හැදි වලන් කිහිපයකුත් හැරුන විට ඒ යුගයේ මිනිසුන්ට වෙනත් කිසිදු සම්පතක් තිබී නැත. ලුණුත් සහලුත් ඇතොත් තමන් ස්ව පෝෂිත වේයැයි ඔවුන් සිතූ බවත් ඉන් ඔබ්බට කිසිදු බලාපොරොත්තු වක් ඔවුන්ට නොතිබුන බවත් නොක්ස් කියා තිබේ.

ඒ යුගයේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය තුල ක්‍රියාතමකවූ ම්ලේච්ච දඩුවම් ක්‍රම ගැන ( ඡෙදනය, උල තැබීම, ඇතුන් ලවා පෑගවීම, දියේ ගිල්වා මැරීම යනාදි වශයෙන්) නොක්ස් ලියා තිබෙන අතර ඒ ගැන වන තිහාසික සාක්ෂි ඇලකිය යුතු ංඛ්‍යාවක් රැලෆ් පීරිස් ඉදිරි පත් කර තිබේ.

ඒ කාලයේ පුචි දරුවන් ම්බන්යෙන් අනුගමනය කෙරුන ප්‍රතිපත්තිය එහි පැවති අශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන වැදගත්ම මාපකයක් ලෙස සැලකිය හැකිය.

රැල්ෆ් පීරිස් ලියා තිබෙන ආකාරයට ලමයින් තුන් හතර දෙනෙකු ලැබීමෙන් පසු උපදින දරුවන්ද, අසුබ නැකතට ඉපදුන දරුවන්ද, දුප්පත් දෙමාපියන්ට උපදින දරුවන්ද මරා දැමීම සාමාන්‍ය සිරිතක්ව පැවතුනි. මා පියන් විසින් මෙවැනි දරුවෝ ගලක ගැසීමෙන් හෝ දියේ ගිල්වීමෙන් මරා දමනු ලැබූහ. ස්ත්‍රී පුරුෂ අනුපාතිකයේ තිබූ විශම තාව 1820 දි ජනගහන පිලිබද වාර්තා සකස් කිරීමට බාරවූ නායකයින්ගේද සැලකිල්ලට භාජනය වූ කරුනක් විය.(පීරිස් : පිටුව 217 )

කාවේ එදා පැවති සමාජ දේපාලන හා ආර්ථි වටාපිටාව මොන තරම් නොදියුනු ත්වයක තිබුනේ ද යන්න ඒ තොරතුරු ශ්‍ර‍රයෙන් තේරුම් ගැනීම අමාරු නැත. ඒ තත්වයෙහි අති විශාල හා ගැඹුරු වෙනසක් (අහසට පොලොව තරම් විශාල ) ඇති වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදීය.

නුතන යුගයට පිවිසීම

මහා වෙනස්කම් ඇති කිරීමෙහිලා බලපෑ ප්‍රමු ප්‍රතිසස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්‍රතිසස්කරනයන්‍ ය. ඊට පෙර පැවති රාජ්‍යයයන්ට ස්ථී දේශසීමා නොතිබුනි.

රාජ්‍යයේ දේශසීමාව මුලු දිවයිනට බලපාන ලෙස ඒකාබද් කොට පොදු පාලන ක්‍රමයක් ඒ මගින් ඇති කළේය .මුලු දිවයින සදහාම ිධායකයට යටත් නැති ශේෂ්ඨාධිකරණය යටතේ ක්‍රියාත්මක වන පොදු ධිකර ක්‍රමයක් ඇති ළේ. නීතිය ඉදිරියේ වර්ග, කුල , ආගම් හා වෙනත් බේදයන්ගෙන් තොරව සියලු දෙනා සමානයින් ලෙස සලකා ක්‍රියා කරන තත්වයක් ඇති කළේය.

ආණ්ඩුකාරයාට තිබුන ්‍යවස්ථාදායක, විධායක අධිකරණ යන ත්‍රිවි බලය අහිමි කොට විවස්ථාදායක, විධායක හා අධිකරණ බලය බල ණ්ඩල තුනකට බෙදා හැරෙන ක්‍රමයක් ඇති කොට ආණ්ඩුකාරයාට තිබුන ඒකාධිපති බලය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සදහා පදනමක් ඇති ළේය. රජයට වෙදාමට තිබූ ඒකාධිකාරි අයිතිය ද අහෝසි කොට නිදහස් වෙර්ථික ක්‍රමයක් ඇති කළේය.

මෙම ප්‍රතිසංස්කරන ඇති ක ප්‍රතිපලය ඉතාමත් දැවැන්ත හා විපලවකාරී වීයැයි කිව හැකිය. කුල පදනමකින් ක්‍රියාත්මක වූ රාජ කාරි ක්‍රමය අවලගු කිරීම නිසා තමන් කැමති ජීවන මාරගයක් තෝරා ගැනීමේ අයිතිය ජනතාවට ලැබුනේය. වෙදාමේදී ආණ්ඩුවට තිබුන ඒකාධිකාරය අහෝසි කිරීම නිසා භ්‍යන්තර හා බාහිර වෙදාමේ සීග්‍ර ර්ධනයක් ඇති විය. වානිජ වතු වගාව හිමිකරගත් දියුණු සීග්‍ර ආර්ථික ර්ධනයක් ඇති කරනවාට අතිරේකව රටේ යටි තල පහසු කම් වල ලොකු දියුනුවක් ඇති කිරීම්ට හේතු විය.

මුලු රටම වෙලාගත් දියුණු මාර් පද්දතියක් ඇතිවූ අතර දියුණු දුම්රිය සේවයක් ඇති කිරීමටද හේතු විය. ණිවිඩ හුවමාරු ක්‍රමවලද සීග්‍ර දියුණුවක් ඇති විය. මිනිසුන් උපයන ආදායම් වල ද සීග්‍ර දියුණුවක් ඇතිවී ඔවුන් ගේ පරිභෝජන රටාවේද ජීවිතවලද මහා වෙනස් කම් ඇති විය.

ලොකුම විපර්යාසකාර බලවේගය ලෙස ක්‍රියා කලේ ධ්‍යාපනයයි. පාසැල් ධ්‍යාපන ක්‍රමයේ සීග්‍ර ව්‍යාප්තියක් ඇතිවිය. අකුරු උගත් ජනතාවගේ ගුව වේගයෙන් ඉහල ගියේය. පොත් පත් කියවන වාද විවාද කරන සමාජයක් ගොඩ නැගෙමින් තිබුනේය.

ආසියානු දර්ශක අනුව 1910 වන විටත් ආසියානු රටවල් අතර කාව කැපී පිනෙන තරමේ දියුණුවක් හිමි කර ගෙන තිබුණ රටක් බවට පත්ව තිබුනි.

ඒ වන විට හදා තිබුනු පාරවල් වල දිග ප්‍රමානය සැතපුම් 4000 කි. ඉන් සැතපුම් 2944 ක් ගල් අතුරා සකස් කල මාර්ග විය. ඒ වන විට තිබුනු දුම්රිය මාරගවල දිග ප්‍රමා සැතපුම් 576 ක් විය. විදුලි ටෙලිග්‍රාප් වයර් සැතපුම් 4596 ක එලා තිබු අතර දුරක වයර් සැතපුම් 1447 ලා තිබුනි. එම වසරේ කොළඹ වරායට පැමිනි නැව් කියාව 4400 කි.

1911 වන විට රටේ තිබෙන පාසැල් ංඛ්‍යාව 4215 වූ අතර එම පැසැල් වල සිටි ශිෂ්‍ය සංඛයාව 336374 කි. එම වසරේ අකුරු උගත් කම පිරිමින් සඳහා සීයයට 40.8 ක්ද ස්ත්‍රීන් හා 29.6 ක් ද විය.

නිදහස අනා ගැනීම

බ්‍රිතාන්‍ය කාවට නිදහස ලබාදෙන විට කාව තිබුනේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය. හොද ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් සමග වෙස්ට් මිනිස්ටර් පන්නයේ පාරලිමේන්තු ණ්ඩු ක්‍රමයක් ද අපට ලබා දී තිබුනි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදි ස්වයං පාලනයක් පවත්වා ගෙනයාමට අවශ්‍ය තරමේ දියුණු පරිකල්පනයක් නිදහසින් පසු බලය හිමිකරගත් වදේශීය නායකයින්‍ට තිබුනේ නැත.

ඔවුන් අතර පැවති කුලවාදි ආකල්ප නිසා කුලභේදය හා ඒ ශ්රිතව පැවති හිසාව අහෝකිරීම පිනිස ක්‍රියා කලේ නැත. අනෙක් අතට ඔවුන් වර. ආගම් බේද උග්‍ර කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කලේය. එම තත්වය වර, කුල, ආගම් බේද උග්‍ර කොට ප්‍රචන්ඩ ගැටුම් හා ඒ ශ්‍රයෙන් මහා ලේ වැගිරීම් ඇතිකිරීම හේතු විය.

එම තත්වය සමාජ දේශපාලන ක්‍රමය බෙලහීන කිරීමට හා ජරාජීර කිරීමට හේතුවූ අතර 1978 න් පසුව වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත්වී එම තත්වය සමස්ත රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය දූෂයෙන් කුණුවූ තත්වයකට පත් කිරීමට හේතුවිය.

දැන් කාව කේතාත්මක ර්ථයෙන් තිබෙන්නේ බ්‍රිතානයන් කාව අල්ලා ගැනීමට පෙර පැවති තත්වයට සමාන තත්වයකය. ර්ථික වශයෙන් රට පූර්ණකොලොත් තත්වයකට පත්වෙමින් තිබෙන අතර රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමය සේම සමාජ ක්‍රමයද තිබෙන්නේ පුර්ණ වශයෙන් බිද වැටෙමින් තිබෙන තතවයකය.

කාවට නැවතත් නිදහස් වීමට හැකි වනු ඇත්තේ දැන් ඇදවැටී සිටින කාලකන්නි තත්වය ජය ගැනීමට සමත් වේ නම් පමණය.

අවාසනවකට රටේ වාදයක් නැත්තේද ඒ ගැනය.

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...