Sunday, April 11, 2021

අනාගත වගවීමේ පියවර සූදානම් කැරෙන, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව මෙන්න!

අද ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ ප්‍රථම කෙටුම්පත පසුගිය සිකුරාදා ජිනීවාහී තානාපති කාර්යාල වෙත ලබා දෙන ලදී. මෙම යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රියාකාරී කන්ඩායම වන ජර්මනිය, බ්‍රිතාන්‍යය, කැනඩාව, මෙන්ටෙනීග්‍රෝ සහ උතුරු මැසිඩොනියාව යන රටවල් විසිනි. ඉන් පසු අප්‍රිකානු රටක් වන මලාවිය ද මෙම ක්‍රියාකාරී කණ්ඩායමට එක්විය.

මෙම යෝජනාව පිළිබඳ නොනි සාකච්ජාව මාර්තු ඵලවෙනි දින උදය වරුවෙහි අන්තර් ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතය. එයට සියළු සාමාජිත රටවලට ආරාධනා කැරෙන අතර ඔවුන්ට යේජනාව සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබේ. යෝජනාව තවදුරටත් වෙනස්කම්වලට භාජනය වීමට එම අවස්ථාවෙහිදී ඉඩ තිබේ. බොහෝ දුරට යෝජනාව ඡන්ද විමසීමට ලක් කැරෙනු ඇති මාර්තු 22වන සදුදා ද යෝජනාවට සංසෝධන ඉදිරිපත් කළ හැකිය.

යෝජනාවෙහි වැදගත් අංගයන් වනුයේ ක්‍රියාකාරිත්ව ජේදයන්ය. යෝජනාව සම්මත වුවහොත් ගත යුතු පියවර එම ජේද මගින් දැක්වේ. මෙම යෝජනාව දේශීය යාන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාවේ සිදුවු බවට කියැවෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කර අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට 2022 අග  දක්වා කල් දී තිබේ.

2022 සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන 51වන සැසි වාරයට ශ්‍රී ලංකාවෙහි වගවීම ඉදිරියට ගෙනයාම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහ කොමසාර්ස් කාර්යාලයට 16 වන ක්‍රියාකාරිත්ව ජේදය බලය පවරයි.

තවත් තීරනාත්මක ක්‍රියාකාරිත්ව ජේදයක් වනුයේ 6 වැන්නයි. එය වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංනය කිරීම් සහ කෙළෙසීම් සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. තවද නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල අදාළ අධිකරණ කටයුතු සඳහා සහාය වීම සඳහාත් අනාගත වගවීමේ ක්‍රියාවලීන් උදෙසා උපාය මාර්ග සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාවය ශක්තිමත් කිරීමට තීරණය කරයි.

මෙම ජේදය මගින් කියැවෙන්නේ ද අනාගතයෙහි ගැනීමට සිදුවනු ඇතැයි උපකල්පනය කැරෙන වගවීම පිළිබඳ පියවර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයට අවශ්‍ය අරමුදල් මෙන්ම  මානව සහ ද්‍රව්‍යමය සම්පත් ලබාදීමිය. 2015=2019 කාලය අතුරතුර ශ්‍රී ලංකාවෙහිදී කරන ලද පොලිස් පරීක්ෂන මගින් සොයාගත් කරුණූ ද මහ කොමසාරිස් කාර්යාලය යටතේ සංරක්ෂනය කිරීම මෙමගින් අදහස් වන බව පැවසේ.

ජනාධිපති රාජපක්ෂ විසින් 2021 ජනවාරි 22 දින ප්‍රකාශයට පත් කරන ලද දේශීය විමර්ශන කොමිෂන් සභාව මගින් මෙරට සිදුවූ මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවනු ඇතැයි ද යෝජනාව සඳහන් කරයි. අනාගත පියවරයන් සැළසුම් කිරීමට යෝජනා කැරෙන්නේ ඒ අනුවය.

තවත් වැදගත් ජේදයක් වනුයේ ව13 වන සංසෝධනය අනුුව පලාත් සභා මැතිවරණය පවත්වන සේ කරනු ලබන ඉල්ලීමයි. එමෙන්ම කොවිඩ් මරණ භුමිදානයට අවසර නොදීම ද යෝජනාව මගින් හෙළා දකියි.

ඉංග්‍රිසි බසින් බෙදා හරින ලද ප්‍රථම කෙටුම්පතෙහි සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. මෙය නිල පර්වර්ථනයක් නොවන බව සළකන්න.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම

මානව හිමිකම් කවුන්සිලය,

පූර්විකා ජේදය 1: එක්සත් ජාතීන්ගේ ප්‍රප්තියේ අරමුණු හා මූලධර්ම මගින් මෙහෙයවනු ලැ, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යළිත් තහවුරු කරමින් සහ මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් සහ වෙනත් අදාළ උපකරණ සිහි කැදවමින්;

පූර්විකා ජේදය 2: ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 19/2, 22/1 25/1, 30/1, 34/1 සහ 40/1 සිහි කැදවමින;

පූර්විකා ජේදය 3: ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමගිය සහ භෞමික අඛණ්ඩතාව සඳහා වූ සිය කැපවීම යළිත් තහවුරු කරමින්;

පූර්විකා ජේදය4: මානව හිමිකම් ප්‍රවර්ධනය හා ඉටු කිරීම මෙන්ම එහි සමස්ත ජනගහනය සියලු මානව හිමිකම් සහ මූලික නිදහස පූර්ණ ලෙස භුක්ති විඳීම සහතික කිරීම එක් එක් රාජ්‍ය මූලික වගකීම බව නැවත තහවුරු කරමින්;

පූර්විකා ජේදය 5: 2018 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්තවාදී ක්‍රියා මගින් තුවාල හා මරණ විශාල සංඛ්‍යාවක් සිදුවීම ගැන කණගාටුවෙමින්;

පූර්විකා ජේදය 6: 2019 නොවැම්බර් සහ 2020 අගෝස්තු මාසවල නිදහස් හා විනිවිද පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිගනිමින්;

පූර්විකා ජේදය 7: ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සැලකිල්ලට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත්කම සහ ප්‍රධාන ආයතනවල ස්වාධීන අධීක්ෂණය අවධාරණය කරමින් පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම ඇතුළු පළාත් පාලන ආයතනවලට ගරු කිරීමට සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලුම පළාත් සභා ලදායී ලෙස ක්‍රියාත්මක වීමට හැකිවීම සහතික කිරීමට ආණ්ඩුව දිරිමත් කරමින්;

පූර්විකා ජේදය 8: සාමකාමී හා එක්සත් රටක ආගම, ඇදහීම හෝ ජනවාර්ගික සම්භවය වැනි කිසිදු භේදයකින් තොරව සියළුම ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට අයිතිය ඇති බව නැවත තහවුරු කරමින්;

පූර්විකා ජේදය 9: යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, බිම් බෝම්බ ඉවත් කිරීම, ඉඩම් ආපසු ලබා දීම, අභ්‍යන්තරව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ මෙම අංශයන්හි ඉදිරි පියවරයන් දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිගනිමින්;

PP10: මානව හිමිකම් බලාධිකාරීන්ගේ හා යාන්ත්‍රණ ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතනවල සහාය ලබා ගැනීම සඳහා දිගටම කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඛණ්ඩ කැපවීම පිළිගැනීම;

පූර්විකා ජේදය 11: ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය යටතේ, විශේෂයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර සරණාගත නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ රාජ්‍යයන්ගේ බැඳීම්වලට අනුකූල විය යුතු බව නැවත තහවුරු කරමින්්‍

පූර්විකා ජේදය 12: වගවීම සහතික කිරීම, යුක්තිය ඉටු කිරීම, වින්දිතයින්ට පිළියම් සැපයීම, මානව හිමිකම් උල්ලංනයන් නැවත ඇතිවීම වළක්වා ගැනීම සහ සුවපත් කිරීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා, අධිකරණ හා අධිකරණමය නොවන ක්‍රියාමාර්ග රාශියක් ඇතුළත් කරමින් අතීතය සමඟ කටයුතු කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක වැදගත්කම අවධාරණය කරමින;

පූර්විකා ජේදය 13: අතීත අපයෝජනයන් සහ උල්ලංනයන් ප්‍රතිකර්ම සැපයීම සඳහා වන යාන්ත්‍රණයන් වඩ හොදින් ක්‍රියාත්මක වන්නේ ඒවා ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන විට සහ වින්දිතයින්, කාන්තාවන්, තරුණයින්, විවිධ ආගම්, ජනවාර්ගික හා භූගෝලීය ස්ථානවල නියෝජිතයින් මෙන්ම ආන්තික කණ්ඩායම්වල පුද්ගලයින් ද ඇතුළුව ඔවුනට පමණක් සීමා නොවී අදාළ සියලු පාර්ශවකරුවන්ගේ අදහස් ඇතුළත් උපදේශන සහ සහභාගීත්ව ක්‍රම භාවිතා කරන විට බව පිළිගනිමින්;.

පූර්විකා ජේදය14: බරපතල මානව හිමිකම් උල්ලංනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට එරෙහිව නඩු පැවරීමට අදාළ වගකීම්වලට අනුකූලව කටයුතු කිරීමේ රාජ්‍යයන්ට ඇති වගකීම මතකයට නංවමින්,

පූර්විකා ජේදය 15: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යභාරය අගය ිරීම සඳහන් කරමින්.

ක්‍රියාකාරිත්ව ජේදය: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් හතළිස් තුන්වන සැසියේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාචික යාවත්කාලීන කිරීම සහ හතළිස් හයවන සැසියේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගනිමින්;

ක්‍රියාකාරිත්ව ජේදය 2: 2015 සහ 2019 අතර ශ්‍රී ලංකා රජය සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අතර ඇති සාධනීය සම්බන්ධතාවය සාදරයෙන් පිලිගනිමින්, එවැනි කටයුතුවල නොනැවත නියැලී සිටින ලෙස ඉල්ලා සිටිමින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී;

ක්‍රියාකාරිත්ව ජේදය 3: අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය ලබා ඇති ප්‍රගතිය පිළිගන්නා අතර ඒවායේ ස්වාධීන හා ලදායී ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරමින්, ඔවුන්ගේ බලතල ලදායී ලෙස ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හා තාක්ෂණික ක්‍රම ලබා දෙමින් ගැහැටට පත් සහ අවදානමට ලක්විය හැකි පවුල් සඳහා ස්ත්‍රී පුරුෂ භාවය කේන්ද්‍ර කරගනිමින් අතුරු සහන ක්‍රියාමාර්ග ගැනීමට ඒවාට ඉඩ සළසා දෙමින් සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද අයගේ ඉරණම සහ ඔවුන් පිලිබඳ තොරතුරු දැන ගැනීමට හැකිවන පරිදි ඒවා බොහොමයක් විසඳීමට කාර්යාල දෙකටම සහාය ලබාදීම අවධාරණය කරයි.

ක්‍රියාකාරිත්ව ජේදය 4: 2015 සැප්තැම්බර් මස මහ කොමසාර්ස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂන වාර්තාවේ OISL දක්වා ඇති පරිදි, දෙමළ ඊලම් විමුක්ති කොටි විසින් කරන ලද එවා ද ඇතුළුව ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු වූ සියලුම මානව හිමිකම් උල්ලංනයන් සහ කෙළෙසීම් සඳහා පුළුල් වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කරයි;

ක්‍රියාකාරිත්ව ජේදය 5: දේශීය යාන්ත්‍රණයන් හරහා අනවරතවම වගවීම සිදුනොවූ බවත් 2021 ජනවාරි 22 දින ප්‍රකාශයට පත් කරන ලද දේශීය විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනත්වයක් නොමැති බවත්, අතීතයේ පැවති මානව හිමිකම් උල්ලංනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතියෙහි බරපතල උල්ලංනයන් සම්බන්ධයෙන් වගවීම ඇති කිරීම සඳහා බලාධිකාරියක් එයට ඇතුළත් නොවීම ගැන කනගාටු වන බවත් සඳහන් කරයි;

ක්‍රියාකාරිත්ව ජේදය 6: වගවීම ඉදිරියට ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංනය කිරීම් සහ කෙළෙසීම් සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගන්නා අතර බරපතල මානව හිමිකම් උල්ලංනය කිරීම හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධ තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහාත්, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සඳහාත් සහ නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල අදාළ අධිකරණ කටයුතු සඳහා සහාය වීම සඳහාත් අනාගත වගවීමේ ක්‍රියාවලීන් උදෙසා උපාය මාර්ග සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාවය ශක්තිමත් කිරීමට තීරණය කරයි;

ක්‍රියාකාරිත්ව ජේදය 7: ශ්‍රී ලංකාවේ පිරිහෙන මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පැහැදිලි පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා නියෝජනය කරන, පසුගිය වසර තුළ නැගී එන ප්‍රවණතා පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරයි. ඒ අතරට සිවිල් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සී්‍ඝ්‍රගාමීව මිලිටරිකරණය කිරීම, සහ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ප්‍රධාන ආයතන ද ඇතුළුව අධිකරණයේ ස්වාධීනත්වය ඛාදනය වීම, “සංකේතාත්මක සිද්ධීන්” ව අපරාධ සහ මානව හිමිකම් උල්ලංනයන් සම්බන්ධයෙන් වගවීම පිළිබඳ අඛණ්ඩ දුර්විපාක නොලැබීම සහ දේශපාලන බාධා කිරීම්, ආගමේ හෝ විශ්වාසයේ නිදහසට ඇති අයිතියට අහිතකර ලෙස බලපාන ප්‍රතිපත්ති, සිවිල් සමාජය සෝදිසි කිරීම හා බිය ගැන්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලවී, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් කුරිරු, අමානුෂික පහත් සැලකීම් හෝ ඬුවම් සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඇතුළත්ය. මෙම ප්‍රවණතා පසුගිය වසරවල දී ලබා ඇති සීමිත නමුත් වැදගත් දිනාගැනීම් ආපසු හැරවීමට හා අතීතයෙහි දරැණු උල්ළංඝනයන්ට මගපෑදු ප්‍රතිපත්ති හා භාවිතයන් නැවත ඇතිවීමේ අවදානමක් ඇති කරයි;

ක්‍රියාකාරිත්ව ජේදය 8: COVID-19 වසංගතය ආගමේ හෝ විශ්වාසයේ නිදහසට බලපා ඇති බවත්, මුස්ලිම් ප්‍රජාව දැනටමත් පවතින ආන්තිකකරණය සහ වෙනස් කොට සැලකීම උග්‍ර කර ඇති බවත්, COVID-19 මියගිය සියලු දෙනාටම ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය මගින් මුස්ලිම්වරුන්ට සහ වෙනත් ආගම්වල සාමාජිකයින්ට තමන්ගේම සුසාන ආගමික වත්පිළිවෙත් අනුගමනය කිරීම වළක්වා ඇති අතර, ආගමික සුළුතරයන්ට අසමාන ලෙස බලපා, පීඩාවන් හා ආතතීන් උත්සන්න කර තිබීම පිළිබඳ වැඩිදුරටත් කනස්සල්ල පළකරයි;

ක්‍රියාකාරිත්ව ජේදය 9: කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙසත්, අවශ්‍ය වුවහොත්, බරපතල මානව හිමිකම් උල්ලංනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංනය කිරීම් සහ දිගු කළක පවත්වා සංකේතාත්මක (emblematic) නඩු පිළිබඳ සියලු චෝදනාවලට එරෙහිව නඩු පැවරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි;

ක්‍රියාකාරිත්ව ජේදය 10: ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලයේ ලදායී හා ස්වාධීන ක්‍රියාකාරිත්වය සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;

ක්‍රියාකාරිත්ව ජේදය 11: සිවිල් සමාජ ක්‍රියාකාරීන්/ක්‍රියාකාරිනියන් ආරක්ෂා කරන ලෙසත් ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත් සහ බාධා, අනාරක්‍ෂිතභාවය සහ පලිගැනීම් වලින් තොරව සිවිල් සමාජයට ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් තවදුරටත් ඉල්ලා සිටී;

ක්‍රියාකාරිත්ව ජේදය 12: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වන ඕනෑම නීතියක් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;

ක්‍රියාකාරිත්ව ජේදය 13: සියළුම ආගමික ප්‍රජාවන්ට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමට ඇති හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් සහ විවෘතව හා සමාන පදනමක් මත සමාජයට දායක වීමෙන් ආගමික නිදහස සහ බහුත්වවාදය පෝෂණය කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

ක්‍රියාකාරිත්ව ජේදය 14: පොරොත්තු ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි බලාධිකාරයන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන සේ ශ්‍රී ලංකා රජය දිරිමත් කරයි;

ක්‍රියාකාරිත්ව ජේදය 15: ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් හා සාකච්ඡා කර, ඉහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් සහ තාක්ෂණික සහාය ලබා දෙන සේ මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ ක්‍රියා පටිපාටි බලාධිකාර දරන්නන් දිරිමත් කරයි.

ක්‍රියාකාරිත්ව ජේදය 16: ප්‍රතිසන්ධානය හා වගවීම පිළිබඳ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සිය අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයට හතළිස් නවවන සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් පනස්එක්වන සැසියේදී වගවීම ඉදිරියට ගෙනයාම සඳහා තවත් විකල්ප ඇතුළත් ප්‍රළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් එම වාර්තා දෙකම කවුන්සිලයෙහි අන්තර්ක්‍රියාකාරී සාකච්ඡවන්ට ඉදිරිපත් කරන ලෙසත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...

Related news

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා) නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස...

දේශපාලන පක්ෂ නාම පිළිබද මැතිවරණ කොමිසමේ අලුත් නීතිය නීති විරෝධියි! – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේ “ජාතික” පක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි...

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි. ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව...

පනස් වසරකට පෙර: අප්‍රේල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද? – සුනන්ද දේශප්‍රිය

අප්‍රේල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කණගාටුවට කරුණකි. අප මෙම කරැණු...