Thursday, June 24, 2021

පාස්කු කියන්නේ බෝම්බ නෙමෙයි – ගෞ. ආසිරි පෙරේරා

ගෞ. ආසිරි පෙරේරා, සම්මානිත රදගුරු හිමි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව.

පාස්කු ඉතිහාසය

පාස්කුව කියන අත්දැකීම මුලින්ම සම්ප්‍රදායක් ලෙස ඇරඹෙන්නේ මිසරයේ හිටපු ඊශ්රායෙල් ජනතාවට තමන්ට සිදුවුනු අයුක්තිය, අසාධාරණය සහ වහල්භාවයෙන් මිදීමට ලැබුණා වූ සිද්ධිය නිසයි. ඒ සිද්ධියේ දී පීඩාවල් දහයක් ඇවිල්ලා අන්තිමේ දී දහවෙනි පීඩාවෙදි තමයි ඊජිප්තුවේ කුළුඳුල් දරුවන්ව මැරීමක් සිදුවුනේ. එතනදී ඊශ්රායෙල් ජනතාව බේරුණේ ඔවුන්ගේ උළුවස්සේ බැටළුවෙකුගේ ලේ තවරා තිබීම නිසයි. එහි අදහස වන්නේ ඔවුන්ගේ ජීවිත වල ඇති වැරදි, පාපයන් තිබුණු නිසා එම පාපයෙන් ඔවුන්ව නිදහස් කිරීමේ ක්‍රියාවලියක් හැටියට “පසුකර යෑමක්” (ඡ්ිදඩැර) කළේ. නිකම්ම පසුකර ගියා නෙමෙයි. ඒ සඳහා බැටළුවෙකුගේ පූජාවීමක් තිබුණා.

පාස්කුව ගැන කතා කරන කොට නම් කිතුනුවෙක් හැටියට පාස්කුව කිතුනුවෙකුට ජයාන්විත වගේම ජනතාවට සැමරීමට අදාල වූ සිද්ධියක්. ජේසුතුමා කුරුසියේ දුක් විඳලා මැරුණේ මුළු ලෝකවාසීන් වෙනුවෙන්. ඒකට ආගමික, ජාති බේද කිසිවක් නෑ. ඒ උන්වහන්සේගේ නැවත නැගිටීම තුළින් අපිට ලැබෙන, පණිවිඩය නම් ලෝකයේ තිබෙන සියළුම පාපයන් පමණක් නොවෙයි, මනුෂ්‍යයන් මනුෂ්‍යයන්ට විරුද්ධව කරන ක්‍රියාවලියන්, ඒ වගේම අනෙකාගේ දේ සූරාකෑම තුළින් තමන් ගොඩනගන්න උත්සාහ කරන සමාජයක් තුළ අපට මේ පණිවිඩය අර්ථවත් කරගන්න තියෙනවා.

ජේසුස් වහන්සේ ඒ සමාජය තුළ තිබුණු අසාධාරණයට, අයුක්තියට විරුද්ධව කතා කළා විතරක් නෙමෙයි එයින් පීඩා විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. කොච්චර පෙනී සිටියද කියලා කියනවා නම්, කුරුසියේ මරණයේ දී පවා, උන් වහන්සේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා.

අද අපි පාස්කුව සමරන විට, ඒ කුරුසි පත් වුනා වූ ජේසුස් වහන්සේ නැවත මළවුන්ගෙන් නැගිට්ට බවත් අපි තේරුම්ගන්න ඕනා. ඒ නැවත නැගිටීම උන්වහන්සේ ගේ අවශ්‍යතාවයකට නොවෙයි. ඒක දෙවියන් වහන්සේ මහජනතාව ගේ, ලෝකවාසීන් ගේ අවශ්‍යතාවයක් උදෙසායි ඒ උත්තානය සිදුකරනු ලැබුවේ. එනම් මේ ලෝකයේ ජීවත්වන හැම මනුෂ්‍යයෙකුටම පීඩාව, දුක, මරණය, කම්කකොටලු හැම කාරණාවකින්ම සහ පාපයෙන් මිදීමට මාර්ගයක් අවශ්‍යයි, ඒ මාර්ගය දෙවියන් වහන්සේ සැලසුම් කරන කල්වරිය කුරුසිය සහ හිස් වූ සොහොන තුළින්.

පාස්කු ප්‍රහාරය

ඛේදවාචකය බොහෝ දෙනෙක් දකින්නේ බෝම්බ පිපිරුණා. මිනිස්සු මැරුණා. මිනිස්සු අංග විකල වුනා. දුකට පත් වුනා. එච්චරයි. ඒ සියල්ල ඇත්ත. නමුත් ඒක පිටිපස්සේ, අපිට තියෙනවා සොයා බලන්න කාරණාවක්. අපි පිළිගන්න ඕනා, තේරුම් ගන්න ඕනා. අපේ රට තුළත් ලෝකය තුළත්, ආගම්, ජාතීන්, භාෂාව, සංස්කෘතීන් නිසා, අපි ගැටුම් ඇති කරගෙන තිබෙනවා. ඒ ගැටුම් වල ප්‍රතිඵලය තමයි ඔය සිදුවුනේ. ඒ පිරිස කරපු විනාශය අපිට සාධාරණීකරණය කරන්න කියන දෙයක් නෙමෙයි. ඒ බෝම්බය පිපිරුවේ ඔවුන් විතරක් නෙමෙයි. අපිත්, ජේසුස් වහන්සේගේ මරණය ගැන කතා කරනකොට අපි කියනවා ඒක යුදෙව්වන් විතරක් කරපු දෙයක් නෙමෙයි, අපිත් එතන හිටියා. ඒ වගේම එදා ඔවුන් කරපු ක්‍රියාවලියම අද අපි ඒ විදියටම ක්‍රියාත්මක කරනවා. අපි තුළ ඒ සිදුවුනු ක්‍රියාවලියේ සටහන් තියෙනවා.

අද අපි වර්තමානයේ පාස්කු බොම්බය නිසා අපි යුක්තියක්, සාධාරණත්වයක් ඉල්ලනවා. බෝම්බයන් නිසා පීඩාවට පත් වූ පවුල් වලට, අංග විකල වූ අයට, යුක්තිය, සාධාරණය ඉෂ්ට වෙන්න ඕනා. ඒ වගේම මේක පිටිපස්සේ, හිටපු මහමොළකරු සහ මහමොළකරුවන් කව්ද කියලා පැහැදිලිව ප්‍රකාශවීම සිදුවිය යුතුයි. දැන් අපිට පෙනෙන්නේ ඒ පත්කරපු කොමිසමෙන් ලැබුණු වාර්තාවේ අසම්පූර්ණ තැන් තියෙනවා. මෙම බෝම්බ වේදිකාවේ පිටුපස හිඳ මෙහෙයවපු තැනැත්තා අධ්‍යක්ෂකවරයා කව්ද කියන එක සඳහන් නොවීම තමයි ගැටළුව. මේ තත්ත්වය අපිට පසුකර යන්න බෑ. පාස්කු ප්‍රහාරයේ වේදනාව පසු කරගන්න නම් සිදුවුනු හැම කාරණාවක්ම පැහැදිලිව එළිදරව්වීමක් සිදුවිය යුතුයි. අතීතයේ බැටළුවෙකුව පූජා කරලා තමයි දෙවියන් වහන්සේ ඊශ්රායෙල් ගෙවල් පසුකර ගියේ.

අන්න ඒවගේ මේ වෙලාවේ දී යුක්තිය, සාධාරණත්වය ඉටුවෙන්න නම්, හරියාකාරව ඒ සඳහා කෙරෙන්න ඕනා කරන වැඩ කොටස, සම්පූර්ණ කෙරෙන්න ඕනා. එවිට තමයි පාස්කුවේ නියම අර්ථය එන්නේ.

පසුකර යෑම

පාස්කුව කියන වචනය ඇහුණම අපේ ජනතාවට මතක් වෙන්නේ 2019 බෝම්බ සිද්ධිය. නමුත් පාස්කුව කියන්නේ ඒක නෙමෙයිනේ. අපි වැරදි පින්තූරයක් මතු කරන්න අවශ්‍ය නෑ. මේ බෝම්බය නෙමෙයි පාස්කුව කියන්නේ. සිදුවුනු ඒ ත්‍රස්තවාදී ක්‍රියාව පසුකරයෑමක් සිදුවෙන්න ඕනා. අද කිතුනු ජනතාවට එලෙස පසුකර යෑම කරගන්න බැරිවෙලා තියෙනවා. විමර්ශනයන් නිවැරදිව සිදු නොවීමත්, විමර්ශන වලින් මතුවෙන කරුණු වලින් තවත් ප්‍රශ්න මතුවෙලා තියෙන නිසා. 2019 පාස්කු ප්‍රහාරයට යුක්තිය සාධාරණත්ව ඉෂ්ට වෙන්න නම් එය පසුකර යන්න ඕනා. පසුකර යෑම කියන්නේ මෙහෙම දෙයක් සිදුවුනේ නෑ, ඒක සාමාන්‍ය දෙයක් කියන එකක් නෙමෙයි. ඒ වගේම අපි අනාගතයෙදීිත් මේ සිද්ධිය ගැන කතා කර කර, මේක ගැන අපි වීදී බැහැලා උද්ඝෝෂණය කිරීමක් නෙමෙයි. ඒවා දැන් කෙරෙන්න ඕනා. නමුත් හැමදාම එහෙම කරන්න බෑ.

ඒ සිදුවුනු භයානක සිදුවීම මුළු සමාජයටම බලපාපු සිද්ධියක්. මේක කිතුනු ජනතාවට විතරක් සිදුවුනු සිදුවීමක් නෙමෙයි. බෝම්බ පිපිරීමෙන් කිතුනු නොවන අයත්, ආගමක් අදහන්නේ නැති අයත් මියගියා. ඒ හැම දෙනාටම යුක්තිය සාධාරණත්වය ඉටුවෙන්න ඕනා. සාධාරණත්වයට ඉටු වෙන්න නම් සිද්ධිය ගැන නිවැරදිව සොයා බලා, කරුණු එළිදරව් කරලා, ඒ සිද්ධිය පසුකර යන්න ඕනා. හිගන්නගේ තුවාලේ වගේ හැමදාම පැරි පැරි තියෙනවා කියන එක අපේ මනසට හොඳ දෙයක් නෙමෙයි. අපේ ජන සමාජයට හොඳ දෙයකුත් නෙමෙයි. එය සුවකළ යුතුයි.

රට තුළින් මානව හිමිකම් සොයායෑම

සැබෑ ශ්‍රී ලාංකිකයෙකු තමන්ගේ රට වෙනුවෙන් පෙනී සිටින්න ඕනා. ඒ වගේම තමන්ගේ දේශය තුළ යුක්තිය සාධාරණත්වය ඉටුවීම ගැනත් පෙනී සිටින්න ඕනා. රට වෙනුවෙන් පෙනී සිටීම කියන එකෙයි, යුක්තිය සාධාරණත්වය උදෙසා පෙනී සිටීම කියන එකයි දෙකක් නෙමෙයි එකක්.

අද අපිට එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසම එක්ක ඇතිවෙලා තියෙන ප්‍රශ්න වෙන්නේ අපි පොරොන්දු වුනු පිළිවෙළට, අපි ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම නිසා තමයි මේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙන්නේ. යුද්ධය අවසන් වූ පසුව දකුණු අප්‍රිකාවේ යුක්තිය පසිඳළීමේ ආකෘතිය අනුව උගත් පාඩම් කොමිසම වගේ දෙයක් ඇති කරන්න තිබුණා. එල්.එල්.ආර්.සී කොමිසමක් අපි ඇති කලා. ඒක බොහෝම ඉදිරිගාමී පියවරක්. ඒකෙන් වැදගත් කරුණු මතුවෙලා ඇවිත් තිබුණා. එහි ඇති නිර්දේශ අනුව ක්‍රියා නොකිරීම නිසා තමයි අපිට ජාත්‍ය්‍යන්තර බලපෑම් වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. අපේ දේ අපි හරියට නොකිරීම නිසා බාහිර බලවේග ඇවිත් අපිට බලපෑම් කරන්න උත්සාහ කරනවා.

අපේ ඇතැම් අය ජාත්‍යයන්තරයට යන්න ක්‍රියා කරනවා. පාස්කු ප්‍රහාරය ගැනත් හරි විසඳුමක් දුන්නේ නැත්නම් ජාත්‍යයන්තරයට යනවා කියලා කාදිනල්තුමා කියනවා. මේක ලොකු ලැජ්ජාවක්. අපේ රටේ අභ්‍යයන්තර ප්‍රශ්න අපි විසින්ම නිවැරදිව විසඳන්නේ නැති නිසා තමයි අපිට මෙහෙම දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එත්සත් ජාතීන් විසින් 2021 දී සම්මත කරන ලද මේ යෝජනාව අපිට භයානක ප්‍රඵිඵල ගෙන දෙන දෙයක්.

දැන් එක්සත් ජාතීන්ට බැනලා වැඩක් නෑ. ඉටුවෙන්න තියෙන දේවල් අපි කරලා පෙන්වන්න ඕනා, ජාත්‍යයන්තරයට අපිට බලපෑම් කරන්න බෑ. අපි අපේ වැඩ කොටස හරියට කලා කියන තැනකට රටක් හැටියට අපි එන්න ඕනා.

අලුත් අවුරුද්දේ පණිවිඩය

සිංහල දෙමළ අවුරුදු උත්සවය ගැන බලද්දි එම උත්සවයේ සමහර සම්ප්‍රදායන් තියෙනවා මට අනුගමනය කළ නොහැකි අවස්ථාවන්, මම අදහන්නේ නැති කරුණු තිබෙනවා. විශේෂයෙන් නැකත් බැලීම හා ඒ අනුව වැඩ කිරීම. නමුත් එම උත්සවය හා බැඳී පවතින අවස්ථාවන්, අපේ ජීවිත වලට කොච්චර වටිනාකමක් දෙනවද?. කිතුනුවෙක් නම් ඔබ නැතක පැත්තකින් තියන්න. නමුත් අපි අලුත් අවුරුදු සමය තුළ පිළිඹිඹු කරන වටිනාකම් චරිත්‍ර වලින් ලැබී තිබෙනවා. සමාව ඉල්ලීම හා සමාව දීම. ඒක කොච්චර වැදගත් සම්ප්‍රදායක් ද අලුත් අවුරුදු සමය තුළ. පරණ දේ අපි අත් හරිනවා කිව්වම අලුත් ඇඳුම් ඇඳීම පමණක් නෙමෙයි. අභ්‍යයන්තරයෙන්ම අලුත්වීමක් තිබිය යුතුයි. අලුත්වීමේ විවිධ පැතිකඩ අපි දකින්න ඕනා. පරණ කොන්තර අවසන් කරලා, අලුත් සම්බන්ධතා ඇති කරගැනීම කළ යුතුයි. එය ඒ කාලයට පමණක් සීමා කරන්න බෑ.

අපි මේ අවුරුද්දේ යම් අලුත් දෙයක් පටන් ගත්තොත් ඊළග සිංහල දෙමළ අලුත් අවුරුද්ද එනතෙක් අපි පවත්වන්න ඕනා. අපි අලුත් අවුරුදු සිරිත් කියලා කියනවා. නමුත් මේවා අලුත් අවුරුදු සිරිත්ම නෙමෙයි. මේවා අපේ ජන සමාජයේ ජනතා සම්බන්ධතාවයන් වල තිබිය යුතු වූ වැදගත් පුරුක්. ඒවා අපි ශක්තිමත්ව සකස් කරගත යුතුයි. සමාවදීම හා සමාව ගැනීම මේ අලුත් අවුරුදු කාලයට පමණක් සීමා කළ නොහැකියි. අපේ සමාජය දැන් තියෙන තත්ත්වය අනුව එය නැවත නැවත සිදුවිය යුතුයි. සිංහල දෙමළ අවුරුද්දේ චාරිත්‍ර පැවැත්වීමෙන් අපි පිළිඹිඹු කරන ගැඹුරු අධ්‍යාත්මික කරුණු ඔප් නංවන්න ඕනා.

හැම උත්සව අවස්ථාවකදීම වගේ අපි විනෝද විය යුතුයි. කෝවිඩ් වසංගත තත්ත්වය මැද අපි මේ අවුරුද්දේ ප්‍රවේසම් විය යුතුයි. මෙම ක්‍රීඩා සම්ප්‍රදායන්වල තිබෙන අදහස මොකක්ද? අපි කණ්ඩායම් දෙක තුනකට බෙදිලා අවසානයේ දී රණ්ඩු වෙනවා නම් ඒ සම්ප්‍රදායෙන් වැඩක් නෑනේ. සමහර අවුරුදු උත්සව අවසන් වෙන්නේ ඒ විදියට. මෙම සම්ප්‍රදායන් තිබෙන්නේ සමාජයේ අන්‍යයෝන්‍ය එකගතාවය, සහයෝගය ගොඩනගන්න. ක්‍රීඩා කළ යුත්තේ ඒ අරමුණ ඇතිවයි. සමාජයේ තිබෙන දැඩි තරගකාරිත්වය අවුරුදු සම්ප්‍රදායන් ගිලගෙන තිබෙනවා. අපි ඒ තත්ත්වයන් ගෙන් මිදිය යුතුයි.

කිතුනු, මුස්ලිම් භක්තිකයන්ට නැකත් අනුගමනය කිරීමක් කරන්න බෑ ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායන් අනුව. නැකත් අනුගමනය නොකර අපිට කරන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද? ලිප ගිනි මෙළවීම බලන්න. ඉතා වැදගත් ක්‍රියාවලියක්. කුස්සිය සුද්ධ පවිත්‍ර කරලා ගන්න අපි කොච්චර මැලි වෙනවද? අවුරුද්ද පුරාම පිළිවෙළක් නැතිව තිබෙන මුළුතැන් ගෙය පිළිවෙළක් කිරීම ජීවිතයට බොහෝ දේ එකතු කරනවා. පැරණි අළු, අපද්‍ර්‍රව්‍ය සියල්ල ඉවත් කරනවා. ලිප අලුතින් සකස් කරලා, අලුත් භාජන ගෙනැවිත්, අලුතින් සියල්ල පටන් ගන්නේ අපේ ජීවිතය වල තිබුණු පැරණි දේ ඉවත් කරලා අලුත් දේ පෑමිණුනා කියන හැගීමෙනුයි.

කෑම මේසයට සහභාගි වෙන විතරක් නෙමෙයි. ඒ කෑම බෙදාහදා ගැනීමේ සම්ප්‍රදාය, සංස්කෘතිය අපිට කොතරම් පණිවිඩක් ගෙනෙනවද? අසල්වැසියන්, නෑදෑයන්ට ආරාධනය කරලා රසකැවිලි, ප්‍රධාන ආහාරයන් වෙන්න පුළුවන් ඔවුන් සමග එක්ව ගැනීම කොතරම් වැදගත් සම්ප්‍රදායක් ද? අද සාමාන්‍ය නිවසක වුනත් එකට ආහාර ගන්න එක කෙතරම් වෙනස්වෙලා තියෙනවද? ඒ නිසා මේ සම්ප්‍රදාය වැදගත්. මේ තුළ ගොඩනැගෙන මිනිස් සම්බන්ධතාවයන් ඉතා වැදගත්.

සාකච්ඡා කළේ සුදේශ් ද සිල්වා.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...