Sri Lanka Brief
සුනන්ද දේශප්‍රිය

සුනන්ද දේශප්‍රිය

  • ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: බුදුන් හඩනු ප්‍රතිමා ශිල්පියකුගේ ඇසින්. ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරනමක්  බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ. ඉර්දි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ […]

  • යහපාලනය – මේ කොයි යන්නේ? –  සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය – මේ කොයි යන්නේ? – සුනන්ද දේශප්‍රිය

      ජයාරූපය: පාරවසා ඇත. ඉදිරියෙන් අකුණු ය.  ඇමති රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩලයේ  ප්‍රකාශකයා ද වේ. මෙරට නිතිපතා පැන නැගෙන විවිධ විරෝධතා පාලනය කිරීමට එජාප මංත්‍රීවරයකුවන පීල්ඩ් මාර්ශල් සරත් පොන්සේකාට නව බලතල පැවැරීමට ජනාධිපතිවරයා යෝජනා කළේ යැයි රටට කීවේ ඔහුය. එය ඇත්ත නම් භයානකය. එකහෙළා විරුද්ධ විය යුතුය. මහජන උද්ඝෝෂණ මැඩලීමට හිටපු යුද හමුදාපතිවරයකු ගෙන එන්නේ […]

  • නිමල්කා සහ සුනන්දට එරෙහි වෛර ප්‍රචාරයන් ගැන මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවට ලියති. Read more >

    නිමල්කා සහ සුනන්දට එරෙහි වෛර ප්‍රචාරයන් ගැන මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවට ලියති.

    පසුගිය මාර්තු 23දා මානව හිමිකම් මණ්ඩ ලය විසින් 34/1 දරණ යෝජනාව සම්මත කරගැනීමෙන් පසු නිමලකි ප්‍රනාන්දු සහ සුනන්ද දේශප්‍රිය යන  මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනා අවඥා සහගත ව්‍යාපාරයක ඉලක්ක බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ජිනීවාහි ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන ගණනාවක් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිට තිබේ. එසේ ඉල්ලා සිට ඇත්තේ ශ්‍රී […]

  • දිවයින කර්තෘට අභියෝගයක්!  – සුනන්ද දේශප්‍රිය Read more >

    දිවයින කර්තෘට අභියෝගයක්! – සුනන්ද දේශප්‍රිය

    දිවයින පුවත්පතෙහි මෙම මස මාර්තු 31වන කීර්ති වර්ණකුලසූරිය නමින් ලියන ලද ලිපියෙහි එන පහත සඳහන් ජේදය ඔප්පු කරන ලෙස දිවයින කර්තෘවරයාට මෙයින් අභියෝග කරමි. “මින් එක්‌ අයෙකු සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් නැමැති 71 කේ ප්‍රචණ්‌ඩකාරියාට ස්‌විස්‌ ජනතාවගේ මුදලින් පිං පඩියක්‌ද ලැබේ. ඔහු සුපිරි පහසුකම්ද ලබයි. ජිනීවා මානව හිමිකම් කවුන්සලය යනු ඔහුගේ එකම රැකියාවයි.” මේ පිළිබඳව […]

  • ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා ආ අද්මිරල් සරත් වීරසේකරට සැලුයට් එකක්! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මානව හිමිකම් මණ්ඩලයේ පැවැති දෙමළ ඩයස්පොරා සංවිධානයක සමාන්තර රුස්වීමක තනියම වාඩි වී සිටි වීරසේකර. ©ප්‍රෙඩී ගමගේ. අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා කියා පටන් ගනිමි. විරසේකර පැමිණියේ අඬබෙර ගසා ගෙනය.  ශ්‍රී ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හදුන්වන ලද්දේ රාජපක්ෂගේ […]

  • රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මර්ධනකාරී පාලනයක් යළි ඇති කිරීමට ඇති ඔහුගේ ආප්ක්ෂාවයි; (මුල් වර්ණ ජයාරූපය එරංග ජයවර්ධන/ ඒඑෆ්පී) හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා […]

  • ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම –  සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම – සුනන්ද දේශප්‍රිය

    බළලා මල්ලෙන් එලියට පැන්නේය. එනම්  ශ්‍රීලනිප අනාගත නායකත්වය පිළිබඳ උභතෝකෝටිකයයි. කෙටියෙන් කියන්නේ නම් පක්ෂයේ අනාගතය අයත් වන්නේ (ගෝඨාභය) රාජපක්ෂටද මෛත්‍රීපාල සිරිසේනටද යන්නයි. අනෙත් අතට විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්නේද නැත්ද යන්නයි. මෙම උභතෝකොටිකයන් දෙක එකිනෙකට සම්බන්ධය. මෙම උභතෝකෝටිකය පැන නගින්නේ ශ්‍රීලනිපයට එරෙහිව යූඇන්පිය සමඟ එක්ව තරඟ කර ජනාධිපති බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන අද තමා විසින් […]

  • ගෝඨාභය සූදානම්! ඔබ සුදානම් ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය සූදානම්! ඔබ සුදානම් ද? – සුනන්ද දේශප්‍රිය

    තමාට ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් තමා සතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෑතදී කියා තිබුණි. එමෙන්ම ඔහු කියා තිබුණේ ඒ සඳහා තව වසර තුනක් පමණ තිබෙන බවයි. ගෝඨාභය ජනාධිපති කිරීමේ මාධ්‍ය මෙහෙයුම්ද දැන් ආරම්භ වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට පවත්වාගෙන ගිය යුදවාදී මර්දනය ගැන අලුතෙන් ලිවීමට අවශය […]

  • රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ –  සුනන්ද දේශප්‍රිය Read more >

    රුකී ප්‍රනාන්දු රඳවාගෙන ප්‍රශ්ණ කිරීම මතු කරන ප්‍රශ්ණ – සුනන්ද දේශප්‍රිය

    ( සිවිල් සමාජය කණ්ඩායම්හි මානව හිමිකම් ඉල්ලීම් වලට එකඟ විමෙන් පසු අගමැති වික්‍රමසිංහ බර කල්පනාවක, ජූලි 2015 ©s.deshapriya) මානව හිමිකම් වැඩ සටහන් ගණනාවක් පිණිස ඔක්තෝබර් 01 දින කටුනායක ගුවන්තොටුපළ හරහා විදේශගතවීම පිණිස ගිය ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු එහිදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම ප්‍රශ්ණ ගණනාවක් ඉස්මත්තට ගෙන එයි. ප්‍රථමයෙන්ම […]

  • ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට – සුනන්ද දේශප්‍රිය

    (රාජපක්ෂගේ එදා භූමිකාව) මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය‍. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව මෙම ඊනියා විපක්ෂයේ  අලුත්ම පියවර වන්නේ අධිකරණය විසින් දඩුවම් කරන ලද යුද හමුදා මේජර්වරයකු විසින් ගෙවිය යුතු වන මිලියන දෙකක […]

  • උතුරෙන් දකුණෙන් ආ මා පියවරු – සුනන්ද දේශප්‍රිය Read more >

    උතුරෙන් දකුණෙන් ආ මා පියවරු – සුනන්ද දේශප්‍රිය

    (ජායාරූප:  ©s.deshapriya) මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ. නමුත් වෙනසක් තිබුණි. මේ අවස්ථාවෙහි දකුණේ මා පියවරුද උතුරේ මා පියවරුද එකට සිටගෙන සිටියහ. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම සිට පැමිණ සිට මව්වරුන් දෙදෙනෙකු සමඟ මම කතා කළෙමි. ඔවුන්ගේ […]

  • විසංවාදයේ අයිතිය සහ ආණ්ඩුව  – සුනන්ද දේශප්‍රිය Read more >

    විසංවාදයේ අයිතිය සහ ආණ්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ( ලසන්ත ඝාතන පරීක්ෂණය අඩපණ කිීරීමට වෛර බස යොදා ගන්නා විසකුරු ජනමාධ්‍යවේදය ද පරාජය කළ යුතු ය) වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති  වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට පවා නිදහස තිබේ. තොරතුරු නිදහසේ පනත […]

  • හොරු ඇල්ලුවාද? දැන් සතුටුයිද?  අපි යන්නේ කොයි පාරේ?  – සුනන්ද දේශප්‍රිය Read more >

    හොරු ඇල්ලුවාද? දැන් සතුටුයිද? අපි යන්නේ කොයි පාරේ? – සුනන්ද දේශප්‍රිය

    ( මෙහෙම මූණක් නාමල් රාජපක්ෂට උරුම වුනේ ඇයි) දූෂණ චෝදනා ලබා සිටි රාජපක්ෂ සනුහරයට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත්වීම සමච්චලයට නැගූ රාජපක්ෂ හොරණෑකරුවෝ මාස ගණනාවකට පෙර ගායනා කළ සමුහ ගීතය වූයේ ‘හොරු ඇල්ලුවාද’ යන්නයි. රාජපක්ෂවරුන්ගේ සිහින ආණ්ඩුවේ විදේශ ඇමැති ලෙස අභිෂේක ලබා සතියක් ගතවන්නටත් පෙර රුපියල් මිලියන 70ක වංචාවක් සම්බන්ධයෙන් රාජපක්ෂ පුත් නාමල් […]

  • ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය  – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: සමරවීරගේ සංහිදියා රාජ්‍යෝපාය – සුනන්ද දේශප්‍රිය

    ( මංගල සමරවීර මානව හමිකම් කවුන්සලයේ 32 වන සැසිවාරය අතරතර පැවැති සමාන්තර රුස්වීමෙහි අදහස් දක්වයි) 2015 ජනවාරි විප්ලවය විසින් ඇතිකරන ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් නම් මානව හිමිකම් ගරුකරන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි ලද පිළිගැනීමයි. ඒ ජය කැපි පෙනෙන හොඳම අන්තර් ජාතික වේදිකාව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයයි. මෙම සති අන්තයෙහි අවසන් වූ […]

  • යහපාලනය සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය සිංහල වැඩිමහල් පිරිමින්ගේ ව්‍යාපෘතියක්ද? – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙක් සිංහල පිරිමන්ගේ ව්‍යාපෘතියක් ද යන  ප්‍රශ්ණය සද්දයට අසන්නට කාලය දැන් පැමිණ තිබේ. ඊට ආසන්නම හේතුව නම් යහපාලනය මෙකද යනුවෙක් මෙම මස ජූනි 21දා පැවැත්වීමට නියමිත මහජනය සභාවේ කථිකයින් සියලු දෙනාම සිංහල වැඩිමහල්  පිරිමින් වීමය. මෙම සභාව ඇමැතීම එකද ස්ත්‍රියක් හෝ සොයා ගැනීමට මේ සිංහල ක්‍රියාදරයින්ගේ ව්‍යාපාරයන්ට බැරි වී ඇත්තේ ඇයි? එම […]

  • ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස  – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභයට පාවාඩ එළීම නොහොත් නූතන සුභ සහ යස – සුනන්ද දේශප්‍රිය

    ( සුභ සහ යස නාට්‍යයෙහි ජවනිකාවක්) රාජපක්ෂ සමයේ භීෂකයා වූ ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිපයේ දෙවැනි නායකත්වය දිය යුතුයැයි ‘යහ පාලන’ ආණ්ඩුවේ ඇමැති ජොන් සෙනවිරත්න දෙවැනි වරටත් කියන්නට පටන් ගෙන තිබේ. සෙනවිරත්නගේ හොරණෑ හඩට ප්‍රතිචාර දක්වන ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තමන් දෙවැනියා පමණක් නොව පළවැනියාවීමට වුවත් සූදානම් බවයි. රාජපක්ෂ මෙම ප්‍රකාශය කරන ලද්දේ අන්තවාදී බොදුබල සේනා මූලස්ථානයේදි බවද […]

  • යහපාලනය රුවලක් නැති නෞකාවක්ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    යහපාලනය රුවලක් නැති නෞකාවක්ද? – සුනන්ද දේශප්‍රිය

    මා ජිවත්වන කොළඹ තදාසන්න පෙදෙසට ජනවාරි 01දා උදාවූයේ දින ගණනාවක් එකතු වූ කුණු සමගිනි. ජනයා අතුරු පාරවල් දිගට ගස්වල සහ තාප්පවල කුණු බෑග් එල්ලා තිබුණේ නව වසරට (අ)සුභ පැතීමට මෙන්ය. කුණු එකතු කරන්නන් පැමිණියේ ජනවාරි තුන්වනදාය. මේ සටහන ලියන ජූනි 01දා වන විටත් දින ගණනාවක කුණු මෙම පෙදෙස්හි ගොඩ ගැසෙමින් තිබේ. හරියට ආණ්ඩුවක් නොව පාන්ඩුවක්වත් ඇති […]

  • යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක්  – සුනන්ද දේශප්‍රිය Read more >

    යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක් – සුනන්ද දේශප්‍රිය

    සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි   මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත් බිම්කඩ ඔහුගේ දේහය සතුටින් පිළිගත් බවට සැකයක් නැත. මා යොහාන් දේවානන්ද පියතුමා ගැන ප්‍රථමවරට ඇසූයේ අම්මාගෙනි. ඒ 1971 දී ය. මා ද මා නැඟනිය ද  කැරුල්ල වෙනුවෙන් සිරගතව සිටි එකළ ප්‍රජා ආරක්ෂක පෙරමුණේ […]

  • එච්අයිවී භීතිය: අකිල විරාජ් නූගතුන් අතර අලි නූගතෙක් – සුනන්ද දේශප්‍රිය Read more >

    එච්අයිවී භීතිය: අකිල විරාජ් නූගතුන් අතර අලි නූගතෙක් – සුනන්ද දේශප්‍රිය

    අහෝ දෙවියනි! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ සංස්කෘතිය බාර දී තිබෙන ඇමැත්තාගේ නූගත්කම, අඥානකම සහ මහන්ත්තකම!! මවකට එච්අයිවී වයිරසය අසාදනය වී ඇත්නම් එම මවගෙන් දරුවා ඉවත් කර පරිවාස බාරයට දිය යුතු යැයි ද එසේ නොකරන්නේ නම් අධිකරණයට හෝ ගොස් එම දරුවා මවගෙන් ඉවත් කරන්නේ යැයි ද සසරිබර ශ්‍රී ලංකාවේ අධ්‍යාපානය බාර ඇමැතියා වූ අකිල විරාජ් විසින් […]

  • සේවක යොහාන් දේවානන්ද නික්ම යයි Read more >

    සේවක යොහාන් දේවානන්ද නික්ම යයි

    (සේවක දේවානන්ද දීර්ඝ කාලයක් සිය නිවහත කර ගත් දේවසරණ සංවර්ධන කේන්ද්‍රය) දශක හයක කාලයක් පුරා සමාජ සාධාරණත්වය, අන්තර් ආගමික අවබෝධය සහ ජාතික සමගිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ සේවක යොහාන් දෙවානන්ද අද අළුයම සිය අවසන් හුස්ම පොද ශ්‍රි ලංකා වා තලයට එක් කළේ ය. ශ්‍රී ලංකාවේ ධනවත්ම පවුලක උපත ලද සේවක යොහාන් දේවානන්ද එංගලන්තයේ අධ්‍යාපනයෙන් […]

  • ආණ්ඩුවට අමු කැවිල ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ආණ්ඩුවට අමු කැවිල ද? – සුනන්ද දේශප්‍රිය

    සාමාන්‍යයෙන් සොහොන් ළකුණු පහළ වන්නේ නරක කාලයට ය. එහෙත් වත්මන් ආණ්ඩුවට නරක කාලයක් ලබන්නට පෙරම සොහොන් ළකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් නිසා නොව කුමණ හෝ බරපතල විකෘතියක් නිසා විය යුතුය. ආණ්ඩුව අන්තර් ජාතික තලයේ ලබා ඇති ජයග්‍රහණය මේ දිනවල ජිනීවාහි මුළු දෙන මානව හිමිකම් කවුන්සිලයෙහිද පරාවර්ථනය වෙයි. කවුන්සිලයේ සැසි වාරය ආරම්භ […]

  • අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන – සුනන්ද දේශප්‍රිය

    මෙයට මසකට පමණ පෙර අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් ගෙම්බා, රීරි යකා වැනි වචනයෙන් බැණ වැදුණ විට එය එතරම් සැළකිය යුතු කාරණයක් ලෙස පෙනුනේ නැත. මන්ද යත් ඔහුගේ විවේචනයෙහි සාධාරණත්වයක් පෙනෙන්නට තිබූ නිසාත් වික්‍රමසිංහ මාධ්‍ය නිදහසෙහි ආරක්ෂකයකු ලෙස යම් තරමක පිළිගැනීමක් පැවැති නිසාත්ය. නිදසුනක් ලෙස ඔහු අගමැති ධුරය හෙබවූ 2002 -2004 […]

  • 2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද? – සුනන්ද දේශප්‍රිය

    ( තවත් කලු ජනවාරියක් එපා! 2016 ජනවාරි) රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි මාසය පිරී තිබේ. එහෙයින්ම අපි රාජපක්ෂ සමයෙහි ජනවාරි මාසයට මාධ්‍ය මර්දනයේ කලු ජනවාරිය යැයි කීවෙමු. ආණ්ඩුව […]

  • අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

    අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ. ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම […]

  • රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    (නිළ ගීතය නිලමැසි නාදයක් වූ වග) 2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි. අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තමා යටතට ගත් කුමාරතුංග රාජ්‍ය මාධ්‍ය සිය පාලනයට නතු කර ගත්තා ය. පසුව ජවිපෙ, හෙළ උරුමය සහ […]

  • මෛත්‍රිපාල සිරිසේන අදුරු කුටියෙහි ප්‍රථම වසර අවසන් කරයි – සුනන්ද දේශප්‍රිය Read more >

    මෛත්‍රිපාල සිරිසේන අදුරු කුටියෙහි ප්‍රථම වසර අවසන් කරයි – සුනන්ද දේශප්‍රිය

    2015 ජනවාරි 9දා උදෑසන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල පොල්වත්තක සිටිය දී අත් අඩංඟුවට ගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම 09දා වන විට සිය අඳුරු කුටිය තුළ වසරක කාලයක් සම්පූර්ණ කරයි. හුදකලා කුටියක රඳවා සිටින ඔහු බැලීමට අවසර දී ඇත්තේ ඒ මහතාගේ බිරිඳට පමණි.  ඔහුගේ වැසිකිළය ද නිදන කාමරය ද සක්මන් මළුවද බවට […]

  • මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

    ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහ පාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍ර යෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ. මේ අදහස දෙස බලන්න: ‘මෙරට මාධ්‍ය නිදහස ඇති කිරීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. අ). රාජ්‍යට අයත් ජනමාධ්‍යයන්හි අගතිගාමී නොවන වාර්තාකරණය ආ). පුද්ගලික හිමිකාරකම ඇති ජනමාධ්‍ය මාධ්‍ය […]

  • රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද? – සුනන්ද දේශප්‍රිය

    හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ ( දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ගාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින යුදහමුදා නිලධාරීන්ට නීති උපදෙස් දීමට ය. ඔහු එම පිරිස් හදුන්වන ලද්දේ දේශපාලන සිරකරුවන් ලෙසය! ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයින් විසින් පැහැර […]

  • මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය

    2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත් කරන ලද උද්ඝෝෂණයේ පදනම වූයේ වෘත්තීය අයිතිවාසිකම් ය. මෙම මැදිහත් වීම සිදුවන අතරවාරයේ වැඩවර්ජන දිනයට දින කිහිපයකට පෙර අයවැය සම්බන්ධ ජනමාධ්‍ය වැය ශිර්ෂය […]

  • ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ?  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ? සුනන්ද දේශප්‍රිය

    ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලිමන්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයට විරුද්ධව එහි කාර්යාල ගොඩනැගිල්ල පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළේ ය. එම කූට පියවර පසුපස සිටියේ ලේක්හවුසියේ කර්තෘවරුන්ගේ ද නමට කර්තෘවන පුද්ගලයා […]

Back to Top