Thursday, June 24, 2021

“පළිගැනීම් කොමිසම”ට අනුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ජනපති ගෝටාගේ සිවිල් අයිතීන් අහෝසි කළ හැකියි! – පා.ම. එම්. සුමන්දිරන්

ඡායාරූපය www.justsecurity.org වෙතිනි.

මෙවැනි කොමිෂන් සභාවන්ට සාමාජික සාමාජිකාවන් පත් කිරීමේදී සාමාන්‍යයෙන් සඳහන් කරන පරිදි ජනාධිපතිවරයා මෙම කොමසාරිස්වරුන් තිදෙනා පත් කරන ලද 2020 ජනවාරි 09 දිනැති ගැසට් නිවේදනයේ මෙසේ සදහන් කරයි: “ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔබේ විචක්ෂණභාවය, හැකියාව සහ විශ්වාසවන්තභාවය පිළිබඳ දැඩි විශ්වාසයක් තබමින් විමර්ශන කොමිෂන් සභා 2 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව මෙම පත්වීම මගින් ඔබ පත් කරනු ලැබේ.

අපූරු විශ්වාසය

ඉන් කියැවෙන්නේ ඔවුන්ගේ “විචක්ෂණභාවය, හැකියාව සහ විශ්වාසවන්තභාවය” කෙරෙහි ඔහුට විශ්වාසයක් ඇති බවයි.

එසේ පත්කර ඇති (එහි සභාපතිවරයා – SLB) විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වැඩ තහනම් කරන ලද සහ අනිවාර්ය මාරුවීමක් දෙන ලද අධිකරණයේ අපකීර්තිමත් සාමාජිකයෙකි. ඔහු ගැන පොත්පත්හි ලියන ලද සහ ප්‍රකාශයට පත් කරන ලද පොදු අවකාශයෙහි ඇති දේට වඩා වැඩි යමක් කීමට මට අවශ්‍ය නැත, වික්ටර් අයිවන් විසින් රචිත “නිම නොකළ අරගලය” නම් සුප්‍රසිද්ධ ග්‍රන්ථයෙහි සංස්කරණ හතරක් ද ප්‍රසිද්ධ කර තිබේ. දශක එකහමාරක් පුරා එම පොත සංසරණය වී ඇත. එම පොතේ ඇති කරුණු මේ තාක් ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුට නොහැකි වී නම්, මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා ගැන එමගින් බෙහෝ දේ කියැවෙයි.

බැසිල් රාජපක්ෂගේ පියන්

හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු විශ්‍රාම යාමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩ නියම කරන ලද අයෙකි. (ජෙනරල් සරත් පොන්සේකා සහ අනුර කුමාර දිසානායක පාර්ලිමේනතුවෙහිදී කියා සිටියේ ඔහු 2010න් පස්‍ර බැසිල් රාජපක්ෂගේ පියන් කෙනෙකු ලෙස ලිපි ගොනු උස්සාගෙන යෑමේ යෙදී සිටි බවයි – SLB)

ජනාධිපතිවරයාට අනුව “විචක්ෂණභාවය, හැකියාව සහ විශ්වාසවන්තභාවය” ඇති පුද්ගලයින් මොවුන්. කොමිසමේ වාර්තාව සහ ඔවුන් ක්‍රියා කර ඇති ආකාරය දෙස බැලූ විට, එවැනි පුද්ගලයින් ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රහාරක කාර්යය සඳහා තෝරාගනු ලැබුවේ ඇයිද යන්න අපට වැටහේ. ඔවුන්ට කිරීමට බාර දුන් කාර්යය ඔවුන් ඉතා හොඳින් ඉටු කර ඇත.

පළමුවෙන්ම, ඔවුන්ට “රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සමාගම්වල සේවකයින්, ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගෙන් සහ පොලිස් සේවයෙන්” පැමිණිලි බාර ගැනමේ කාර්යය පැවරී තිබුණි. ඔවුන් කර ඇත්ත කුමක්ද? එවැනි පැමිණිලි ඉක්මවා යමින්, ඔවුන් මෙම කාණ්ඩවලට අයත් නොවන වෙනත් පුද්ගලයින්ගෙන් පැමිණිලි ලබා බාර ගත්තේය.

අපරාධ යුක්තිය‌ට දුන් පහර

මුල් බලාධිකාරය පසුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ද ඇතුළත් කිරීම සඳහා පුළුල් කරන ලදී, එමගින් වසර 100 කට වඩා පැරණි අපේ රටේ අප සතුව ඇති අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය බරපතල ලෙස යටින් බිද හරිනු ලැබීය.

අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය ක්‍රියාත්මක වන විශේෂිත ක්‍රමයක් තිබේ: රජයේ ප්‍රධාන නීති නිලධාරියා ලෙස නීතිපතිවරයාට අපරාධ නඩු විධාන සංග්‍රහයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ පිළිගැනීමක් ලබා දී ඇත්තේ ඔහු/ඇයගේ ස්වාධිනත්වය තහවුරු කිරීම පිනිස. ප්‍රිවි කවුන්සිලය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයන්හි විවිධ තීන්දු මගින් ජනරජයේ නීතිපතිවරයාගේ අභිමතය ස්වාධින විය යුතු බව පිළිගෙන තිබේ. එම ස්වාධීන කාර්යය නඩු පැවරීමේ අභිමතයද අතුළුව ඉටු කරන්නේ නීතිපති සහ නීතිපති පමණකි.

අපගේ නීති පද්ධතිය තුළ, චූදිත පුද්ගලයා නිර්දෝෂී යැයි අනුමාන කෙරේ. නිශ්ශබ්දව සිටීම හෝ ප්‍රකාශයක් කිරී‍ම හෝ හරස් ප්‍රශ්න ඇසීම වැළැක්වී හෝ යන සියලු අයිතිවාසිකම් චූදිතයකුට තිබේ. ජූරි සභාවක් තෝරා ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔහුට අයිතියක් ඇත, තුන් වතාවක් ඔහුට හේතු ඉදිරිපත් නොකර “මට මේ ජූරි සභාව අවශ්‍ය නැත” යැයි පැවසිය හැකිය. චූදිතයන් සියයක් නිදහස් වුවද අපරාධකරුවන් සියයක් නිදහස් වුවද, අහිංසක පුද්ගලයෙකු වැරදිකරු නොවිය යුතුය. ක්‍රමය එයයි. එය එසේ වන්නේ අධිකරණය ක්‍රියාත්මක වන්නේ එම ක්‍රමය අනුව නිසාය.

එබැවින්, නීතිපති, ස්වාධීන නිලධාරියකු වනවා පමණක් නොව, යම් කෙනෙකුට අධිචෝදනා ගොනු කිරීමට ඔහු/ඇය තීරණය කළත්, එය මහේස්ත්‍රාත් අධිකරණය හෝ මහාධිකරණය ඉදිරියට යනු ඇත. එවිට චූදිතයාට අභියාචනා දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ, සාමාන්‍යය ක්‍රමය අනුව අභියාචනා දෙකක් තිබේ.

trial-at-bar විනිසුරු තිදෙනෙකු හමුවේ විභාගවන නඩු විභාගයක් නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 5 දෙනෙකු ඉදිරියේ එක් අභියාචනයක් පමණක් ඉදිරිපත් කළ හැකිය

ෆීල්ඩ් මාෂල් සරත් ෆෝර්සේකා එවැනි නඩු දෙකක් ගැන සඳහන් කළ බැවින්. මට ඒ කරා යොමු වීමට අවශ්‍ය නැත, නමුත් චූදිත සියලු දෙනාට නඩු විභාග සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට අවස්ථාව ඇති අතර ඔවුන් වරදකරුවන් වුවහොත්ෙ ඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ඇති බව සදහන් කළ යුතුය.

කොමිසම නීතිය කෙළෙසීම

දැන් අප සතුව පවතින ක්‍රමය එවැනි වූ විට, මෙම ශුද්ධ වූ කාර්ය පටිපාටියට මෙම කොමිසම මැදිහත් වෙයි. ඇත්ත වශයෙන්ම, අපගේ නීති පොත්වල නඩු කියන්නන් සහ අතරමැදියන් පිළිබඳ ආඥාපනත (“The intermeddlers with suitors Ordinance”) යනුවෙන් හැඳින්වෙන නීතියක් ඇති අතර, යුක්තිය පසිඳලීමේ නිසි පරිපාලනයට යමෙකු මැදිහත් වුවහොත්, එම පුද්ගලයාව චූදිතයකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් දිය හැකිය.

මෙම කොමසාරිස්වරුන් තිදෙනා තමන්ට ලබා දී ඇති වරම ඉක්මවා ඇති තරම කොතෙක්ද යත් එය මේ රටේ නීතිපතිවරයාගේ කාර්යයට මැදිහත්වීමකි. කොමිසම ඉහත කී අඥාපනතට අනුව වරදක් කර තිබේ.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත මේ රටේ නැවත නැවතත් අපයෝජනයට ලක්ව ඇති එකකි. වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක එළෙස පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින් වැරදිකරු කිරීමයි. පසුව ඇගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කරන ලදී.

මෙම (පළිගැනීම් – SLB) කොමිෂන් සභාව විසින් කරන ලද සමහර නිර්දේශයන් නිසා දැන් එය සිදු වූ ආකාරය මෙහි සඳහන් කිරීම වටී. මතක තබා ගන්න, මෙය විමර්ශන කොමිෂන් සභාවක් මිස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නොවේ, මෙම කොමිසමට කිසිවකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම නිර්දේශ කිරීමට අයිතියක් නැත. පනත ඔවුන්ට එම අයිතිය ලබා නොදෙන නමුත් ඔවුන් එවැනි නිර්දේශය ඉදිරිපත් කරයි.

සිරිමා බණ්ඩාරනායකට කළ දේ

බණ්ඩාරනායක මහත්මියට එරෙහිව චෝදනා ගොනු කරන ල්දේ බලය සහ දූෂණය අනිසි ලෙස පරිහරණය කිරීම යන චෝදනා යටතේ. එසේ නමුත් අභියාචනාධිකරණය එම කොමිසමට එරෙහිව තහනම් නියෝගයක් ලබා දුන් නමුත් විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් ඇය වැරදිකරු බව තීරණය නැවත පනතට සංශෝධනයක් ගෙන එන ලදී. ඒ සදහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඇය වැරදිකරු කර 1980 දී පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලදී. ඇය නෙරපා හැරීමෙන් පසු දින හදිසි සංශෝධන දෙකක් පාර්ලිමේන්තු මැතිවරණ පනතට ගෙන එන ලදී. එහි සඳහන් වූයේ “යෝජනාවක් මගින් නුසුදුස්සකු වූ ඕනෑම අයෙකු, එම කාල පරිච්ඡේදය තුළ පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණයකට සහභාගී වීම වැළක්වේ යන්නය. බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පළිගැනීමේ දඩයමක යෙදුණු අතර ඒ සඳහා භාවිතා කරන ලද්දේ අද පාවිච්චි කරන මෙම පනත්.

එබැවින් අද ආණ්ඩුවේ ඉදිරි පෙළේ සිටින අය මෙය ඉතා කුරිරු නීතියක් බවත් එය ඔවුන්ගේම පක්ෂ නායිකාවට එරෙහිව භාවිතා කළ ආකාරයත් හොඳින් දනී. එනමුත් ඔවුන් දැන් තෝරාගෙන ඇත්තේ ජනාධිපති ජයවර්ධන පවා කළ දෙයට වඩා දරුණු ලෙස එම පනත භාවිත කිරීමටයි.

උපාලි අබේරත්න කොමිසම සාමාන්‍ය විමර්ශන කොමිෂන් සභාවකි. විශේෂ ජනාධිපති කොමිසමක් නොවේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා නිදහස අහිමි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ විශවසනීයත්වයක් නැති සාමාජිකයන්ගෙන් සමන්විත සාමාන්‍ය විමර්ශන කොමිසමක් විසිනි.

මෙම පනත දෙස බැලුවහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීමට පනත බලයක් ලබා දී නැති බව පෙනෛනු ඇත. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් අදාළ වූ අතර පසුව කරන ලද සංශෝධනයකින් රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන ද ඇතුල් කරන ලදී.

ඒ අනුව වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ ඉතා පැහැදිලිව කොමිසම ඔවුන්ගේ වරම ඉක්මවා යමිනි.

කාලය නොමැතිකම නිසා මම ඉක්මනින් උදාහරණ කිහිපයක් වෙත යොමු වෙමි. නමුත් එසේ කිරීමට පෙර මම මගේ සම්බන්ධයක් ගැන සඳහන් කළ යුතුය.

පිල්ලෙයාන්ට දුන් විගඩම් තීන්දුව

මෙම පාර්ලිමේන්තුවෙහි සාමාජිකයෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් පුද්ගලයෙක් සිටී. ඔහු “පිල්ලයාන්” ලෙස හැඳින්වේ. මේ පිල්ලෙයාන් විසින් මෙම කොමිසමට පැමිණිලි කර ඇති අතර, ඔහු වැරදියට අත්අඩංගුවට ගෙන, රඳවාගෙන සිටින බවත්, ඔහුට එරෙහිව යම් යම් සාක්ෂි ගොතන ලද බවත්, තවත් විත්තිකරුවන් දෙදෙනෙකු ඔහුට විරුද්ධව පාපොච්චාරණය කළ බවත්, එබැවින් ඔහු අවුරුදු පහක් ඔහුගේ නිදහස අහිමි වූ බවත් එහි සඳහන් වේ.

එම නඩුවේදී දෙදෙනෙකු විසින් පාපොච්චාරණය කරනු ලැබුවේ මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ දීය. ඒවා සාමාන්‍යයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ නඩුවකදී කරන පරිදි පුද්ගලයෙකුට වධහිංසා පමුණුවා ඒඑස්පී වරයකු විසින් තබා ලබා ගන්නා ලද ඒවා නොවේ.

ඒවා වලංගු ප්‍රකාශයන් ලෙස මහාධිකරණය විභාගයේදී පිළිගන්නා ලදී. අනතුරුව චූදිත පිල්ලෙයාන් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම ප්‍රකාශ නිසි පරිදි ලබාගෙන නැතැයි අභියාචනාධිකරණය හරි හෝ වැරදියට තීරණය කළේය. එම තත්වය යටතේ නඩුවක් ගෙනයා නොහැකි යැයි තීරණය කළ නීතිපතිවරයා හරියට හෝ වැරදියට ඔහු නිදහස් කිරීමට තීරණය කළේය.

දැන් ප්‍රශ්ණය තිබෙන්නේ කොමිසමෙහිදී සිදුවුයේ කුමක්ද යන්න ගැනය.

පිල්ලෙයාන් පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව පැමිණිලි කර තිබුණි, පළමුවැන්නා මා වන “පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්” සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකි.

නමුත් මේ පිළිබඳ වාර්තාවන්හි මා ගැන කිසිවක් නැත. පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්තේ ඔවුන් පිල්ලෙයාන් මහේස්ත්‍රාත්වරයා වෙත ගෙන ගිය බවත් පාපොච්චාරණ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඉදිරිපත් කරන ලද බවත් පමණකි. නමුත් සාක්ෂි ගොතන ලදැයි එම පොලිස් නිලධාරීන්ට සහ මට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම නිර්දේශ කර තිබේ.

මට මේ කිසිම දෙයක් ගැන දැනුමක් නොතිබුණි, එමෙන්ම මා මෙයට කිසිම සම්බන්ධයක් තිබුණේ නැ. මට මේ සමඟ කිසිම සම්බන්ධයක් ති බව වාර්තාවේ සඳහන් කර නැත. පිල්ලෙයාන් මා ඔහුට විරුද්ධ පුද්ගලයෙකු ලෙස සඳහන් කර ඇති නිසා, ඔහු පැමිණිල්ලක් කර ඇති නිසා, සාක්ෂි ගොතන ලද බවට මට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම නිර්දේශයක් කර තිබේ.

කොමිසමෙහි වාර්තාවෙහි එම නඩුව විමසූ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ඉතා බරපතල චෝදනා එල්ල වේ. මහේස්ත්‍රාත්වරයා ගැන පහත් දේවල් පවසා ඇත. දැන් එම මහේස්ත්‍රාත්වරයා මහාධිකරණ විනිසුරුවරයෙන් ලෙස සේවය කරයි.

උපාලි අබේරත්නට ඇති බලපුලුවන්කාරකම

මා පැවසූ පරිදි මුළු රටම දන්නා එම නින්දිත අධිකරණ නිලධාරියා ( එනම් උපාලි අබේ්රත්න-SLB) ක්‍රියාකාරී විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි ප්‍රකාශ කරන්නේ කුමන පුලුවන්කාරකමක් නිසාද? ඒ සඳහා ඔහුට අයිතිය දුන්නේ කවුද? ඔහු පත් කළ බලාධිකාරය විසින් හෝ මෙළෙස විනිසුරුවන්ට එරෙහිව ප්‍රකාශ කිරීමේ අයිතිය ඔහුට ලබා දුන්නේ නැත! විනිසුරුවන් රාජ්‍ය නිලධාරීන් නොවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාජ්‍ය නිලධාරීන් නොවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දක්වා ඇති පරිදි, කොමිසමට නිර්දේශ කළ හැක්කේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පමණි. පැහැදිලිවම මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ කොමිෂන් සභාව වෙත ලබා දී ඇති අයිතියට පිටතිනි.

ඉතා හාස්‍ය ජනක ලෙස, පිල්ලෙයාන් සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශය වන්නේ නීතිපතිවරයා විසින් නඩු පැවරීම අත්හිටුවිය යුතු බවයි. අවසානයේ එය පවසන්නේ ජනාධිපතිවරයා ඔහුට සමාව ලබා දිය යුතු බවයි. පෙනේද ඔවුන් සියලු පැති ආවරණය කර ඇති සැටි ? නීතිපතිවරයා එම නඩුව ඉල්ලා අස්කර නොගෙන ඔහු වැරදිකරු බව ඔප්පු වූවේ නම් ඔහුට සමාව දෙන්න. එයයි කොමිසම කියා ඇත්තේ. මේ වනාහී මෙම කොමිසම ඔවුන්ට කළ යුතු යැයි කියා ඇති දේ කර ඇති ආකාරය පිළිබඳ එක් උදාහරණයකි.

ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමට නිර්දේශ කිරීමට ඔවුන්ට බලයක් නොමැති බැවින්, කොමිසම නිර්දේශ කරන්නේ තමන් කිරීමට කැමැති නිර්දේශ සඳහා ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතු බවයි. මේක යකාගේ වැඩක්! මගේ බස ගැන සමාවන්න.

තමන්ට එය කිරීමට බලයක් නොමැති බැවින්, කොමිසම ජනාධිපතිවරයාට කියන්නේ “අපට එය කිරීමට අයිතියක් නැති නිසා, වෙනත් කොමිසමක්, රූකඩ කොමිසමක්” පත් කරන්න, අපට කිරීමට අවශ්‍ය දේ කරන්න” කියාය. ජනාධිපතිවරයා ඉතින් එවැනි කොමිසමක් පත් කර තිබේ!

වධකයින්ටත් කොමිසමෙන් නිදහස

චුන්නකම් පොලිස් ස්ථානයේ වධහිංසා හා මිනීමැරුම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් වැරදිකරුවන් වූ නඩුවක් සම්බන්ධයෙන්ද ප්‍රශ්ණයක් පැන නැගී තිබේ, එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා දෙකක් ඉදිරිපත් විය, එම අභියාචනා දෙකම නිෂ්ප්‍රභ විය. එම පොලිස් නිලධාරීන් තිදෙනා වධහිංසා පැමිණවීම සහ මිනීමැරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් විය. ඔවුන්ට එරෙහිව නඩු පවරන ලද්දේ වධහිංසාවට එරෙහි ප්‍රඥප්තිය යටතේය. දැන් එම පුද්ගලයින් නිදහස් කළ යුතු බවට කොමිසමේ නිර්දේශයක් තිබේ.

දැන් කොමිසම සිතන්නේ තමන් කවරෙක් යැයි කියාද? මෙරට ක්‍රියාකාරී අධිකරණයක් නැතැයි ඔවුන් සිතන්නේද?

නීතිපතිවරයා මෙම කොමිසමට ලිපියක් යවමින් කියා සිටියේ “මගේ කාර්යයට බාධා නොකරන්න. මෙම කොමිසමට ඉදරියට නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් කැඳවන්න එපා. ඔබට එය කිරීමට අයිතියක් නැත.” කියාය.

ජ්‍යෙෂ් නීති නිලධාරීන් දෙදෙනෙකු මෙම කොමිසම වෙත ගොස් ගරු නීතිපතිවරයා විසින් එවන ලද ලිපිය වෙනුවෙන් කරුණූ දැක්වීමට ඉදිරිපත් වූ විට ඔවුන්ට අවසර දීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔබට මවාගත ගත හැකි ඕනෑම කැකිල්ලේ අධිකරණයකට වඩා මෙම කොමිසම නරකින් නරකය.

ලැජ්ජාවක් නැති රාජපක්ෂ ආන්ඩුව

රජය කිසිදු ලැජ්ජාවකින් තොරව මෙම වාර්තාව මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කල් තැබීමේ යෝජනාවක් පවා ඉදිරිපත් කරයි. නිසැකවම ලැජ්ජාවකින තොරව!

දැන් මෙම කොමිෂන් සභාවේදී, මා කතා කළ පිල්ලෙයාන්න්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් අපට දැනුම් දුන්නේ හෝ නැත. මා වග උත්තරකරුවෙකු සඳහන් කාරණා 4 ක් හෝ 5 ක් පිළිබඳව මා දුටු විට, මම කොමිසම ඉදිරියට ගොස්, “ඔබ මාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇත්නම්, ඔබ එම තීරණය ගත් තොරතුරු මට දෙන්න” යැයි කීමි. කොමිෂන් සභාවේ සභාපතිවරයා “ඔව්, ඔබට අයිතියක් ඇත, අපි එය ඔබට දෙන්නෙමු.” කීවේය.

මට තේරෙන භාෂාවෙන් එය මට දෙන්න” යැයි මම කීවෙමි. “ඔව්, ඔබට පරිවර්තනය ලබා ගැනීමට අයිතියක් ඇත. අපි එය ඔබට දෙන්නෙමු. යැයි කී නමුත් මට කිසිවක් ලැබුනේ නැත.

මම මෙහි වරප්‍රසාදය පිළිබඳ ප්‍රශ්නයක් මතු කළෙමි. මක්නිසාද යත් මම පාර්ලිමේන්තුවෙහි සිට නැවත නිවසට යන විට එදින.. 2.00 ට කොමිසම ඉදිරිපිටට එන ලෙස පවසමින් මගේ නිවසේ දැන්වීමක් තබා තිබුණි. මා එය දුටුවේ සවස 5.00 . මම වහාම කොමිසමට ලිපියක් ලිව්වෙමි. සෑම කැඳවීමකටම මම ප්‍රතිචාර දැක්වූයෙමි. ඒවා මම ෆැක්ස් මගින් යවා ඇත, මට සහභාගී වීමට නොහැකි වූයේ මන්දැයි මම කොමිසමට දන්වා සිටිමි. දෙවරක් මා සහභාගී වී ඇති අතර, මම එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවත්, සවස 5.00 ට මට දැන්වීම ලැබුණු බවත් මම කොමිසමට දන්වා සිටිමි.

එසේ තිබියදීත්, මගේ ලිපිය ලැබීමෙන් දින හතරකට පසු කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින්, “මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොමිසමෙන් මග හරිමින් සිටිති.” යැයි කීවේය. දැන් මම මතු කර ඇති වරප්‍රසාද ප්‍රශ්නය ගරු කථානායකවරයා වරප්‍රසාද කමිටුවට යොමු කර ඇති බැවින් කමිටුව මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

එබැවින් සභාපතිවරයා මාධ්‍යයට , “හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, පාට චම්පික රණවක සහ තවත් කිහිප දෙනෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මග හැර යන පුද්ගලයන් ලෙස නම් කළේය. කොම්සමේ සභාපති, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විනිසුරු උපලි බේරත්න ඔවුන් නම් කරන ලෙස උපදෙස් දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජනාධිපති නීති එම්.. සුමන්දිරන්, ආර්. සම්පන්දන්, අනුර කුමාර දිසානායක, සහ හිටපු මංත්‍රී මලික් සමරවීර කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීම මගහරින ලද අය ලෙස නම් කරන ලෙස උපදේස් දුන්නේය..

දැන් මෙම ‘”දූෂණ විරෝධී කමිටව” සම්බන්ධයෙන් කිසිදු කමිටුවක් ගැන මට දැනුමක් නොතිබුණි, අපි එවැනි කමිටුවක සාමාජිකයන් නොවූයෙමු, අප එවැනි කමිටුවක සාමාජිකයින් බවට කැබිනට් මණ්ඩලය හෝ කිසිවෙකු විසින් අපට දැනුම් දී නොමැත. අප එවැනි කිසිදු කමිටුවක රැස්වීමකට සහභාගි නොවූ නමුත් එවැන්නක් මෙම නිර්දේශ ඉදිරිපත් කළ හැකි කාරණයක් බවට පත් වන්නේ කෙසේද?

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොවිඩ් 19 කාර්ය සාධක බලකායක් තිබේ. මීට පෙර සුනාමියෙන් පසු ද එවැනි කාර්ය සාධක බලකායක් තිබුණි. විධායකය විසින් විවිධ කාර්ය සාධක බලකායන් පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එවැනි දේ සඳහන් නොවන නිසා ඒවා ව්‍යවස්ථා විරෝධී යැයි යමෙකුට පැවසිය හැකිද? එය එසේ නම් දැන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී ය. ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි විය යුතු අතර ඒ සඳහා ඔහුව පත් කළ ජනාධිපතිවරයා ද එයම විය යුතුය!

මෙම තත්වය යටතේ මෙම වාර්තාව කියවන විට කෙනෙකුට එය ගැන කිසිදු විශ්වසනීයත්වයක් ඇති වන්නේ නැත. එය සිය වරම ඉක්මවා ගොස් ඇතිවාටත් වඩා, එය තම වරම තුළ ක්‍රියාත්මක වන විට පවා මේ රටේ අධිකරණයට, නීතියේ ආධිපත්‍යයට එරෙහිව ගොස් මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය සමච්චලයට ලක් කිරීමට පෙළඹී තිබේ.

අප්‍රේල් 22 දින පාර්ලිමේන්තුවෙහිදී මංත්‍රී එම්. සුමන්දිරන් විසින් ඉංග්‍රීසි බසින් පවත්වන ලද කතාවෙහි දළ සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් විසිනි. ඍජු පරිවර්ථනයක් නොවේ.

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...