Thursday, June 24, 2021

අන්තිමේදි හුලං විතරක් ඉතිරිවන රජයේ සෙලන්දිවා සමාගම නැතහොත් “සෙලිං දිවයින” සංකල්පය හඳුනාගනිමු!

ශිරාල් ලක්තිලක විසිනි.
හොර පාරෙන් රාජ්ය සම්පත් පෞද්ගලිකකරනය කරන SPV සමාගම්! SPV සංකල්පයම ගෝලියව භාවිතා කරන තඩි වංචනික සංකල්පයකි!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක තුමා ජනාධිපතිවරනයට ඉදිරිපත් කල සිය ප්‍රතිපත්ති ප්‍රකාෂනයවු සෞභාග්‍යයේ දැක්ම තුලින් සිය යෝජිත රාජ්‍ය ව්‍යවසායක කලමනාකරන ප්‍රතිපත්තිය මෙලෙසට හඳුන්වාදී තිබුනි. (8 වන පිටුව)

“අපේ රාජ්‍ය ව්‍යවසායන් කිසිසේත් පෞද්ගලිකකරනයට ලක් කරන්නේ නැත.”

“රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකරණය තහනම් කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීම සහ පෞද්ගලිකරණය කර ඇති රජයේ කොටස් නියෝජනය කිරීමේදී රාජ්‍ය ප්‍රතිපත්ති අනුකුල කිරීමේ කොන්දේසි නීතිගත කිරීමට කටයුතු කෙරේ.”

“ජාතික ව්‍යවසාය අධිකාරියක් පිහිටුවීම මගින් මෙම ව්‍යවසායන් ලාබදායීව පවත්වා ගැනීමට අවශ්‍ය වාණිජමය පරිසරයක් ඇති කරනු ලබයි.”

මෙම ලියුම් කරු නියාමනයට යටත් වෙළඳපල ක්‍රමයක පැවැත්ම විශ්වාස කරන්නෙකි. එම නිසාම පූර්න පෞද්ගලික කරනයක්ද විශ්වාස නොකරයති.

එසේම රාජ්‍ය ධනවාදයද ප්‍රතික්ෂේප කරන්නේය. එම නිසා අප එදා ගෝඨාභය මහතාගේ රාජ්‍ය ව්‍යවසායක කලමනාකරන ප්‍රතිපත්තිය හඳුනාගෙන තිබුනේ රටේ ආර්ථික සන්දර්භයට සාපේක්ෂව යුතෝපියාවක් ලෙසටය.

නමුත් එම ප්‍රතිපත්ති සමුදාය තුලම හඳුන්වා දී තිබුන “ජාතික ව්‍යවසාය අධිකාරියක් පිහිටුවීම” අපගේ සිත් ගත්තේය. මක් නිසාද යත් අපගේ තේරුම් ගැනීම නිවැරදි වුවා නම් එමගින් කියවෙන්නේ පොදු ව්‍යවසායන් කලමනාකරනයට සිංගප්පුරුවේ හඳුන්වාදි ක්‍රියාත්මක කරන තෙමසෙක්(temasek model) වැනි මාදිලියක් සඳහා මෙරට යොමු කරනු ඇතයි යන පහන් සිතුවිල්ල සමගිනි.

නමුත් අද වන විට ගෝඨාභය ජනාධිපති තුමන් අප විසින් හඳුනාගෙන තුබු යුතෝපියාව තමන් විසින්ම යුතෝපියාවක් බවටම පසක් කොට ගෙන ඇති බව ඔහු ඉදිරිපත් කරන සෙලන්දිවාවෙන්ම පෙන්නුම් කරන්නේය. එය සතුටකි. එසේම ඔහු තවදුරටත් වාම ජාතිකවාදියකු නොවන බවටත් වරාය නගර කොමිසම පිහිටුවීමෙන් සහ සෙලන්දිවා සමාගම මගින්ම කදිමට ඔප්පු කරමින් සිටී.

නමුත් දැන් අපට ප්‍රශ්නය වී ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරමින් සිටින අන්ත දක්ෂිනංශික ආර්ථික මුලෝපායයි.
රාජ්‍ය ව්‍යවසාය කලමණාකරනය සඳහා මේවන විට ඉදිරිපත් කොට ඇති සෙලන්දිවා සංකල්පය හා special purpose vehicles(SPVs) මගින් නියෝජනය කරන්නේ එම ආන්තික දක්ෂිනංශික ආර්ථික මුලෝපායයි.

දැන් මෙම සංකල්පය හරහා ජනාධිපතිවරයා කටයුතු කරන්නේ දැනට රට තුල පවතින රාජ්‍ය ව්‍යවසායන් අතයටින් SPV සංකල්පය හරහා රාජ්‍ය දේපල වගකීමක් නැති පුද්ගලික සමාගමක් හරහා හොර පාරෙන් අවසතු කරන්නටය.
special purpose vehicles(SPVs) යනු කුමක්ද ඒ පිලිබඳ ගෝලිය උදාහරන මොනවාද?

රජයේ දේපල /ව්‍යවසාය පෞද්ගලිකරනයට හ/හෝ විකිනීමට හොර පාරෙන් පාදා ගෙන ඇති business model එක මෙයයි.

SPV සංකල්පය ලොව ප්‍රතම වරට සංවාදයට පැමිනෙන්නේ 2001 දී අ.එ.ජ. තුල ඇතිවු මුල්‍ය වෙලඳපල කඩා වැටීමත් සමගය. එසේ සංවාදයට ලක්වන්නේ කුප්‍රකට අමරිකානු බලශක්ති දැවැන්තයකු වු Enron සමාගම විසින් තම වත්කම් සැඟවීම සඳහා SPV පිහිටුවිමට කටයුතු කිරීම පිලිබඳවය. SPV හරහා හෙජිං ගනුදෙනු කිරීම පිලිබඳවය. ඒ තුලින් සමස්ත අමරිකානු මුල්‍ය වෙලඳපල බිඳදැමීම පිලිබඳවය.

SPV යක් යනු යම් මව් සමාගමක් විසින් පිහිටුවනු ලබන අතිරේඛ (subsidiary) සමාගමකි. එම අතිරේඛ සමාගම පිහිටුවන්නේ සමාගම් පනත යටතේ සීමිත වගකීම් සහිත පෞද්ගලික සමාගමක් ලෙසටය.

මේවන විට ලංකාවේදී යෝජනාවන්නේ සෙලන්දිවා නමැති පොදු(රාජ්‍ය) සමාගමක් පිහිටුවා එම සමාගම විසින් ඉහත ආකාරයට SPV පෞද්ගලික සමාගමක් පිහිටුවීමටය. ඒ ආකාරයට සෙලන්දිවා සමාගම සතු කරගන්නා බහුවිධ රාජ්‍ය දේපල හිමි කරගන්නා SPV සමාගම් ගනනාවක් සෙලන්දිවා සමාගම යටතේ පිහිටුවීමට යෝජිතය.

රජය පවසන ආකාරයට සෙලන්දිවා සමාගමට 51% කොටස් මහා භාන්ඩාගාරයටත්, 34% කොටස් පුද්ගලික ආයෝජකයන්ටත්, 15% කොටස් මහජනතාවටත් හිමි වන්නේය. මෙය ඇස් බැන්දුමකි.
දැනට යෝජනාවී ඇති පරිදි මහා භාන්ඩාගාරයට 100% හිමි හිල්ටන් හෝටලයත්, ලංකා බැංකුවට 100% හිමි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයත්, රක්ෂන සංස්තාවට බහුතර කොටස් හිමි ඉදිවෙමින් පවතින හයට් හෝටලයත් කොටස් වෙලඳපල හරහා සෙලන්දිවා සමාගමට පවරනු ඇත. ඉන් අනතුරුව තවත් රාජ්‍ය දේපල මෙම SPV සමාගම් වලට පවරනු ඇත. එම දේපල දැනටමත් හඳුනාගෙන තිබේ.

ඉන් පසුව සෙලන්දිවා සමාගම මෙම හෝටල් තුන ඉහතින් සඳහන් කල ආකාරයට පිහිටුවනු ලබන SPV පුද්ගලික සමාගමට පවරනු ලබනු ඇත. එම SPV සමාගම ඉන් අනතුරුව අදාල දේපල විකිනීමෙන් හෝ පැවරීමෙන් හෝ ආයෝජන ගිවිසුම් මගින් තෙවන පාර්ශවීය ආයෝජකයන් සමග එකඟතාවයට එලඹෙමින් ව්‍යාපාර පවත්වා ගෙන යනු ඇත.
රජයේ දේපල /ව්‍යවසාය පෞද්ගලිකරනයට හ/හෝ විකිනීමට හොර පාරෙන් පාදා ගෙන ඇති business model එක මෙයයි.
ලෝකය තුල මෙම Business model එක යථාර්තයකි. එවැනි සමාගමකට පාදක වන අරමුනු ලෙස දැක්වෙන්නේ: (සංකල්පීයව)
1. මව් සමාගම ( ලංකාවට අනුව සෙලන්දිවා සමාගම) මුහුනදිය හැකි මුල්‍ය අලාබ වලින් බේරීම,
2. මව් සමාගම බංකොලොත් වුවහොත් එම වගකීම් වලින් SPV සමාගම බේරාදීම,
මව් සමාගමේ නය සැඟවීම,
3. අවදානම් සහගත ව්‍යාපාර වල නියැලීමට SPV සමාගමට නිදහස ලබා දීම,
දේපල අත්පත් කරගැනීමට හා විකිනීමට හා එම දේපල මුල්‍යකරනයට SPV සමාගමට බලය දානය කිරීමට,
4.ලබා ගත් වත්කම් හෙජිං , SWAP වැනි ව්‍යුත්පන්න මුල්‍ය උපකරන (derivative financial instruments) භාවිතා කොට ආදායම් ඉපයීමට ඉඩ සැලසීම,
5.ලබාගන්නා නය සඳහා ආරක්ෂාව සැපයීම (securitization of debt), යන අරමුනු වලින් SPV සමාගම නීතියෙන්ම බලසතු වන්නේය.

නමුත් ප්‍රශ්නය වන්නේ ධනේෂ්වර ක්‍රමය තුල භාවිතා වන ඉතාමත් වංචනික මුලෝපායකින් හෙබි මෙවැනි business model එකක් වෙතට අපගේ රාජ්‍ය සම්පත් පවරා දීමයි.

අපගේ විශ්වාසය වන්නේ ධනේෂ්වර මාදිලිය තුල මීට වඩා ශිෂ්ඨ සම්පන්න මාදිලීන් පවතින බවයි. එසේම රටේ රාජ්‍ය සම්පත් බරපතල අවධානමට ලක් කරන කිසිදු වගවීමකට යටත් නොවන ආකාරයෙන් යෝජනාවන පුද්ගලික හිමිකාරීත්වයකට වඩා වෙනත් වගකිවයුතු business model එකක් රජය සපයා ගත යුතු වන්නේය යන්න අපගේ අවධාරනයයි.

ඉහතින් සඳහන් කරන ලද අයුරින්ම ජනාධිපතිවරයා විසින්ම යෝජනා කරන ලද ජාතික ව්‍යවසාය අධිකාරියක් මගින් හෝ හෝ අප විසින් නිවැරදි යයි සිතන සිංගප්පුරු temasek මාදිලිය SPV සමාගමකට විකල්පය වන්නේය යන්න අපගේ විශ්වාසයයි.

මක් නිසාද යත් මව් සමාගම විසින් තම වත්කම් SPV සමාගමට පවරා දුන් පසුව තවදුරටත් මව් සමාගමේ ශේෂ පත්‍රය තුල එම රාජ්‍ය දේපල තමන්ගේ වත්කමක් හෝ වගකීමක් ලෙස සටහන් වන්නේ නැත. නමුත් එම වත්කම නිතැතින්ම SPV සමාගමේ වත්කමක් බවට පත්වන්නේය. ඒ අර්ථයෙන් ගත් කල හිල්ටන්, ග්‍රැන්ඩ් ඔරියන්ටල් හා හයට් හෝටල සෙලන්දිවා සමාගමට ඊට අදාල SPV සමාගම පිහිටුවීමෙන් පසු අයත් වන්නේ නැත. එහි හිමිකරු වන්නේ පුද්ගලික SPV සමාගමකි.

එම සමාගමේ අධ්‍යක්ෂක මන්ඩලය කව්දැයි තවමත් රජය ප්‍රකාෂයට පත් කර නැත. ඔවුන් එම දේපල වලට ව්‍යවසායන්ට සිදු කරන්නට යන්නේ කුමක්දැයි දැනුවත් කර නැත. කියන්නේ සෙලන්දිවාවට එම දේපල පවරනවා යන්න පමනකි.
එසේම එතැන් සිට එම රාජ්‍ය දේපල/ව්‍යවසාය සඳහා රාජ්‍ය වෙත කිසිදු අයිතියක් ලැබෙන්නේ නැත. SPV සමාගම තවත් ආයෝජකයකු සමග ආයෝජන ව්‍යාපෟතියකට අත ගැසු පසු එය පුර්න පෞද්ගලික සමාගමක් වන්නේය.
අවසානයේ සෙලන්දිවා සමාගමට ඉතිරි වන්නේ හුලං පමනකි. එසේ නම් මෙය දේශිය සම්පත් නොවිකිනීමක් යයි කියන්නට හැකි වන්නේ කාටද? පෞද්ගලිකකරනයක් නොවන්නේ කාටද?

(මුහුණු පොතිනි)

Archive

Latest news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

Related news

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...