Saturday, July 24, 2021

‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම- බැසිල් ප්‍රනාන්දු 

ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස එයින් පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ වෙනත් ආයතන සමඟ කටයුතු කිරීමේදී බලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස වර්ධනය කර ක්‍රියාත්මක කර ඇති ජාත්‍යන්තරය රැවටීමේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපිලිවෙතයි.

මෑතකදී මෙම කාර්යාලයට නව කොමසාරිස්වරුන් පත් කිරීමත් සමඟ රැවටීමේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය වඩාත් පැහැදිලිව පෙනෙන්නට ගැනිණි. මෙහි ඇතුළත් කර ඇති සමහර නම් දෙස බලනවිට මෙම පත්කර ඇති පුද්ගලයින්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීම් සම්බන්ධ සිදුවීම්වලට ඇති සම්බන්ධය, ඔවුන්ගේ ජාත්‍යන්තරය රැවටීමේ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙත, විශේෂයෙන්ම යුක්තිය හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම වැනි කරුණු පිලිබඳ දන්නා ඕනෑම අයෙකු තුළ සමච්චල් සහගත සිනහවක් ඇති කරයි.

මෙම වගකීම භාර ගැනීමට බලධාරීන් සමීපයට ආ එකම අවස්ථාව වූයේ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ කොමිෂන් සභා පත් කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මුල් ධූරකාලය තුළ ය.

දශක ගණනාවක් තිස්සේ මතුව ඇති යුක්තිය පසිඳලීම සම්බන්ධව ඇති ඉතා දුෂ්කර ගැටළු කිහිපයකට අවධානය යොමු නොකර, රටේ සෑම ප්‍රදේශයකම, එනම් උතුර, දකුණ හා නැගෙනහිර, සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් වීම් සම්බන්ධ සමස්ත චිත්‍රය යමෙකුට වටහා ගත නොහැකිය.

ජාත්‍යන්තර ප්‍රජාවට මේ සමඟ කටයුතු කිරීම අපහසු කර ඇති කාරණය නම්, ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් අතුරුදහන් වීම් රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස වර්ධනය වීමයි. මෙම රාජ්‍ය ප්‍රතිපත්තියේ ලොකුම උදාහරණය නම්, අතුරුදහන් වූ පුද්ගලයින්ගෙන් බහුතරයක් එම තත්ත්වයට පත් වූයේ ආරක්ෂක හමුදාවන්ගේ භාරයේ සිටියදී වීමයි. බලහත්කාරයෙන් අතුරුදහන් වීම් පිළිබඳ විමර්ශනය කිරීමේ යම් තරමක බැරෑරුම් උත්සාහයක් වන අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ කොමිෂන් සභා ඔවුන්ගේ වාර්තාවල පැහැදිලිව සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් වීම යනු අත්අඩංගුවට ගැනීම වෙනුවට පැහැර ගැනීම සහ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී ප්‍රශ්න කිරීම් සහ වධහිංසා පැමිණවීම, සහ අවසානයේ ඔවුන් මරණයට පත් කිරීම සහ ආරක්ෂක අංශ මගින් මෙම පුද්ගලයින්ගේ සිරුරු බැහැර කිරීම. මේවා වැරදිකරුවන් වූ සමහර නිලධාරීන් පමණක් වගකිව යුතු අහඹු සිදුවීම් නොවේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සක්‍රීය කිරීමට අනුබල දීම සඳහා නීති සම්පාදනය කරන ලදී. සැක සහිත මරණවල සිරුරු බැහැර කිරීම සම්බන්ධ නීති අත්හිටුවීම හදිසි රෙගුලාසි ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදන මගින් සිදු කරන ලදී. සහකාර පොලිස් අධිකාරී (ඒඑස්පී) තනතුරට හෝ ඊට ඉහල නිලධාරියෙකුට කිසිදු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකර හෝ අධිකරණ පරීක්ෂණයකට භාජනය නොවී පුද්ගලයෙකුගේ දේහය බැහැර කිරීම පිළිබඳව තීරණය කිරීමට අවසර ලබා දෙන ලදී. මේ අනුව, ශ්‍රී ලංකාවේ අතුරුදහන් වීම් ගැන කතා කිරීමේදී අප සිටින්නේ ජාතික ආරක්ෂක නීති හා රෙගුලාසි මගින් බලහත්කාරයෙන් අතුරුදහන් වීමට ඉඩ දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අවස්ථාවකයි.

සාපරාධී ස්වරූපයක් ගත් අතීතයේ වැරදි ප්‍රතිපත්ති සම්මත කර ගැනීමට ඉඩ දී ඇති බව පිළිගැනීමට කැමති රජයක් පමණක් වර්තමානය වන විට මේ කාරණය තම සමාජයට හෙළි කිරීමටත් මෙය අවසන් කිරීම සඳහා අව්‍යාජ අධිෂ්ටානයකින් යුතුව කිරීමට කැමැත්තෙන් සිටියි නම් බලහත්කාරයෙන් අතුරුදහන් වීම් පිළිබඳව බරපතල පරීක්ෂණයක් පැවැත්විය හැකිය.

රජය වෙනස් වූ විට ප්‍රතිපත්තිය ද වෙනස් විය. යුක්තිය පිලිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම නව ප්‍රතිපත්තියයි. යුක්තිය, වර්තමාන රජයේ ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස සැලකේ. යුක්තියට එරෙහි යුද්ධය දැන් සියල්ලෝම නිහඩව පිළිගත් ප්‍රතිපත්තියයි

මෙම වගකීම භාර ගැනීමට බලධාරීන් සමීපයට ආ එකම අවස්ථාව වූයේ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ කොමිෂන් සභා පත් කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මුල් ධූරකාලය තුළ ය. එම සිද්ධි වාර්තා කිරීම් එවකට රජයෙන් කිසිදු කැපීපෙනෙන බාධාවකින් තොරව අව්‍යාජ ක්‍රියාවලියක් හරහා සිදු වූ අතර එමඟින් තවදුරටත් තොරතුරු අනාවරණය කර ගත්තේ නම් අතුරුදහන් වූවන් ගැන පමණක් නොව නීති පද්ධතිය, විශේෂයෙන් අපරාධ යුක්ති පද්ධතියට සිදුව ඇති හානිය පිළිබඳව ද සැලකිය යුතු වෙනසක් සිදු වන්නට තිබිණ. විවිධ හේතුන් නිසා මෙම කොමිෂන් සභා වාර්තා ඵලදායී නිගමනයකට එළඹුණේ නැත.

අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය නිර්මාණය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන සමඟ “යුද්ධයක” නොසිටින බවට හැගවීමටයි. එහි කාර්යය වූයේ ආතතීන් අවම කිරීම සහ මෙම උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුත්තන් පිළිබඳව විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා වන බැඳීම්වලට රාජ්‍යය අනුකූල වීමේ ඉල්ලීම අවතක්සේරු කිරීමට මන්දගාමී ක්‍රියාවලියකට ඉඩ සකසා දීම සඳහා කාලය මිලදී ගැනීමයි. කෙසේ වෙතත්, එවැනි අපරාධ උල්ලංඝනය කිරීම්වලට තුඩු දුන් අණ දාමය සැබෑ සාපරාධී ක්‍රියාවන් සිදුකළ අයට වඩා පුළුල් බැවින් එවැනි පරීක්ෂණ ඉතා ගැටලු සහගත බව රජය දැන සිටියේය.

කොමිෂන් සභා කිහිපයක් ඔවුන්ගේ කාර්යයන් ඉටු කිරීමට දැඩි උනන්දුවක් දැක්වුවද, ඔවුන්ගේ උත්සාහයන් වලක්වාලීමට රජය ගත් ක්‍රමය වූයේ නිසි ලෙස ක්‍රියාත්මක වන කාර්යාලයක් පිහිටවීමට තාක්ෂණික දුෂ්කරතා ඇති කරමින් ක්‍රියාවලීන් ප්‍රමාද කිරීමයි. පරිගණක ලබා ගැනීමට පවා සැලකිය යුතු කාලයක් ගත විය.

කෙසේ වෙතත්, සමහර කොමසාරිස්වරුන් කැපවීමෙන් වැඩ කරන ලද අතර, ඔවුන්ට උතුරේ සහ නැගෙනහිර පවුල්වලින් අයදුම්පත් ගලා එන්නට විය. එම දුක්බර කතන්දර එකතු කිරීමට සහ විශ්වසනීය කරුණු සොයා ගැනීමට සහ ඒවා පටිගත කිරීමට විශාල වෙහෙසක් දරන්නට සිදුවිය.

රජය වෙනස් වූ විට ප්‍රතිපත්තිය ද වෙනස් විය. යුක්තිය පිලිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම නව ප්‍රතිපත්තියයි. යුක්තිය, වර්තමාන රජයේ ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස සැලකේ. යුක්තියට එරෙහි යුද්ධය දැන් සියල්ලෝම නිහඩව පිළිගත් ප්‍රතිපත්තියයි. අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය දැන් යුක්තිය ප්‍රතික්ෂේප කරන මෙවලමක් බවට පරිවර්තනය වී අතර මෙම කාර්යය ඉටු කිරීමට තෝරාගත් අය එසේ කිරීමට කැමති අය විය යුතුය.

ඔවුන්ගේ සැබෑ කාර්යයන් වන්නේ පහත දැක්වෙන කාර්යයන්ය:

පැමිණිලි සහ සාක්ෂිකරුවන් අපකීර්තියට පත් කරන්න
එකතු කර ඇති කරුණු වල සාක්ෂි විනාශ කරන්න
අතුරුදහන් කරවන ලද තැනැත්තන් සඳහා යුක්තිය ලබාගැනීමේ අයිතියක් ඇතියි පිළිබඳ අදහස මිනිසුන් අතරින් මකා දැමීම.

මෙම කාරණා, අතුරුදහන් වීම් ඇති කිරීමට තුඩුදෙන මුල් ප්‍රතිපත්තිය වෙත අප නැවත ගෙන එයි: එනම් එසේ කිරීමට අවශ්‍ය යැයි රජය සිතන විට අතුරුදහන් කරවීම රාජ්‍යයට ඇති අයිතියක් බව සිතීම. මේ අනුව, මිනිසුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තමන්ගේම ක්‍රමවේදයක් ඇති බව තහවුරු වේ. මේවා දේශීයව හෝ ජාත්‍යන්තර වශයෙන් නීතියේ දැකගැනීමට ඇති දේට සමාන නොවිය හැකිය. කෙටියෙන් කිවහොත්, ප්‍රතිපත්තිය වන්නේ “අපරාධ යනු කුමක්ද සහ යම් සිදුවීමක් අපරාධයක් ද නැද්ද යන්න අපි තීරණය කරමු”. අතුරුදහන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයෙ හි ඉරණම තීරණය කරන්නේ මෙම ප්‍රතිපත්තියයි.


*Groundviews වෙබ් අඩවියේ පළ කල Office on Missing Persons and the Zero Policy on Justice ලිපියේ සිංහල පරිවර්තනය ‘විකල්ප’ වෙබ් අඩවිය විසිනි.

Archive

Latest news

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක්...

Related news

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

කලු ජූලියට වසර 38යි: යාපනයේ කලු ජූලි පොස්ටර් එක් රැයකින් අතුරුදහන්! 

1983 ජූලි මාසයේදී මෙරට දියත් කරන ලද දෙමළ විරෝධී කළු ජුලිය සැමරීමට නිමිත්තෙන් යාපනයේහි අලවන ලද පොස්ටර් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින්  එදිනම රැයෙහි...

වධහිංසා දෙන පොලිස් නිලධාරීනට වැඩ වරදින නව නීතිය සහ ඒ අනුව ගතයුතු, ගතහැකි පියවර – නීතිඥ ලක්ෂාන් ඩයස්

පොලිසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත.   ඒ ගැන සුවිශේෂී සංශෝධන  පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සන යෙදීමේන් පසු ලංකා නීතීයේ...

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් වෙනසකට අදහස් මාලාවක්

පසුගිය සතියෙහි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතිබහුතරයක් එක පොදු වේදිකාවකට  කිසිදු පූර්ව කොන්දේසියකියකින් තොරව බව එම එකතුවට මූලිකත්වය ගත් සාධාරණ සමාජයක්...