Sri Lanka Brief
වගවීම

වගවීම

  • ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්! Read more >

    ප්‍රගීත් ඝාතන සැකකරුවන් දිගටම බන්ධනාගාර රොහලේ සිටීම ගැන පරීක්ෂණයක්!

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හය දෙනා මාස හයකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය පසුගියදා හෝමාගම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් වූ අතර ජනාධිපති නීතිඥ […]

  • අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු Read more >

    අභියෝගය: ජිනීවා යෝජනාව සහ හරි දේ තෝරා ගැනීම – රුකී පුනාන්දු

    ( ආණ්ඩුව කතා කරන්නේ සිංහල ජනයා අස්වැසිමට පමණද?) ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවති සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාධ වලට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර […]

  • ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය

    ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලංකාව […]

  • පරරාජසිංහම් ඝාතනය මෙහෙයවූයේ පිල්ලෙයාන් – රහස් පොලීසිය Read more >

    පරරාජසිංහම් ඝාතනය මෙහෙයවූයේ පිල්ලෙයාන් – රහස් පොලීසිය

    පාර්ලිමේන්තු මංත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් පිල්ලයාන් කටයුතු කරමින් අපරාධය සැලසුම් කර අනෙක් සාමාජිකයින් මෙහෙයවා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් මගින් දැනුම් දුන්නේය. මෙම අපරාධය ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සැලසුම් කර සිදු කර ඇති බවට පෞද්ගලික ඔත්තුකරුවන් හා සිද්ධියෙන් තුවාල ලැබූ තුවාලකරුවන්ගේ ප්‍රකාශ අනුව විමර්ශන පැවැත්වූ බව පවසන රහස් […]

  • ජිනීවා අවස්ථාව රටේ යහපතට යොදාගන්නේ කෙසේ ද? – තිස්ස ජයතිලක

    2009-2014 වකවානුවේ දී බලයේ සිටි රජයේ අසාර්ථක මෙන්ම වැරැදි සහිත විදේශ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අද ශ්‍රී ලංකාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක ජාතික ප්‍රතිපත්තිය සහ ඒ රටේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය අතර කිට්ටු සම්බන්ධතාවක් තිබෙනවා. රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය ඒ රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්තියේ දිගුවක්. 2009 මැයි මාසයේ එල් ටී ටී ඊ ය පරාජයට පත් කළ […]

  • ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක් Read more >

    ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

    ( දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි) ‘‘සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වඩා වැදගත්ම තීරකය වන්නේ යුධ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අප මේ මොහොතේ ක්‍රියාකරන්නේ කෙසේ ද යන සාධකයයි. අපගේ අතීත වැරදි පිලිබඳ […]

  • ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු Read more >

    ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

    මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය – කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට අදාළ ඡේද:   අර්ථ නිරූපනය: යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයි. යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද […]

  • ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

    by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ […]

  • ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට  වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය

    ( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී සිංහල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.  මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස […]

  • වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු Read more >

    වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු

    ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පිළිබඳ ජිනීවා වාර්තාව දෙමළ සහ සිංහල යන ප්‍රජාවන් දෙකටම අභියෝගයක් බව පවසන රුකී ප්‍රනාන්දු මෙම වාර්තාව පසුබිමෙහි දැන් අප විසින් අප කෙරෙහිම බැලිය යුතු එනම් යුද්ධයට අපගේ දායකත්වය කුමක්විද යන්න කල්පනා කර බැලීමට කාලය එලඹ ඇති බවට තතර්ක කරයි. ශ්‍රී ලංකවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ජිනීවාහිදී ලබා දෙන […]

  • රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට Read more >

    රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල – සුනන්ද දේශප්‍රිය ජිනීවා නුවර සිට

    ( විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා ආරම්භ වෙයි. එය අවසන් වන්නේ ඔක්තෝබර් දෙවැනි දාය. ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාව 2014 මාර්තු මාසයේ පැවැත්වුන 25 වන සැසිවාරයේ දී සම්මත විය. එකී යෝජනාව […]

  • රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ? – සුනන්ද දේශප්‍රිය

    ( පරීක්ෂණය පිණිස ගොඩ ගත් තාජුඩීන් දේහය පසු පස යන මුස්ලිම්වරු, ලංකාදීප ජායාරූපය) හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්. රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය. එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් […]

  • 1990 පොලීසියේ 600 ඝාතනය: කරුණා අම්මාන් රාජපක්ෂ වේදිකාවට ගොඩවීමට හේතුව Read more >

    1990 පොලීසියේ 600 ඝාතනය: කරුණා අම්මාන් රාජපක්ෂ වේදිකාවට ගොඩවීමට හේතුව

    ( තකට තක: කරුණා සහ ගෝටා) කරුණා අම්මාන් පසුගිය දා රාජපක්ෂ යළි කැදවීමේ මාතර වේදිකාවට ගොඩ වූයේ වත්මන් ආන්ඩුව 1990 වර්ශයේ මඩකළපුවෙහි පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කිරීම විමර්ශනය කිරීමට තිරීණය කළ නිසා බව පැවසේ. 1990 වසරේ නැ‍ඟෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600 දෙනෙකු ඝාතනයට ලක්වීම පිළිබඳ විමර්ශන කටයුතු සඳහා සහභාගී වන ලෙස ජනාධිපති කොමිසම පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් […]

  • එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති  කොමිෂන් සභාව Read more >

    එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

    එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට […]

  • වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්‌ Read more >

    වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්‌

    (වැලිකඩ ඝාතනයේ ආරම්භය) වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා විශේෂ කාර්ය බළකාය අතර 2012 නොවැම්බර් මස 09 වැනිදා ඇති වූ ගැටුම පිළිබඳව නිසි විමර්ශනයක්‌ සිදුකර මියගිය හා වින්දිතයන් බවට පත් වූ අයට සාධාරණයක්‌ ඉටුකිරීම සඳහා අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ ඊයේ (23 දා) පත්කර තිබේ. මීට පෙරාතුව පත්කර සිටි ත්‍රිපුද්ගල කමිටුවට […]

Back to Top